Skip to main content

Posts

සිදුහත් උපතටත් පෙර මෙරට දියුණු අවමංගල්‍ය චාරිත්‍ර පැවැති බවට සාක්‍ෂි

යාන්ඔය සුසාන භූමියක කැණීම්වලින් හෙළිකර ගනී
අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු


සිදුහත් කුමාර උත්පත්තිය සිදුවීමට වසර දෙසීයකට ඉහත සිට එනම් ක්‍රිස්‌තු පූර්ව හයවන සියවසේ මෙරට ජනතාව සතුව අවමංගල්‍ය චාරිත්‍ර ඉටු කළ දියුණු චාරිත්‍රයක්‌ පැවැති බවට සාධක කහටගස්‌දිගිලිය කොක්‌ඇබේ ප්‍රදේශයේ යාන්ඔය නිම්නය ආශ්‍රිතව පිහිටි සුසාන භූමියක ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුර විද්‍යා සහ උරුම කළමනාකරණ පීඨයේ අංශාධිපති ආචාර්ය තුසිත මෙන්ඩිස්‌ මහතා ඇතුළු කණ්‌ඩායමක්‌ සිදුකළ පුරා විද්‍යා කැණීම්වලදී හමු වී තිබේ.

ආචාර්ය තුසිත මෙන්ඩිස්‌ මහතා ප්‍රමුඛ කථිකාචාර්යවරුන් වන මහාචාර්ය ආරිය ලගමුව, ටිකිරි බණ්‌ඩාර විඡේපාල, චන්දිම අඹන්වල සහ මදුමාලි නිමන්තිකා රණසිංහ යන මහත්ම මහත්මීන් සහ පුරා විද්‍යා සහ උරුම කළමනාකරණ පීඨයේ සිවු වන වසරේ ශිෂ්‍ය කණ්‌ඩායමක්‌ විසින් එම කැණීම් සිදු කොට ඇත.

ඒ අනුව එම සුසාන භූමියේ තෝරාගත් ස්‌ථාන තුනක කැණීම් සිදු කොට ඇති අතර එහිදී මෙගලිතික යුගයට අයත් ප්‍රාග් ඓතිහාසික සාධක රැසක්‌ සොයාගෙන තිබේ.

වර්ග 4 කට අයත් සාධක 215 ක්‌ පමණ එම කැණීම්වලදී හමුවූ බව ආචාර්ය තුසිත මෙන්ඩිස්‌ මහතා පැවැසීය. ඒ අතර මැටි මෙවලම්, වීදු…
Recent posts

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානවලට අනුව මෙම කොමිසන් සභාව වසර දෙකක කාලයක් සඳහා පත් කර ඇති බව වාර්තා වෙයි.

මාර්තු මස 03 වන දින සිට බලපැවැත්වෙන පරිදි පිහිටුවා ඇති ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ සාමාජිකයින් ගණන 23ක් වෙයි.
එම කොමිසන් සභාවේ සභාපතිවරයා ලෙස K.L.L. විජේරත්න මහතා පත් කර ඇති අතර ලේකම්වරයා ලෙස අශෝක ජයසේකර මහතා පත් කර තිබේ.

රාජ්‍ය සේවයේ යහපත් වු රාජ්‍ය පාලනයක් තුළ ජනතාවගේ අභිලාශයන් යථා පරිදි මුදුන්පත් කිරීම උදෙසා රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය, ඵලදායීතාවය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් මෙම කොමිෂන් සභාව ජනාධිපතිවරයා විසින් පත්කර ඇති බව වාර්තා වෙයි.

රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද ශ්‍රමබල අවශ්‍යතාවයන් යෝග්‍ය පරිදි සපුරාලීම හා පහසුකරලීම සඳහා කාර්යය මණ්ඩල අධ්‍යයනයක් සිදුකර ඊට උචිත වන සේ ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීම සහ එය ක්‍රියාත්මක කිරීම සදහා රජයට උපදෙස් ලබාදීම මෙම කොමිෂන් සභාවට පැවරී ඇති වගකීමක් වෙයි.

විශේෂයෙන් වර්තමානයේ පවතින බඳවා ගැනීම් වැටුප් හා වේතන තීරණය …

ක්ෂණික කෑම වල සැඟවුණ ඇත්ත ඇසින් දකින්න

වර්තමානයේ වෙළෙඳපොල තුළ ඇති බොහෝ ක්‍ෂණික ආහාර හේතුවෙන් පසුකාලීනව විවිධ රෝගාබාධා ඇතිවිය හැකි බව ලොවපුරා විද්‍යාඥයින් සහ පෝෂණවේදීන් ප‍්‍රකාශ කර තිබෙනවා. වර්තමාන තරුණ පරපුර ද බෝ නොවන රෝග රැසකින් පෙලීමට හේතුව වී ඇත්තේද ක්‍ෂණික ආහාරවල ඇති ශරීරයට අහිත කර විෂ රසායනික ද්‍රව්‍යයි. ඇතැම් රසකාරක, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය, සුවඳ වර්ග සහ ඇසුරුමේ පවතින දෝෂ හේතුවෙන් ක්‍ෂණික ආහාරවලින් ශරීරයට අහිතකර විෂ ඇතුළු විය හැකියි. එවැනි ආහාර සහ බීම වර්ගවල අඩංගු සංඝටක ඒවායින් ඉවතට ගෙන පාරිභෝගිකයින්ට ප‍්‍රදර්ශනය කළ හැකි නම් කෙතරම් අගනේද?

මැලේසියාවේ කන්සියුමර් ඇසෝසියේෂන් ඔෆ් පීනෑන් (Consumers Association of Penang - CAP) නමැති රාජ්‍ය නොවන සංවිධානය එරට පාරිභෝගික අයිතීන් වෙනුවෙන් දැඩිව පෙනී සිටින ආයතනයක්. ඔවුන් ලොව පුරා ජනප‍්‍රියත්වයට පත්වු ක්‍ෂණික ආහාර පාන සහ බීම වර්ග මෙන්ම මැලේසියාවේ ජනප‍්‍රිය ක්‍ෂණික ආහාරවල ද අන්තර්ගත සංඝටක වෙනම ප‍්‍රදර්ශනය කරන අපූරු ප‍්‍රදර්ශන සංවිධානය කරනවා. ඇතැම් විට ඒවා ජනතාව නිතර ගැවසෙන ස්ථානවල පැවැත්වීමෙන් ඉතා ඉහළ ප‍්‍රතිචාර ද ලැබෙන අයුරු දක්නට පුළුවන්. ඇතැම් ජනප‍්‍රිය බීම වර්ගවල අඩංගු සීනි ප‍්…

මධ්‍යම කඳුකර ලෝක උරුමය

පාරිසරික වශයෙන් අතිශයින්ම වැදගත් වූ මෙරට පරිසර පද්ධති තුනක් කේන්ද්‍රකරගනිමින් ශී‍්‍ර ලංකාවේ මධ්‍යම කඳුකරය ලෝක උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත්කැර ඇත. බ‍්‍රසීලයේ බ‍්‍රසීලියා නගරයේ පැවැත්වුණු ලෝක උරුම කමිටුවේ 34 වැනි සැසිවාරයේදී මෙම නම් කිරීම සිදුකැර ඇති අතර ඒ සමගම ඇමරිකාවේ හවායි දූපත් සමූහයේ දූපත් කිහිපයක් ද ලෝක උරුම ලෙස නම්කැර තිබේ. ලෝකයේ ජෛව විවිධත්ව උණුසුම් ප‍්‍රදේශයක් ලෙස නම්කොට ඇති ශී‍්‍ර ලංකාවේ පිහිටා ඇති නකල්ස් දැඩි රක්ෂිතය, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ශී‍්‍ර පාද අඩවි වනාන්තරයේ ශාක හා සත්ත්ව ප‍්‍රජාව සම්බන්ධයෙන් සිදුකරන ලද පුළුල් අධ්‍යයනයන් පදනම් කැරගනිමින් මෙම යෝජනාව යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම කමිටුවට ඉදිරිපත් කැර තිබිණි. 1833 වර්ෂයේ දී ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන ලද ශී‍්‍රමත් රොබට් හෝරටන්හට ගරු කිරීමක් වශයෙන් හෝර්ටන් තැන්න ලෙස නම්කරන ලද පාරිසරික භූමි භාගය අතීතයේ මහඑළිය, මැණික් තැන්න යන නම්වලින් හඳුන්වන ලදී. 1969 වර්ෂයේ දෙසැම්බර් මස 05 වැනි දින ස්වභාවික රක්ෂිතයක් බවට පත්කළ එම ප‍්‍රදේශයේ පාරිසරික හා භූගෝලීය වැදගත්කමත් ජෛව විවිධත්වයත් සැළකිල්ලට ගනිමින් 1988 මාර්තු…

කුණ්ඩලීණි චක‍්‍ර භාවනාව මග පෙන්වීම්

චක‍්ර භාවනාව ගැන පටන් ගන්න කලින් මුලින්ම දැන ගන්න ඔන කාරනා කිහිපයක් තියෙනවා. ප‍්‍රධානම දෙය තමයි සෘෂි භාෂිත පංච නීවරණය . මොකක්ද මේ ....... බොහොම සරල දෙයක්

1. ප‍්‍රණ ශක්තිය පාතනය කිරිමඅපගේ ජිවිතය රුදිලා තියෙන්නේ හුස්ම මත ..... අපි විස්වාස කරන්නේ එහෙමයි. හැබැයි එක ඇත්ත නොවෙයි. හුස්ම ගැනීමට වඩා නොගෙන ඉන්නවනම් වැඩි කාලයක් නිරෝගීව ජිවත් වෙන්න පුලූවන්.ප‍්‍රණ ශක්තිය පාතනය කරන්න කියලා කියන්නේ ප‍්‍රණ ශක්තිය වෙනත් ශක්තියකට පෙරලන්න කියන එකයි.

කුණ්ඩලීණිය වඩන්නනම් මුලින්ම අපි හුරු වෙන්න ඔනේ හුස්ම ගැනීම වෙනුවට නොගෙන සිටිමත් එයින් ඇතිවෙන ශක්තිය කම්පන තරංගයකට පෙරලා ගැනීමටත්

2. ඉන්පසු වැදගත්ම දේ තමයි. අනුන්ගේ දේ නොගැනීම. අනුන්ගේ දේ කියන්නේ හුස්ම පාලනය කිරිම තුළින් අපි රූප ධ්‍යාන මට්ටමට ලගා වෙනවා. අනුන්ගේ දේ කියලා කියන්නේ අන් සතු රූප නොගැනීම . යොගියා භාවනාවෙන් රූප දකින්න පටන් ගත්ත ගමන් ඒ තුළින් ආස්වාදයක් වින්දනයක් ලබන්න පටන් ගන්නවා. අනිත් කෙනා කරන දෙය අල්ලපු ගෙදර වෙන දෙය ඉතිහාසය දෙවියන් ආදිය බලමින් එතනින් ඉදිරියට යෑම නතර කරනවා........ඒ කියන්නේ චක‍්‍ර භාවනාවේ පලමු ච‍්‍රක‍්‍රය එනම් මුලාදාරය අවදිවීම තුළින් පම…

ගම්මඩුව ශාන්තිකර්මය

සෞභාග්‍ය, සශ්‍රීකත්වය, වැස්ස අරභයා මෙන්ම බෝවන රෝග පැතිරයාම වැළැක්වීමට සිංහල ගැමියෝ ගම්මඩුව ශාන්තිකර්මය පවත්වති.විවිධ පළාත්වල දෙවොල් මඩුව, පුණාමඩුව, පහන්මඩුව, ගී මඩුව කිරිමඩුව හා හෑල්ලූම්මඩුව වශයෙන් සුළු වෙනස්කම් සහිතව සතරවරම් දෙවියන් මුල්කරගනිමින් මහා සාම්ප‍්‍රදායික හා චූල සාම්ප‍්‍රදායික ගණයට අයත් දෙවියන් උදෙසා කරන ශාන්ති කර්මය ගම්මඩුවයි. අස්වැන්න සරුවුවහොත් දෙවියන් පිදීමටත් වැස්සෙන් හෝ නියඟයෙන් හානිවූ කළ දෙවියන්ට කන්නලව් කිරීමටත් ගම්මඩු නැටීම සිරිතකි. එසේම සිංහල වෛද්‍ය ක‍්‍රමයටත් ගම්මඩුව බෙහෙවින් සමීපවෙයි. ගිනිමැලේ පෑගීම, බාහිර වටපිටාවේ නියඟ විපර්යාස මෙන්ම මිනිස් සිරුරේ හටගන්නා ගිනියම් ලෙඩ රෝග, අධික තාපය දුරුකිරීමේ මෙහෙයක් හැටියටත් යොදා ගැනෙයි. කිරි ඉතිරැවිම, ගිනියම් පොළොව සිසිල්වී පලදාව වැඩි කැර සෞභාග්‍යය ළඟා කැර ගැනීම ගම්මඩුවෙන් සංකේතවත් කරයි. ගැමියා තම ගොවිතැනින් ලබන අස්වැන්න පරිභෝජනයට පෙර කොටසක් දෙවියන්ට පූජා කරයි. එය අඩුක්කුව/අක්යාල නම් වෙයි. ගම් ආශි‍්‍රතව දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන දේවාලවලදී වාර්ෂිකව දෙවොල් මඩු යාගය පවත්වයිි. අඩුක්කුවවෙන් දේව දානය දි දේවාශිර්වාද පැතීම ගො…