Skip to main content

ජාතියේ පොහොර ගස හෙවත් මී ගස

රසායනික පොහොර, කෘමි නාශක අනවශ්‍ය ප්‍රමාණයට (අව)භාවිතා කිරීම නිසා අද වන විට අපේ ආහාර පිගානත් මහ පොලොවත් දෙකම වස වී තිබේ. අප දරුවන්ට ඉතා ආදරයෙන් වස කවමු. දිනෙන් දින අපට බත සපයන කෙතත් මහ පොලොවත් මරමින් සිටිමු.

අතීතයේ අපට වැව හා බැඳුනු විශ්වාස කල නොහැකි තරම් සුන්දර හා විශ්වාසනීය සංස්කෘතියක් තිබුනා.ඒ මහා පාරිසරික පද්ධතිය තුල අපේ මහ වැව ගම් තුලානේ කෙත් වතු සරු සාර ලෙස අස්වද්දවා. අපේ දූ දරුවන් නිරෝගීව පෝෂණය කලා. වැවට ඉහල වනය අලි ඇතුන් සතා සීපාවට ඇති තරම් ආහාර පෝෂණය දුනි. ඒ මහා වනයේ දිය උල්පත් වලින් වැව පෝෂණය කලා. වැවෙන් පහල මිනිසුන් වෙනුවෙන් වෙන් වුනා.

අතීතයේ ගොවියා ගැමියා විතරක් නෙවෙයි රටේ රජුත් දැනගෙන හිටියා මී ගහේ මහා වටිනාකම ගැන. ඒ හිංදා හෑම වැවකම වැව් බැම්මේත් කෙත් වතු වටාත් මහා දැවැන්ත මී ගස් තේජාන්විතව ආරක්ෂාකාරීව තම රාජ කාරිය ඉටු කලා. රටේ රජුත් මේ මහා වටිනා ගස රකින්නට නීති රීති සම්පාදනය කලා. එදා අපිට වඩා මේ මී ගහ ගැන ගැමියාට ගොවියාට මහා දැණුමක් තිබුනා. මී ගහේ මල අද අපි පාවිච්චි කරන මුද්දරස්පලම් වලට ආදේශකය විදියට පාවිච්චි කලා. මේ මී මල් හැලප වලට දැම්මා, එය පුංචි ඈයන්ගේ ඉතා රසවත් ආහාරයක් වුනා.

මී ගහ පොහොර ගස වුනේ කොහොමද..? ඒක සිද්ද වෙන්නේ මා වවුලට පිං සිද්ද වෙන්නයි. වවුලාගේ ප්‍රියතම ආහාරයක් තමයි අමු මී ගෙඩි. වවුලා මී ගස් හොයාගෙන ඇවිත් මී ගෙඩි කනවා. ඒ අතරේ වවුලා වසුරු දානවා (වවුල් බෙටි) මේ වවුල් වසුරු එකතු වුනේ වැවට, කුඹුරට... මේ වවුල් වසුරු වතුරේ දිය වෙලා කුඹුරට, පසට එකතු වුනා. මේ වවුල් වසුරු ඉතා ඉහල ගුණාත්මයක් ඇති කාබනික පොහොරක්.. යූරියා කිලෝ දෙක තුනක තිබෙන නයිට්‍රජන් ප්‍රමාණය වවුල් වසුරු ගිනි පෙට්ටි පියනක තිබෙන බව සොයාගෙන තියෙනවා. විෂ රසායනික නැති, බැර ලෝහ නැති සුපිරිම කාබනික පොහොරක් බව අපිට කලින් අපේ මුතුන් මිත්තෝ හොයාගෙන තියෙනවා.

ඊට අමතරව මී ගහට එන වවුලන් නිසා ගොවිතැනට හානි කර කෘමීන් බොහෝ ප්‍රමාණයක් පාලනය වුනා. මී මල් වල සුවඳට ආකර්ශනය වන මී මැස්සන් නිසා ගොයම් මැස්සන් අැතුලු පලිබෝධ පාලනයක්ද සිද්ද වුනා.

ඒ අතරේ වියලි මී ඇට තලා තෙල් හිඳ සිංහල වෙදකමට අදටත් මී ඇට සහ මී මල් ලබා ගන්නවා.එමෙන්ම ගොයමට පොහොරක් ලෙස මී තෙල්හි අතුරු ඵලය වු රොඩ්ඩ භාවිතා කෙරුනා. පැරැන්නෝ මෙවැනි ප්‍රයෝජන රාශියක් අත්කරගත් මී ගසට වි‍ශේෂ ස්ථානයක් ලබා දී තිබුණා. නමුත් අද වනවිට මේ තත්ත්වය වෙනස් වෙලා. නූතන ගොවිතැන තුළ කෘමීන් මර්දනය සඳහා බහුලව රසායනික පොහොර සහ කෘමිනාශක යොදා ගන්නවා. නමුත් මෙහි අහිතකර ප්‍රතිඵලය වන්නේ මිනිසා රෝගියෙකු වීමයි. අද වන විට අධික වකුගඩු රෝගින් ප්‍රමාණයක්, පිළිකා රෝගීන් ප්‍රමාණයක් අපේ අයහපත් රසායනික භාවිතය නිසා රෝහල් වල ගොඩ ගැහිලා.

ඉතින් අපි මැරුණු මහ පොලොවට පණ දෙන්න ඕන නැද්ද..? මැරුණු වැවට පණ දෙන්න ඕන නැද්ද..? පිගානේ වස ටික නැති කරගන්න ඕන නැද්ද..? පුංචි උන්ට වස පොවන වස කවන අපරාධයෙන් නිදහස් වෙන්න ඕනේ නැද්ද..?

මේ මහා පොහොර ගහේ බලය දැනගත්තු සුද්දා එදා නියෝග කලා මේ සද්දන්ත මී ගස් සියල්ල කපලා වැව් අමුණු වල පාලං බෝක්කු වලට දාන්න.සුද්දා කීව දේ අදත් අපි හරියටම කලා. කඹුරු පුරන් වුනාම අපි සුද්දගේ වතු වල වැඩට ගියා.

අපි තවමත් පරක්කු නෑ..අපි අපේ හෙළ ගොවිතැනට නැවත පණ පොවමු. මේක දැනගන්න අපි අඩුම එක මී පැලයක්වත් කුඹුරු ආශ්‍රිතව පැල කරවමු. මිනිසුන් වෙනුවෙන් මනුසත් කම පැළ කරමු.

උපුටාගැනීමකි. කතෘ දැනට නොදනී.

Comments

  1. ධර්මයේ හමුවන භාහිර ලෝකය හා තුන් ලෝකය
    https://www.lankaweb.com/news/items/2022/11/03/ධර්මයේ-හමුවන-භාහිර-ලෝකය-හ/

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කුණ්ඩලීණි චක‍්‍ර භාවනාව මග පෙන්වීම්

චක‍්ර භාවනාව ගැන පටන් ගන්න කලින් මුලින්ම දැන ගන්න ඔන කාරනා කිහිපයක් තියෙනවා. ප‍්‍රධානම දෙය තමයි සෘෂි භාෂිත පංච නීවරණය . මොකක්ද මේ ....... බොහොම සරල දෙයක් 1. ප‍්‍රණ ශක්තිය පාතනය කිරිමඅපගේ ජිවිතය රුදිලා තියෙන්නේ හුස්ම මත ..... අපි විස්වාස කරන්නේ එහෙමයි. හැබැයි එක ඇත්ත නොවෙයි. හුස්ම ගැනීමට වඩා නොගෙන ඉන්නවනම් වැඩි කාලයක් නිරෝගීව ජිවත් වෙන්න පුලූවන්.ප‍්‍රණ ශක්තිය පාතනය කරන්න කියලා කියන්නේ ප‍්‍රණ ශක්තිය වෙනත් ශක්තියකට පෙරලන්න කියන එකයි. කුණ්ඩලීණිය වඩන්නනම් මුලින්ම අපි හුරු වෙන්න ඔනේ හුස්ම ගැනීම වෙනුවට නොගෙන සිටිමත් එයින් ඇතිවෙන ශක්තිය කම්පන තරංගයකට පෙරලා ගැනීමටත් 2. ඉන්පසු වැදගත්ම දේ තමයි. අනුන්ගේ දේ නොගැනීම. අනුන්ගේ දේ කියන්නේ හුස්ම පාලනය කිරිම තුළින් අපි රූප ධ්‍යාන මට්ටමට ලගා වෙනවා. අනුන්ගේ දේ කියලා කියන්නේ අන් සතු රූප නොගැනීම . යොගියා භාවනාවෙන් රූප දකින්න පටන් ගත්ත ගමන් ඒ තුළින් ආස්වාදයක් වින්දනයක් ලබන්න පටන් ගන්නවා. අනිත් කෙනා කරන දෙය අල්ලපු ගෙදර වෙන දෙය ඉතිහාසය දෙවියන් ආදිය බලමින් එතනින් ඉදිරියට යෑම නතර කරනවා........ඒ කියන්නේ චක‍්‍ර භාවනාවේ පලමු ච‍්‍රක‍්‍රය එනම් මුලාදාරය අවදිවීම ත

ආහාර හා පෝෂණය පිළිබඳ මෑතකාලීන අධ්‍යයන සමහරක වැදගත් අනාවරණ

මහාචාර්ය ජයිරාම් වනමාලා (Jairam Vanamala) විනෝදාංශයක්‌ ලෙස කළේ සුරතල් සතුන් ඇති කිරීම ය. ඔහු ගේ නිවසේ හාවුන් රැසක්‌ හා මීයන් සුරතල් සතුන් සේ ඇති කරනු ලැබී ය. (අපේ රටේ නිතර ම දක්‌නට ලැබෙන මීයන් නො ව ලස්‌සන මීයන් ය). ඔහු ගේ හාවුන් හා මී රැළ අතරෙන් වැඩි කොටසක්‌ හදිසියේ ම මහාන්ත්‍ර පිළිකා රෝගවලට බඳුන් වී මිය ගිය අතර ඉතිරි වූයේ දෙතුන් දෙනකු පමණි. මේ ඉතිරි වූ දෙතුන් දෙනා ගැන ඔහු ඉන්පසු වැඩිපුර අවධානය යොමු කරන්නට විය. ඉන්පසු ඔහුට නිරීක්‌ෂණය කළ හැකි වූයේ අපූර්ව දෙයකි. මේ අය, ලබා දෙන සාමාන්‍ය ආහාරවලට අමතරව, වත්තෙහි (මොවුන් කුඩා විවෘත බිම් පෙදෙසක හැදී වැඩුණ සතුන් ය) වූ මිදි ගස්‌වලින් වැටෙන මිදි ආහාර ලෙස ගන්නා බවයි. මේ සිද්ධියෙන් පසු මිදි පිළිකා කෙරෙහි දක්‌වන ප්‍රතිචාර ගැන දීර්ඝ ලෙස අවධානය යොමු කරන්නට Jairam සිතිණි. Jairam යනු ඇමෙරිකාවේ පෙන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයයේ ආහාර විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකි. ඔහු පෙන් විශ්විද්‍යාලයයේ පිළිකා ආයතනයේ ද දේශකයෙකි. ඔහු මහාන්ත්‍ර පිළිකා සහිත මීයන් 52 දෙනකු ගෙන ඔවුන් කොටස්‌ තුනකට බෙදුවේ ය. එක්‌ කොටසකට සාමාන්‍ය ආහාරවලට අමතරව මිදි සහිත ආහාර වේලක්‌ ලබා දුන් අ

අපාය - විවිධ අපායන් හා ඒ ඒ අපායට යාමට හේතු

නරකය නරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකටයි. නරකාදි කියන සිංහල වචනය නරකය+ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලෝක කියන එකයි. මෙ නරකයත් කොටස් වලින් යුක්තයි. 01)  සඤ්ජිවය යමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නම් වෙ.  අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අන්අය හා කලකෝලහල කල අයද, දුබලයන් පෙළු රජවරු නිලධාරි හා අමාත්‍යයෝද, දිලින්දන් පෙළු පොසතුන්ද, මැරයෝද, සතුන් මරන්නෝද මෙ නරකයේ උපදියි. 02) කාලසුත්‍රය උපන් සත්ත්වයින් ගිනියම් වු යපොලවෙහි පෙරලා දැලි නුල් ගසා සසින්නාවු (කියතින් ඉරන්නාවු) නරකය මෙයයි. මාපියන්ට හා මිතුරන්ටද, ගුණවත් මහණ බමුණු ආදින්ටත් අපරාධ කල අය මේ නරකයේ පැසෙයි. 03) සන්ඝාතය මෙම නරකයේ සත්ත්වයෝ යොදුන් නවයක් ඝන ලෝහමය පොළවේ එරි නිස්චලව සිටිති. එහි භයානක හඩක් නංවමින් එහි එරි සිටින සත්ත්වයින් අඹරමින් පර්වතයෝ ඒ මෙ අත පෙරලි යති. ඒවාට යටවි සත්ත්වයෝ තැලි පොඩිවි ඇඹරි යති. ඇත් අස්, ගව ආදි සත්ත්වයිට වද දෙමින් වැඩ ගත් පුද්ගලයින් හා ස