Skip to main content

Posts

Showing posts from February, 2015

පිරිගනක භාවිතාකරුන් අතර සුලභ CVS) රෝගය

නිතරම පරිඝනක සමග කල් යවන ඔබ සැම කියවිය යුතු ලිපියක් අපි අද ගෙන එනවා.හොදින් කියවා බලා ඔබත් එහි ගොදුරක්ද කියා හදුනාගන්න පරිඝණක අක්ෂි සහලක්ෂණය හෙවත් Computer vision Vision Syndrome ( CVS) ‍- මෙය දිනකට පැය දෙකකට වඩා පරිඝනකය ඉදිරියේ හිදගන සිටින අයට ඇතිවිය හැකිය ►( CVS) ඇතිවීමට හේතුව► පරිඝනක තිරය මත අකුරු කියවීම මුද්‍රිත අකුරු කියවීමට වඩා හාත්පස වෙනස් වේ.පරිඝණක තිරය මත ඇත්තේ තියුනු හා නිෂ්චිත ලියවිල්ලක් නොවේ.එය විචල්‍ය ආලෝක පරාස වලින් සැදුම් ලද්දකි.ඔබ මේ කියවන බුල්ටෝ කඩේ ලිපියද එවැන්නකි.නමුත් මුද්‍රිත ලිපි ඉහත අවශ්‍යතා සියල්ල සම්පූර්ණ කරයි.Pixel වලින් සැදුනු පරිඝණක තිරය කියවන්නට ඇසේ මාංශ පේශි වලට වැඩි ආයාසයක් දැරිය යුතු වේ.මෙම ආයාසය දැරීමේදී පහත සදහන් අපහසුතාවන් අපට ඇතිවිය හැකිය‍. මෙහි සදහන් කවර හෝ ගැටළුවකට ඔබ මුහුණ පාමින් සිටින්නේ නම් ඔබ දැනටමත් ( CVS) හි ගොදුරක් වෙමින් පවතින බව දැනගන්න •ඇස්වල විඩා බව •ඇස් කෙවීම •විටින් විට ඇතිවන පෙනීම බොඳ වීම(සමීප වස්තු) •කලාතුරකින් ඇතිවන ඈත වස්තු බොඳවී පෙනීම •පරිඝණකයක වැඩක නිරත විමේදී හෝ ඉන්පසුව ඇතිවන හිසේ රුදාව •කඳුළු ග්‍රන්ථි වල ක්‍රියාකාර

ජාතිය කෙට්‌ටු වීමේ ඛේදවාචකය - සිංහල වඳ වීම

වත්මන් හි දක්‌නට ලැබෙන ලොකුම ඛේදවාචකය වූ කලී සිංහල ජාතිය කෙට්‌ටු වීමයි. දැවැන්ත ඉතිහාසයක්‌ හා සංස්‌කෘතියක්‌ ඇතිව, ලෝකයා ඉදිරියේ අභිමානවත් ව නැඟී සිටීමේ ශක්‌තියක්‌ ඇතිව සිටි සිංහල ජාතිය දවසින් දවස 'පුංචි වීගෙන' යයි. 1970 දී 'පුංචි පවුල රත්තරන්' යන පාඨය තැපැල් මුද්දරය මත්තේ සටහන් කරන්නට වූ දා සිට ම විවිධ උපාය මාර්ගවලින් මහ ජාතිය ක්‍රමයෙන් සීමා කිරීමට දියත් වූ කුමන්ත්‍රණයේ වේගවත්ම පරිහානී අවස්‌ථාවට අපි මුහුණ පා සිටිමු. මෙයට වසර දශක හත අටකට උඩදී එක්‌ සිංහල මාතාවකට දරුවන් හත්අට දෙනකු බිහි කිරීමේ පුළුවන් කමක්‌ විය. 'පුංචි පවුල රත්තරන්' යන මන්ත්‍රය ජප කරන්නට වූ දා සිටම එක්‌ සිංහල මාතාවකට උපරිම වශයෙන් දරුවන් දෙදෙනකුට වඩා ඉපැදවීමේ ශක්‌තිය නැතිව ගියේය. ස්‌වාභාවික උත්පත්තිය වෙනස්‌ කර මවගේ බඩ කපාගෙන දරුවන් ලබා ගැනීමට සිංහල මවුවරු නැඹුරු වූහ. බටහිර වෛද්‍යවරයාත් මේ අපරාධයට සෘජුවම දායක වී ඇති බව පෙනේ. මනුෂ්‍ය ස්‌ත්‍රිය හැරුණු විට සකල සත්ත්ව ලෝකයේම ස්‌aවාභාවික ලෙස පැටවුන් බිහි කරද්දී සිංහල මවුවරුන් පමණක්‌ සැත්කම් මගින් දරුවන් බිහි කිරීමට උනන්දු වන බවක්‌ ද පෙනේ. තමන