Skip to main content

Posts

Showing posts from May, 2015

මුහුණ සුදු කිරීමට ආලේප කරන ඇතැම් ක්‍රීම් වර්ගවල ඊයම් හා රසදිය අඩංගුයි

"කාන්තාවන් මුහුණ සුදු වෙන්න ආලේප කරන ක්‍රීම්වල රසදිය වැඩියෙන් අඩංගු බැව් චීනයේ කරන ලද පර්යේෂණයකින් අනාවරණය වුණා. මේ ආකාරයේ ක්‍රීම් වර්ග ශ්‍රී ලංකාවේ ද භාවිත වන නිසා අපටත් අවශ්‍ය වුණා මේ ද්‍රව්‍ය වෙළෙඳ පොළෙන් මිල දී ගෙන පරීක්‍ෂාවට ලක්‌ කරන්න. අපි මෙවැනි ක්‍රීම් වර්ග 32ක්‌ පරීක්‍ෂාවකට ලක්‌ කළා. මෙහි දී අනාවරණය වුණු දෙයක්‌ තමයි ඊයම් තිබිය යුතු ප්‍රමාණයට වඩා උපරිම ප්‍රමාණයක්‌ මේ ආලේප ද්‍රව්‍යවල අඩංගු බව." යනුවෙන් පරිසර යුක්‌ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ හේමන්ත විතානගේ මහතා පැවසී ය.   මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ඒ මහතා කරුනු දැක්‌වූයේ මේ අයුරිනි. "අප එදිනෙදා ජීවිතයේ දී භාවිත කරන විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන බොහොමයක්‌ තිබෙනවා. මේ නිෂ්පාදනවල ඝන ද්‍රව්‍ය, ද්‍රව තත්ත්වයේ පවතින ද්‍රව්‍ය හා වායුමය ආකාරයේ රසායනික ද්‍රව්‍ය වගේ ම මුහුණේ ආලේප කරන ද්‍රව්‍ය අඩංගු වෙනවා. මේවා එකිනෙකට වෙනස්‌ වූ රසායනික ගුණාංගවලින් සමන්විතයි. මේ නිෂ්පාදන තුළ කෘත්‍රිමව නිෂ්පාදනය කළ සංයෝග වගේ ම ස්‌වාභාවිකව නිස්‌සාරණය කරගත් රසායනික සංයෝග ඇතුළත් වෙනවා." ඉන්දියාවේ Societe Generale de Surveillance