Skip to main content

Posts

Showing posts from March, 2013

අංගං හරඹ

කස්තාන, සිංහ කඩු, නයි පෙන කඩු, ඉලුක්කොළ කඩු, එතුණු කඩු, කලාකිරිඤ්ඤ, කිනිසි, කිරිච්චි, පළිහ, රිටි, හෙල්ල ආදී හෙළයේ සටන් ආයුධ පසෙක තැන්පත්කර ඇත. මලින් සරසා සුවඳ දුමින් පුදමින් ඉතාමත් ගෞරවයෙන් තැන්පත්කර ඇත. එම ආයුධ අවසරයකින් තොරව කිසිවෙකුට අත තැබිය නොහැකිය. ගිරිකුල සිට අවට පරිසරය එක් පසෙකින් කැලණි ගංඟාවත් හිමයෙන් වැසුණුු නිල්ලත් එපිටින් ක්ෂිතිජය වසා ක`දු පංතියත් දිස්වේ. ඒ අතරින් අවටම ආලෝකවත් කරමින් හිරු නැගී සිටී.  හංවැල්ල ඇඔුල්ගම රජමහා විහාරයට අයත් භූමියේ විශාල ගල්තලාවතුල කිසියම් ගුප්ත කටයුත්තක් සිදුවෙමින් පවතී.  කඩුවකින් සහ පලිහකින් සන්නද්දව සිංහල හේවායෝ සීරුවෙන් සිටිති. හෙළ ඇදුමින් සැරසීගත් පිරිසක් මලින්, සුවඳ දුමින් දෙවියන්, යකුන් පුදති.  ප‍්‍රධාන ඇදුරු තුමෙකි, ඔහු ප‍්‍රධාන ගුරුන්නාන්සේය. මෙහි සිදුවන්නේ කුමක් ද?  රූගත කිරීමක් හෝ රඟදඅක්වීමක් නොම සත්‍යම සිදුවීමකි. මෙවන් සිදුවීමක් ඔබ දැක ඇද්ද?.  කඩුවෙල කොරතොට අංගම් මඩුවේ ශිල්පීහු මහත් අභිමානයෙන් පනික්කි රණකෙලි පූජාවක් පැවැත්වූහ. අංගම්හරඹ ශිල්පය හදාරණ ශල්පීන් ආයුධ 9ක් පුහුණුව ලැබූපසු පනික්කි රාළ තනතුරට පත්කරයි. පන

සකස්කඩ නොකී කට උගේ කට හුබස්කට

සකස්කඩ නමඃ ශ්‍රී ගණාය දීපඞ්‍කරාහ්‍වය මුනීශ්‍වර පාදමූලෙ සන්‍ත්‍යජ්‍ය ලබ්‍ධමමෘතං කරුණාං විධාය අත්‍යාහිතං පරහිතං සුකෘතං විශෙෂාත් සිද්‍ධං නමොස්‍තු සුගතාය ජගද්‍ධිතාය අප තථාගතයන් සංසිද්‍ධාශෙෂ සම්‍භාර විශෙෂ සාක්‍ෂාත්කරණීය සර්‍වපාපමලප්‍රක්‍ෂාලනක්‍ෂම ආත්‍මමොක්‍ෂ නිරපෙක්‍ෂ වැ - උදයව්‍යය - භඞ්‍ග භයාදීනවාදි නවමහා විදර්‍ශනඥාන පරම්‍පරාධිගත නිර්‍වාණ මහා සරසට පරිධාවමාන සමස්‍ත සත්ත්‍ව මාතඞ්‍ගයා මහා කරුණාංකුශයෙන් හම්නා - ජාතිජරාභඞ්‍ග භඞ්‍ගීරභඞ්‍ග භයානක රාගද්‍වෙෂාවමර්‍ශමදමාන සංරම්‍භාදි ක්‍ලෙශ මකරනිකරාකීර්‍ණ සංසාරමහාර්‍ණවාවතීර්‍ණ ද්‍වාෂෂ්‍ටි දෘෂ්‍ටිජාලාවබද්‍ධ සර්‍වසත්ත්‍වසමුද්‍ධරණානුබද්‍ධ බුද්‍ධි ඇති වැ - කායජීවිත නිරපෙක්‍ෂාභිජාත නිර්‍භාරාභ්‍යාහිත සර්‍වලොකෛක දීපායමාන දීපඞ්‍කර තථාගත ව්‍යාකරණාභිෂෙකයෙන් උදීර්‍ණක්‍ලෙශමලාපගම කොට නිර්‍මල වැ - අනෙක මුක්‍තිමුක්‍තානුයාත සම්‍යක් සම්‍බොධි සම්‍භාරහාරාලඞ්‍කාරයෙන් සමලඞකෘත වැ - ශශ්‍වදූපාස්‍යමාන පාරමිතාදූතිකානුනීයමාන ධර්‍මරාජ්‍යලක්‍ෂ්මීසඞ්‍ගමන මඞ්‍ගල්‍යයට ආරම්‍භ කොටැ - කල්ප කොටි ශතසහස්‍රාධික චතුරසංඛ්‍යකල්‍පකාලාභ්‍යාසාතිශය ස්‍වාත්‍මීකෘත සර්‍වසම්‍පදාදාන
ලංකාවේ උසම ගම්මානයේ උසම තැන සිට 2011 දෙසැම්බර් මස 04 11:16:04 | ලංකාදීප කර්තෘ මණ්ඩලය නුවරඑළිය කී සැනින් අපගේ සිතට ගතට දැනෙනුයේ මිහිඳුම් සළුවෙන් වසාගත් හිරිගඩු මල් පූදින අධික ශීතලකි. ශ්‍රී ලංකාවේ උසම ගම්මානය පිහිටියේ මෙවැනි අතිශය සුන්දරවූ පුංචි එංගලන්තයේ හෙවත් නුවරඑළියේය. ගතේ මෙන්ම සිතේ පතුලටම කිඳා බැසගත් එකී ශීතල පරයමින් මම පසුගියදා ලංකාවේ උසම ගම්මානයේ උසම තැනට ගියෙමි. ශ්‍රී ලංකාවේ උසම ගම්මානය ශාන්තිපුරයයි. නුවරඑළියේ සිට ශාන්තිපුරයට ඇත්තේ කිලෝමීටර් හතරක් වැනි දුරකි. නුවරඑළිය නගරයේ සිට මහනුවර මාර්ගයේ කෙටි දුරක් පැමිණි පසු වම් අත දෙසට අධික නැග්මක් සමග පිහිටි මාර්ගය වැටී ඇත්තේ ශාන්තිපුරය දක්වාය. මෙකී පිවිසුම් මග හඳුනාගැනීමට අසීරුව ඇති අතර කිසිදු නාම පුවරුවක් ඒ සඳහා සකසා නොමැතිකම දෙස් විදෙස් සංචාරකයන්ට මහත් අඩුවකි. ශාන්තිපුරය දක්වා වැටී ඇති මාර්ගයද ප‍්‍රතිසංස්කරණය නොකිරීම නිසා දැඩි ලෙස අබලන්ව පවතී. ශාන්තිපුර ගම්මානය පිහිටියේ කිකිළියාමාන කඳු මුදුනතය. එම ගම්මානය ආරම්භ කොට ඇත්තේ 1962 වසරේදීය. එවකට නුවරඑළිය මහ නගර සභාවේ පුරපතිව සිටි විලියම් ප‍්‍රනාන්දු මහතා මෙම ගම්මානය ආරම්භ කිරීමට
ඉතිහාසයක් වෙනස්කළ පනාකඩුව තඹ සන්නස 2011 දෙසැම්බර් මස 04 11:14:36 | ලංකාදීප කර්තෘ මණ්ඩලය ‘‘පාසල අරිලා මම ගෙදර ආවේ වෙලේ නියර දිගේ අතට අහුවෙන ගල්වලින් දිය පාරට දමා ගහමින් එකිනෙකා පොරකමින් කොල්ලො කුරුට්ටෝ කිහිප දෙනෙක් එක්ක මම ආවා. අපේ ඉස්සරහට ආපු මාමා කෙනෙක් කීවා අන්න කොල්ලෝ උඹලෑ අප්පුච්චට නිදානයක් ලැබිලා කියලා. අපි එක පාරටම ගෙවල් පැත්තට දුවගෙන ගියා. මම යනකොට ගෙදර මිනිස්සු පිරිලා. අප්පුච්චා මොකද්දෝ තහඩුවක් වගේ එකක් සුද්ද කරනවා. මම දුවගෙනම අප්පුච්චා ලගට ගියා. මේං බොලා මම කුඹුරෙන් අරගෙන ආවේ. බලපං කියලා මගේ අතට දුන්නා. ඒක මොකක්ද කියලා මටනම් තේරුණේ නෑ ’’ එදා එකොළොස්වැනි වියෙහි පසුවූ සුරවීරගේ අර්නෝලිස් මහතා අද 74 වැනි වියෙහි පසුවෙයි. අමුඩ ලේන්සුවකින් සැරසී කුඹුරට යාමට සූදානම්ව සිටින ඔහු මෙතෙක් ශී‍්‍ර ලංකාවේ හමුවූ අති විශිෂ්ඨතම ඓතිහාසික ලේඛණය පිළිබඳ තම මතකය අවධි කළේ ඒ ආකාරයෙනි. ඒ පනාකඩුව තඹ සන්නසයි. 1948 පෙබරවාරි මාසයේ දිනක මොරවක් කෝරලයේ පනාකඩුව නම් දුෂ්කර ගම්මානයේ බෝගහදෙණිය නම් තම කුඹුර කොටමින් සිටි සුරවීරගේ කරෝලිස් අප්පුහාමි නම් ගොවි මහතාට මේ වටිනා තඹ සන්නස හමුවී තිබේ. ‘‘ අපේ බෝග
උඩරට තේ නිපදවන හැටි 2011 ඔක්තෝබර් මස 30 13:58:02 | ලංකාදීප කර්තෘ මණ්ඩලය ශ්‍රී ලංකාවේ වසර ගණනක් තිස්සේ තේ ප‍්‍රධානතම අපනය ආදායම් මාර්ගය ලෙස තිබූ බව අවිවාධිතය. මහනුවර දිස්ති‍්‍රක්කයේ ”ලූල් කඳුර” වතුයායේ දී 1867 දී ජේම්ස් ටේලර් තම බි‍්‍රතාන්‍ය ජාතිකයා අප රටට තේ වගාව හඳුන්වා දී තිබේ. එදා සිට වසර 144ක ඉතිහාසයක් හිමි මෙම තේ වගාව උඩරට හා පහතරට ලෙස වගාව දෙකකට බෙදා ගනිමින් අප රටේ වගා කටයුතු සිදුවෙයි. ආරම්භයේ සිට මෑතක් වන තුරු ශ්‍රී ලංකාවේ තේ මිලදී ගත් රටවල් තේ පානය සඳහා සුළු වශයෙන් භාවිත කර විවිධ වර්ණ සැකසීමේ මූලද්‍රව්‍යයක් ලෙස තේ කුඩු භාවිත කළේය. මෑතක සිට ශ්‍රී ලංකාවේ තේ ප‍්‍රධාන වශයෙන් ආහාරයක් ලෙස නම් කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර ප‍්‍රමිති සහතික මත අපගේ තේ නිෂ්පාදනය කිරීමට සිදුව ඇත. ශ්‍රී ලංකාවේ සාර්ථක තේ වගාව කි‍්‍රයාත්මක කිරීමට පස සංරක්‍ෂණය කළයුතු බවට තලවාකැලේ තේ පර්යේෂණායතනය මගින් උපදෙස් දී තිබුණද, උඩරට තේ වගාවේ දී එය නිසි ලෙස පිළි නොපැදීම හේතුවෙන් උඩරට තේ වගාවේ ඵලදායීතාව හෙක්ටෙයාර් එකකට අමු තේ දළු කිලෝ 1300ක් දක්වා අගයක පවතින අතර එහි උපදෙස් නිසියාකාරව පිළිපදිමින් වගා කටයුතුවල න
පෘතුගීසින් පැරදවු බලන මහා සටන 2011 නොවැම්බර් මස 06 11:32:26 | ලංකාදීප කර්තෘ මණ්ඩලය කන්ද උඩරට රාජධානිය ආක‍්‍රමණය කිරීමට පැමිණි පරදේසක්කාර සතුරන්ට කදිම පාඩම් කියාදුන් ස්ථානයක් වශයෙන් බලන බළ කොටුව හැඳින්විය හැකිය. කන්ද උඩරටට ඇතුළුවන ප‍්‍රධාන කපොල්ල වශයෙන් හැඳින්විය හැකි මෙම ස්ථානය පසුකරමින් පර සතුරන් ගමන් ගත්තේ අවස්ථා කිහිපයකදී පමණි. මෙහිදී සිදුවූ සටන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගරිල්ලා සටන් වශයෙන් හැඳින් විය හැකිය. අපගේ වීරෝදාර උඩරට සිංහල හමුදා අපගේ දේශයේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීම සඳහා එහිදී ජීවිත පරිත්‍යාගයෙන් සටන් වදින ආකාරය එහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. එහිදී අපගේ වීරෝදාර සොල්දාදුවන් සටන් භූමියේ ඇති පිහිටීම උපයෝගී කර ගනිමින් ගස් හා ගල් පෙරළමින් ප‍්‍රතිවාදී ආක‍්‍රමිණිකයන් මෙල්ල කළ අයුරු බලන සටන්වල දී දැක ගත හැකිය. බලන දුර්ගය ආක‍්‍රමණය කිරීම සඳහා පැමිණෙන ප‍්‍රතිවාදී පරසතුරු හමුදාවන්ට එරෙහිව දැවැන්ත ගල් පෙරළා ගෙනවිත්, ආධාරක මතින් රඳවා තබාගෙන සතුරා ළඟා වූ වහාම ආධාරකය ඉවත් කිරීම මගින් සතුරා විනාශ කරයි. සතුරා පැමිණෙන මාර්ගයේ ඇති දැවැන්ත ගස් කිහිපයක් අඩක් මුලින් කපා තබා
සප්තකන්‍යාවේ ගුවන්යානා අනතුරේ මතකය 2011 ඔක්තෝබර් මස 16 10:49:16 | අජිත්ලාල් ශාන්තඋදය දිනය 1974 දෙසැම්බර් 04දායි. වේලාව රාත‍්‍රී දහය පසුවිය. සමනල කදුවැටිය පාමුල මස්කෙළිය, නල්ලතන්නිය, නොර්වුඞ් ආදී ප‍්‍රදේශවල ජනතාවගෙන් වැඩි දෙනෙක් නින්දේ පසුවූහ. එදා අද මෙන් විදුලි ආලෝකය නිවෙස්වලට නොතිබුණු නිසා ප‍්‍රදේශය පුරා පැතිර තිබුණේ ඝන අන්ධකාරයකි. බොහෝ නිවාසවල අදුර මැකුවේ කුප්පි ලාම්පු එළියෙනි. අද මෙන් රූපවාහිනී සේවාවන් නොතිබූ නිසා සෑම නිවසකම පාහේ රාත‍්‍රී නවයෙන් පසු ජනයා නින්දට යාම පුරුද්දක් කරගෙන තිබුණි. නින්දේ පසුවූ බොහෝ දෙනෙකු එකවරම ජීවිතයේ නොඇසූ මහා ශබ්දයකින් තිගැස්සී අවදිවූහ.  ඒ  හඬ ඇසී මොහොතකින් පසු මහා පිපිරුම් ශබ්දයකුත් ඔවුන්ට ඇසෙන්නට ගතවූයේ නිමේෂයකි. ලංකාවේ විදුලි උත්පාදනය කරන ප‍්‍රධාන බලාගාරවලට ජලය සැපයූ මාඋස්සාකැලේ සහ කාසල්රි ජලාශ පිහිටා ඇත්තේ ද මේ අවට ප‍්‍රදේශයේය. ලක්ෂපාන හා පොල්පිටිය විදුලිබලාගාර දෙක පිහිටා ඇත්තේද ඒවාට ජලය ගෙනයන උමං මාර්ගයද පිහිටා ඇත්තේද මේ ප‍්‍රදේශයේය. සිදුවූ සිදුවීමෙන් ප‍්‍රදේශයේ වෙසෙන වතුවල ජීවත් වූ දෙමළ ජනතාව මෙන්ම සිංහල ජනතාවත් තුෂ්නිම්භූතවය. තොරතුර