Skip to main content

දන්තුරේ සටනට 421යි

ඔක්තෝබර්  6  වැනිදාට ඵෙතිහාසික දන්තුරේ  සටන සිදුවී වසර 421 ක් සපිරෙයි. පෘතුගීසින්  1505 දී ලංකාවේ කොලොම්තොටට ගොඩ බැස්සේ ලොරෙන්සෝද අල්මේදා, සෙම්පතියකු සහ සන්නද්ධ හමුදාවක්ද සමගය.
එවකට කෝට්ටේ රාජ්‍ය පාලනය කළ සීතාවක රාජසිංහ රජු අති දක්ෂ උපාය ශීලි රණශුරයෙකු බව ප්‍රකටය. සිතාවක රාජසිංහ  උඩරට රාජධානියද තම පාලනයට ගැනීමට සැරසෙද්දී එහි පාලකයාව සිටි කරල්ලියද්දේ බණ්ඩාර සිතාවක රජුගේ තරම දැනගෙන සිටි නිසා සිය දියණිය වන කුසුමාවතී කුමරියද රැගෙන  පලා ගොස් පෘතුගීසින්ගේ  රැකවරණය ලැබිය. එහිදී  කතෝලික ආගම වැළද ගැනීමට ඔවුන්ට සිදු විය. කුසුමාවතී කුමරිය දෝන කතරිනා නමින් බෞතිස්ම ලැබුවාය. මේ වන වවිට හිස් වූ උඩරට රාජධානියේ බලය පේරාදෙණිය ඊරියගම වීරසුන්දර  බණ්ඩාර නම් සෙනෙවියකු යටතට පත් විය.
දක්ෂ රණශුරයකු වූ ඔහුට එරෙහිව කටයුතු කිරීමේ අවදානම තේරුම් ගත් රාජසිංහ රජු උපායශීලි විය. උඩරට රාජධනිය නීත්‍යනුකුලව පවරා දීමට පැමිණෙන ලෙස දන්වා ඔහු බොරු වලක දමා මැරවීය. වීරසුන්දර බණ්ඩාරගේ පුතු කොන්නපු බණ්ඩාරයන් පියාගේ මරණයේ පළිය රාජසිංහයන්ගෙන් ගන්නා අටියෙන් පෘතුගීසින්ට  එක් විය.  
ගෝවට ගොස් දොන් ජුවන් නමින්  කිතු දහම වැළඳගත් ඔහු යුදහරඹ, මල්ලවපොර , වෙඩි තැබීම සහ අශ්වාහරෝහක සහ අංගම් සටන් වලින් නිපුණත්වයට පත්ව වසර කිපයකින් පසු ලංකාවට පැමිණියේ  සෙන්පති ධූරයකින් ද  පිදුම් ලබමින් ය.
මේ වන විට  අවුල් වියවුල් තත්වයට පත්ව තිබු උඩරට රාජධනිය තම යටතට ගැනීමට කල්පනා කළ පෘතුගීසින් දොන් ජුවන් පෙරටු කර ගත් ප්‍රබල පෘතුගීසි හමුදාවක් උඩරට රාජධනිය බලා පිටත් කර යැවීය. එසේ පැමිණි දොන් ජුවන් කිසිවකු බලාපොරොත්තු නොවූ පරිදි සිංහල හමුදාවේ ආධාරයෙන්  බුදහගම වැළඳගෙන පළවැනි විමලධර්මසුරිය නමින් රජු විය.
මේ වන විට උඩරට රාජධානියේ නියම උරුමක්කාරිය වූ කුසුමාවතී හෙවත් දෝන කතරිනා පෘතුගීසින් යටතේ පසු විය. තමන් යටතේ යුද ශිල්පය හදාරා තමන්ටම එරෙහි වූ දොන් ජුවන් හෙවත් කොන්නපු බණ්ඩාර කෙරෙහි අතිශයින් කෝපයට පත් වූ පෘතුගීසින් ඔහුට පාඩමක් උගන්වා උඩරට රාජධානිය යටත් කරගැනීමේ   බලපොරොත්තුවෙන්  දෝන කතරිනා කුමරිය පෙරටු කරගත් පේදුරු ලෝපස්ද සුසා නම් දක්ෂ සෙම්පතියකු යටතේ ප්‍රබල පෘතුග්‍රීසි හමුදාවක් එවිය.
මෙම සේනාව මග දුරු කතර ගෙවා 1594 ඔක්තෝබර් 06 දින දන්තුරේ වෙල් යායට පැමිණියේ නවාතැන් ගැනීම පිණිසය. මෙම ආක්‍රමණය පිළිබඳව කල්තියා දැනගත් විමල ධර්මසුරිය රජුගේ සිංහල සේනාවෝ හතර වටින්ම වටකරමින් පහරදෙන්නට වූහ. බලාපොරොත්තු නොවූ මෙම පහර දීමෙන් අන්ත අසරණ තත්වයට පත්වූ පෘතුගීසිහු පරාජයට පත්වූහ. විමලධර්මසුරිය රජුට  ස්වර්ණමය ජයග්‍රහණයක් ලබාදෙමින් අවසන් වූ මේ සටනින් මියගිය දහස් ගණන්  පෘතුගීසින්ගේ ලේ වලින් දන්තුරේ වෙල් යාය රතු පැහැ ගැන්විණි. සිංහල සේනාවේද විශාල පිරිසක් තම රට වෙනුවෙන් ජිවිත පරිත්‍යාග කළහ.
රට ජාතියට  පුනර්ජීවනයක් ගෙන දුන් වසර 421 සපිරෙන මෙම ඔක්තෝබර් මාසයේ 6 දින සිහිපත් කරන ඵෙතිහාසික දන්තුරේ සටනේදී ජිවිත පරිත්‍යාග කළ උඩුනුවර හා යටිනුවර ප්‍රධාන කන්ද උඩරට ජනතාවට ජාතියේ ප්‍රණාමය  හිමි වේ.
අද  දන්තුරේ රමණිය නගරයකි. මෙහි ඉතිහාස ගත වෙල් යාය මැදින් දන්තුරේ නගරය නිර්මාණය වී ඇත. විමලධර්මසුරිය රජුගේ  පරිහරණය සදහා වූ ලැගුම්ගෙදර වත්ත සහ බෙහත්ගේ වත්ත, තානායම් වත්ත තවමත් ඇත. කුසමාසන  දේවිය  ගිමන් හරිමින් සිටි දිබිගහ  ගල් තලාව සහ ඉරහඳ කෙටු සිමාව තවමත් ඇත. පළමුවැනි විමලධර්මසුරිය රජු (ක්‍රි.ව 1592-1604) එවකට පිරිහී යමින් තිබු බුදු දහම නැවත නගා සිටුවීමට  කටයුතු කරන ලදි.
Danthure_2015105--

Comments

Popular posts from this blog

කුණ්ඩලීණි චක‍්‍ර භාවනාව මග පෙන්වීම්

චක‍්ර භාවනාව ගැන පටන් ගන්න කලින් මුලින්ම දැන ගන්න ඔන කාරනා කිහිපයක් තියෙනවා. ප‍්‍රධානම දෙය තමයි සෘෂි භාෂිත පංච නීවරණය . මොකක්ද මේ ....... බොහොම සරල දෙයක් 1. ප‍්‍රණ ශක්තිය පාතනය කිරිමඅපගේ ජිවිතය රුදිලා තියෙන්නේ හුස්ම මත ..... අපි විස්වාස කරන්නේ එහෙමයි. හැබැයි එක ඇත්ත නොවෙයි. හුස්ම ගැනීමට වඩා නොගෙන ඉන්නවනම් වැඩි කාලයක් නිරෝගීව ජිවත් වෙන්න පුලූවන්.ප‍්‍රණ ශක්තිය පාතනය කරන්න කියලා කියන්නේ ප‍්‍රණ ශක්තිය වෙනත් ශක්තියකට පෙරලන්න කියන එකයි. කුණ්ඩලීණිය වඩන්නනම් මුලින්ම අපි හුරු වෙන්න ඔනේ හුස්ම ගැනීම වෙනුවට නොගෙන සිටිමත් එයින් ඇතිවෙන ශක්තිය කම්පන තරංගයකට පෙරලා ගැනීමටත් 2. ඉන්පසු වැදගත්ම දේ තමයි. අනුන්ගේ දේ නොගැනීම. අනුන්ගේ දේ කියන්නේ හුස්ම පාලනය කිරිම තුළින් අපි රූප ධ්‍යාන මට්ටමට ලගා වෙනවා. අනුන්ගේ දේ කියලා කියන්නේ අන් සතු රූප නොගැනීම . යොගියා භාවනාවෙන් රූප දකින්න පටන් ගත්ත ගමන් ඒ තුළින් ආස්වාදයක් වින්දනයක් ලබන්න පටන් ගන්නවා. අනිත් කෙනා කරන දෙය අල්ලපු ගෙදර වෙන දෙය ඉතිහාසය දෙවියන් ආදිය බලමින් එතනින් ඉදිරියට යෑම නතර කරනවා........ඒ කියන්නේ චක‍්‍ර භාවනාවේ පලමු ච‍්‍රක‍්‍රය එනම් මුලාදාරය අවදිවීම ත

ආහාර හා පෝෂණය පිළිබඳ මෑතකාලීන අධ්‍යයන සමහරක වැදගත් අනාවරණ

මහාචාර්ය ජයිරාම් වනමාලා (Jairam Vanamala) විනෝදාංශයක්‌ ලෙස කළේ සුරතල් සතුන් ඇති කිරීම ය. ඔහු ගේ නිවසේ හාවුන් රැසක්‌ හා මීයන් සුරතල් සතුන් සේ ඇති කරනු ලැබී ය. (අපේ රටේ නිතර ම දක්‌නට ලැබෙන මීයන් නො ව ලස්‌සන මීයන් ය). ඔහු ගේ හාවුන් හා මී රැළ අතරෙන් වැඩි කොටසක්‌ හදිසියේ ම මහාන්ත්‍ර පිළිකා රෝගවලට බඳුන් වී මිය ගිය අතර ඉතිරි වූයේ දෙතුන් දෙනකු පමණි. මේ ඉතිරි වූ දෙතුන් දෙනා ගැන ඔහු ඉන්පසු වැඩිපුර අවධානය යොමු කරන්නට විය. ඉන්පසු ඔහුට නිරීක්‌ෂණය කළ හැකි වූයේ අපූර්ව දෙයකි. මේ අය, ලබා දෙන සාමාන්‍ය ආහාරවලට අමතරව, වත්තෙහි (මොවුන් කුඩා විවෘත බිම් පෙදෙසක හැදී වැඩුණ සතුන් ය) වූ මිදි ගස්‌වලින් වැටෙන මිදි ආහාර ලෙස ගන්නා බවයි. මේ සිද්ධියෙන් පසු මිදි පිළිකා කෙරෙහි දක්‌වන ප්‍රතිචාර ගැන දීර්ඝ ලෙස අවධානය යොමු කරන්නට Jairam සිතිණි. Jairam යනු ඇමෙරිකාවේ පෙන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයයේ ආහාර විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකි. ඔහු පෙන් විශ්විද්‍යාලයයේ පිළිකා ආයතනයේ ද දේශකයෙකි. ඔහු මහාන්ත්‍ර පිළිකා සහිත මීයන් 52 දෙනකු ගෙන ඔවුන් කොටස්‌ තුනකට බෙදුවේ ය. එක්‌ කොටසකට සාමාන්‍ය ආහාරවලට අමතරව මිදි සහිත ආහාර වේලක්‌ ලබා දුන් අ

අපාය - විවිධ අපායන් හා ඒ ඒ අපායට යාමට හේතු

නරකය නරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකටයි. නරකාදි කියන සිංහල වචනය නරකය+ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලෝක කියන එකයි. මෙ නරකයත් කොටස් වලින් යුක්තයි. 01)  සඤ්ජිවය යමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නම් වෙ.  අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අන්අය හා කලකෝලහල කල අයද, දුබලයන් පෙළු රජවරු නිලධාරි හා අමාත්‍යයෝද, දිලින්දන් පෙළු පොසතුන්ද, මැරයෝද, සතුන් මරන්නෝද මෙ නරකයේ උපදියි. 02) කාලසුත්‍රය උපන් සත්ත්වයින් ගිනියම් වු යපොලවෙහි පෙරලා දැලි නුල් ගසා සසින්නාවු (කියතින් ඉරන්නාවු) නරකය මෙයයි. මාපියන්ට හා මිතුරන්ටද, ගුණවත් මහණ බමුණු ආදින්ටත් අපරාධ කල අය මේ නරකයේ පැසෙයි. 03) සන්ඝාතය මෙම නරකයේ සත්ත්වයෝ යොදුන් නවයක් ඝන ලෝහමය පොළවේ එරි නිස්චලව සිටිති. එහි භයානක හඩක් නංවමින් එහි එරි සිටින සත්ත්වයින් අඹරමින් පර්වතයෝ ඒ මෙ අත පෙරලි යති. ඒවාට යටවි සත්ත්වයෝ තැලි පොඩිවි ඇඹරි යති. ඇත් අස්, ගව ආදි සත්ත්වයිට වද දෙමින් වැඩ ගත් පුද්ගලයින් හා ස