Skip to main content

Posts

Showing posts from March, 2016

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානවලට අනුව මෙම කොමිසන් සභාව වසර දෙකක කාලයක් සඳහා පත් කර ඇති බව වාර්තා වෙයි. මාර්තු මස 03 වන දින සිට බලපැවැත්වෙන පරිදි පිහිටුවා ඇති ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ සාමාජිකයින් ගණන 23ක් වෙයි. එම කොමිසන් සභාවේ සභාපතිවරයා ලෙස K.L.L. විජේරත්න මහතා පත් කර ඇති අතර ලේකම්වරයා ලෙස අශෝක ජයසේකර මහතා පත් කර තිබේ. රාජ්‍ය සේවයේ යහපත් වු රාජ්‍ය පාලනයක් තුළ ජනතාවගේ අභිලාශයන් යථා පරිදි මුදුන්පත් කිරීම උදෙසා රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය, ඵලදායීතාවය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් මෙම කොමිෂන් සභාව ජනාධිපතිවරයා විසින් පත්කර ඇති බව වාර්තා වෙයි. රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද ශ්‍රමබල අවශ්‍යතාවයන් යෝග්‍ය පරිදි සපුරාලීම හා පහසුකරලීම සඳහා කාර්යය මණ්ඩල අධ්‍යයනයක් සිදුකර ඊට උචිත වන සේ ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීම සහ එය ක්‍රියාත්මක කිරීම සදහා රජයට උපදෙස් ලබාදීම මෙම කොමිෂන් සභාවට පැවරී ඇති වගකීමක් වෙයි. විශේෂයෙන් වර්තමානයේ පවතින බඳවා ගැනීම් වැටුප් හ

ක්ෂණික කෑම වල සැඟවුණ ඇත්ත ඇසින් දකින්න

වර්තමානයේ වෙළෙඳපොල තුළ ඇති බොහෝ ක්‍ෂණික ආහාර හේතුවෙන් පසුකාලීනව විවිධ රෝගාබාධා ඇතිවිය හැකි බව ලොවපුරා විද්‍යාඥයින් සහ පෝෂණවේදීන් ප‍්‍රකාශ කර තිබෙනවා. වර්තමාන තරුණ පරපුර ද බෝ නොවන රෝග රැසකින් පෙලීමට හේතුව වී ඇත්තේද ක්‍ෂණික ආහාරවල ඇති ශරීරයට අහිත කර විෂ රසායනික ද්‍රව්‍යයි. ඇතැම් රසකාරක, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය, සුවඳ වර්ග සහ ඇසුරුමේ පවතින දෝෂ හේතුවෙන් ක්‍ෂණික ආහාරවලින් ශරීරයට අහිතකර විෂ ඇතුළු විය හැකියි. එවැනි ආහාර සහ බීම වර්ගවල අඩංගු සංඝටක ඒවායින් ඉවතට ගෙන පාරිභෝගිකයින්ට ප‍්‍රදර්ශනය කළ හැකි නම් කෙතරම් අගනේද? මැලේසියාවේ කන්සියුමර් ඇසෝසියේෂන් ඔෆ් පීනෑන් (Consumers Association of Penang - CAP) නමැති රාජ්‍ය නොවන සංවිධානය එරට පාරිභෝගික අයිතීන් වෙනුවෙන් දැඩිව පෙනී සිටින ආයතනයක්. ඔවුන් ලොව පුරා ජනප‍්‍රියත්වයට පත්වු ක්‍ෂණික ආහාර පාන සහ බීම වර්ග මෙන්ම මැලේසියාවේ ජනප‍්‍රිය ක්‍ෂණික ආහාරවල ද අන්තර්ගත සංඝටක වෙනම ප‍්‍රදර්ශනය කරන අපූරු ප‍්‍රදර්ශන සංවිධානය කරනවා. ඇතැම් විට ඒවා ජනතාව නිතර ගැවසෙන ස්ථානවල පැවැත්වීමෙන් ඉතා ඉහළ ප‍්‍රතිචාර ද ලැබෙන අයුරු දක්නට පුළුවන්. ඇතැම් ජනප‍්‍රිය බීම වර්ගවල අඩංගු සීනි ප‍