Skip to main content

Posts

Showing posts from January, 2013

දෙවිවරු මේ කැළණි බිමේ

  විහාරස්‌ථාන ආශ්‍රිත ව ප්‍රකට හා අප්‍රකට මෙන් ම ප්‍රධාන හා අප්‍රධාන දෙවිවරුන් දක්‌නට ලැබීම බෞද්ධ ලෝකයේ බොහෝ රටවල දක්‌නට ලැබෙන ලක්‍ෂණයකි. ඓතිහාසික කල්‍යාණි රාජමහා විහාරය හා සබැඳි ශ්‍රී ලාංකික බෞද්ධ දෙවි දේවතාවුන් වහන්සේලා පිළිබඳ කරුණු ස්‌වල්පයක්‌ සමාලෝචනය කිරීම මෙම ලිපියෙහි අරමුණයි. කැලණි විහාරය ප්‍රධාන, කැලණිය භූමිය විභීෂණ දෙවියන්ගේ වාසභූමිය බව ප්‍රකට කරුණකි. කැලණි වෙහෙර බිම පිහිටි ඓතිහාසික විභීෂණ දේවාලය එහි කේන්ද්‍රස්‌ථානයයි. කැලණිය කේන්ද්‍රකොටගෙන සිරිලක සම්බුදු සසුන සුරකින විභීෂණ දෙවියෝ ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ අතිමහත් ගෞරවයට, අභිවාදනයට හා අභිමානයට පත්වූවෝය. එය සංකේතවත් කරමින් කැලණි විහාරයේ වාර්ෂික දුරුතු මහා පූජෝත්සව පෙරහැරේ දී විභීෂණ දෙවියන් වෙනුවෙන් ම පෙරහැරක්‌ පවත්වා පූජෝපහාර දක්‌වනු ලැබේ.  සුප්‍රකට රාම-රාවණ සිද්ධියේ දී විභීෂණ කුමරු සිය සොහොයුරාගේ පාර්ශ්වය නොව අගතියට පත් රාම කුමරුගේ පාර්ශ්වය ගෙන ඔහුට උපකාර කිරීමෙන් තමන් තුළ වූ අපක්‍ෂපාතී, සාධාරණ හා සදාචාරවත් දෘෂ්ඨිය ලොවට විදහා පෑවේය. එහි සාංදෘෂ්ටික ප්‍රතිඵලයක්‌ ලෙස යුද්ධයෙන් ජයගත් රාම කුමරුගේ ආශිර්වාදයෙන් විභීෂණ කුමර

බෙදු විරෝධී බලවෙග හා බෞද්ධයාගේ අනාගතය

2012 ජන සංගණනයේදී ශ්‍රී ලංකාවේ බෞද්ධ ජන සංඛ්‍යාව 61% ක්‌ බව සඳහන් කර ඇත. 20 වැනි සියවසේ මැද භාගය වනවිටත් මේ සිංහල දේශයේ බෞද්ධ ජන සංඛ්‍යාව 80% ක්‌ වී තිබිණි. මිහිඳු මහ රහතන් වහන්සේ වෙතින් බුදු දහම වැළඳගත් දේවානම්පියතිස්‌ස රජතුමා ශ්‍රී ලංකා ධරණීතලය බුදු දහමට පූජා කළ දින සිට සිරිලක රාජ්‍යාගම වූයේ බුදු දහමයි. 1505 දී පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පැමිණ බෞද්ධයන් පවුල්පිටින් ඝාතනය කර වෙහෙර විහාර විනාශ කර සංඝයා වහන්සේලා ද මරා දමා සඟසතු දේපළ කොල්ලකා ගත් අන්දම මෙහිදී සිහිපත් වේ. බෞද්ධ පතපොත විනාශ කරමින් පිරිවෙන් මූලිකව තිබුණු අධ්‍යාපන ක්‍රමය ද විනාශ කර දැමීය. පෘතුගීසීන්ගෙන් පසු ලන්දේසීන්ද, ඊට පසු බ්‍රිතාන්‍යයන් ද මේ රට පාලනය කරමින් බුද්ධාගම විනාශ කර දැමීය. කිතුනු දහම ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කරන්නට විය. ඒ අඳුරු යුගය ශ්‍රී ලංකාව බුදු දහමින් ඈත් කරන්නට විය. තාන්න මාන්න වරප්‍රසාද හමුවේ බුද්ධාගම්කාරයෝ පරගැති දහම් වැළඳ ගත්හ. 1972 ජනරජ ආණ්‌ඩු ව්‍යවස්‌ථාවේ දෙවැනි පරිච්ඡේදයේ 6 වැනි වගන්තියේද 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්‌ථාවේ දෙවැනි පරිච්ඡේදයේ 9 වැනි වගන්තියේද ශ්‍රී ලංකාවේ බුද්ධාගමට ප්