රසායනික පොහොර, කෘමි නාශක අනවශ්‍ය ප්‍රමාණයට (අව)භාවිතා කිරීම නිසා අද වන විට අපේ ආහාර පිගානත් මහ පොලොවත් දෙකම වස වී තිබේ. අප දරුවන්ට ඉතා ආදරයෙන් වස කවමු. දිනෙන් දින අපට බත සපයන කෙතත් මහ පොලොවත් මරමින් සිටිමු. අතීතයේ අපට වැව හා බැඳුනු විශ්වාස කල නොහැකි තරම් සුන්දර හා විශ්වාසනීය සංස්කෘතියක් තිබුනා.ඒ මහා පාරිසරික පද්ධතිය තුල අපේ මහ වැව ගම් තුලානේ කෙත් වතු සරු සාර ලෙස අස්වද්දවා. අපේ දූ දරුවන් නිරෝගීව පෝෂණය කලා. වැවට ඉහල වනය අලි ඇතුන් සතා සීපාවට ඇති තරම් ආහාර පෝෂණය දුනි. ඒ මහා වනයේ දිය උල්පත් වලින් වැව පෝෂණය කලා. වැවෙන් පහල මිනිසුන් වෙනුවෙන් වෙන් වුනා. අතීතයේ ගොවියා ගැමියා විතරක් නෙවෙයි රටේ රජුත් දැනගෙන හිටියා මී ගහේ මහා වටිනාකම ගැන. ඒ හිංදා හෑම වැවකම වැව් බැම්මේත් කෙත් වතු වටාත් මහා දැවැන්ත මී ගස් තේජාන්විතව ආරක්ෂාකාරීව තම රාජ කාරිය ඉටු කලා. රටේ රජුත් මේ මහා වටිනා ගස රකින්නට නීති රීති සම්පාදනය කලා. එදා අපිට වඩා මේ මී ගහ ගැන ගැමියාට ගොවියාට මහා දැණුමක් තිබුනා. මී ගහේ මල අද අපි පාවිච්චි කරන මුද්දරස්පලම් වලට ආදේශකය විදියට පාවිච්චි කලා. මේ මී මල් හැලප වලට දැම්මා, එය පුංචි ඈයන්ගේ ඉතා රස