Skip to main content

Posts

Showing posts from October, 2015

දන්තුරේ සටනට 421යි

ඔක්තෝබර්  6  වැනිදාට ඵෙතිහාසික දන්තුරේ  සටන සිදුවී වසර 421 ක් සපිරෙයි. පෘතුගීසින්  1505 දී ලංකාවේ කොලොම්තොටට ගොඩ බැස්සේ ලොරෙන්සෝද අල්මේදා, සෙම්පතියකු සහ සන්නද්ධ හමුදාවක්ද සමගය. එවකට කෝට්ටේ රාජ්‍ය පාලනය කළ සීතාවක රාජසිංහ රජු අති දක්ෂ උපාය ශීලි රණශුරයෙකු බව ප්‍රකටය. සිතාවක රාජසිංහ  උඩරට රාජධානියද තම පාලනයට ගැනීමට සැරසෙද්දී එහි පාලකයාව සිටි කරල්ලියද්දේ බණ්ඩාර සිතාවක රජුගේ තරම දැනගෙන සිටි නිසා සිය දියණිය වන කුසුමාවතී කුමරියද රැගෙන  පලා ගොස් පෘතුගීසින්ගේ  රැකවරණය ලැබිය. එහිදී  කතෝලික ආගම වැළද ගැනීමට ඔවුන්ට සිදු විය. කුසුමාවතී කුමරිය දෝන කතරිනා නමින් බෞතිස්ම ලැබුවාය. මේ වන වවිට හිස් වූ උඩරට රාජධානියේ බලය පේරාදෙණිය ඊරියගම වීරසුන්දර  බණ්ඩාර නම් සෙනෙවියකු යටතට පත් විය. දක්ෂ රණශුරයකු වූ ඔහුට එරෙහිව කටයුතු කිරීමේ අවදානම තේරුම් ගත් රාජසිංහ රජු උපායශීලි විය. උඩරට රාජධනිය නීත්‍යනුකුලව පවරා දීමට පැමිණෙන ලෙස දන්වා ඔහු බොරු වලක දමා මැරවීය. වීරසුන්දර බණ්ඩාරගේ පුතු කොන්නපු බණ්ඩාරයන් පියාගේ මරණයේ පළිය රාජසිංහයන්ගෙන් ගන්නා අටියෙන් පෘතුගීසින්ට  එක් විය.   ගෝවට ගොස් දොන් ජුවන් නමින්  කිතු දහම වැළඳගත්

මධ්‍යම කඳුකර ලෝක උරුමය

පාරිසරික වශයෙන් අතිශයින්ම වැදගත් වූ මෙරට පරිසර පද්ධති තුනක් කේන්ද්‍රකරගනිමින් ශී‍්‍ර ලංකාවේ මධ්‍යම කඳුකරය ලෝක උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත්කැර ඇත. බ‍්‍රසීලයේ බ‍්‍රසීලියා නගරයේ පැවැත්වුණු ලෝක උරුම කමිටුවේ 34 වැනි සැසිවාරයේදී මෙම නම් කිරීම සිදුකැර ඇති අතර ඒ සමගම ඇමරිකාවේ හවායි දූපත් සමූහයේ දූපත් කිහිපයක් ද ලෝක උරුම ලෙස නම්කැර තිබේ. ලෝකයේ ජෛව විවිධත්ව උණුසුම් ප‍්‍රදේශයක් ලෙස නම්කොට ඇති ශී‍්‍ර ලංකාවේ පිහිටා ඇති නකල්ස් දැඩි රක්ෂිතය, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ශී‍්‍ර පාද අඩවි වනාන්තරයේ ශාක හා සත්ත්ව ප‍්‍රජාව සම්බන්ධයෙන් සිදුකරන ලද පුළුල් අධ්‍යයනයන් පදනම් කැරගනිමින් මෙම යෝජනාව යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම කමිටුවට ඉදිරිපත් කැර තිබිණි. 1833 වර්ෂයේ දී ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන ලද ශී‍්‍රමත් රොබට් හෝරටන්හට ගරු කිරීමක් වශයෙන් හෝර්ටන් තැන්න ලෙස නම්කරන ලද පාරිසරික භූමි භාගය අතීතයේ මහඑළිය, මැණික් තැන්න යන නම්වලින් හඳුන්වන ලදී. 1969 වර්ෂයේ දෙසැම්බර් මස 05 වැනි දින ස්වභාවික රක්ෂිතයක් බවට පත්කළ එම ප‍්‍රදේශයේ පාරිසරික හා භූගෝලීය වැදගත්කමත් ජෛව විවිධත්වයත් සැළකිල්ලට ගනිමින් 1988 මාර

කුණ්ඩලීණි චක‍්‍ර භාවනාව මග පෙන්වීම්

චක‍්ර භාවනාව ගැන පටන් ගන්න කලින් මුලින්ම දැන ගන්න ඔන කාරනා කිහිපයක් තියෙනවා. ප‍්‍රධානම දෙය තමයි සෘෂි භාෂිත පංච නීවරණය . මොකක්ද මේ ....... බොහොම සරල දෙයක් 1. ප‍්‍රණ ශක්තිය පාතනය කිරිමඅපගේ ජිවිතය රුදිලා තියෙන්නේ හුස්ම මත ..... අපි විස්වාස කරන්නේ එහෙමයි. හැබැයි එක ඇත්ත නොවෙයි. හුස්ම ගැනීමට වඩා නොගෙන ඉන්නවනම් වැඩි කාලයක් නිරෝගීව ජිවත් වෙන්න පුලූවන්.ප‍්‍රණ ශක්තිය පාතනය කරන්න කියලා කියන්නේ ප‍්‍රණ ශක්තිය වෙනත් ශක්තියකට පෙරලන්න කියන එකයි. කුණ්ඩලීණිය වඩන්නනම් මුලින්ම අපි හුරු වෙන්න ඔනේ හුස්ම ගැනීම වෙනුවට නොගෙන සිටිමත් එයින් ඇතිවෙන ශක්තිය කම්පන තරංගයකට පෙරලා ගැනීමටත් 2. ඉන්පසු වැදගත්ම දේ තමයි. අනුන්ගේ දේ නොගැනීම. අනුන්ගේ දේ කියන්නේ හුස්ම පාලනය කිරිම තුළින් අපි රූප ධ්‍යාන මට්ටමට ලගා වෙනවා. අනුන්ගේ දේ කියලා කියන්නේ අන් සතු රූප නොගැනීම . යොගියා භාවනාවෙන් රූප දකින්න පටන් ගත්ත ගමන් ඒ තුළින් ආස්වාදයක් වින්දනයක් ලබන්න පටන් ගන්නවා. අනිත් කෙනා කරන දෙය අල්ලපු ගෙදර වෙන දෙය ඉතිහාසය දෙවියන් ආදිය බලමින් එතනින් ඉදිරියට යෑම නතර කරනවා........ඒ කියන්නේ චක‍්‍ර භාවනාවේ පලමු ච‍්‍රක‍්‍රය එනම් මුලාදාරය අවදිවීම ත