Skip to main content

Posts

Showing posts from March, 2015

රඡ්ජුරු බණ්‌ඩාර දෙයියන්ගේ අඩවියට ගියෙමි

වර්ෂ 1921 දී ලිවයිස්‌ නමැති පුරාවිද්‍යාඥයා ඌරුමුත්ත ගල්ලෙන ආශ්‍රිතව කැණීමක්‌ කළේය. එම කැණීමේදී හසු වූ මානව අවශේෂවලින් හෙළි වී ඇත්තේ ඌරුමුත්ත ප්‍රදේශය ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වන බවයි. මෙම ලෙන ආශ්‍රිත හමුවූ මූල බ්‍රාහ්මීය සෙල්ලිපිය ක්‍රිස්‌තු පූර්ව 1 වැනි සියවසට අයත් බව තහවුරු කරගෙන ඇත. මෙම ලෙන පිළිබඳව මහාචාර්ය කඹුරුපිටියේ වනරතන නාහිමියන්ද තොරතුරු අනාවරණය කර ඇත. එහි ඇති සමහර ලිපි සම්පූර්ණයෙන්ම කියවීමට නොහැකි වුවද එහි ඇති ඇතැම් අක්‍ෂර කියෑවීමට පුරාවිද්‍යාඥයෝ සමත්ව සිටිති. එම සමහර ලිපි ද තහවුරු කරනුයේ ඌරුමුත්තේ ඓතිහාසික බව ප්‍රාග් මානව යුගය දක්‌වා දිවෙන බවයි. මහලු විජයබාහු රඡ්ජුරුවන්ට රයිගම් බණ්‌ඩාර, මායාදුන්නේ, හත්වැනි බුවනෙකබාහු යන පුතුන් තිදෙනා සිටි බවට ඓතිහාසික තොරතුරුවලින් අනාවරණය වී තිබේ. එම පුතුන් අතර සිටි මායාදුන්නේට පුතුන් කීපදෙනකු සිටි බවට සඳහන් වන අතර ඉන් එක්‌ පුතකු වන රඡ්ජුරු බණ්‌ඩාර ඌරුමුත්ත ප්‍රදේශයේ ප්‍රාදේශීය නායකයකු ලෙස රජකම් කළ බව වාර්තා වෙයි. ඉතා දැහැමින් ප්‍රදේශයේ පාලනය ගෙන ගිය මායාදුන්නගේ පුතා ජනතාවගේ ආදරයට පාත්‍ර වූ නායකයකු ලෙස ප්‍රකටව සිටි බව ඓති

බාධාවකින් තොරව සිරිපා කරුණා කිරීමට නම්...

2012-2013 වසරවල සිරිපා වන්දනා සමය මෙම උඳුවප් මස 27 වැනි දිනට යෙදෙන පුන් පොහොය දිනයෙන් ඇරඹේ. මෙවර සිරිපා කරුණා කරන බැතිමතුන් හට ශ්‍රී පාද පද්මය වන්දනාමාන කිරීමට අමතරව අලූතෙන් සොයා ගන්නා ලද දිවා ගුහාව හෙවත් ‘‘භගවා ලෙන’’ දැක බලා ගැනීමට ද හැකි වෙනු ඇත. වැඩි දුරක් පා ගමනින් පඩි පේලි නැග යමින් වන්දනාමාන කිරීමට ලෝකයේ ඇති එකම පූජා භූමිය ලෙස ශ්‍රී පාදය සැලකේ. දිවා රැය නොබලා විවිධ ආගම් අදහන බැතිමත්හු ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් මෙම පුද බිම වන්දනා කරති. මුදුහු මට්ටමේ සිට මීටර් 2243ක් උසින් පිහිටි ශ්‍රී පාදස්ථානයට පිවිසිය හැකි මාර්ග කීපයක් වේ. රත්නපුර පලාබද්දල මාර්ගය, හැටන් නල්ලතන්නිය මාර්ගය, කුරුවිට මාර්ගය, මරේ මාර්ගය, මාලිබොඩ මාර්ගය ඒ අතර වේ. එයින් ප‍්‍රසිද්ධම සහ විශාල පිරිසක් ගමන් කරනු ලබන්නේ හැටන් නල්ලතන්නිය සහ රත්නපුර පලාබද්දල මාර්ග භාවිත කරමිනි. මෙම පුදබිමට රත්නපුර මාර්ගයෙන් එන්නේ නම් කිලෝමීටර් හතහමාරක් මෙන්ම හැටන් මාර්ගයෙන් එන්නේ නම් කිලෝමීටර් හතරහමාරක් සමනොළ ගිර තරණය කළ යුතුය. මෙම මාර්ගවල ගල් පඩි නැගීමේ දී ලිස්සා යෑම්වලට ලක් විය හැකි බැවින් ඒ පිළිබඳව වන්දනාකරුවන් සිහි තබා ගත යුතු වැදගත් ක

හලාල් ප්‍රශ්නය දෙස මැදහත්ව බලන්න

මෑතක සිට ඔබ මිලදී ගන්නා බොහෝ ආහාර, බෙහෙත් ආදී පාරිභෝගික ද්‍රව්‍යවල "හලාල්" නමින් ලාංඡනයක්‌ දක්‌නට ඇත. එය කිරිපිටි, බිස්‌කට්‌, නූඩ්ලස්‌, බීම වර්ග ආදී සෑම ඇසුරුමකම පාහේ දක්‌නට ඇත. මේ හලාල් යනු මුස්‌ලිම් ආගමික පිළිවෙතකි. එයින් කියවෙන්නේ "පරිභෝජනයට සුදුසුයි. අල්ලා දෙවියන් වහන්සේට කැපයි" යන්නයි. මුස්‌ලිම් අයට ඌරුමස්‌, ඌරුතෙල් මිශ්‍ර ආහාර මිලදී ගැනීම ආගමෙන් තහනම්. එබඳු බෙහෙතක්‌වත් ගැනීම තහනම්. එපමණක්‌ නොව සතුන් මැරිය යුත්තේද හෙමින් හෙමින් ලේ වැගිරීමට සැලසීමේ කෲරතර ක්‍රියාව මගිනුයි. හේතුව ලේ ආහාරයට ගැනීමත් තහනම් වීමයි. එහෙම නොවන දේ වලට කියන්නේ "හරාම්" කියලයි. මේ හලාල් ලකුණ සහිත ද්‍රව්‍ය මිලදී ගැනීම සම්බන්ධයෙන් මේ දිනවල විවෘත සංවාදයක්‌ ආරම්භවී තිබෙනවා. එක්‌ පාර්ශ්වයක්‌ කියන්නේ හලාල් මිලදී ගැනීම වැරදි බවයි. දෙවැනි පාර්ශ්වය කියන්නේ හලාල් මිලට ගැනීම කිසිදු වරදක්‌ නොවන බවයි. රජයේ මැති ඇමැතිතුමන්ලත් කරුණු දක්‌වන්නේ මේ දෙවැනි පාර්ශ්වය නිවැරදි බව කියන්නයි. පසුගිය දිනක පාර්ලිමේන්තුවේ දී නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමා කථා කරමින් කියා සිටියේ හලාල් ක්‍රමය ජා

ගමක අසිරිය

වෛද් ‍ ය   රුවන්   එම්   ජයතුංග   අම්ම හදා දුන්න කහට එක නොබීම මම වත්ත පහලට ගියේ දවල්ට කන්න හොඳ කොස් ගෙඩියක් ගේන අදහසින්. නැත්තම් දවල් වෙන කොට කොල්ලෝ කුරුට්ටෝ පැහිලා තියන ගෙඩි ටික කඩාගෙන යනවා. අපට අයිති අක්කර බාගේ වට කරලා වැටක් ගහලා නැති නිසා ඕනම කෙනෙක් වත්තට පනිනවා.     ඒත් අපරාදේ කියන්න බැහැ පොල් ගෙඩි වලට නම් කවුරුවත් අත තියන්නේ නැහැ. ඒක ලොකු දෙයක්. මාස තුනකට සැරයක් හරි අතට තුට්ටු දෙකක් ලැබුනේ පොල් ටික කඩේ මුදලාලිට දීලා. සමහරු මගෙන් අහනවා ඇයි රස්සාවක් කරන්නේ නැත්තේ කියලා ,  රස්සාවක් කරන්න රස්සාවක් ලැබෙන්න එපැයි. මම රස්සා හොයා හොයා එහෙ මෙහෙ දිව්වා. නමුත් හම්බුවෙච්ච රස්සාවක් නැහැ. උපාධිය කරලා සම්මුඛ පරීක්ෂණ වලට බඩගාපු කලේ මම හිටියේ හරිම පීඩනයක. ඔළුවට නිවනක් නැහැ. රස්සා හොයලා හොයලා හති වැටුනම මට තේරුණා රස්සාවක් ලැබෙන්න මන්තීතුමාගේ පස්සේ ගිහිල්ල තියෙන්න ඕන කියලා. මට ඒ දවස්වල ඕවට වෙලාව තිබ්බේ නැහැ . උපාධියට පාඩම් කර කර හිටියා.     මාත් එක්ක එකට සාමාන්‍ය පෙළ කරපු සොකරියා දැන් සමුර්ධි නියාමක. සොකරියාගේ නම බස්නායක ඒත් පරම්පරාවෙන් පරම්පරාවට සොකරි නටපු නිසා ගමේ ඈයො බස්නායකට කීවේ සොකරිය

එදා සහ මෙදා (තවත් ටිකක්)

Posted on March 25th, 2015 තිස්ස ගුණතිලක ,  සිඩ්නි නුවර එංගලන්තෙන් ආනයනය කරපු ප්‍රජාතන්ත්‍රවදය අපිතරම් ලස්සනට රැකබලාගත්ත ජාතියක් තවත් නැතිව ඇති. ඒක අපි හොදට ඔපමට්ටම් කරල පක්‍ෂයක් විපක්‍ෂයක් හොයන්න බැරිවිදිහට වාත්තුකරල ලෝකයට ඉදිරිපත්කරන්න හදනඋත්සාහය අගයකරන්න බැරි අපේම අය නොයෙකුත් අවලාද කියනව. පාර්ලිමේන්තුවෙ කතානායකතුමා ආසනේ ඉදගෙන විපක්‍ෂය හොයාගන්න බැරිව තතනනකොට අපේ පපුවත් හෝස්ගාලා පත්තුවෙනව. පක්‍ෂයේ පාට මොකක් වුනත් වැඩිදෙනෙක් ඉන්න පැත්ත  ` පක්‍ෂය `  කියලත් අඩුදෙනෙක්ඉන්නපැත්ත  ` විපක්‍ෂය `  කියලත් කියාදුන්න අපේ  ` ප්‍රජාචාරය ` සර්ට පිස්සු වෙන්න ඇති. අපි ඉසේකෝලෙදි  ` ගෑනු අයට සමඅයිතිවාසිකම් දියයුතුද ?  නැද්ද ?`  කියලා විවාද කරනකොට (ඒ කාලෙ ජනප්‍රිය මාතෘකාවක්) අපි  ` නෑ `  කියන පැත්තෙ හිටියත් ස්ටේජ් එකට නැග්ගහම කියවෙන්නෙ  ` දියයුතුයි ` කියනපැත්තට කරැනු. ඒ ` දෙන්න `  ඕනෙම හින්දා නෙමෙයි ,  අපිත් ගෑනුලමයින්ට කැමති නිසා. නිමල් සිරිපාලටත් ඒ වගේම තමයි , ` විපක්‍ෂයේ හිටියත්    කියවෙන්නෙ  My3 ට ආසහිතෙන ඒවමයි. ඒ හින්දා වෙන්න ඇති පදනම් ආයතනයේ කතාවෙදි  My3  රැජින එයාට මේස් නැති අත දුන්නා කි

භාවනා කරන ඔබට වටිනා ඔවදන්

මාර සිත් ඇතිවන මොහොතේම අනිත්‍ය වශයෙන් දැක පරාජය කරන්න. ගැටෙන්න එපා. රූපයක්‌ දුටු සැණින් එය අනිත්‍ය වශයෙන් දකින්න. නැවත නැවත එම රූපයට ඇලීමක්‌ ඔබ තුළ ඇතිවන්නේ එම රූපය විනිවිද දකින්නට උත්සාහගන්න. එහෙම කළොත් ඔබේ ප්‍රතිඵල ඉක්‌මන් වේවි. අදාළ රූපය සුරූපීs කාන්තා රුවක්‌ කියා සිතන්න. ඔබ ඇය මව්කුසේ සිටිනවා දකින්න. ඉස්‌ගෙඩියෙක්‌a ලෙසින් පටන්ගෙන, නව මාසයක්‌ බැලුම් බෝලයක්‌ වැනි මව්කුසේ විඳි අනන්ත වේදනා, මර ළතෝනි දීගෙන ලෝකයට බිහිවන, මළ මුත්‍රා ගොඩේ දඟලන ළදරු වයස……ළමා, තරුණ, මධ්‍යම, මහලු වශයෙන් එම රූපය දකින්න. ඔබ දුටු ලස්‌සන රූපය ඇටසැකිල්ලක්‌ කර දකින්න. එම ඇටසැකිල්ල බඩවැල්, නහර, මස්‌ එල්ලාගෙන සිටින ස්‌වභාවය දකින්න. ඔහුගේ හෝ ඇයගේ රූපය මනසින් නිරුවත්කොට සම්, මස්‌, නහර විනිවිද ගොස්‌, සම නමැති උරයට පුරවා ඇති ජරාගොඩ දකින්න.ලස්‌සන තිබුණේ සුරූපී ඇය තුළ හෝ ඔහු තුළ නොව, තමාගේ අවිද්‍යාවෙන් පිරුණු අනිත්‍ය වන සිත තුළ බව සිහිනුවණින් දකින්න. පංච උපාදානස්‌කන්ධය, සප්ත බොඡ්Cධග, පටිච්ච සමුප්පාදය, සතර සතිපට්‌ඨානය ධර්මතාවන් ගිරවුන් මෙන් කටපාඩම් කරන දේවල් නොව, ඔබ, රූපයේ අනිත්‍ය බව දකිමින්, ප්‍රඥාවෙන් තීව්‍රර වන විට ඔබ ලබ

ඌවේ පොලව යටින් ගලා බසින අභිරහස් උමං ගඟ

පර සතුරන්ගෙන් රට බේරා ගැනීම අද මෙන්ම එදත් රට කරවන්නන්ගේ වගකීමක් විය. එදා රජ දවස උමං සාදන ලද්දේ සතුරන්ගෙන් බේරීමේ උපක‍්‍රමයක් ලෙස බව සමහරු කියති. ස්ත‍්‍රීපුර උමග රාජ වාසස්ථාන, රහස් පණිවුඩ ගෙනයාම, ධනය සඟවා තැබීම මෙන්ම අන්තඃපුර පවත්වාගෙන යාම සඳහාද එදා උමං හා උමං මාර්ග නිර්මාණය කර ඇති බව ඉතිහාස කතාවන්හි පැවසේ. එදා මෙදා තුර ඌව පළාත තුළ ඇති උමං පිළිබඳ විවිධ කතිකාවන් පවතී. වඩාත් සුන්දර කතාව ඉතිහාසයට එක්වන්නේ බදුල්ල දිස්ත‍්‍රික්කයේ ඌවපරණගම පිහිටි ස්ත‍්‍රීපුර කන්දේ උමග තුළ වූ අන්තඃපුරය පිළිබඳවය. එය එසේ මෙසේ අන්තඃපුරයක් නොව කන්‍යා අන්තඃපුරයක් බව පැවසේ. වළගම්බා රජුගේ අන්තඃපුරය මෙන්ම මානාභරණ රජුගේ කන්‍යා අන්තඃපුරයද මෙහි තිබූ බව ඌව වංශ කතාව නම්වූ ග‍්‍රන්ථයේ සඳහන්වේ. මෙම උමග මානාඇල්ල නම්වූ සුන්දර දියඇල්ල දක්වාම විහිදී පැවති බවත් රජතුමා අන්තඃපුර ස්ත‍්‍රීන් සමග මෙම රහස් මගෙන් මානාඇල්ලට ගොස් දියකෙලියේ යෙදුන බවත් කියති. ඌව ඉතිහාසය රචනා කළ නාවුලේ ධම්මානන්ද හිමියෝ සිය කෘතියේ සඳහන් කර ඇත්තේ රාවණා රජු සීතා දේවිය සඟවා තැබීමටද මෙම උමග ප‍්‍රයෝජනයට ගත් බවට ජන ප‍්‍රවාද ඇති බවයි. අප එම අන්තඃපුරය

ෂරියා නීතියේ අන්තවාදයේ අස්වැන්න

ෂරියා නීතිය හා මුස්ලිම් මූලධර්මවාදය පිළිබඳ ලොව පුරා කතාබහට ලක්වෙමින් පවතියි. මානුෂිකත්වයට නිගාදෙන අන්තවාදී ඇතැම් ප්‍රතිපත්ති හේතුවෙන් ශිෂ්ට සම්පන්න ලෝකයා ඊට එරෙහිව විරෝධය නඟමින් සි‍ටිති. එහෙත් කෙනකුගේ නීතිය හා පිළිවෙළ තවකෙනකුගේ නීතිය හා පිළිවෙළට සමපාත නොවීම නූතන සමාජ - දේශපාලනික තත්ත්වය හමුවේ සැබවින්ම අභියෝගයකි. සෞදියේ ඉස්ලාමීය ආගමික පූජකවරයෙකු පස් හැවිරිදි ස්වකීය දැරිය දූෂ්‍ය කොට ඝාතනය කර තිබුණු බව ඉකුත් සතියේ විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරන ලදී. වඩාත් ශෝචනීය පුවත වන්නේ එවැනි අපරාධයක් කරන ලද මුත් එරට අධිකරණය තුළින් පූජකවරයාට නිදහස ලැබීමයි.   ලමා-අල් ගාම්ඩී නමැති තාමත් කටේ කිරි සුවඳ හෝ නොවියැකුණු සෞදි දැරිය සිය පියා විසින් දූෂණයට ලක්කරනු ලැබුවේ ඉකුත් ඔක්තෝම්බර් මාසයේදීය. හිස් කබලේ පැලීම්, ඉල ඇට බිඳීම්,පිළිස්සුම් තුවාල, මෙන්ම මුළු ශරීරය පුරාම පිළිස්සුම් තුවාල සහිතව ඇය රෝහල් ගත කර තිබේ. ඒවන විට ඇගේ වම් අත ද අඹරවා කඩා දමා තිබුණු බවත් ශරීරයේ පසුපස පෙදෙසට දැඩි ලෙස තුවාල සිදුකර තිබුණු බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් දැඩි සේ පීඩා විඳි මෙම දැරිය පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.

අලි මැරූ සුද්දාගේ සොහොනට හෙණ

වල් අලි දඩයමේ ගොස් වල් අලියෙකුගෙන්ම මැරුම් කෑ ඉංග්‍රිසි ජාතික පාලකයකුගේ සොහොනක් කතරගම බුත්තල මාර්ගයේ ගල්ගේ නම් ප්‍රදේශයේ යාල ජාතික වනෝද්‍යානයේ ඇත. කතරගම වනජීවී අඩවිය භාර නිලධාරි කරුණාසේන විතාන මහතා මෙම සොහොන සම්බන්ධයෙන් මෙසේ කියයි. ජේ.පී.ඉරේෂන් නමැති මෙම සුදු ජාතිකයා ඉංග්‍රීසි පාලන සමයේදී ගල්ගේ ප්‍රදේශයේ පාලකයා වශයෙන් කටයුතු කර තියෙනවා. ඔහු දක්ෂ දඩයක්කාරයෙක්. අලි ඇතුන් දඩයම ඔහුගේ හොඳම විනෝදාංශයයි. මෙසේ ඔහු අතින් අලි ඇතුන් සිය ගණනක් වෙඩිකා මිය ගොස් තිබෙනවා. දෛවයේ සරදමකට මෙන් අවසානයේදී අලියකුට වෙඩි තියන්න ගිහින් ඔහු ඒ අලියගෙන්ම මැරුම් කාලා. ඉන්පසු ඔහුගේ මිත්‍රයන් යාල වනයේ රමණීය ගල් තලාවක ඔහුගේ සොහොන් කොත ඉදි කළා. එහි මෙසේ සදහන් වෙනවා. ගල්ගේ ප්‍රදේශයේ නිර්මාතෘ හා බ්‍රිතාන්‍ය ජාතික ශූර දඩයක්කරුවකුවූ ජේ.පී.ඉරේෂන් මහතා සිහිවීම පිණිසයි. උපත 1877 අප්‍රියෙල් 03 දා විපත 1923 නොවැම්බර් 12 දා. ඔහුගේ මිතුරන් විසින් මෙම සිහිටනය ඉදි කරන ලදී. ඔහු සාමදානයේ සැතපේවා. මෙම සොහොන් කොත අඩි 40 ක් විතර උසට තිබුනා. නමුත් කලින් කලට හෙන වැදීම නිසා එය කැඩි යන්නට පටන් ගත්තා. මෙම සොහොන ගැන නිතර වාර්තා කරන ලෙස
මල් පුදන්නේ කුමට ද? එයින් ඇති ප්‍රයෝජනය කුමක් ද? මල් පූජාව බුදුන් වහන්සේට හෝ චෛත්‍යයට බෝධියට විහාරයට හෝ මල්වලින් ඇති වුවමනාවක් නිසා කරන්නක් නොවේ. මනා වර්‍ණයෙන් හා සුවඳින් යුක්ත වන මල පි‍්‍රය වස්තුවකි. ශුද්ධ වස්තුවකි. එබැවින් එය ලෝකයා විසින් උසස් දෙයක් කොට සලකනු ලැබේ. එබැවින් උසස් කොට සලකන මිණි මුතු ආදිය මෙන් මල් හිසෙහි ද පළඳිති. ගරු කළ යුත්තකුට ගරු කිරීමක් වශයෙන් පිරිනැමිය යුත්තේ තමා විසින් උසස් කොට සලකන පිළිගන්නා තැනැත්තා විසින් ද පිළිකුල් නො කරන දෙයකි. මල එබඳු දෙයක් බැවින් දෙවියන්ට ගරු කරන මනුෂ්‍යයෝ මලින් දෙවියන් පුදති. රාජාදි උසස් අය දක්නට යන කල්හි ද බොහෝ දෙනා මල් ගෙන යති. උතුමන් පිළිගැනීමේ දී මල්මාලා පළඳවති. බුදුන් වහන්සේ ලෝකයේ අන් සැමට ම වඩා උත්තම බව දත් නුවණැත්තෝ උන් වහන්සේට ද මල් පුදන්නට වූහ. උන් වහන්සේ ගේ පිරිනිවීමෙන් පසු උන් වහන්සේ වෙනුවට ශාරීරික පාරිභෝගික උද්දේශික චෛත්‍යයන්හි මල් පුදන්නට වූහ. එසේ පූජා කරන්නේ අනුවණකම හෝ උමතුකම නිසා නොව, බුද්ධාදි උත්තමයන්ට වැඳුම් පිදුම් කිරීමෙන් බොහෝ අනුසස් ලැබිය හැකි නිසා ය. ගරු කළ යුත්තන්ට ගරු කිරීමත්, පිදිය යුත්තන් පිදීමත් උතුම් පින්ක

මේ රාවණාගේ දඬුමොණර නැවතුම්පොළද ?

රාවණා රජු ගමන් ගත්තේ යැයි කියන දඬු මොණරය නතර කර තැබූ රාවණාගල ලෙස අනුමාන කෙරෙන ස්ථානයක් අද නෙත් නිවුස් වාර්තාකරු ඇතුළු පිරිසකගේ නිරීක්ෂණයට ලක් වුණා. නුවරඑළිය සීතාඑළිය රක්ෂිතයේ පිහිටා ඇති එම ස්ථානය සොයා අද ගවේෂණාත්මක චාරිකාවක් සිදු කළා.                                     - See more at: http://offair.nethfm.com/article/14208#sthash.oMTfdzUL.dpuf

කම් සැපට බාධා කරන කෑම බීම 15ක්

සමහර දේවල් ලබාගන්න තවත් සමහර දේවල් අතහරින්න වෙනව. මේකත් එහෙම කතාවක්. රාත්‍රියට කම් සුවය හොඳින් විඳින්න නම් ඒ දවස ඇතූළත අත්හැරිය යුතු කෑම බීම වර්ග 15ක් පිළිබඳ Daily Mail සඟරාවෙ පළ වෙනව. මේ කෑම බීම බටහිර රටවල කෑම බීම වුණාට, බොහෝ කෑම බීම අපටත් ආගන්තුක නැහැ. 01 Licorice (ලිකර්අයිස්) රස කැවිලි විශේෂයක්  02 Cheese (චීස්) 03 Beans (‍බෝංචි) 04 Chocolate (චොකලට්) 05 Hot dogs (හොට් ඩෝග්ස්) 06 Peppermint (පෙපර්මින්ට්) 07 Tonic Water (ටොනික්) 08 French fries (ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්) 09 Red meat (රෙඩ් මීට්) 10 Tofu (සෝයා ආහාරයකි) 11 Canned food (ටින් කළ ආහාර) 12  Red Wine (රතු වයින්) 13 Oatmeal (ධාන්‍යමය ආහාරයකි) 14 Energy drinks (ශක්තිජනක පානයන්) 15 Broccoli (ගෝවා මල් විශේෂයක්) - See more at: http://offair.nethfm.com/article/14416#sthash.u9tA2VMh.dpuf