Skip to main content

Posts

Showing posts from May, 2013

ඉස්‌ලාම් බැතිමතාගේ ලිපියට බොදු පිළිතුරක්‌ - උපුටා ගැනීම දිවයින පත්‍රයෙනි

පසුගිය සතියේ ඉරිදා දිවයින පුවත්පතේ 04 වැනි පිටුවේ ජෙම් සලීම් නමැති මහතෙකු විසින් බෞද්ධ අන්තවාදය පිළිබඳව විග්‍රහයක්‌ ඉදිරිපත් කර තිබුණි. එහි ප්‍රධාන තේමාව වී ඇත්තේ බෞද්ධ භික්‍ෂූන්, විශේෂයෙන්ම බොදු බලසේනා වැනි සංවිධාන ඉස්‌ලාම් ආගමටත්, මුස්‌ලිම් ජනතාවටත් එරෙහිව වෛරයේ බිජුවට වපුරවමින් සිටින අතර, රටේ පවතින සැබෑ ප්‍රශ්න, උදා( කාන්තාවන් කොට ඇඳුම් ඇඳීම, මිනිසුන් පන්සල් නොයැම, මත්පැන් හල් තිබීම, සංගීත සංදර්ශන පැවැත්වීම වැනි ප්‍රශ්න විසඳීමට මෙකී සිංහල ජාතිවාදීන්ට කිසිදු උනන්දුවක්‌ නැත. ලිපියේ කර්තෘ විසින් උක්‌ත සමාජ ප්‍රශ්න ඉස්‌ලාමීය, අරාබි පදනමක සිට විග්‍රහ කරන බැවින් ඒවා ඔහුගේ හර පද්ධතිය අනුව ගැඹුරු සමාජ ප්‍රශ්න වේ. එකී දේවල් ෂරියා නීතිය රජයන රටක සිදුවුණා නම් දරුණු ශාරීරික දඬුවම් ලැබීමට පවා ඉඩකඩ තිබේ. නමුත් අප ජීවත් වන්නේ අවුරුදු 2500 ක ඉතිහාසයක්‌ ඇති බෞද්ධ වටිනාකම් මත පදනම් වූ හර පද්ධතියක්‌ සහිත රටක බැවින් අපගේ වටිනාකම් පද්ධතිය අනුව උක්‌ත කාරණා සලකා බැලිය යුතුය. බුදුහාමුදුරුවන් ජීවත්ව සිටි විහාරයකට නොදුරුව අම්බපාලි නම් ගණිකාවක්‌ ජීවත් වූවාය. ඇය ප්‍රසිද්ධියේ ගණිකා වෘත්තියේ නි