Skip to main content

Posts

Showing posts from January, 2016

උතුරු දකුණු උසස්‌ පෙළ ප්‍රතිඵල විෂමතාවට බලපෑවේ කුමක්‌ ද?

සිනේකා වීරක්‌කොඩි මෙවර (2015) උසස්‌ පෙළ ප්‍රතිඵලවලින්, දිස්‌ත්‍රික්‌ක අනුව සලකන කල, ඉදිරියෙන් ම සිටින්නේ උතුරු පළාතේ යාපනය දිස්‌ත්‍රික්‌කය ය. යාපනය දිස්‌ත්‍රික්‌කය 66.32%ක සාමර්ථ්‍ය ප්‍රතිශතයක්‌ ඇති ව දිවයිනේ මුල් තැනට පැමිණෙද්දී එම පළාතෙහි ම මන්නාරම දිස්‌ත්‍රික්‌කය දෙවැනි තැනට පත් ව තිබෙයි. කිලිනොච්චි හා වව්නියාව යන දිස්‌ත්‍රික්‌ක පිළිවෙළින් පස්‌aවැනි හා අටවැනි ස්‌ථාන හිමි කරගනිද්දී සමස්‌ත උතුරු පළාත 65.23%ක සාමර්ථ්‍ය ප්‍රතිශතයක්‌ සහිතව දිවයිනේ මුල්තැනට පත් ව තිබෙයි. පළාත් මට්‌ටමින් ගත් කල දෙවැනි තැන සබරගමුවටත්, තෙවැනි තැන බස්‌නාහිරටත් හිමි ව තිබෙන අතර බස්‌නාහිර පළාතේ සමස්‌ත ප්‍රතිශතයට වැඩි ම දායකත්වයක්‌ දක්‌වන කොළඹ දිස්‌ත්‍රික්‌කය තිබෙන්නේ දිස්‌ත්‍රික්‌ක අතරින් දසවැනි ස්‌ථානයේ ය. සමස්‌ත ප්‍රතිඵල විශ්ලේෂණයේ දී පෙනී යන කරුණක්‌ නම් බස්‌නාහිර පළාතේ දිස්‌ත්‍රික්‌කයන්ට සාපේක්‌ෂව උතුරු පළාතේ දිස්‌ත්‍රික්‌ක ඉදිරියෙන් ම ඇති බවයි. බස්‌නාහිර පළාතේ දිස්‌ත්‍රික්‌කයන්හි පාසල්වල ප්‍රතිඵල මේ අයුරින් පහළ බැසීමට මුල් වූ හේතු පිළිබඳව ප්‍රවීණ අධ්‍යාපනඥයකු වන ශ්‍රී ජයවර්ධනපුර විශ්aවවිද්‍යාලයයේ ව්‍යවහාරික