Skip to main content

Posts

Showing posts from April, 2015

සිරිපා සිරිත

නව වසරේ වාර්ෂික ශ්‍රී පාද වන්දනා සමය අද (27) දිනට යෙදෙන උඳුවප් පුර පසළොස්වක ‍පොහෝ දිනයෙන් ආරම්භ වෙයි. වාර්ෂික ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ කිරීම සඳහා වන මූලික ආගමික වතාවත් හා චාරිත්‍ර වාරිත්‍ර සිදුවන්නේ පැල්මඩුල්ල ගල්‍පොත්වෙල  ශ්‍රී පාද රජ මහා විහාරස්ථානයේදීය. එයට හේතුව ශ්‍රී පාදස්ථාන උඩමළුවේ තැන්පත් කර තිබෙන සධාතුක කරඬුව ඓතිහාසික සුමන සමන් දේව ප්‍රතිමාව ඇතුළු ජූජා වස්තූන් ශ්‍රී පාද අවාර සමයේදී තැන්පත් කර තිබෙන්නේ පෙර සඳහන් ගල්‍පොත්වෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ වීමය. මෙම විහාරස්ථානය කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ඉදිකොට ශ්‍රී පාදස්ථානයට පූජා කර තිබේ. ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියන්ගේ නිල නිවස හෙවත් නිල ආරාමය වන්නේද මෙම ගල්‍පොත්තාවෙල විහාරස්ථානයයි. වාර්ෂික ශ්‍රී පාද වන්දනා සමය ඇරඹෙන්නේ උඳුවප් පුන් ‍පොහෝ දිනයෙන් වුවද ඒ හා බැඳුණු මූලික චාරිත්‍ර වාරිත්‍ර සිදුවන්නේ ඊට දින දෙකකට පමණ පෙරදීය. ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියන් ප්‍රධාන උඩමළුවේ තේවා භාර හිමිවරුන්ද, සමන් දේවාල කපු මහත්වරුන් හා ශ්‍රී පාද කාර්යය මණ්ඩලයද මේ චාරිත්‍රවලට සම්බන්ධ වේ. මෙම චාරිත්‍ර වාරිත්‍ර බුද්ධ පූජා හා දේව පූජා වශය

එඞ්ගාර් කේසි - වර්ජිනියා වෙරළේ ප‍්‍රාතිහාර්යකාරයා

බුදුන්වහන්සේගේ දේශනාවේ මැරුණු සත්ත්ව වර්ගයා සසර සැරි සරන බව දැක්වුව ද ලොව ඇති වෙනත් ආගම්හි මෙවැනි දෙයක් පිළිගන්නේ නැත. විශේෂයෙන්ම යුරෝපීයයෝ යළි ඉපදීමක් ගැන විශ්වාසයක් තබන්නේ නැත.

ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්

මන්නාරමේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් තිදෙනකුට මරණීය තර්ජන එල්ල කරමින් ජිහාඩ් නමැති සංවිධානයක්‌ මගින් ලිපි එවා ඇතැයි එම මාධ්‍යවේදීන් පොලිසියට පැමිණිලි කොට තිබේ. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වන ඒ. ටී. මාර්ක්‌, එෆ්. ආර්. ලැම්බට්‌ හා ජූඩ් පෙලිස්‌ටස්‌ යන තිදෙනාට මෙසේ මරණීය තර්ජන එල්ල වී ඇත්තේ මන්නාරම දිසාවිනිසුරු අන්තෝනි පිල්ලේ ජූඩ්සන් මහතාට රිෂාර්ඩ් බදියුදීන් ඇමැතිවරයා දුරකතනයෙන් තර්ජන එල්ල කළ අවස්‌ථාවේදී විනිසුරුවරයාට පක්‍ෂපාතීව ප්‍රවෘත්ති පළ කළ නිසා යෑයි එම ලිපිවල සඳහන් වී තිබේ. මේ අතර ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කර්යාලය යවන ලද කේබල් පණිවිඩයක් එළිදක්වමින් wikileaks.org වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුල ජිහාඩ් නම් මුස්ලිම් අන්තගාමි සංවිධානයේ ඉහල වර්ධනයක් පවතින බව තහවුරුකර සිටියි. මෙම 03COLOMBO1810 නමැති කේබල් පණිවිඩය සඳහා කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ස්වාධිනව සිදුකල බුද්ධි තොරතුරු රැස්කිරීම් සහ මොහොමඩ් ඉලියාස් මොහොමඩ් හුණු ( 723501008V ) නමැති පුද්ගලයා සිදුකරන ලද හෙළිකිරීම් පදනම් කරගෙන තිබේ.මෙම පුද්ගලයා කලක් නැගෙනහිර පළාතට අයත් මුස්ලිම් මන්ත්‍රීවරයකුගේ ආරක්ෂකයකු ලෙස කටයුතුකර තිබේ.

කිරි හා පිටිකිරි අතර වෙනස - - ආචර්ය ආනන්ද චන්ද්‍රසේකර සාකච්චාවක් අසුරිනි - දිවයින පත්‍ර‍ය

-  ආචර්ය ආනන්ද චන්ද්‍රසේකර මනුෂ්‍යයාද ඇතුළුව ලෝක සත්ත්ව සංහතියේ වර්ධනය හා පැවැත්ම සඳහා උපකාරි වන සියලු යහගුණ ඇතුළත් ආහාර වර්ග දෙකක්‌ ලොව පවතී. ඒ දෙකෙන් එකක්‌ * මවු කිරිය * අනෙක මී පැණිය. ස්‌වභාව දහම විසින් මේ දෙක නිමවා ඇත්තේ මනුෂ්‍යයකුගේ හෝ වේවා, ඒ ඒ සත්ත්ව කොට්‌ඨාසයක හෝ වේවා ඒ හැම කෙනෙකුගේම පැවැත්ම, කායික හා මානසික සංවර්ධනය, නිරෝගීභාවය ආදී සියල්ලට උපකාර වන පරිදිය.  කිරි හා මී පැණි හැර අපි අද ආහාරය ගන්නා සියල්ල ආහාර සඳහා නිෂ්පාදනය වූ ඒවා නොව. බත් ලෙස ගන්නා වී ඇත්තේ පරම්පරාව පවත්වාගෙන යැමටය. ශාඛයක අල ඇත්තේ නිෂ්පාදනය කරන ආහාර තැන්පත් කිරීමටය. ඇට ඇත්තේ වර්ගයා බෝකිරීමටය. ගෙඩි ඇත්තේ ආහාරයට නොව එහි ඇට වලින් පරම්පරාව පවත්වාගෙන යැමටය. ශාකයක පත්‍ර ඇත්තේ ආහාර නිෂ්පාදනයටය. බිත්තර එම වර්ගයා බෝ කිරීමටය, මස්‌ මාළු යනු වෙනම සත්ත්ව කොට්‌ඨාසයන්ය. ඒ සියල්ල අප ආහාරයට ගත්තාට සොබාදහම විසින් නිර්මාණය කර ඇත්තේ වෙන වෙන දේවල් වලටය. එහෙත් කිරි හා මී පැණි ඇත්තේ එකී සත්ත්ව වර්ගයාට අදාළව වර්ධනය හා පැවැත්ම සඳහාම පමණි. මේ නිසා එම සත්ත්ව කොට්‌ඨාස වල මානසික කායික වර්ධනයට, පැවැත්මට, ශක්‌තිය නිපදවීම