Skip to main content

Posts

Showing posts from February, 2013

පොල් කිරි පොල් තෙල් පොල් සම්බල් වල කොලස්‌ටරෝල් නෑ. අලිගැට පේරත් හොඳම පලතුරක්‌

පොල් කිරි, පොල් තෙල්, පොල් සම්බල් වල කොලස්‌ටරෝල් නෑ. අලිගැට පේරත් හොඳම පලතුරක්‌ මම දන්නවා පිටරටවල නම් ඔය මස්‌ මාළු චිප්ස්‌ බදින ලොකු ලොකු අවන්හල් ලොකු හෝටල්වල කිසිම ලෙසකින් වරක්‌ යමක්‌ බැදපු තෙල් යළි යමක්‌ බදින්න ගන්නේ නැහැ. ඒවා ඉවත් කරලා වෙනම විකුණනවා. රජය ඒ ගැන හොයා බලනවා. රජයෙන්ම දිනපතා ඇවිත් ඒ තෙල් එකතුකරගෙන ගිහින් ඉන්ධන සඳහා යොදා ගන්නවා. ලංකාවේ මේක මෙහෙම වෙනවා ඇති කියල මම විශ්වාස කරන්නේ නැහැ. - ආචාර්ය ආනන්ද චන්ද්‍රසේකර  පුද්ගලයකුට දිනකට අවශ්‍ය කැලරි ප්‍රමාණයෙන් 57% ක්‌ කාබෝහඩ්ඩේ්‍රට්‌ වලිනුත් 30% ක්‌ තෙල් සහ මේද වලිනුත් 13% ක්‌ ප්‍රොaටීන වලිනුත් ලබාගන්නට උත්සාහ කිරීම වඩාත් සෞඛ්‍යාරක්‍ෂිත බව කියාපෑවෙමු. එහිදී ප්‍රොaටීන හා කාබෝහයිඩ්ඩේ්‍රට්‌ පාලනය කරගත යුතු අන්දම අපි කතාකර ඇත. මේ සතියේ අපි අපේ අවධානය යොමුකරනුයේ ආහාරය සඳහා තෙල් සහ මේද පාලනය කර ගන්නා ආකාරය ගැනය. ආචාර්ය ආනන්ද චන්ද්‍රසේකර සිය පර්යේෂණාත්මක අත්දැකීම් හා දැනුම භාවිතයෙන් තෙල් සහ මේද ගැන දැක්‌වූ අදහස්‌ මෙසේය. ආහාර හා පෝෂණය සම්බන්ධයෙන් ගත්තාම අපේ සමාජයේ වැඩිදෙනෙක්‌ අද ඉන්නේ වැරදි විශ්වාසයන් හා වැරදි මතවල එල