Skip to main content

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව



ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානවලට අනුව මෙම කොමිසන් සභාව වසර දෙකක කාලයක් සඳහා පත් කර ඇති බව වාර්තා වෙයි.

මාර්තු මස 03 වන දින සිට බලපැවැත්වෙන පරිදි පිහිටුවා ඇති ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ සාමාජිකයින් ගණන 23ක් වෙයි.
එම කොමිසන් සභාවේ සභාපතිවරයා ලෙස K.L.L. විජේරත්න මහතා පත් කර ඇති අතර ලේකම්වරයා ලෙස අශෝක ජයසේකර මහතා පත් කර තිබේ.

රාජ්‍ය සේවයේ යහපත් වු රාජ්‍ය පාලනයක් තුළ ජනතාවගේ අභිලාශයන් යථා පරිදි මුදුන්පත් කිරීම උදෙසා රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය, ඵලදායීතාවය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් මෙම කොමිෂන් සභාව ජනාධිපතිවරයා විසින් පත්කර ඇති බව වාර්තා වෙයි.

රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද ශ්‍රමබල අවශ්‍යතාවයන් යෝග්‍ය පරිදි සපුරාලීම හා පහසුකරලීම සඳහා කාර්යය මණ්ඩල අධ්‍යයනයක් සිදුකර ඊට උචිත වන සේ ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීම සහ එය ක්‍රියාත්මක කිරීම සදහා රජයට උපදෙස් ලබාදීම මෙම කොමිෂන් සභාවට පැවරී ඇති වගකීමක් වෙයි.

විශේෂයෙන් වර්තමානයේ පවතින බඳවා ගැනීම් වැටුප් හා වේතන තීරණය කිරීමේ ක්‍රමවේදය සහ කාර්යක්ෂම ඵලදායී සේවාවක් සැපයීම සඳහා ගැළපෙන පරිදි රාජ්‍ය ආයතනවල කාර්යය මණ්ඩල අවශ්‍යතාවය විධිමත් කිරීම මෙම කොමිෂන් සභාව විසින් සිදුකළ යුතුව ඇත.

රාජ්‍ය සේවයේ වරින් වර සිදුවන වැටුප් වැඩිවීම්වලට අනුගාමී ලෙස විශ්‍රාම වැටුප් ගෙවීමේ දී අනුගමනය කළ යුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සහ රාජ්‍ය සේවාව සඳහා දායක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම ද මෙම කොමිෂන් සභාවට පැවරී ඇති තවත් කාර්යය භාරයක් වෙයි.

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව පිහිටුවීමත් සමඟම 2013 වසරේ පිහිටුවන ලද ජාතික වැටපු කොමිෂන් සභාව අහෝසි කිරීමට ද පියවර ගෙන තිබේ.



උපුටා ගැනීම - http://sinhala.adaderana.lk/

Comments

Popular posts from this blog

කුණ්ඩලීණි චක‍්‍ර භාවනාව මග පෙන්වීම්

චක‍්ර භාවනාව ගැන පටන් ගන්න කලින් මුලින්ම දැන ගන්න ඔන කාරනා කිහිපයක් තියෙනවා. ප‍්‍රධානම දෙය තමයි සෘෂි භාෂිත පංච නීවරණය . මොකක්ද මේ ....... බොහොම සරල දෙයක් 1. ප‍්‍රණ ශක්තිය පාතනය කිරිමඅපගේ ජිවිතය රුදිලා තියෙන්නේ හුස්ම මත ..... අපි විස්වාස කරන්නේ එහෙමයි. හැබැයි එක ඇත්ත නොවෙයි. හුස්ම ගැනීමට වඩා නොගෙන ඉන්නවනම් වැඩි කාලයක් නිරෝගීව ජිවත් වෙන්න පුලූවන්.ප‍්‍රණ ශක්තිය පාතනය කරන්න කියලා කියන්නේ ප‍්‍රණ ශක්තිය වෙනත් ශක්තියකට පෙරලන්න කියන එකයි. කුණ්ඩලීණිය වඩන්නනම් මුලින්ම අපි හුරු වෙන්න ඔනේ හුස්ම ගැනීම වෙනුවට නොගෙන සිටිමත් එයින් ඇතිවෙන ශක්තිය කම්පන තරංගයකට පෙරලා ගැනීමටත් 2. ඉන්පසු වැදගත්ම දේ තමයි. අනුන්ගේ දේ නොගැනීම. අනුන්ගේ දේ කියන්නේ හුස්ම පාලනය කිරිම තුළින් අපි රූප ධ්‍යාන මට්ටමට ලගා වෙනවා. අනුන්ගේ දේ කියලා කියන්නේ අන් සතු රූප නොගැනීම . යොගියා භාවනාවෙන් රූප දකින්න පටන් ගත්ත ගමන් ඒ තුළින් ආස්වාදයක් වින්දනයක් ලබන්න පටන් ගන්නවා. අනිත් කෙනා කරන දෙය අල්ලපු ගෙදර වෙන දෙය ඉතිහාසය දෙවියන් ආදිය බලමින් එතනින් ඉදිරියට යෑම නතර කරනවා........ඒ කියන්නේ චක‍්‍ර භාවනාවේ පලමු ච‍්‍රක‍්‍රය එනම් මුලාදාරය අවදිවීම ත

ආහාර හා පෝෂණය පිළිබඳ මෑතකාලීන අධ්‍යයන සමහරක වැදගත් අනාවරණ

මහාචාර්ය ජයිරාම් වනමාලා (Jairam Vanamala) විනෝදාංශයක්‌ ලෙස කළේ සුරතල් සතුන් ඇති කිරීම ය. ඔහු ගේ නිවසේ හාවුන් රැසක්‌ හා මීයන් සුරතල් සතුන් සේ ඇති කරනු ලැබී ය. (අපේ රටේ නිතර ම දක්‌නට ලැබෙන මීයන් නො ව ලස්‌සන මීයන් ය). ඔහු ගේ හාවුන් හා මී රැළ අතරෙන් වැඩි කොටසක්‌ හදිසියේ ම මහාන්ත්‍ර පිළිකා රෝගවලට බඳුන් වී මිය ගිය අතර ඉතිරි වූයේ දෙතුන් දෙනකු පමණි. මේ ඉතිරි වූ දෙතුන් දෙනා ගැන ඔහු ඉන්පසු වැඩිපුර අවධානය යොමු කරන්නට විය. ඉන්පසු ඔහුට නිරීක්‌ෂණය කළ හැකි වූයේ අපූර්ව දෙයකි. මේ අය, ලබා දෙන සාමාන්‍ය ආහාරවලට අමතරව, වත්තෙහි (මොවුන් කුඩා විවෘත බිම් පෙදෙසක හැදී වැඩුණ සතුන් ය) වූ මිදි ගස්‌වලින් වැටෙන මිදි ආහාර ලෙස ගන්නා බවයි. මේ සිද්ධියෙන් පසු මිදි පිළිකා කෙරෙහි දක්‌වන ප්‍රතිචාර ගැන දීර්ඝ ලෙස අවධානය යොමු කරන්නට Jairam සිතිණි. Jairam යනු ඇමෙරිකාවේ පෙන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයයේ ආහාර විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකි. ඔහු පෙන් විශ්විද්‍යාලයයේ පිළිකා ආයතනයේ ද දේශකයෙකි. ඔහු මහාන්ත්‍ර පිළිකා සහිත මීයන් 52 දෙනකු ගෙන ඔවුන් කොටස්‌ තුනකට බෙදුවේ ය. එක්‌ කොටසකට සාමාන්‍ය ආහාරවලට අමතරව මිදි සහිත ආහාර වේලක්‌ ලබා දුන් අ

අපාය - විවිධ අපායන් හා ඒ ඒ අපායට යාමට හේතු

නරකය නරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකටයි. නරකාදි කියන සිංහල වචනය නරකය+ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලෝක කියන එකයි. මෙ නරකයත් කොටස් වලින් යුක්තයි. 01)  සඤ්ජිවය යමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නම් වෙ.  අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අන්අය හා කලකෝලහල කල අයද, දුබලයන් පෙළු රජවරු නිලධාරි හා අමාත්‍යයෝද, දිලින්දන් පෙළු පොසතුන්ද, මැරයෝද, සතුන් මරන්නෝද මෙ නරකයේ උපදියි. 02) කාලසුත්‍රය උපන් සත්ත්වයින් ගිනියම් වු යපොලවෙහි පෙරලා දැලි නුල් ගසා සසින්නාවු (කියතින් ඉරන්නාවු) නරකය මෙයයි. මාපියන්ට හා මිතුරන්ටද, ගුණවත් මහණ බමුණු ආදින්ටත් අපරාධ කල අය මේ නරකයේ පැසෙයි. 03) සන්ඝාතය මෙම නරකයේ සත්ත්වයෝ යොදුන් නවයක් ඝන ලෝහමය පොළවේ එරි නිස්චලව සිටිති. එහි භයානක හඩක් නංවමින් එහි එරි සිටින සත්ත්වයින් අඹරමින් පර්වතයෝ ඒ මෙ අත පෙරලි යති. ඒවාට යටවි සත්ත්වයෝ තැලි පොඩිවි ඇඹරි යති. ඇත් අස්, ගව ආදි සත්ත්වයිට වද දෙමින් වැඩ ගත් පුද්ගලයින් හා ස