Skip to main content

අපාය - විවිධ අපායන් හා ඒ ඒ අපායට යාමට හේතු

නරකය
නරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකටයි. නරකාදි කියන සිංහල වචනය නරකය+ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලෝක කියන එකයි. මෙ නරකයත් කොටස් වලින් යුක්තයි.

01) සඤ්ජිවය
යමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නම් වෙ. 
අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අන්අය හා කලකෝලහල කල අයද, දුබලයන් පෙළු රජවරු නිලධාරි හා අමාත්‍යයෝද, දිලින්දන් පෙළු පොසතුන්ද, මැරයෝද, සතුන් මරන්නෝද මෙ නරකයේ උපදියි.

02) කාලසුත්‍රය
උපන් සත්ත්වයින් ගිනියම් වු යපොලවෙහි පෙරලා දැලි නුල් ගසා සසින්නාවු (කියතින් ඉරන්නාවු) නරකය මෙයයි.
මාපියන්ට හා මිතුරන්ටද, ගුණවත් මහණ බමුණු ආදින්ටත් අපරාධ කල අය මේ නරකයේ පැසෙයි.

03) සන්ඝාතය
මෙම නරකයේ සත්ත්වයෝ යොදුන් නවයක් ඝන ලෝහමය පොළවේ එරි නිස්චලව සිටිති. එහි භයානක හඩක් නංවමින් එහි
එරි සිටින සත්ත්වයින් අඹරමින් පර්වතයෝ ඒ මෙ අත පෙරලි යති. ඒවාට යටවි සත්ත්වයෝ තැලි පොඩිවි ඇඹරි යති.
ඇත් අස්, ගව ආදි සත්ත්වයිට වද දෙමින් වැඩ ගත් පුද්ගලයින් හා සතුන් මැරැ පුද්ගලයන්ද මෙම අපායේ උපදිති.

04) රෞරවය
මෙ නරකයේ සත්ත්වයින්ගේ ශරිරය තුලින් ගමන් ගෙන ඇතුලත හා පිටත දවන්නාවු භයානක දුමකින් යුක්තය.
මෙලෙස මුලු සිරුරම දැවි යාම නිසා විලාප දෙමින් හඩන අපාගත සත්ත්වයින්ගේ හඩ නිරන්තරයෙන් ඇසෙන බැවින් මෙම නරකය, රෞරවය නම් වෙ.

05) මහා රෞරවය
අතිශය දරුණු හා භයංකාර වු ගින්නෙන් හා දුමෙන් නිරන්තරයෙන් මෙම නරකය පිරි ඇත. මෙම නරකයේ සත්ත්වයින් විදිනු ලබන ඉසිලිය නොහැකි දුක නිසා නිරන්තරයෙන් විලාප දෙමින් හඩන හඩ ඇසෙන බැවින්ද, නිරිසතුන්ගේ ශරිරයෙන් ගලායන ලෙයින් පිරි ඇති බැවින්ද, මෙය මහා රෞරවය නම් වෙ. 
තුරුණුවන්ට අයත්වුත් දෙමාපියන්ට අයත් වුත් වස්තුව පැහැර ගත් අයද විනාශ කල අයද, මෙම නරකයේ උපදියි.

06) තාපනය
මෙම නරකයේ ගිනියමි වු ලෝහමය පොළවේ, ගිනියම් වු ලෝහ උල් වලින් අමුනා තබන ලද සත්ත්වයෝ ගින්නෙන් දැවෙමින් සිටිනු ලබයි. සතුන් පණපිටින් පුලුස්සා මැරැ පුද්ගලයොත් අනුන්ගේ නිවෙස් වලට ගිනි තැබු පුද්ගලයොත් මෙම නරකයේ උපත ලබයි.

07) මහා තාපනය (ප්‍රතාප නරකය)
තාපන නරකයේ මෙන්ම මෙහිද ගිනියම් වු ලොහ උල් වලින් අමුනා තබන ලද සත්ත්වයෝ ගින්නෙන් දැවෙමින් සිටිනු ලබයි.
මරනෙන් මතු ඉපදිමක් නැතැයි යන මිත්‍යා දෘශ්ඨිය ගෙන පව් කල පුද්ගලයෝ මෙම නරකයේ දැවෙයි.

08) අවිචිය (අවිචි මහා නරකය යනු මෙයයි)
මෙම නරකයේ එක් බිත්තියකින් නැගෙන ගින්න අනිත් බිත්තිය දක්වා ගමන් කරයි. පොලවින් නැගෙන ගින්න උඩ පියන්පත දක්වා නැගෙයි. උඩ පියනින් නික්මෙන ගිනි ජාලාව පොළව දක්වා ගමන් කරයි. දිශා 06න් නිරන්තරයෙන් නැගෙන ගින්නෙන් සත්ත්වයින් මෙම නරකයේ නිරන්තරයෙන් පිලිස්සෙන්නේය. මෙම නරකයේ අනන්ත වු සත්ත්ව සංඛයාවක්ද වෙසෙයි එබැවින් එය අවිචි මහ නරකය නමින් හැදින්වෙ. මේ ආකාරයට මහා නරකයන් 08 ක් ඇත. මෙ මහා නරක පොළොව ඇතුලෙහි එකිනෙකට යටින් පිහිටා ඇත. එවා හැඩයෙන් හතරැස් ‍ය. ඒවායේ බිම සහ බිත්ති සැදී ඇත්තේ ලොහයෙන්ය. උඩින්ද ලෝහයෙන්ම වැසි තිබෙ. එක් එක් නරකයක දිශා 04 හි දොරටු 04 බැගින් ඇත. මේ නරකයක ඇතුලත ප්‍රමාණය දක්වා ඇත්තේ එක් එක් දිශාවකට යොදුන් 100 බැගින් යනුවෙනි. මෙ නරකයන් ඇතුලත ගිනිදැල් වලින් පිරි ඇති බවත් දක්වා ඇත. මේ එක් මහා නරකයක පිටිපැත්තේ එක් එක් දිශාවට වන්නට කුඩා නරක 04 බැගින් පිහිටා ඇති බව දක්වා ඇත. මෙ කුඩා නරක හදුන්වනුයේ "ඔසුපත් නරක" යනුවෙනි. ඒ අනුව එක් මහා නරකයක් වටා "ඔසුපත් නරක" 16 ක් ඇත. ඒ අනුව මහා නරක අටෙහිම ඔසුපත් නරක 128 ක් ඇත.

මෙම නරකයන්හි සත්ත්වයින්ගේ ශරිර ස්වභාවය කෙසේද?
මොවුනට මනුශ්‍යයින්ට මෙන් දෙපා ඇත. ඔවුන්ගේ ශරිර ප්‍රමාණයෙන් ඉතාමත් විශාල බව දක්වා ඇත.

ඒ අනුව ඇතැම් සත්ත්වයින්ගේ ශරිරගවිවික් පමණද, ඇතමෙක්ගේ ශරිර ගව් දෙකක් පමණද, ඇතමෙක්ගේ ගව් තුනක් පමණද, ඇතමෙක්ගේ යොදුනක් පමණද වන බවද දක්වා ඇත. අවිචි නරකයේ දුක් විදින්නාවු දේවදත්තගේ ශරිරය යොදුන් සියයක් විශාල ශරිරයක් බව දක්වා ඇත. මොවුන්ගේ ශරිර මනුශ්‍ය ශරිර මෙන් තද බවින් යුක්ත නැත. මහනෙල් මල් පෙත්තකින් ගැසුවද කැඩි යන තරමෙ පෙනපිඩු මෙන් දුර්වල බව දක්වා ඇත. මෙලෙස විශාල ශරිර ඇත්තේ ඔවුන් විදිය යුතු දුක වැඩි විය යුතු නිසා යැයි සිතිය හැක.

නරකයන් ගේ දුක්ඛය ගැන බුදුරජානන්වහන්සේ වදාලේ මොනවාද?
දුක් ඇති තැන් වලින් ඉතා දරැණුම දුක් ඇත්තේ නරකයේය. මෙ නරකයන් වල විවිධාකාර දුක්ඛයන් ඇත, ඉන් විශේෂිත නරක වල දෙනු ලබන දුක්ඛයන් ඉහතින් දක්වා ඇත, මිට අමතරව 128 ක් වු ඔසුපත් නරකයන්හි පහත දුක් ඇත.

ගින්නෙන් දවනු ලැබිම, ගිනියමි වු ලෝහ පොලවෙ තබා උල් ගසනු ලැබිම, වැ පොරෝව ආදියෙන් ශරිරය කපනු ලැබිම,
ලි කොටන් මෙන් දැලි නුල් දමා කියතින් කපනු ලැබිම, ලොදිය පෙවිම, ගිනියමි වු යකඩ ගුලිගිල්ලවිම, පෙරලන පර්වත වලට යටකර අඹරනු ලැබිම, ශරිරය තුලට ගමන් කරණු ලබන දුමි වලින් ශරිරය පිලිස්සනු ලැබිම, ලොහ තුඩු ඇති පක්ෂින් විසින් කොටා ශරිරයේ මස් කඩාගෙන කනු ලැබිම, ගවයින් මෙන් කරත්තවල බැද බර ඇද්දවිම, දැලිපිහි මෙන් කැපෙන තණකොල හා කඩු මෙන් කැපෙන කොළ ඇති ගස් ඇති ප්‍රදේශවල දිවවිම, මෙලෙස කැපි මස් කැබැල්ලක් මෙන් වු ශරිර ලුණු ගංගා වලට ඇද දැමිම ආදියයි. 

බුදු රජානන් වහන්සේ මෙසේ වු නරකයේ දුක්ඛය දැක්විමට උපමාවක්ද නොමැති බව දක්වා ඇත. එවිට භික්ෂුන්වහන්සේ නමක් නරකයේ දුක උපමාවකින් වදාලන මෙන් ඉල්ලාසිටි විට, තතථාගතයන් වහන්සේ පහත උපමා දක්වා ඇත.

"මහණෙනි, රාජපුරැෂයෝ සොරෙකු අල්ලා රජු ඉදිරියට ගෙන ගොස් දෙවයන්වහන්ස!මොහු සොරෙකි මොහුට සුදුසු දඩුවමක් නියමකරණ මැනවයි කියයි. එවිට රජු මෙම සොරා ගෙනගොස් උදැසන මොහුගේ ශරිරය සිදුරැවන පරිදි යහුල් පහර 100 ක් අනින මෙන් නියම කරයි. ඉන්පසු දහවල් කාලයේ රජු සොරා පිළිබදව විමසා සොරා ජිවත්ව සිටින බව දැන දහවල් කාලයේත් යහුල් පහර 100 ක් ඇනිමට නියම කරයි. ඉන්පසුව නැවතත් සවස්කාලයේ සොරා පිළිබදව රජු නැවතත් විමසා ඔහු ජිවත්ව සිටින බව දැන නැවතත් සවස් කාලයේ යහුල් පහර 100 ක් අනින ලෙස රාජ පුරැෂයන්ට නියම කරයි.ඉන්පසු තථාගතයන්වහන්සේ, "මහණෙනි මෙලෙස ඒ පුරැෂයා යහුල් පහර 300 ක් කැමෙන් දුකට දොමිනසට පත්වුයේද යැයි අසන ලදි" ඒකල්හි භික්ෂුහු ස්වාමිනි! එක යහුල් පහරක්ම මහත් දුකක් දොමිනසක් වන විට යහුල් පහර 300 පිළිබදව කුමක් කියන්න දැයි අසන ලදි. ඉන්පසු තථාගතයන් වහන්සේ කුඩා ගල්කැටයක් අතට ගෙන, "මහණෙනි! මා විසින් මෙ අතට ගන්නා ලද ගල් කැටයෙන් හා හිමාල පර්වතය යන දෙකින් විශාල වන්නේ කුමක්දැයි අසන ලදි. එවිට භික්ෂුන් ස්වාමිණි! ඔබ වහන්සේ විසින් ශ්‍රි හස්තයට ගන්නා ලද ගල්කැටය හිමාලයෙන් 1000 සින් පංගුවකුත් නොවන්නේය, දසදහසින් පංගුවකුත් නොවන්නේය, ලක්ෂයකින් පංගුවකුත් නොවන්නේය. එයහිමාලය හා සංසන්දනය කල යුත්තක් නොවන බව සැල කර සිටින ලදි.

එවිට තථාගතයානන් වහන්සේ මහණෙණි එසේම යහුල් පහර 300 ලද මිනිසා විදින ලද දුක නරකයේ දුකෙන් දහසින් පංගුවක් හෝ දසදහසින් පංගුවක්හෝ ලක්ෂයෙන් පංග්වක් හෝ නොවන බවත් අපායේ දුක්ඛය හා සමකල යුතු දෙයකුදු නොවන බවත් දක්වන ලදි.

කුඩා නරක.

01) ගුථ නරකය
මෙම නරකය අසුචියෙන් පිරි ඇති අතර, එහි පතිතිවු සත්ත්වයිනගේ ශරිර ඇටමිදුළු දක්වා සිදුරැකර දමන පොල්ගස් තල්ගස් තරමි ප්‍රමාණයෙන් විශාල වු පනුවන් මෙහි පිරි ඇත.

02) කුක්කුල නරකය
මෙම නරකය යටින් ගිනි අගුරැ ඇති අතර, අළු වලින් පිරි ඇති නරකයකි.

03) අසිපත්‍ර වන නරකය
දැලිපිහියා මෙන් කැපෙන තණකොල හා කඩු මෙන් කැපෙන පත්‍රයන් සහිත ගස් ඇති නරකයකි.

04) සිමිබලි වන නරකය
අගල් 12 ක්පමණ විශාල කටු වලින් යුක්ත ඉඹුල් වනයක් ඇති නරකයක් බව දක්වා ඇත. මේ මුලික කුඩා නරක වර්ග 04 යි. මිට අමතරව ලෝකාන්තරික නරකය යැයි තවත් නරකයක් ඇත.

05) ලොකාන්තරික නරකය.
මෙය අධික ශිතලකින් යුක්ත වු නරකයකි. මෙම නරකය සැම කලකම ඝන අන්ධකාරයකින් වැසි තිබේ. මෙහි පතුලේ අතිශයෙන් සිසිල් වු ජලය ඇත. මෙහි උපන් සත්ත්වයින් පර්වත වල වවුලන් මෙන් එල්ලි ඒමෙ අත ගමන් ගනිති. ඔවුන් තවත් සත්ත්වයෙකු දුටු විට ආහාර යැයි සිතා අල්ලා ගැනිමට උත්සහ කිරිමෙදි දෙදෙනාම පර්වතයන්ගෙන් ගිලිහි සිතල වු දිය මත පතිති වෙයි. එවිට අධික ශිතල නිසා උණු වු තෙල් වලට දමන ලද පිටි බැදෙන්නාක් මෙන් මෙම සත්ත්වයින් අධික වු ශිතල ජලයේ බැදෙනා බව උපමාවක් වශයෙන් ගෙන දක්වා ඇත. මේ ඔසුපත්‍ර නරකයන් පිළිබදව හොදම විස්තරයක් ඇත්තේ නිමි ජාතකයේ දක්වා ඇති අපාය විස්තරයේය. 


එහි සත්ත්වයින් විසින් කරණ ලද කර්මයන් හා එවා නිසා ඔවුන් නරකයේ විදින දුක ඉතා පැහැදිලි ලෙස දක්වා ඇත. මෙතැන් සිට ඒ ජාතක කථාවේ අපායට අදාල කොටස ඉදිරිපත් කරනු ලැබේ.

අපායන් පෙන්විම සදහා මාතලි නමි දිවපුත්‍රයා නිමි මහරජ තමාගේ රථයේ නංවාගෙන, වෙතරණි නමි ඔසුපත් නරකය වෙත රැගෙන යන ලදි. මෙම වේතරණිය නමි නරකය කරදිය ගංගාවකින් යුක්තය. එහි ඉවුරු දෙකෙහි පුවක් ගස්, පොල්ගස් පමණ විශාලත්වයෙන් යුතු තියුණු කටු ඇති වේවැල් පදුරු වැනි ශාක වලින් වැසි ඇත. එවා යට තල් කදන් පමණ විශාලත්වයෙන් යුතු ගිනියමි වු යකඩ උල් පිහිටා ඇත. ගගේ ජලයද දැලිපිහි මෙන් කැපි යන පත්‍ර වලින් යුතු නෙලුම් ගස් වලින් වැසි ඇත. ගගේ පතුලේ තියුණු මුවහත ඇති පිහිතලයන් උඩට මතුවන සේ පිහිටා ඇත. මෙම නරකයේ උපදින සත්ත්වයින් යමපල්ලන් විසින් දඩු පොලු ආදියෙන් තලා පෙලා උල් වලින් ඇන, වේවැල් පදුරැ මතට විසිකරණු ලබයි. මොවුන් වේවැල් කටුවල ඇමිනි විලාප තියමින් හඩ හඩා කලක් සිට, එයින් ගැලවි වැටි බිම ඇති ගිනියමි වු යකඩ උල් වල ඇනෙයි. යකඩ උල් මතත් එමස්ම දුක්විදිමින් කාලයක් සිට, එයින් ගැලවි ගගේ ජලයට උඩින් ඇති නෙලුමි පදුරැ මතත පතිති වෙයි. මෙහිද නෙලුමි පත්‍රවලට කැපි කැපි කාලයක් සිට, ගගේ ජලය මතට වැටෙයි. මෙම ජලයේ දුමි දම දමා පැසි පැසි ගගේපතුලට කිදා බසියි. මෙලෙස ගග පතුලෙන් කැපි නැවතත් කරදිය මත මොවුන් පාවෙන්නට ගනියි. මෙලෙස පාවෙන සත්ත්වයින්ට යමපල්ලන් මත්සයන්ට මෙන් උල්වලින් අනියි. බිලි කොකු දමා ඔවුන් අමුණා ගගින් ගොඩට ඇද, ගිනියමි වු ලොහ පොළව මත පෙරලා ගිනියමි වු ලෝහ ගුලි කවයි. මෙ ඒ නරකයේ ස්වභාවයයි. මෙය දැක බියපත් වු නිමි රජතුමා, "මොවුන් කුමන ආකාරයක පාපකර්ම කරණ ලද්දේද යන්න විමසන්නට විය" එවිට මාතලි දිව්‍යපුත්‍රයා ඔවුන්ගේ පව්කමි මෙසේ ප්‍රකාශ කර ඇත.

"මනුශ්‍ය ලොකයේ බැණිමෙන් හා අත්පා වලින් පහර දිමෙන් දුබල පුද්ගලයන්ට හිංසා කරන්නාවු බලවතුන් ඒ පාපකර්ම නිසා මරණයෙන් පසු වේතරණිය නම් මෙම අපායට වැටෙයි"

ඉන්පසු මාතලි දිව්‍ය පුත්‍රයා නිමි රජු වෙනත් නරකයක් වෙත ගෙන යන ලදි. ඒ නරකයේ දුක් මෙසේය,මෙහි ගවු 03 ක් පමණ විශාල ශරිර ඇති සත්ත්වයින් ඇතුන් පමණ විශාල මහා බල්ල්න් විසින් එලවාගෙන ගොස් බත්කෙන්ඩෙන් අල්ලා බිම පෙරලා මහ හඩින් බුරමින් පපුව පාගා මස් ගලවාගෙන කා ඇට කටු පමණක් ඉතිරි කරති. බරකරත්ත පමණ විශාල ශරිර ඇති ලෝහ තුඩවල්ඇති ගිජුලිහිණින් ඔවුන්ගේ තුඩින් මෙම සත්ත්වයින්ගේ ඇටකටු පොඩි කර ඇටමිදුළු කයි. තවද මෙම නිරිසතුන්දුටු සැටියේ මෙම ගිජුලිහිණින් ඔවුන්ගේ මස් කොටා කනු ලබයි. මෙම දුක් දැක බියවු රජතුමා මොවුන් කල පව්කම් මොනවාද යන්න දිව්‍යපුත්‍රයාගෙන් විමසා සිටින ලදි.

"මිනිස් ලොව ඇතමෙක් ලොභකම නිසා ශ්‍රමණ භ්‍රාහ්මණයන්ට දොස් කියයි. ඇතැමෙක් හිංසා කරයි, බණියි එබන්දන් මරණින් පසු මෙම නරකයට වැටිමෙන් කපුටන් විසින් මොවුන්ගේ මස් කොටා කයි" ලෙස දෙවි පුත් පිළිතුරැ දෙන ලදි.

ඉන්පසු මාතලි දිව්‍ය පුත්‍රයා නිමි රජු වෙනත් නරකයක් වෙත ගෙන යන ලදි. මෙහි බැලිමට තරමි නොහැකි වු භයානක මුහුනු ඇති යමපල්ලේ තල්කදන් පමණ ලෝහ පොලු ගෙන, ගිනියමි වු යකඩ පොලවෙ ඒ මේ අත දිව යමින් සිටින්නාවු
සත්ත්වයින් ලුහුබැදගොස් පොල්ලෙන් ඔවුන්ගේ පාදයන්ට ගසා ඔවුන් බිම පතිත කරණු ලබයි. ඉන්පසු ඒ පොල්ලෙන්ම තලා ඔවුන් සුනු විසුනු කර දමනු ලබයි. මෙය දැක බියවු රජු ඔවුන් විසින් කරණ ලද පවිකමි දිව්‍යපුත්‍රයාගෙන් විමසා සිටින ලදි.

"මිනිස් ලොව අන්අයට හිංසාවක් නැති ස්ත්‍රින්ට හා පුරැෂයන්ට හිංසා කරණ බනිණ පවිකාරයෝ මෙහි යකඩ පොලු වලින් තැලි යනු ලබයි" යනුවෙන් දෙවි පුත් පිළිතුරැ දෙන ලදි.

ඉන්පසු මාතලි දිව්‍ය පුත්‍රයා නිමි රජු තවත් නරකයක් වෙත ගෙන යන ලදි. මෙම නරකයේ පෙදෙසක මහා ගිනි අගුරැවලක් ඇත. යමපල්ලන් එම නරකයේ උපත ලබන සත්ත්වයින් ගවයින් ගාල් කරන්නාක් මෙන් යකඩ පොලුවලින් හා
ආයුධයන්ගෙන් පහරදෙමින් මෙම ගිනි අගුරැ වල වෙත පන්නනු ලබයි. මෙම ගිනි අගුරැ වලට වැටුන මෙම සත්ත්වයෝ ඉණ තෙක් මෙම අගුරැ වලේ එරෙයි. එවිට යමපල්ල්න් ගිනි අගුරැ ගෙන ඔවුන්ගේ හිස මත හලයි. මෙයින් ඇතිවන වේදනාව ඉවසිය නොහැකිව කැගසන සත්ත්වයින්ගෙන් සමහක් වෙදනාව ඉවසිය නොහැකිව වියරැ වැටි ඔවුන්ම ගිනි අගුරැ ගෙන ඔවුන්ගේ ම හිස් මත හලා ගනියි. මෙම වධය දැක බියට පත්වු රජතුමා මොවුන් කල පාපර්ම විමසා සිටින ලදි.

"මිනිස් ලොව දන්දෙන්නට, සංඝාවාස කරවන්නටය, වෙහෙර විහාර කරවන්නටය, දන්සල් දෙන්නටය කියා මහජනයාගෙන් මුදල් සම්මාදම් කර, ඒවා නොකර එම මුදල් පරිභොජනය කර ජනයා රැවටු හොර සම්මාදංකාරයෝ මෙම නරකයේ ඉපිද මෙසේ දුක් විදියි" යනුවෙන් දෙවිපුත් පිලිතුරැ දෙන ලදි.

ඉන්පසු නිමි රජු තවත් නරකයක් වෙත ගෙන යන ලදි.
මෙම නරකයේ මහා ලෝදිය වලක් ඇත. එහි උපන් නිරිසතුන් යමපල්ලන් විසින් පයින් අල්ලා හිස යටට හැරි වැටෙන සේ විසිකරණු ලබයි. මෙම සත්ත්වයින් මෙම ලෝදියෙහි ගිලෙමින් මතුවෙමින් පුපුර පුපුරා පැසෙයි. නමුත් කර්ම බලය නිසා නොමැරෙයි. එය දැක බියපත් වු රජු ඔවුන් විසින් කල පවිකමි මොනවාද යන්න දේව පුත්‍රයාගෙන් විමසා සිටින ලදි.

"සිල්වත් ගුණවත් පැවිද්දන්ට හා බමුණන්ට (අන්‍ය ආගමික පුජකයන්ට) හිංසා කල තර්ජනය කල පාපින් මෙම නරකයේ පැසෙයි" යනුවෙන් දෙවිපුත් පිළිතුරැ දෙන ලදි.

ඉන්පසු මාතලි දිව්‍යපුත්‍රයා, නිමි රජු වෙනත් නරකයක් වෙත ගෙන යන ලදි. (ගවිවක් යනු සැතපුමි 16 කි.) මෙහි ගවි 03 ක් පමණ ශරිර ඇති සත්ත්වයින්ගේ ගෙලට ගිනියමි වු ලෝහ මදු යොදා පහලට ඇද තද කර ඔවුන්ගේ හිස් කපා, දණ්ඩක අමුණා ගෙන ගොස් ලෝදිය සැලියකට දමා එය බලමින් යමපල්ලෝ සන්තෝෂ වෙති. කර්ම බලය නිසා හිස කපන ලද ශරිර වල නැවතත් හිස් හට ගනියි. එවිට යමපල්පල්ලෝ නැවත නැවතත් ඔවුන්ගේ හිස් සිදිම සිදු කරණු ලබයි. එවා නැවත නැවතත් ලොහොදිය සැලියට දැමිමද සිදු කරයි. මෙය දැක බියට පත් නිමි රජු මොවුන් විසින් කරණ දල පාපි ක්‍රියාවන් පිළිබදව මාතලි දිව්‍යපුත්‍රයාගෙන් විමසා සිටින ලදි.

"මිනිස් ලොව පක්ෂින් අල්ලා මරන්නෝ මෙ ලොව මෙ ආකාරයට හිස් කැපුමි ලබනා බව මෙහිදි දෙවිපුත් පවසා සිටින ලදි"

ඉන් පසු නිමි රජු වෙනත් නරකයක් වෙත ගෙන යනු ලැබිය. එහි නොගැඹුරැ තොටක් ඇති දර්ශනිය ගංගාවක් ඇත. එම නරකයේ බලවත් වු ගිනි රස්නය නිසා හටගත් අධික වු පිපාසාව නිසා, එය ඉවසාගත නොහැකි වු සත්ත්වයින් ගිනියමි වි දැවෙන ලෝහමය පොලව පාගමින් විත් ජලය බිමෙ අදහසින් ඒ ගංගාවට බසිනු ලබයි. ඒ සැනින් ගංගාවෙ ඉවුර ගිනි ගන්නට පටන් ගනියි. ගංගාවෙ ජලය ගිනියමි වු බොල් වි බවට පත්වෙයි. ඉවසාගත නොහැකි වු පිපාසාව නිසා කන්නට අන් කිසිත් නොමැති වු මෙම සත්ත්වයෝ ඒ ගිනියමි වු බොල් වි දෝතින් ගෙනඅනුභව කරයි. ඒ බොල් වි ඔවුන්ගේ ශරිරයේ ඇතුළුපස දවාගෙන අධෝ මාර්ගයෙන් නික්මෙයි. නිමි රජු මෙය දැක ඔවුන් කල පාපකර්මයන්
මාතලි දිව්‍ය පුත්‍රයාගෙන් විමසා සිටින ලදි.

" මිනිස් ලොව බොල් මිශ්‍ර කර වි විකුණා ජනයා රැවටුවෝ, මෙම නරකයේ ඉපිද ගිනියමි වු බෝල් වි අනුභව කරති" යැයි දෙවිපුත් ඔවුන් කල අකුෂලකර්මයන් පවසා සිටින ලදි.

ඉන්පසු රජතුමා වෙනත් නරකයක් වෙත පමුණුවනු ලැබිය. එහි යමපල්ලන් දුනු හි ආදිය ගෙන එම නිරයේ උපන් සත්ත්වයින් වටකොට, වනයේ වැද්දන් මුවන්ට විදින්නා වු ආකාරයෙන් ඔවුන්ට දුනු හිතල වලින් විද දමයි. මෙයින් ඔවුන්ගේ ශරිර
සැම තැනම සිදුරැ වි තැන් තැන් වලින් පණුවන් කෑ කොල මෙන් වෙයි. සිදුරැ වි යයි. මෙය දුටු රජු ඔවුන් කල පාපකර්මයන් විමසා සිටින ලදි.

"මිනිස් ලොව අන් පුද්ගලයන් සතු දෑ රන් රිදී ආදියත්, මුදල් ආදියත්, වි සහල් ආදි භෝගත්, ගවයන් ආදි සත්ත්වයින්ද සොරකමි කර ජිවත් වු පවිකාරයෝ මෙ නරකයේ යමපලුන් විස්න විදිනු ලබයි" යැයි ඔවුන් කල අකුෂලකර්මයන් ප්‍රකාශ කරණ ලදි.

ඉන්පසු මාතලි දිව්‍යපුත්‍රයා රජුව වෙනත් නරකයක් වෙත ගෙන යන ලදි. එහි යමපල්ලන් ගිනියමි වු යකඩ කඹ ගෙන, තුන් ගවි පමණ විශාලනිරිසත්ත්වයන්ගේ ගෙලට දමා, ඔවුන් ගිනියමි වු ලෝහ පොලවෙ පෙරලා ඔවුන්ගේ මස් කපති. මෙ කැපු මස් ගොඩ ගසති. මෙය දුටු නිමි රජු ඔවුන් කල පවිකමි විමස සිටින ලදි.

"මිනිස් ලොව ඌරන්, එලුවන්, බැටලුවන්, ගවයන් හා වෙනත් සත්ත්වයින් මරා මස් විකුණා ජිවත් වු පුද්ගලයන්, මේ ලොව කැබලි කැබලි වලට කපා දැමිම සිදු කරණු ලබයි" යනුවේන් පිළිතුරැ දෙන ලදි.

ඉන්පසු රජු සහිත දිව්‍ය රථය මාතලි දෙවිපුත් වෙනත් නරකයක් වෙත ගෙන යන ලදි. එහි දුමි දමමින් පැසෙන මලමුත්‍රා පිරි ඇත.
අතිශය වු දුර්ඝන්ධය නිසා යොදුන් ගණනකට වුවද ලංවිමට අපහසුය. මෙහි කුසගින්නේ සිටින සත්ත්වයින්ට වෙනත් කිසිදු ආහාරයක් නැත. අධික වු කුසගින්න ඉවසිමට අපහසු වු මෙම සත්ත්වයින් දුමි දමමින් පැසෙන මෙම අසුචි ගුලිකර ආහාරයට ගනියි. මෙය දුටු රජු ඔවුන් කල පාපකර්මයන් විමසා සිටින ලදි.

"මිනිස් ලොව අනුන්ට වද දුන් තැනැත්තන්ද, මිත්‍රයන්ට හිංසා කල තැනැත්තන්ද, අනුන්ගෙන් කාබී, ඔවුන්ගෙන් උපකාර ලබා, ඔවුන්ගේ නිවෙස්වලම වාසය කර, ඔවුන්ගේ ධනය පැහැරගන්නා හා වංචා කරණා මිත්‍රද්‍රෝහින්ද, අල්ලස් ගන්නන්ද මෙ ලොව අසුචි අනභව කරයි

යනුවෙන් රජු ට ඔවුන් කල අකුෂල කර්මයන් පහදා දෙන ලදි.
ඉන් පසු දෙදෙනා වෙනත් නරකයක් වෙත පැමිණෙන ලදි. මෙහි කුණුවු ලේ සැරව පිරි විලක් ඇත. එහි දුගද ඉවසිය නොහැකි තරමිය.
මෙම නරකයේ ඇති තද උශ්ණය නිසා හටගත් අධික පිපාසාව නිසා පානය කිරිමට අන් දෙයක් නොමැති වු මෙම නරකයේ උපන් සත්ත්වයෝ එම විලේ ඇති කුණු ලේ සැරව පාණය කරයි. මෙය දුටු රජු ඔවුන් කල පවිකමි විමසා සිටින ලදි.

"මිනිස් ලොව මව හෝ පියා මරා ගිහිපරාජිකාපත්තියට පත් පාපියෝද, පුජා සත්කාර කිරිමට සුදුසු ගුණවත් පුද්ගලයන් නැසු තැනැත්තෝද
මෙම ‍නරකයේ ඉපිද කුණු ලේ සැරව පානය කරයි" යනුවෙන් ඔවුන්ගේ පවිකමි ප්‍රකාශ කරණ ලදි.ඉන්පසු ඔවුන් වෙනත් නරකයක් වෙත පැමිනෙනලදි.

 එහි යමපල්ලන් තල කොටන් පමණ විශාලත්වයෙන් යුතු ගිනියමි වු බිලි කොකු ගෙන ඒවා සත්ත්වයින්ගේ දිවෙ අමුණා ගිණියමි වු යපොලවෙහි පෙරලා උල් වලින් අනියි. මෙම නිරිසතුන් කෙල පෙරමින් දගලයි. මෙය දුටු රජු ඔවුන් කල පාපකර්මයන් විමසා සිටින ලදි.

"මිනිස් ලොව බඩුමිල නියම කිරිමෙ තනතුර ලබා සිට අල්ලස්ගෙන වටිනා භාණ්ඩයන්ගේ මිල පහත හෙලන වංචාකාරයෝද,
(හොර ටෙන්ඩර්කාරයෝ) අල්ලස් ගත්තෝද, කිරිමි මැනිමි වලදි අඩු වැඩි කොට හොරට කිරා, බොරැ චාටු වදන් වලින් ජනයා රවටා මුලා කොට මුදල් පැහැරගත් කපටි මුදලාලිලාත්,මෙම ගිනියමි වු කොකු දිවෙ අමුණන ලදුව දුක් විදියි" යැයි ඔවුන්ගේ පාපයන් ප්‍රකාශ කර සිටින ලදි.

ඉන් පසු නිමි රජු වෙනත් නරකයක් වෙත ගෙන යන ලදි. මෙහි, ස්ත්‍රින් ශරිරයෙන් අඩක් ගිනියමි වු ලෝහ පොලවෙ ගිලී, සිටුවා ඇති කණු මෙන් නිසලව සිටි,එක් දිශාවකින් ඇඹරැමි ගලක් බදු විශාල පර්වතයක් නැගි මහා හඩක් නගමින් ගිනි දැල් විහිදුවමින් පැමිණ ඔවුන්ගේ ශරිර සුනුවිසුණු කර අඹරමින් පෙරළි යයි. ඒ වහාම කර්ම බලය නිසා ඔවුන් ගේ ශරිර නැවතත් ප්‍රකෘතිමත් වෙයි. ඒ සමගම වෙනත් දිශාවකින් නැවතත් එබදුම අඹරැමිගලක් නැගි ඔවුන්ගේ ශරිර අඹරා දමනු ලබයි. සමහර විට දෙදිශාවෙන්ම මෙම පර්වත නැගෙයි. තවත්විටක මෙ පර්වත සිවි දිශාවෙන්ම නැග එයි. නිමි රජු ඔවුන් විසින් කරණ ලද පවිකමි විමසා සිටි විට, දෙවිපුත් මෙසේ එය ප්‍රකාශ කරන ලදි.

"ආහාරපාන වස්ත්‍රාභරණ සපයා දි තමන් පෝෂණය කරන්නාවු ස්වාමිපුරැශයන් හැර වෙනත් පුරැෂයන් සතුටුකරන්නාවු හා ඔවුන් හා කමිරතියේ යෙදෙන ස්ත්‍රින් මෙම නරකයේ ඉපිද මෙසේ ඇඹරෙයි"

ඉන්පසු රජු හා දෙවිපුත් තවත් නරකයක් වෙත පැමිනෙන ලදි. මෙහි එක් පසක මහා ගිනි අගුරැ වලක් ඇත. යමපල්ලන් මෙහි උපන් සත්ත්වයින් විවිධ ආයුධ ගෙන අගුරැ වල තෙක් පන්නාගෙන ගොස් දෙපයින් අල්ලාමෙම අගරැ වලට දමනු ලබයි. මෙය දුටු රජු ඔවුන් විසින් කල කර්මයන් විමසා සිටින ලදි

"මිනිසුන් තමන් ඉතා ඇලුමි කරන භාර්‍යාවන් සමග හොරින් කමිරතියේ යෙදුන පාපී පුරැෂයෝ මෙම නරකයේ පයින් අල්ලා හිස පහලට සිටින සේ ගිනි අගුරැ වලට හෙලනු ලබයි" යැයි ඔහු පිළිතුරැ දෙන ලදි.
ඉන්පසු මාතලි දෙවි පුත් හා නිමි රජු තවත් නරකයක් වෙත පැමිනෙන ලදි.
එහි යමපල්ලන් උල් ගැසිම, හරස් කියත් වලින් ශරිරය කැපිම, වැයෙන් සැම, ලෝදිය පෙවිම, ලෝගුලි කැවිම, ආදි නොයෙක් වධ
බන්ධනයන් සත්ත්වයන්ට දෙනු ලබයි. මෙය දැක බියවු නිමි රජු ඔවුන් කල පාපකර්මයන් විමසා සිටින ලදි.

"පරලොවක් නැත, පින්පවි වල විපාකයක් නැත, යනාදි වශයෙන් තමාද මිත්‍යාදෘශ්ඨිය ගෙන අනුන්වද එම දෘශ්ඨිගැන්වු පාපියෝ හා ආඥානයෝ මෙම නරකයේ දරැණු වු දුක් වෙදනා විදියි" යනුවෙන් මාතලි දිව්‍ය පුත්‍රයා ඔවුන් කල පවිකමි ප්‍රකාශ කරණ ලදි.


සමාප්තයි...............
තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.

මෙම ලිපිය සකස්කිරීමට කරුණු සැපයූ බුද්ධ රශ්මියට අපගේ පුණ්‍යානුමෝදනාව වේවා..සාධු....සාධු...සාධු...

උපුටා ගැනීම - බෞද්ධයා - The Buddhist Facebook පිටුවෙනි.  

Comments

  1. RATHU AKURU KIYA WANA KOTA APAYE GIYA WAGE THAMI.

    ReplyDelete
  2. Ayiyo, monawada me dana boru bagal?

    ReplyDelete
  3. මෙච්චර ලොකු විස්තර ටිකක් කියෙව්වමයි. උදාහරණත් එක්කම කදිම පැහැදිලි කිරීමක්.

    ReplyDelete
  4. ලිපිය හොඳයි. කියවන්න අපහසුයි. රතු අකුරු කියවන්න බැහැ තියෙන අඳුරු පසුබිමත් එක්ක. කොමෙන්ට් දාන්න වෙනම වින්ඩෝ එකක් විවුර්ත වීම කරදරයක්. ෆොන්ට් ටුත් එක එක සයිස් .. ඒ වගේම කුඩා වැඩියි. මේ සේරෝම හදන්න පුළුවන් නම් අගෙයි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කුණ්ඩලීණි චක‍්‍ර භාවනාව මග පෙන්වීම්

චක‍්ර භාවනාව ගැන පටන් ගන්න කලින් මුලින්ම දැන ගන්න ඔන කාරනා කිහිපයක් තියෙනවා. ප‍්‍රධානම දෙය තමයි සෘෂි භාෂිත පංච නීවරණය . මොකක්ද මේ ....... බොහොම සරල දෙයක් 1. ප‍්‍රණ ශක්තිය පාතනය කිරිමඅපගේ ජිවිතය රුදිලා තියෙන්නේ හුස්ම මත ..... අපි විස්වාස කරන්නේ එහෙමයි. හැබැයි එක ඇත්ත නොවෙයි. හුස්ම ගැනීමට වඩා නොගෙන ඉන්නවනම් වැඩි කාලයක් නිරෝගීව ජිවත් වෙන්න පුලූවන්.ප‍්‍රණ ශක්තිය පාතනය කරන්න කියලා කියන්නේ ප‍්‍රණ ශක්තිය වෙනත් ශක්තියකට පෙරලන්න කියන එකයි. කුණ්ඩලීණිය වඩන්නනම් මුලින්ම අපි හුරු වෙන්න ඔනේ හුස්ම ගැනීම වෙනුවට නොගෙන සිටිමත් එයින් ඇතිවෙන ශක්තිය කම්පන තරංගයකට පෙරලා ගැනීමටත් 2. ඉන්පසු වැදගත්ම දේ තමයි. අනුන්ගේ දේ නොගැනීම. අනුන්ගේ දේ කියන්නේ හුස්ම පාලනය කිරිම තුළින් අපි රූප ධ්‍යාන මට්ටමට ලගා වෙනවා. අනුන්ගේ දේ කියලා කියන්නේ අන් සතු රූප නොගැනීම . යොගියා භාවනාවෙන් රූප දකින්න පටන් ගත්ත ගමන් ඒ තුළින් ආස්වාදයක් වින්දනයක් ලබන්න පටන් ගන්නවා. අනිත් කෙනා කරන දෙය අල්ලපු ගෙදර වෙන දෙය ඉතිහාසය දෙවියන් ආදිය බලමින් එතනින් ඉදිරියට යෑම නතර කරනවා........ඒ කියන්නේ චක‍්‍ර භාවනාවේ පලමු ච‍්‍රක‍්‍රය එනම් මුලාදාරය අවදිවීම ත

ආහාර හා පෝෂණය පිළිබඳ මෑතකාලීන අධ්‍යයන සමහරක වැදගත් අනාවරණ

මහාචාර්ය ජයිරාම් වනමාලා (Jairam Vanamala) විනෝදාංශයක්‌ ලෙස කළේ සුරතල් සතුන් ඇති කිරීම ය. ඔහු ගේ නිවසේ හාවුන් රැසක්‌ හා මීයන් සුරතල් සතුන් සේ ඇති කරනු ලැබී ය. (අපේ රටේ නිතර ම දක්‌නට ලැබෙන මීයන් නො ව ලස්‌සන මීයන් ය). ඔහු ගේ හාවුන් හා මී රැළ අතරෙන් වැඩි කොටසක්‌ හදිසියේ ම මහාන්ත්‍ර පිළිකා රෝගවලට බඳුන් වී මිය ගිය අතර ඉතිරි වූයේ දෙතුන් දෙනකු පමණි. මේ ඉතිරි වූ දෙතුන් දෙනා ගැන ඔහු ඉන්පසු වැඩිපුර අවධානය යොමු කරන්නට විය. ඉන්පසු ඔහුට නිරීක්‌ෂණය කළ හැකි වූයේ අපූර්ව දෙයකි. මේ අය, ලබා දෙන සාමාන්‍ය ආහාරවලට අමතරව, වත්තෙහි (මොවුන් කුඩා විවෘත බිම් පෙදෙසක හැදී වැඩුණ සතුන් ය) වූ මිදි ගස්‌වලින් වැටෙන මිදි ආහාර ලෙස ගන්නා බවයි. මේ සිද්ධියෙන් පසු මිදි පිළිකා කෙරෙහි දක්‌වන ප්‍රතිචාර ගැන දීර්ඝ ලෙස අවධානය යොමු කරන්නට Jairam සිතිණි. Jairam යනු ඇමෙරිකාවේ පෙන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයයේ ආහාර විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකි. ඔහු පෙන් විශ්විද්‍යාලයයේ පිළිකා ආයතනයේ ද දේශකයෙකි. ඔහු මහාන්ත්‍ර පිළිකා සහිත මීයන් 52 දෙනකු ගෙන ඔවුන් කොටස්‌ තුනකට බෙදුවේ ය. එක්‌ කොටසකට සාමාන්‍ය ආහාරවලට අමතරව මිදි සහිත ආහාර වේලක්‌ ලබා දුන් අ