Skip to main content

එදා සහ මෙදා (තවත් ටිකක්)


Posted on March 25th, 2015
තිස්ස ගුණතිලකසිඩ්නි නුවර
එංගලන්තෙන් ආනයනය කරපු ප්‍රජාතන්ත්‍රවදය අපිතරම් ලස්සනට රැකබලාගත්ත ජාතියක් තවත් නැතිව ඇති. ඒක අපි හොදට ඔපමට්ටම් කරල පක්‍ෂයක් විපක්‍ෂයක් හොයන්න බැරිවිදිහට වාත්තුකරල ලෝකයට ඉදිරිපත්කරන්න හදනඋත්සාහය අගයකරන්න බැරි අපේම අය නොයෙකුත් අවලාද කියනව.
පාර්ලිමේන්තුවෙ කතානායකතුමා ආසනේ ඉදගෙන විපක්‍ෂය හොයාගන්න බැරිව තතනනකොට අපේ පපුවත් හෝස්ගාලා පත්තුවෙනව. පක්‍ෂයේ පාට මොකක් වුනත් වැඩිදෙනෙක් ඉන්න පැත්ත `පක්‍ෂයකියලත් අඩුදෙනෙක්ඉන්නපැත්ත `විපක්‍ෂයකියලත් කියාදුන්න අපේ `ප්‍රජාචාරය`සර්ට පිස්සු වෙන්න ඇති.
අපි ඉසේකෝලෙදි `ගෑනු අයට සමඅයිතිවාසිකම් දියයුතුදනැද්ද?` කියලා විවාද කරනකොට (ඒ කාලෙ ජනප්‍රිය මාතෘකාවක්) අපි `නෑකියන පැත්තෙ හිටියත් ස්ටේජ් එකට නැග්ගහම කියවෙන්නෙ `දියයුතුයි`කියනපැත්තට කරැනු. ඒ`දෙන්නඕනෙම හින්දා නෙමෙයිඅපිත් ගෑනුලමයින්ට කැමති නිසා. නිමල් සිරිපාලටත් ඒ වගේම තමයි, `විපක්‍ෂයේ හිටියත්  කියවෙන්නෙ My3ට ආසහිතෙන ඒවමයි.
ඒ හින්දා වෙන්න ඇති පදනම් ආයතනයේ කතාවෙදි My3 රැජින එයාට මේස් නැති අත දුන්නා කියනකොට `ඇයි මෝඩයො ඒ අතේ තැවරිලා තිබුන සිංහල ලේ දැකකෙ නැද්දකියලා අහන්න නිමල් සිරිපාලට කශේරැවක් තිබුනෙනැත්තෙ.
1815 දි සුද්දා බුදුදහමයිසිංහල සිරිතයි රකිනව කියල බොරැ පොරොන්දු දීල පික්පොකට් ගහපු ශ්‍රී ලංකාව කෙලෙසනකොට බලාගෙන ඉන්න බැරිව 1818 දි උෳව-වෙල්ලස්සෙ සිංහලයො දියත්කරපු කැරැල්ලට කැප්පෙටිපොල දිසාවේඇතුඵ සිංහලයෝ නායකත්වය  දෙනකොට සුද්දො හමුදාව ඇරලා යුද්දකරපු සිංහලයො විතරක් නෙමෙයි ගෙවල්වල,කැලෑවල හිටිය සිංහලයොත්වයස 18 ට වැඞි හැම සිංහල දරැවෙක්ම කඩුගාල මරලදාලලිංවලට වසදාල ගෙවල්ගිනිබත්කරල එන අතරමඟදි සුදුහමුදාව බලන්න මහමගට ආව කුරැණෑගල ගමක ජනතාව ඉවක් බවක් නැතිව වෙඩිතියල අමානුශිකලෙස මරලදාපුතුන්වෙනි ජෝර්ජ රජ්ජුරැවන්ගේ මිනිබිරීගේ මේස්නැති අත අල්ලනකොට උද්දාමයටපත්වුනMy3 ත් ඒක අහල පිනාගිය උෳව-වෙල්ලස්ස ජනතාව නියෝජනය කරනවයි කියන නිමල් සිරිපාලටත් කොන්දක් තියෙනවද බලන්න CT scan කරන්න ඕනෙමනැහැ.
එදාකැරැල්ල මැඩපු සුදදො අපේ නායකයො ඔක්කොමවගේ අල්ලලා හිස්ගසා දැම්මා. එතෙකින් නොනැවතුනු  රොබට් බ්‍ර වුන්රිග්  ආන්ඩුකරය උෳව-වෙල්ලස්සෙ සටන මෙහෙයපු නායකයො සියඵදෙනාම දේශද්‍රොහින් ලෙස නම්කරලරාජඅඥාවක් නිකුත්කලා. මහින්ද රාජපක්‍ෂ අමතක නොකර 2011 දී මේ ආඥාව එංගලන්තයෙන් ගෙන්නවා එය බලරහිත කර උෳව-වෙල්ලස්සෙ නායකයො සියඵදෙනම නැවත අපේ ජාතික වීරයන් ලෙස ස්තාපනය කරල පිලිගැනුමට පාත්‍රකලා.
`ඇත්තයි අපි මල්පුදන්ට ඕනෙ ඔහොම වීරයින්ට…..`
ඔබට සුභ පැතුම්
තිස්ස ගුණතිලකසිඩ්නි නුවර

Comments

Popular posts from this blog

කුණ්ඩලීණි චක‍්‍ර භාවනාව මග පෙන්වීම්

චක‍්ර භාවනාව ගැන පටන් ගන්න කලින් මුලින්ම දැන ගන්න ඔන කාරනා කිහිපයක් තියෙනවා. ප‍්‍රධානම දෙය තමයි සෘෂි භාෂිත පංච නීවරණය . මොකක්ද මේ ....... බොහොම සරල දෙයක් 1. ප‍්‍රණ ශක්තිය පාතනය කිරිමඅපගේ ජිවිතය රුදිලා තියෙන්නේ හුස්ම මත ..... අපි විස්වාස කරන්නේ එහෙමයි. හැබැයි එක ඇත්ත නොවෙයි. හුස්ම ගැනීමට වඩා නොගෙන ඉන්නවනම් වැඩි කාලයක් නිරෝගීව ජිවත් වෙන්න පුලූවන්.ප‍්‍රණ ශක්තිය පාතනය කරන්න කියලා කියන්නේ ප‍්‍රණ ශක්තිය වෙනත් ශක්තියකට පෙරලන්න කියන එකයි. කුණ්ඩලීණිය වඩන්නනම් මුලින්ම අපි හුරු වෙන්න ඔනේ හුස්ම ගැනීම වෙනුවට නොගෙන සිටිමත් එයින් ඇතිවෙන ශක්තිය කම්පන තරංගයකට පෙරලා ගැනීමටත් 2. ඉන්පසු වැදගත්ම දේ තමයි. අනුන්ගේ දේ නොගැනීම. අනුන්ගේ දේ කියන්නේ හුස්ම පාලනය කිරිම තුළින් අපි රූප ධ්‍යාන මට්ටමට ලගා වෙනවා. අනුන්ගේ දේ කියලා කියන්නේ අන් සතු රූප නොගැනීම . යොගියා භාවනාවෙන් රූප දකින්න පටන් ගත්ත ගමන් ඒ තුළින් ආස්වාදයක් වින්දනයක් ලබන්න පටන් ගන්නවා. අනිත් කෙනා කරන දෙය අල්ලපු ගෙදර වෙන දෙය ඉතිහාසය දෙවියන් ආදිය බලමින් එතනින් ඉදිරියට යෑම නතර කරනවා........ඒ කියන්නේ චක‍්‍ර භාවනාවේ පලමු ච‍්‍රක‍්‍රය එනම් මුලාදාරය අවදිවීම ත

ආහාර හා පෝෂණය පිළිබඳ මෑතකාලීන අධ්‍යයන සමහරක වැදගත් අනාවරණ

මහාචාර්ය ජයිරාම් වනමාලා (Jairam Vanamala) විනෝදාංශයක්‌ ලෙස කළේ සුරතල් සතුන් ඇති කිරීම ය. ඔහු ගේ නිවසේ හාවුන් රැසක්‌ හා මීයන් සුරතල් සතුන් සේ ඇති කරනු ලැබී ය. (අපේ රටේ නිතර ම දක්‌නට ලැබෙන මීයන් නො ව ලස්‌සන මීයන් ය). ඔහු ගේ හාවුන් හා මී රැළ අතරෙන් වැඩි කොටසක්‌ හදිසියේ ම මහාන්ත්‍ර පිළිකා රෝගවලට බඳුන් වී මිය ගිය අතර ඉතිරි වූයේ දෙතුන් දෙනකු පමණි. මේ ඉතිරි වූ දෙතුන් දෙනා ගැන ඔහු ඉන්පසු වැඩිපුර අවධානය යොමු කරන්නට විය. ඉන්පසු ඔහුට නිරීක්‌ෂණය කළ හැකි වූයේ අපූර්ව දෙයකි. මේ අය, ලබා දෙන සාමාන්‍ය ආහාරවලට අමතරව, වත්තෙහි (මොවුන් කුඩා විවෘත බිම් පෙදෙසක හැදී වැඩුණ සතුන් ය) වූ මිදි ගස්‌වලින් වැටෙන මිදි ආහාර ලෙස ගන්නා බවයි. මේ සිද්ධියෙන් පසු මිදි පිළිකා කෙරෙහි දක්‌වන ප්‍රතිචාර ගැන දීර්ඝ ලෙස අවධානය යොමු කරන්නට Jairam සිතිණි. Jairam යනු ඇමෙරිකාවේ පෙන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයයේ ආහාර විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකි. ඔහු පෙන් විශ්විද්‍යාලයයේ පිළිකා ආයතනයේ ද දේශකයෙකි. ඔහු මහාන්ත්‍ර පිළිකා සහිත මීයන් 52 දෙනකු ගෙන ඔවුන් කොටස්‌ තුනකට බෙදුවේ ය. එක්‌ කොටසකට සාමාන්‍ය ආහාරවලට අමතරව මිදි සහිත ආහාර වේලක්‌ ලබා දුන් අ

අපාය - විවිධ අපායන් හා ඒ ඒ අපායට යාමට හේතු

නරකය නරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකටයි. නරකාදි කියන සිංහල වචනය නරකය+ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලෝක කියන එකයි. මෙ නරකයත් කොටස් වලින් යුක්තයි. 01)  සඤ්ජිවය යමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නම් වෙ.  අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අන්අය හා කලකෝලහල කල අයද, දුබලයන් පෙළු රජවරු නිලධාරි හා අමාත්‍යයෝද, දිලින්දන් පෙළු පොසතුන්ද, මැරයෝද, සතුන් මරන්නෝද මෙ නරකයේ උපදියි. 02) කාලසුත්‍රය උපන් සත්ත්වයින් ගිනියම් වු යපොලවෙහි පෙරලා දැලි නුල් ගසා සසින්නාවු (කියතින් ඉරන්නාවු) නරකය මෙයයි. මාපියන්ට හා මිතුරන්ටද, ගුණවත් මහණ බමුණු ආදින්ටත් අපරාධ කල අය මේ නරකයේ පැසෙයි. 03) සන්ඝාතය මෙම නරකයේ සත්ත්වයෝ යොදුන් නවයක් ඝන ලෝහමය පොළවේ එරි නිස්චලව සිටිති. එහි භයානක හඩක් නංවමින් එහි එරි සිටින සත්ත්වයින් අඹරමින් පර්වතයෝ ඒ මෙ අත පෙරලි යති. ඒවාට යටවි සත්ත්වයෝ තැලි පොඩිවි ඇඹරි යති. ඇත් අස්, ගව ආදි සත්ත්වයිට වද දෙමින් වැඩ ගත් පුද්ගලයින් හා ස