Skip to main content

ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමාගේ අවසන් සමය

අනුරාධපුර යුගයෙන් ඇරඹි සිංහලේ රාජවංශය මහනුවර යුගයෙන් නිමාවට පත්වේ. ලංකාවේ කිරුළු පළන් අන්තිම රජු කන්ද උඩරට රාජධානිය කොට ගෙන පාලනය කළ ශ්‍රී වික‍්‍රම රාජසිංහ (ක‍්‍රි.ව. 1796-1815) රජතුමාය. රජතුමා දකුණු ඉන්දීය නායක්කර් වංශිකයෙකි. ලංකාව සම්පූර්ණයෙන් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය

කුටියේ පිටත බිත්තියේ ඇති රාජසිංහ රජ ප‍්‍රතිමාව


යටතට පත් වූයේ රාජසිංහ රජු අත්අඩංගුවට ගැනීමත් සමඟය. රජතුමා අල්ලාගෙන ඉන්දියාවට පිටමං කළ පසු ක‍්‍රි.ව. 1815 මාර්තු 02 වැනිදා ඉංග‍්‍රීසි ආණ්ඩුකාර රොබට් බ‍්‍රවුන්රිග් හා නිලධාරීනුත් සිංහල උඩරට ප‍්‍රධානීන් අතර මහනුවර මඟුල් මඩුවේදී අත්සන් කළ ගිවිසුමෙන් සිංහලය බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය යටතට පැවරිණි. එතැන් සිට 1948 පෙබරවාරි 04 වැනිදා ලංකාවට නිදහස ලැබෙනතුරුම මෙරට බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය යටතේ පාලනය විණි.


ලංකාවේ බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරව සිටි රොබට් බ‍්‍රවුන්රිග්ගේ ප‍්‍රධානත්වයෙන් කන්ද උඩරට ආක‍්‍රමණය කිරීමෙන් පසු ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජු ඇතුළු පවුලේ අය අත්අඩංගුවට පත් විය. 1815 පෙබරවාරි 19 වැනිදා මෙසේ බි‍්‍රතාන්‍යයන්ගේ අත්අඩංගුවට පත් රජු කොළඹ කොටුවේ ගාල්ලට අවතීර්ණවන දොරටුව ආසන්නයේ කුඩා මැදිරියක තාවකාලිකව සිරකොට තබන ලදී.


එම සිර මැදිරිය සොයා පැරණි ”කොළඹට” පසුගියදා අපි ගියෙමු. ගාලූ මුවදොර අසළ සෙලින්කෝ මන්දිරය (Ceylinco House) භූමියේ රාජසිංහ සිරකුටිය පිහිටා තිබේ.


මෙය අඩි 10ක් තරම්වත් නැති කුඩා කාමරයකි. එහි තුන් පැත්තක්ම හරි හතරැස්ය. එක් පැත්තක් ඕවලාකාරය. එම ඕවලාකාර පැත්තෙන් කුටියට ඇතුළුවීමේ දොරටුව තිබේ. කුටිය තුළ වර්ග ඵලය අඩි 8-8 ක් පමණ තරම්ය. එසේම මෙය එතරම් උස නැති අතර වහළද ගෝලාකාර හැඩැතිය. වහළ බිත්ති ස්වරූපයෙන්ම විශේෂ සෙවිලි කිරීමක් නොමැතිව බිත්ති ආකාරයටම සකස් කර තිබේ.


රජුට වෙන්වූ මෙම කුඩා සිර කුටියේ එක් පැසක රාජකීය ඇඳුමින් සැරසී ඔටුනුපළන් රජුගේ ප‍්‍රතිමාව තනා ඇත. ඒ යටින් රජු සිරගත කිරීම පිළිබඳ සිද්ධිය විස්තර කොට දක්වා තිබේ.


රජු සිරගතව සිටිද්දී කපිතාන් ඕ’බ‍්‍රයන්ගේ සුපරීක්‍ෂාව යටතේ දැඩි ආරක්‍ෂක මුර කඳවුරු මධ්‍යයේ රඳවාගෙන සිට ඇත.


ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා අත්අඩංගුවේ තබාගෙන කෙටි කලක් ඇතුළත රටින් පිටුවහල් කිරීමට ඉංග‍්‍රීසිහු පියවර ගත්හ.



පුරාවිද්‍යා ගවේෂණ හා ලේඛනගත කිරීම් සහකාර අධ්‍යක්ෂ
ඒ.ඊ.එල්. තිලකවර්ධන


රජතුමාත්, රජ බිසව වූ වෙන්කත රෙන්ගමාල් බිසව හා පිරිවර කොළඹ වරායෙන් මදුරාසියේ වෙල්ලෝරයට පිටත් කෙරිණි. රජතුමා කොර්න්වෝල්ස් නම් බි‍්‍රතාන්‍ය නෞකාවෙන් වෙල්ලෝරයට පිටත් කළ අතර කොටුව සිර මැදිරියේ සිට නැව් තොටට රැුගෙන ආවේ ආණ්ඩුකාරයාගේ නිල රථයෙනි. ඒ මොහොතේ රජු ඉතා අලංකාර ලෙස හැඳ පැළඳ සිටි බවත්, සන්සුන්ව සිටි බවත්, රජුගේ පිටව යාම දකින්නට මහජනයා පොදිකමින් සිටි බවත් සඳහන් වේ. ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජු අවසන් හුස්ම හෙළුවේ ක‍්‍රි.ව. 1832 ජනවාරි 30 දා ඉන්දියාවේ වෙල්ලෝරයේදීය.


රජු සිරගත කර තැබූ සිර කුටියේ ඇතුළත පැරැණි සිතුවම් රාශියක් දැකිය හැකිය. එහි ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජු, වෙන්කත රෙන්ගමාල් බිසව, පිළිමතලාවේ අදිකාරම්, රොබට් බ‍්‍රවුන්රිග්, නුවර රාජකීය කොඩිය, දළදා මාළිගාව, වෙල්ලෝරයේ රාජසිංහ ස්මාරකය, රජු වෙල්ලෝරයට පිටවූ නැව ආදී සිතුවම් දැකිය හැකිය.


මෙම සිරකුටිය සිර මැදිරියක් ආකාරයටම ඇතුළුවන දොරටු යකඩ කූරු සහිත දොරකින් වසා ඇත.


ක‍්‍රි.ව. 1875 දී මෙම සිර කුටිය තිබූ තැන සුවිසල් බැරැක්ක යොදා තිබූ බව ආර්.එල්. බ්‍රෝහියර් පෙන්වා දෙයි. දැනට ලංකාවේ ඇති පැරණි හා ඓතිහාසික ස්ථානයක් හැටියට රාජසිංහ සිර කුටිය හඳුනාගත හැකිය. හැකි අය දැක බලා ගැනීමද වටී.


(විශේෂ ස්තූතිය:- පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ හා ලේඛනගත කිරීම් සහකාර අධ්‍යක්‍ෂ ඒ.ඊ.එල්. තිලකවර්ධන මහතාට)
සටහන හා ඡායාරූප - අසංක ආටිගල





සිර කුටිය තුළ ඇඳ ඇති සිතුවම්




රාජසිංහ කුටිය පිළිබඳ ස්මාරකයේ ඇති කෙටි විස්තරය




ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජු තාවකාලිකව රඳවා සිටි සිර කුටිය

උපුටා ගැනීම lankadeepa පත්‍රයෙනි.

Comments

  1. රාජසිංහ රජතුමා මුරිසි දිවයිනට පිටුවහල් කළ කතාවක්ද , එහිදී බඩේ අමාරුවක් සෑදී ඔහු මිය ගිය කතාවක්ද මා අසා ඇත. එහි ඇත්ත නැත්ත කුමක්ද ?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කුණ්ඩලීණි චක‍්‍ර භාවනාව මග පෙන්වීම්

චක‍්ර භාවනාව ගැන පටන් ගන්න කලින් මුලින්ම දැන ගන්න ඔන කාරනා කිහිපයක් තියෙනවා. ප‍්‍රධානම දෙය තමයි සෘෂි භාෂිත පංච නීවරණය . මොකක්ද මේ ....... බොහොම සරල දෙයක් 1. ප‍්‍රණ ශක්තිය පාතනය කිරිමඅපගේ ජිවිතය රුදිලා තියෙන්නේ හුස්ම මත ..... අපි විස්වාස කරන්නේ එහෙමයි. හැබැයි එක ඇත්ත නොවෙයි. හුස්ම ගැනීමට වඩා නොගෙන ඉන්නවනම් වැඩි කාලයක් නිරෝගීව ජිවත් වෙන්න පුලූවන්.ප‍්‍රණ ශක්තිය පාතනය කරන්න කියලා කියන්නේ ප‍්‍රණ ශක්තිය වෙනත් ශක්තියකට පෙරලන්න කියන එකයි. කුණ්ඩලීණිය වඩන්නනම් මුලින්ම අපි හුරු වෙන්න ඔනේ හුස්ම ගැනීම වෙනුවට නොගෙන සිටිමත් එයින් ඇතිවෙන ශක්තිය කම්පන තරංගයකට පෙරලා ගැනීමටත් 2. ඉන්පසු වැදගත්ම දේ තමයි. අනුන්ගේ දේ නොගැනීම. අනුන්ගේ දේ කියන්නේ හුස්ම පාලනය කිරිම තුළින් අපි රූප ධ්‍යාන මට්ටමට ලගා වෙනවා. අනුන්ගේ දේ කියලා කියන්නේ අන් සතු රූප නොගැනීම . යොගියා භාවනාවෙන් රූප දකින්න පටන් ගත්ත ගමන් ඒ තුළින් ආස්වාදයක් වින්දනයක් ලබන්න පටන් ගන්නවා. අනිත් කෙනා කරන දෙය අල්ලපු ගෙදර වෙන දෙය ඉතිහාසය දෙවියන් ආදිය බලමින් එතනින් ඉදිරියට යෑම නතර කරනවා........ඒ කියන්නේ චක‍්‍ර භාවනාවේ පලමු ච‍්‍රක‍්‍රය එනම් මුලාදාරය අවදිවීම ත

ආහාර හා පෝෂණය පිළිබඳ මෑතකාලීන අධ්‍යයන සමහරක වැදගත් අනාවරණ

මහාචාර්ය ජයිරාම් වනමාලා (Jairam Vanamala) විනෝදාංශයක්‌ ලෙස කළේ සුරතල් සතුන් ඇති කිරීම ය. ඔහු ගේ නිවසේ හාවුන් රැසක්‌ හා මීයන් සුරතල් සතුන් සේ ඇති කරනු ලැබී ය. (අපේ රටේ නිතර ම දක්‌නට ලැබෙන මීයන් නො ව ලස්‌සන මීයන් ය). ඔහු ගේ හාවුන් හා මී රැළ අතරෙන් වැඩි කොටසක්‌ හදිසියේ ම මහාන්ත්‍ර පිළිකා රෝගවලට බඳුන් වී මිය ගිය අතර ඉතිරි වූයේ දෙතුන් දෙනකු පමණි. මේ ඉතිරි වූ දෙතුන් දෙනා ගැන ඔහු ඉන්පසු වැඩිපුර අවධානය යොමු කරන්නට විය. ඉන්පසු ඔහුට නිරීක්‌ෂණය කළ හැකි වූයේ අපූර්ව දෙයකි. මේ අය, ලබා දෙන සාමාන්‍ය ආහාරවලට අමතරව, වත්තෙහි (මොවුන් කුඩා විවෘත බිම් පෙදෙසක හැදී වැඩුණ සතුන් ය) වූ මිදි ගස්‌වලින් වැටෙන මිදි ආහාර ලෙස ගන්නා බවයි. මේ සිද්ධියෙන් පසු මිදි පිළිකා කෙරෙහි දක්‌වන ප්‍රතිචාර ගැන දීර්ඝ ලෙස අවධානය යොමු කරන්නට Jairam සිතිණි. Jairam යනු ඇමෙරිකාවේ පෙන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයයේ ආහාර විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකි. ඔහු පෙන් විශ්විද්‍යාලයයේ පිළිකා ආයතනයේ ද දේශකයෙකි. ඔහු මහාන්ත්‍ර පිළිකා සහිත මීයන් 52 දෙනකු ගෙන ඔවුන් කොටස්‌ තුනකට බෙදුවේ ය. එක්‌ කොටසකට සාමාන්‍ය ආහාරවලට අමතරව මිදි සහිත ආහාර වේලක්‌ ලබා දුන් අ

අපාය - විවිධ අපායන් හා ඒ ඒ අපායට යාමට හේතු

නරකය නරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකටයි. නරකාදි කියන සිංහල වචනය නරකය+ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලෝක කියන එකයි. මෙ නරකයත් කොටස් වලින් යුක්තයි. 01)  සඤ්ජිවය යමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නම් වෙ.  අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අන්අය හා කලකෝලහල කල අයද, දුබලයන් පෙළු රජවරු නිලධාරි හා අමාත්‍යයෝද, දිලින්දන් පෙළු පොසතුන්ද, මැරයෝද, සතුන් මරන්නෝද මෙ නරකයේ උපදියි. 02) කාලසුත්‍රය උපන් සත්ත්වයින් ගිනියම් වු යපොලවෙහි පෙරලා දැලි නුල් ගසා සසින්නාවු (කියතින් ඉරන්නාවු) නරකය මෙයයි. මාපියන්ට හා මිතුරන්ටද, ගුණවත් මහණ බමුණු ආදින්ටත් අපරාධ කල අය මේ නරකයේ පැසෙයි. 03) සන්ඝාතය මෙම නරකයේ සත්ත්වයෝ යොදුන් නවයක් ඝන ලෝහමය පොළවේ එරි නිස්චලව සිටිති. එහි භයානක හඩක් නංවමින් එහි එරි සිටින සත්ත්වයින් අඹරමින් පර්වතයෝ ඒ මෙ අත පෙරලි යති. ඒවාට යටවි සත්ත්වයෝ තැලි පොඩිවි ඇඹරි යති. ඇත් අස්, ගව ආදි සත්ත්වයිට වද දෙමින් වැඩ ගත් පුද්ගලයින් හා ස