Skip to main content

පිරිගනක භාවිතාකරුන් අතර සුලභ CVS) රෝගය

නිතරම පරිඝනක සමග කල් යවන ඔබ සැම කියවිය යුතු ලිපියක් අපි අද ගෙන එනවා.හොදින් කියවා බලා ඔබත් එහි ගොදුරක්ද කියා හදුනාගන්න

පරිඝණක අක්ෂි සහලක්ෂණය හෙවත් Computer vision Vision Syndrome ( CVS) ‍- මෙය දිනකට පැය දෙකකට වඩා පරිඝනකය ඉදිරියේ හිදගන සිටින අයට ඇතිවිය හැකිය

►( CVS) ඇතිවීමට හේතුව►
පරිඝනක තිරය මත අකුරු කියවීම මුද්‍රිත අකුරු කියවීමට වඩා හාත්පස වෙනස් වේ.පරිඝණක තිරය මත ඇත්තේ තියුනු හා නිෂ්චිත ලියවිල්ලක් නොවේ.එය විචල්‍ය ආලෝක පරාස වලින් සැදුම් ලද්දකි.ඔබ මේ කියවන බුල්ටෝ කඩේ ලිපියද එවැන්නකි.නමුත් මුද්‍රිත ලිපි ඉහත අවශ්‍යතා සියල්ල සම්පූර්ණ කරයි.Pixel වලින් සැදුනු පරිඝණක තිරය කියවන්නට ඇසේ මාංශ පේශි වලට වැඩි ආයාසයක් දැරිය යුතු වේ.මෙම ආයාසය දැරීමේදී පහත සදහන් අපහසුතාවන් අපට ඇතිවිය හැකිය‍.

මෙහි සදහන් කවර හෝ ගැටළුවකට ඔබ මුහුණ පාමින් සිටින්නේ නම් ඔබ දැනටමත් ( CVS) හි ගොදුරක් වෙමින් පවතින බව දැනගන්න

•ඇස්වල විඩා බව
•ඇස් කෙවීම
•විටින් විට ඇතිවන පෙනීම බොඳ වීම(සමීප වස්තු)
•කලාතුරකින් ඇතිවන ඈත වස්තු බොඳවී පෙනීම
•පරිඝණකයක වැඩක නිරත විමේදී හෝ ඉන්පසුව ඇතිවන හිසේ රුදාව
•කඳුළු ග්‍රන්ථි වල ක්‍රියාකාරීත්වය අඩුවීම නිසා ඇතිවන අපහසුතා
•වස්තුවක් දෙස බැලීමේදී ඇස නාභිගත වීමේ ( focus ) වැඩිකාලයක් ගැනීම
•ඇස් දැවිල්ල
•වර්ණ හදුනාගැනීමේ දුර්වලතා
•වස්තුවක් නැරඹීමේදී එහි වැඩි ආලෝක තත්ව දැකීමට අපහසු වීම
•වැඩිපුර කඳුළු පැමිණීම
•ගෙල,උරහිස සහ කොන්දේ අමාරුව

මුද්‍රිත යමක් කියවනවාට වඩා පරිඝනක හෝ රූපවාහිනී තිරයක ලියවිල්ලක් කියවීම ඇසට අමතර ආයාසයක් දරන්නට සිදුවීමකි.පුද්ගලයකුට ඇති සුළු ඇස් රෝගයක් උවද පරිඝණක භාවිතයෙන් විශාල රෝගයක් වීමට සිදුවිය හැකිය.

( CVS) රෝගයෙන් යම් ප්‍රමාණයකින් හරි මිදෙන්නට නම් පරිඝණක තිරය ඇස මත නිවැරදිව නාභිගත විය යුතුය.ඔබටත් ( CVS) තිමේ නම් වහාම අක්ෂි වෛද්‍යවරයෙකු මුණ ගැසෙන්න.

►පරිඝණක දෘෂ්‍ය සහලක්ෂළණයට කෙටි ප්‍රතිකාර

•සෑම මිනිත්තු 20 ට වරක්ම අඩුතරමේ තත්පර 20 පමණ වත් අඩි 20 ට දුර ඇති වස්තුවක් දෙස නෙත් යොමන්න

•ඇස් මට්ටමේ සිට පරිඝණක තිරයේ මධ්‍ය ලක්ෂයට අංශක 10-20 ක් පහතින් පරිඝණක තිරය සකසා ගන්න.එමෙන්ම ඇසේ සිට මධ්‍යයට දුර අඟල්20-30ක් වීම අවශ්‍යය‍.

•LCD වර්ගයේ පැතලි තිරයක් නම් වඩා සුදුසුයි.පැරණි CRT තිර වල නිතරම සිදුවන ගැස්සීම ඇසට ඉතාමත් අපහසු වේ‍.(මෙම ගැස්සීම ඇස‍ට දැනෙන්නේ නැත).වීශාල තිරයක් මිළදී ගැනීමට හැකි නම් ඉතාම යෝග්‍යය (අඟල් 19 සිට ඉහළට)

•ඇසට සුවපහසු ලෙස තිරයේ දීප්තිය සැකසීම අවශ්‍යය

•අදුරේ ‍පරිඝනක භාවිතයේදී යතුරු පුවරුව මතට වෙනත් මේස ලාම්පුවක ආලෝකයක් වත් එල්ල කරගන්න

‍•ජනේලයන් ආශ්‍රිතව පරිඝනක සැකසීමේදී තිරය දිලිසීමට ලක්වීම වලක්වා ගන්න

•පරිඝනක මේසයේ පුටුව සුවපහසු එකක් විය යුතුය.පුටුවේ දෙඅත් රඳවනයන් තිබීම යතුරුලියනය කිරීමේ අපහසුතාවය මැඩලයි

•විටින් විට පුටුවෙන් නැගිට එහෙ මෙහෙ ඇවිදින්න‍.ජනේලය ළගට ගොස් ඈත බලන්න.අතපය ආදියට යම් චලන ලබා දෙන්න

•හැකිනම් වෛද්‍යවරයෙකු ලවා Computer Glasses දෙකක් ලබාගන පරඝණකයේ වැඩ කරන විට පළදින්න

ඔබත් ( CVS) හි ගොදුරක් නොවී ඔබේ දෑස පරිඝණකයෙන් බේරාගෙන පරිඝනකයේ ක්‍රියාවලියේ නිරතවන්න.බුල්ටෝ කඩේ අපිත් දැන් මේ උපදෙස් පිළිපදිනවා..ඔයාත් පිළිපදින්න.ඔබේ වටිනා දෑස රැකගන්න..දවසම මූනු පොතේ එල්ලිලා හිටියා වගේ නෙවේ ඇස් දෙක නැති උනොත්..ඔබේ වටිනා අදහස් බුල්ටෝ කඩේ කදමල්ලට ලබා දෙන්න..ඔබට ජය !!

උපුටා ගැනීම fb බුල්ටෝ කඩේ - කදමල්ලෙනි

Comments

Post a Comment

Popular posts from this blog

කුණ්ඩලීණි චක‍්‍ර භාවනාව මග පෙන්වීම්

චක‍්ර භාවනාව ගැන පටන් ගන්න කලින් මුලින්ම දැන ගන්න ඔන කාරනා කිහිපයක් තියෙනවා. ප‍්‍රධානම දෙය තමයි සෘෂි භාෂිත පංච නීවරණය . මොකක්ද මේ ....... බොහොම සරල දෙයක් 1. ප‍්‍රණ ශක්තිය පාතනය කිරිමඅපගේ ජිවිතය රුදිලා තියෙන්නේ හුස්ම මත ..... අපි විස්වාස කරන්නේ එහෙමයි. හැබැයි එක ඇත්ත නොවෙයි. හුස්ම ගැනීමට වඩා නොගෙන ඉන්නවනම් වැඩි කාලයක් නිරෝගීව ජිවත් වෙන්න පුලූවන්.ප‍්‍රණ ශක්තිය පාතනය කරන්න කියලා කියන්නේ ප‍්‍රණ ශක්තිය වෙනත් ශක්තියකට පෙරලන්න කියන එකයි. කුණ්ඩලීණිය වඩන්නනම් මුලින්ම අපි හුරු වෙන්න ඔනේ හුස්ම ගැනීම වෙනුවට නොගෙන සිටිමත් එයින් ඇතිවෙන ශක්තිය කම්පන තරංගයකට පෙරලා ගැනීමටත් 2. ඉන්පසු වැදගත්ම දේ තමයි. අනුන්ගේ දේ නොගැනීම. අනුන්ගේ දේ කියන්නේ හුස්ම පාලනය කිරිම තුළින් අපි රූප ධ්‍යාන මට්ටමට ලගා වෙනවා. අනුන්ගේ දේ කියලා කියන්නේ අන් සතු රූප නොගැනීම . යොගියා භාවනාවෙන් රූප දකින්න පටන් ගත්ත ගමන් ඒ තුළින් ආස්වාදයක් වින්දනයක් ලබන්න පටන් ගන්නවා. අනිත් කෙනා කරන දෙය අල්ලපු ගෙදර වෙන දෙය ඉතිහාසය දෙවියන් ආදිය බලමින් එතනින් ඉදිරියට යෑම නතර කරනවා........ඒ කියන්නේ චක‍්‍ර භාවනාවේ පලමු ච‍්‍රක‍්‍රය එනම් මුලාදාරය අවදිවීම ත

ආහාර හා පෝෂණය පිළිබඳ මෑතකාලීන අධ්‍යයන සමහරක වැදගත් අනාවරණ

මහාචාර්ය ජයිරාම් වනමාලා (Jairam Vanamala) විනෝදාංශයක්‌ ලෙස කළේ සුරතල් සතුන් ඇති කිරීම ය. ඔහු ගේ නිවසේ හාවුන් රැසක්‌ හා මීයන් සුරතල් සතුන් සේ ඇති කරනු ලැබී ය. (අපේ රටේ නිතර ම දක්‌නට ලැබෙන මීයන් නො ව ලස්‌සන මීයන් ය). ඔහු ගේ හාවුන් හා මී රැළ අතරෙන් වැඩි කොටසක්‌ හදිසියේ ම මහාන්ත්‍ර පිළිකා රෝගවලට බඳුන් වී මිය ගිය අතර ඉතිරි වූයේ දෙතුන් දෙනකු පමණි. මේ ඉතිරි වූ දෙතුන් දෙනා ගැන ඔහු ඉන්පසු වැඩිපුර අවධානය යොමු කරන්නට විය. ඉන්පසු ඔහුට නිරීක්‌ෂණය කළ හැකි වූයේ අපූර්ව දෙයකි. මේ අය, ලබා දෙන සාමාන්‍ය ආහාරවලට අමතරව, වත්තෙහි (මොවුන් කුඩා විවෘත බිම් පෙදෙසක හැදී වැඩුණ සතුන් ය) වූ මිදි ගස්‌වලින් වැටෙන මිදි ආහාර ලෙස ගන්නා බවයි. මේ සිද්ධියෙන් පසු මිදි පිළිකා කෙරෙහි දක්‌වන ප්‍රතිචාර ගැන දීර්ඝ ලෙස අවධානය යොමු කරන්නට Jairam සිතිණි. Jairam යනු ඇමෙරිකාවේ පෙන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයයේ ආහාර විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකි. ඔහු පෙන් විශ්විද්‍යාලයයේ පිළිකා ආයතනයේ ද දේශකයෙකි. ඔහු මහාන්ත්‍ර පිළිකා සහිත මීයන් 52 දෙනකු ගෙන ඔවුන් කොටස්‌ තුනකට බෙදුවේ ය. එක්‌ කොටසකට සාමාන්‍ය ආහාරවලට අමතරව මිදි සහිත ආහාර වේලක්‌ ලබා දුන් අ

අපාය - විවිධ අපායන් හා ඒ ඒ අපායට යාමට හේතු

නරකය නරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකටයි. නරකාදි කියන සිංහල වචනය නරකය+ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලෝක කියන එකයි. මෙ නරකයත් කොටස් වලින් යුක්තයි. 01)  සඤ්ජිවය යමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නම් වෙ.  අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අන්අය හා කලකෝලහල කල අයද, දුබලයන් පෙළු රජවරු නිලධාරි හා අමාත්‍යයෝද, දිලින්දන් පෙළු පොසතුන්ද, මැරයෝද, සතුන් මරන්නෝද මෙ නරකයේ උපදියි. 02) කාලසුත්‍රය උපන් සත්ත්වයින් ගිනියම් වු යපොලවෙහි පෙරලා දැලි නුල් ගසා සසින්නාවු (කියතින් ඉරන්නාවු) නරකය මෙයයි. මාපියන්ට හා මිතුරන්ටද, ගුණවත් මහණ බමුණු ආදින්ටත් අපරාධ කල අය මේ නරකයේ පැසෙයි. 03) සන්ඝාතය මෙම නරකයේ සත්ත්වයෝ යොදුන් නවයක් ඝන ලෝහමය පොළවේ එරි නිස්චලව සිටිති. එහි භයානක හඩක් නංවමින් එහි එරි සිටින සත්ත්වයින් අඹරමින් පර්වතයෝ ඒ මෙ අත පෙරලි යති. ඒවාට යටවි සත්ත්වයෝ තැලි පොඩිවි ඇඹරි යති. ඇත් අස්, ගව ආදි සත්ත්වයිට වද දෙමින් වැඩ ගත් පුද්ගලයින් හා ස