Skip to main content

උඩරට තේ නිපදවන හැටි
2011 ඔක්තෝබර් මස 30 13:58:02 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
ශ්‍රී ලංකාවේ වසර ගණනක් තිස්සේ තේ ප‍්‍රධානතම අපනය ආදායම් මාර්ගය ලෙස තිබූ බව අවිවාධිතය.
මහනුවර දිස්ති‍්‍රක්කයේ ”ලූල් කඳුර” වතුයායේ දී 1867 දී ජේම්ස් ටේලර් තම බි‍්‍රතාන්‍ය ජාතිකයා අප රටට තේ වගාව හඳුන්වා දී තිබේ. එදා සිට වසර 144ක ඉතිහාසයක් හිමි මෙම තේ වගාව උඩරට හා පහතරට ලෙස වගාව දෙකකට බෙදා ගනිමින් අප රටේ වගා කටයුතු සිදුවෙයි. ආරම්භයේ සිට මෑතක් වන තුරු ශ්‍රී ලංකාවේ තේ මිලදී ගත් රටවල් තේ පානය සඳහා සුළු වශයෙන් භාවිත කර විවිධ වර්ණ සැකසීමේ මූලද්‍රව්‍යයක් ලෙස තේ කුඩු භාවිත කළේය. මෑතක සිට ශ්‍රී ලංකාවේ තේ ප‍්‍රධාන වශයෙන් ආහාරයක් ලෙස නම් කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර ප‍්‍රමිති සහතික මත අපගේ තේ නිෂ්පාදනය කිරීමට සිදුව ඇත.
ශ්‍රී ලංකාවේ සාර්ථක තේ වගාව කි‍්‍රයාත්මක කිරීමට පස සංරක්‍ෂණය කළයුතු බවට තලවාකැලේ තේ පර්යේෂණායතනය මගින් උපදෙස් දී තිබුණද, උඩරට තේ වගාවේ දී එය නිසි ලෙස පිළි නොපැදීම හේතුවෙන් උඩරට තේ වගාවේ ඵලදායීතාව හෙක්ටෙයාර් එකකට අමු තේ දළු කිලෝ 1300ක් දක්වා අගයක පවතින අතර එහි උපදෙස් නිසියාකාරව පිළිපදිමින් වගා කටයුතුවල නිරතවන පහතරට තේ ගොවීහු හෙක්ටෙයාර් එකකට අමු තේ දළු කිලෝ 2300ක ප‍්‍රමාණයක් ලබාගැනීම් ඔස්සේ සාර්ථක තේ වගාවක නිරතව සිටිති.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ”හරිත තේ” (Green Tea) පිළිකා හා හෘද රෝග සඳහා දිව ඔසුවක් බවට දැනට කරන ලද පරීක්‍ෂණවලින් සනාථ වීමත් සමග ශ්‍රී ලංකාවේ තේ සඳහා ලෝක වෙළෙඳපළේ හොඳ ඉල්ලූමක් ඇති වී තිබේ. තවද දේශීය ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය අනුව එකතු කළ අගය මත (Value Added)  ශ්‍රී ලංකාවේ පහතරට තේ, කුරුඳු, ඉඟුරු, කරපිංචා ක්‍ෂණික තේ (Sliming Tea)දියවැයඩියා තේ (Diabetic Tea) ටි‍්‍රපල තේ වශයෙන් විවිධ වර්ගයන්ගෙන් නිෂ්පාදනය කරන අතර ඒවාට දේශීය වෙළඳපළේ විශාල ඉල්ලූමක් ද පවතී. උඩරට තේ වගාවෙන් දැනට තේ වර්ග 10කට ආසන්න ප‍්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර, පහතරට තේ වගාවෙන් එය වර්ග 20ක් දක්වා ව්‍යාප්ත කර ඇත. උඩරට හා පහතරට තේ වගාව මගින් ඍජුව හා වක‍්‍රාකාරයෙන් ලක්‍ෂ 30කට ආසන්න ජනතාවක් යැපෙන අතර උඩරට තේ වතු සමාගම් 23ක් යටතේ කළමනාකරණය සිදු කෙරේ.
ශ්‍රී ලංකාවේ තේ අපනයනයට ඉන්දියාව හා කෙන්යාව වැනි රට වලින් අභියෝග පැවතියද, විදේශිකයන් ඉතා හොඳම ගුණවත් තේ ශ්‍රී ලංකාවෙන් යනුවෙන් (Best Tea in Sri Lanka) හැඳින්වෙන නිසා එකී අභියෝග ජය ගැනීමේ අසිරුවක් නොවන බව තේ වගාව පිළිබඳ විශාරදයෝ පෙන්වා දෙති. ඉකුත් කාලයේ මැද පෙරදිග කලාපයේ පැවති යුදමය තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ සඳහා ඉතා පහළ මිලක් ලැබූණද එය මේ වනවිට ස්ථාවර මිල මට්ටමකට පැමිණෙමින් පවතින බව තේ වතු සමාගම් හිමියෝ පවසති.
තේ බීජ වලින් හා තේ රිකිළිවලින් තේ පැළ තවාන් කර එම පැළ සිටුවා අවුරුදු දෙක හමාරක (මාස 30ක) කාලයකින් අනතුරුව අස්වැන්න නෙළීම සිදු කෙරේ. වැඩුණු තේ දල්ලේ කොළ දෙකක හා මොටෙයියා තේ කුඩු නිෂ්පාදනය සඳහා තේ ගසෙන් ලබා ගැනීම තේ වතුවල තේ දළු නෙළන කාන්තාවන් විසින් නෙළන තේ දළු රැුස් කරන ස්ථානවලදී කිලෝ 10 ඇසුරුම්වලට බහා නොතැළෙන සේ තේ කර්මාන්තශාලාව වෙත ප‍්‍රවාහනය කරයි. අනතුරුව ”තව් මැරීම” (Wedaring) සඳහා ලණු ගෝනි වලින් සැකසූ තට්ටුවල සඳහා අසුරනු ලබයි. එම අමු තේ දළු හතරැස් අඩි 01කට කිලෝ දෙක හමාරක් පමණ තවටු වලට බහාලයි. එහිදී පැය 1214ක කාලයක් ස්වභාවික හා කෘති‍්‍රම ආකාරයේ තෙතමනය ඉවත් කෙරේ. එහිදී අමු තේ දළුවල තෙතමනය 55%ක් ඉතිරි කර 45%ක් ඉවත් කිරීමේ කි‍්‍රයාවලිය සිදුවෙයි.
අනතුරුව තේ දළු ඇඹරීම සඳහා ඇඹරුම් කාමරය (Rolling Room) වෙත යොමු වෙයි. විනාඩි 40කට වරක් අමු තේ දළු කිලෝ 775ක් ඇඹරුම් කාමරය තුළට ගන්නා අතර එය ඇඹරුම් යන්ත‍්‍ර (Rolar) තුනකින් අඹරා විනාඩි 20ක කාලයක් තව් මැරීම කරයි. එහිදී උෂ්ණත්වය ෆැරන්හහයිට් අංශක 12-75ක අගයක පවත්වා ගනී.
මෙහිදී අඹරණ ලද තේ කොළවල රසායනික කි‍්‍රයාකාරීත්වය ආරම්භ කෙරේ. රොට වෑන් තුළට දැමීමෙන් තේ කොළ කුඩා කැබලිවලට කඩා ගැනීම සිදුවෙයි. මෙහිදී උෂ්ණත්වය ෆැරන් හයිට් අංශක 94-95ක අගයක තිබිය යුතුය.
අනතුරුව කුඩා කැබලි කර ගත් තේ පෙනෙර මාර්ගයෙන් හලා ගනී. ඉන්පසු වර්ගීකරණය සිදු කරයි. මේ සඳහා පැය 03ක පමණ කාලයක් ගත වේ. මෙම කි‍්‍රයාවලියේ දී තේ කුඩුවල වර්ණය වෙනස්වීම හා ස්වභාවික සුවඳ එක්වීම වෙයි. අනතුරුව බොයිලේරුවේ උෂ්ණත්වයෙන් විනාඩි 22ක පමණ කාලයක් වේලීම කර යන්ත‍්‍රානුසාරයෙන් තේ කොළයේ මැද දණ්ඩ ඉවත් කර පිරිසුදු කිරීම කරයි. දණ්ඩ කොටස ඉවත කරන තේ කුඩු කසළ තේ වන අතර පිරිසුදු කර ගන්නා තේ ”කළු තේ” (Black Tea) ලෙස හැඳින්වේ. අමු තේ දළු කිලෝ 100කින් නිමි තේ කුඩු කිලෝ 25ක් ලබා ගත හැකිය.
තේ කුඩු වර්ගීකරණ කි‍්‍රයාවලිය අවසන් වශයෙන් සිදු කෙරෙන අතර එහිදී නැවතත් දුවිලි ඉවත් කර පිරිසුදු කරයි. අනතුරුව නිෂ්පාදන කි‍්‍රයාවලිය කිලෝ 50, 57 හා 60 වශයෙන් ඇසුරුම් කරන අතර මෙහිදී බී. ඕ.පී. (B.O.P. - Broken Orange Packo) ඩස්ට් (Dust) වෙන් වෙන් වශයෙන් ඇසුරුම් කෙරේ.
එසේ ඇසුරුම් කරන තේ කුඩු කොළඹ වෙළඳපළට යැවීමට ප‍්‍රථම වතු අධිකාරිවරු විසින් තේ කුඩුවල රස බැලීම කර්මාන්තශාලා තුළ දී සිදු කරනු ලබයි. කොළඹ තේ වෙළඳපළේ වෙන්දේසියේ දී නියම කෙරෙන මිල ගණන් අනුව අදාළ තේ ගැනුම්කරුවන් විසින් මිලදී ගැනීම කරනු ලැබේ.
තේ කුඩු නිෂ්පාදනය සඳහා ශ‍්‍රම දායකත්වය ලබා දෙන කාර්මාන්ත ශාලාවල සේවය කරන එක් වතු කම්කරුවකට මාසයකට හොඳ තේ කුඩු කිලෝ එක හමාරක් හා තේ වතුවල සේවය කරන කම්කරුවන්ට මාසයකට කිලෝ ග‍්‍රෑම් 500ක් වතු පාලනාධිකාරිය මගින් නොමිලේ ලබාදෙනු ලැබේ. ඊට අමතරව වතු කම්කරු වන්ගේ සෞඛ්‍ය ඇතුළු සියලූ සුබසාධන කටයුතු සඳහා වතු පාලනාධිකාරිය මගින් වසරකට විශාල මුදලක් වැය කෙරේ.
කොටස් වෙළඳපළේ තේ මිලේ උච්චාවචනය අනුව වතු කම්කරුවන් සඳහා වාර්ෂිකව ලාභාංශ බෙදීමද සිදුවෙයි. එම ලාභ ප‍්‍රතිශතය මත රාජ්‍ය අනුග‍්‍රහයද ඇතිව තේ නැවත වගාව කෙරේ.
(මෙම ලිපිය සැකසීමේ දී නෝර්වුඞ් තේ වත්තේ ජ්‍යෙෂ්ඨ වතු කළමනාකාර ෆෙරොස් මජීඞ් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ලබාදුන් සහායට විශේෂ ස්තුතිය හිමිවේ.)
ඡායාරූප හා සටහන මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක නෝර්වුඞ් රංජිත් රාජපක්‍ෂ
ජාත්‍යන්තර ප‍්‍රමිති සහතික (තේ අලෙවිය සඳහා)
තේ කර්මාන්ත ශාලාවක ඇතුළත දර්ශන
තේ කර්මාන්ත ශාලාවක ඇතුළත දර්ශන
වේළීම සඳහා දමා ඇති අඹරාගත් තේ කුඩු
නිමි තේ රස බලන ”ටී ටෙස්ටර්” වරයෙක්
තේ කර්මාන්ත ශාලාවට තේ කොළ රැගන එන අයුරු

Comments

Popular posts from this blog

කුණ්ඩලීණි චක‍්‍ර භාවනාව මග පෙන්වීම්

චක‍්ර භාවනාව ගැන පටන් ගන්න කලින් මුලින්ම දැන ගන්න ඔන කාරනා කිහිපයක් තියෙනවා. ප‍්‍රධානම දෙය තමයි සෘෂි භාෂිත පංච නීවරණය . මොකක්ද මේ ....... බොහොම සරල දෙයක් 1. ප‍්‍රණ ශක්තිය පාතනය කිරිමඅපගේ ජිවිතය රුදිලා තියෙන්නේ හුස්ම මත ..... අපි විස්වාස කරන්නේ එහෙමයි. හැබැයි එක ඇත්ත නොවෙයි. හුස්ම ගැනීමට වඩා නොගෙන ඉන්නවනම් වැඩි කාලයක් නිරෝගීව ජිවත් වෙන්න පුලූවන්.ප‍්‍රණ ශක්තිය පාතනය කරන්න කියලා කියන්නේ ප‍්‍රණ ශක්තිය වෙනත් ශක්තියකට පෙරලන්න කියන එකයි. කුණ්ඩලීණිය වඩන්නනම් මුලින්ම අපි හුරු වෙන්න ඔනේ හුස්ම ගැනීම වෙනුවට නොගෙන සිටිමත් එයින් ඇතිවෙන ශක්තිය කම්පන තරංගයකට පෙරලා ගැනීමටත් 2. ඉන්පසු වැදගත්ම දේ තමයි. අනුන්ගේ දේ නොගැනීම. අනුන්ගේ දේ කියන්නේ හුස්ම පාලනය කිරිම තුළින් අපි රූප ධ්‍යාන මට්ටමට ලගා වෙනවා. අනුන්ගේ දේ කියලා කියන්නේ අන් සතු රූප නොගැනීම . යොගියා භාවනාවෙන් රූප දකින්න පටන් ගත්ත ගමන් ඒ තුළින් ආස්වාදයක් වින්දනයක් ලබන්න පටන් ගන්නවා. අනිත් කෙනා කරන දෙය අල්ලපු ගෙදර වෙන දෙය ඉතිහාසය දෙවියන් ආදිය බලමින් එතනින් ඉදිරියට යෑම නතර කරනවා........ඒ කියන්නේ චක‍්‍ර භාවනාවේ පලමු ච‍්‍රක‍්‍රය එනම් මුලාදාරය අවදිවීම ත

ආහාර හා පෝෂණය පිළිබඳ මෑතකාලීන අධ්‍යයන සමහරක වැදගත් අනාවරණ

මහාචාර්ය ජයිරාම් වනමාලා (Jairam Vanamala) විනෝදාංශයක්‌ ලෙස කළේ සුරතල් සතුන් ඇති කිරීම ය. ඔහු ගේ නිවසේ හාවුන් රැසක්‌ හා මීයන් සුරතල් සතුන් සේ ඇති කරනු ලැබී ය. (අපේ රටේ නිතර ම දක්‌නට ලැබෙන මීයන් නො ව ලස්‌සන මීයන් ය). ඔහු ගේ හාවුන් හා මී රැළ අතරෙන් වැඩි කොටසක්‌ හදිසියේ ම මහාන්ත්‍ර පිළිකා රෝගවලට බඳුන් වී මිය ගිය අතර ඉතිරි වූයේ දෙතුන් දෙනකු පමණි. මේ ඉතිරි වූ දෙතුන් දෙනා ගැන ඔහු ඉන්පසු වැඩිපුර අවධානය යොමු කරන්නට විය. ඉන්පසු ඔහුට නිරීක්‌ෂණය කළ හැකි වූයේ අපූර්ව දෙයකි. මේ අය, ලබා දෙන සාමාන්‍ය ආහාරවලට අමතරව, වත්තෙහි (මොවුන් කුඩා විවෘත බිම් පෙදෙසක හැදී වැඩුණ සතුන් ය) වූ මිදි ගස්‌වලින් වැටෙන මිදි ආහාර ලෙස ගන්නා බවයි. මේ සිද්ධියෙන් පසු මිදි පිළිකා කෙරෙහි දක්‌වන ප්‍රතිචාර ගැන දීර්ඝ ලෙස අවධානය යොමු කරන්නට Jairam සිතිණි. Jairam යනු ඇමෙරිකාවේ පෙන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයයේ ආහාර විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකි. ඔහු පෙන් විශ්විද්‍යාලයයේ පිළිකා ආයතනයේ ද දේශකයෙකි. ඔහු මහාන්ත්‍ර පිළිකා සහිත මීයන් 52 දෙනකු ගෙන ඔවුන් කොටස්‌ තුනකට බෙදුවේ ය. එක්‌ කොටසකට සාමාන්‍ය ආහාරවලට අමතරව මිදි සහිත ආහාර වේලක්‌ ලබා දුන් අ

අපාය - විවිධ අපායන් හා ඒ ඒ අපායට යාමට හේතු

නරකය නරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකටයි. නරකාදි කියන සිංහල වචනය නරකය+ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලෝක කියන එකයි. මෙ නරකයත් කොටස් වලින් යුක්තයි. 01)  සඤ්ජිවය යමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නම් වෙ.  අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අන්අය හා කලකෝලහල කල අයද, දුබලයන් පෙළු රජවරු නිලධාරි හා අමාත්‍යයෝද, දිලින්දන් පෙළු පොසතුන්ද, මැරයෝද, සතුන් මරන්නෝද මෙ නරකයේ උපදියි. 02) කාලසුත්‍රය උපන් සත්ත්වයින් ගිනියම් වු යපොලවෙහි පෙරලා දැලි නුල් ගසා සසින්නාවු (කියතින් ඉරන්නාවු) නරකය මෙයයි. මාපියන්ට හා මිතුරන්ටද, ගුණවත් මහණ බමුණු ආදින්ටත් අපරාධ කල අය මේ නරකයේ පැසෙයි. 03) සන්ඝාතය මෙම නරකයේ සත්ත්වයෝ යොදුන් නවයක් ඝන ලෝහමය පොළවේ එරි නිස්චලව සිටිති. එහි භයානක හඩක් නංවමින් එහි එරි සිටින සත්ත්වයින් අඹරමින් පර්වතයෝ ඒ මෙ අත පෙරලි යති. ඒවාට යටවි සත්ත්වයෝ තැලි පොඩිවි ඇඹරි යති. ඇත් අස්, ගව ආදි සත්ත්වයිට වද දෙමින් වැඩ ගත් පුද්ගලයින් හා ස