Skip to main content

දෙවිවරු මේ කැළණි බිමේ

 

විහාරස්‌ථාන ආශ්‍රිත ව ප්‍රකට හා අප්‍රකට මෙන් ම ප්‍රධාන හා අප්‍රධාන දෙවිවරුන් දක්‌නට ලැබීම බෞද්ධ ලෝකයේ බොහෝ රටවල දක්‌නට ලැබෙන ලක්‍ෂණයකි. ඓතිහාසික කල්‍යාණි රාජමහා විහාරය හා සබැඳි ශ්‍රී ලාංකික බෞද්ධ දෙවි දේවතාවුන් වහන්සේලා පිළිබඳ කරුණු ස්‌වල්පයක්‌ සමාලෝචනය කිරීම මෙම ලිපියෙහි අරමුණයි.

කැලණි විහාරය ප්‍රධාන, කැලණිය භූමිය විභීෂණ දෙවියන්ගේ වාසභූමිය බව ප්‍රකට කරුණකි. කැලණි වෙහෙර බිම පිහිටි ඓතිහාසික විභීෂණ දේවාලය එහි කේන්ද්‍රස්‌ථානයයි. කැලණිය කේන්ද්‍රකොටගෙන සිරිලක සම්බුදු සසුන සුරකින විභීෂණ දෙවියෝ ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ අතිමහත් ගෞරවයට, අභිවාදනයට හා අභිමානයට පත්වූවෝය. එය සංකේතවත් කරමින් කැලණි විහාරයේ වාර්ෂික දුරුතු මහා පූජෝත්සව පෙරහැරේ දී විභීෂණ දෙවියන් වෙනුවෙන් ම පෙරහැරක්‌ පවත්වා පූජෝපහාර දක්‌වනු ලැබේ. 

සුප්‍රකට රාම-රාවණ සිද්ධියේ දී විභීෂණ කුමරු සිය සොහොයුරාගේ පාර්ශ්වය නොව අගතියට පත් රාම කුමරුගේ පාර්ශ්වය ගෙන ඔහුට උපකාර කිරීමෙන් තමන් තුළ වූ අපක්‍ෂපාතී, සාධාරණ හා සදාචාරවත් දෘෂ්ඨිය ලොවට විදහා පෑවේය. එහි සාංදෘෂ්ටික ප්‍රතිඵලයක්‌ ලෙස යුද්ධයෙන් ජයගත් රාම කුමරුගේ ආශිර්වාදයෙන් විභීෂණ කුමරු ලක්‌දිව අගරජ ලෙස අභිෂේක කරවනු ලැබිණි. ඉන්පසු විභිෂණ රජ කැලණිපුරය අගනුවර කොට දැහැමෙන් රාජ්‍යය විචාලේය. සිරිලක අගරජ ලෙස ද ධාර්මික ව ජනසෙත සැලසූ එතුමෝ කීර්තිභාවශේෂෝපගතවීමෙන් පසු ලක්‌දිව පමණක්‌ නොව දඹදිව ද දේවත්වයෙන් පුදනු ලැබූහ. එවක්‌ පටන් අද දක්‌වා කැලණිය කේන්ද්‍රකොටගෙන විභීෂණ දෙවියන් පිදීම සිදුකරනු ලබයි. 

විභීෂණ දෙවියන්ට පුද පූජා උපහාර දක්‌වන විශේෂ හේතු කිහිපයක්‌ ම දැකිය හැකිය. ඉන් එකක්‌ නම් දරු සම්පත් පැතීමයි. විභීෂණ දෙවියන්ගේ ආශිර්වාදයෙන් දරු සම්පත් ලැබූවන් අතර රාජ රාජමහාමාත්‍යාදීහු ද වෙති. ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙම කරුණ පිළිබඳ ප්‍රකට ම උදාහරණය කෝට්‌ටේ සිරිපැරකුම්බා රජුගේ කනිටු දියණිය වූ උලකුඩය දේවිය (විවාහයට පෙර ලෝකනාථා කුමරිය) ගේ දරු උපත යි. උලකුඩය දේවියට දරු උපතක්‌ ලබාදෙන ලෙස විභීෂණ දෙවියන්ගෙන් ඉල්ලා තොටගමුවේ ශ්‍රී විජයබා පිරිවෙන්පති ෂඩ්භාෂා පරමේෂ්වර තොටගමුවේ සිරි රාහුල හිමියන් සැළලිහිණියකු දූතයා කොට යෑවූ සැළලිහිණි සන්දේශය එම ඓතිහාසික සිද්ධියේ සාහිත්‍යාගත සාක්‍ෂියයි. ඉන් උපන් පුත් කුමරු දෙවැනි විජයබා ලෙස කෝට්‌ටේ රජ පදවියට ද පත්විය. මෙසේ දරු සම්පත් පතා විභීෂණ දෙවියන් පිදීම අද දක්‌වා ම කැලණියේ පවත්නා චාරිත්‍රයකි. 

විභීෂණ දෙවියන්ගේ තවත් විශේෂයක්‌ ලෙස සතුරන් සහ බාධක ජයගැනීමට ආශිර්වාද කිරීම දැක්‌ වේ. සතුරන් බියට පත්කළ බැවින් විභීෂණ නම් වූ බව ද සඳහන් ය. සිය බාධක ජයගනුවස්‌ විභීෂණ දෙවියන්ට පින්පෙත් දී පිහිට පැතීම අද ද සිදුවෙයි. 

කැලණි විහාරයේ ඓතිහාසික විහාර මන්දිරයෙහි පැරණි විහාරය කොටසෙහි ඇතුල් මාලයේ සැතපෙන පිළිමයට දකුණු පසින් දේවාල මන්දිරයක්‌ වෙයි. එහි විෂ්ණු කතරගම (නම සඳහන් වන්නේ කන්දස්‍යාමි ලෙසිනි) සහ සිරි සුමන සමන් දෙවියන් වෙනුවෙන් වන දේවාලයකි. එම මූර්තිමත් දේව ප්‍රතිමා නුවර යුගයේ නිර්මාණ ලක්‍ෂණ විදහා දක්‌වයි. ඉන් ඉදිරිපස බිත්තියෙහි ඇතුල් මාලයේ දකුණු පස දොරටුවේ වම්පස ගණ දෙවියන් සහ ඊෂ්වර දෙවියන් චිත්‍රණය කොට ඇත. දොරටුවට දකුණු පසින් ගන්ධර්වාධිපති ධ්‍රැතරාෂ්ට්‍ර දෙවි, නාගාධිපති විරූළ්හ දෙවි, කුම්භණ්‌ඩාධිපති විරූපාක්‍ෂ දෙවි, යක්‍ෂාධිපති වෛශ්‍රවන දෙවි යන සතර වරම් දෙවිමහරජදරුවන් චිත්‍රණය කොට ඇත. දකුණු පස දොරටුවට දකුණු පසින් සමන් දෙවියන් සහ විභීෂණ දෙවියන් චිත්‍රණය කොට ඇත. මෙම චිත්‍ර සියල්ලක්‌ ම ද නුවර යුගයේ බිතුසිතුවම් ලක්‍ෂණ මැනවින් ප්‍රකට කරයි. 

තුනුරුවන් සරණ ගිය පින් කැමති ශාසනාරක්‍ෂක හා ශාසනමාමක දෙවි දේවතාවන් මෙන් ම හින්දු දේව සම්ප්‍රදායට අයත් දෙවිවරු ද මෙසේ චිත්‍රණය කොට ඇති බව පෙනේ. ඉහත සඳහන් කළ විභීෂණ දේවාලයේ ප්‍රධාන දොරටුව දකුණු පසින් ගම්භාර දෙවියන් සඳහා වූ දේව මන්දිරයක්‌ වෙයි. 

නැවත අභිනව විහාර මන්දිරයේ පිටත බිත්තියෙහි විෂ්ණු, කතරගම, සුමන සමන් දේව ප්‍රතිමා මූර්තිමත් කොට තිබේ. ඒ අතර ඇති විභීෂණ අභිෂේකය ශ්‍රී ලංකාවේ විහාරචිත්‍ර මූර්ති අතර දක්‌නට ලැබෙන දුර්ලභ මූර්තියකි. එහි ම ඇති නාථ දෙවියන් ලෙස ද දැක්‌වෙන මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාව ද සුවිශේෂ ය. 

රවි දේවතාවන් ප්‍රධාන නවග්‍රහ දේවප්‍රතිමා සහිත නවග්‍රහ දේව මන්දිරය ද ලක්‌දිව නන් දෙසින් නිතිපතා ආශිර්වාද පතා පැමිණෙන කැලණි විහාරයේ නවාංගයකි. 

සබරගමු බස්‌නාහිර ප්‍රදේශවලට සුවිශේෂ රන්වල දෙවියන් නිරන්තරයෙන් කැලණි වෙහෙර වන්දනාවෙහි යෙදෙන බව පිළිගැනේ. කැලණි ගඟ සිය ගමන්මග කොටගෙන මෙම රන්වල දෙවියන් නිතර කැලණිවෙහෙර වැඳීමට පැමිණීම පිළිබඳ තොරතුරු හා කතන්දර මේ පෙදෙස්‌ ආශ්‍රිත වැසියන් අතර ජනප්‍රිය ය. රන්වල දෙවියන් වෙනුවෙන් උපහාර පූජා පැවැත්වීම ද කැලණි ගඟ ආශ්‍රයෙහි වෙසෙන ජනී ජනයාට ආවේණික සංස්‌කෘතිකාංගයකි. 

ආසියානු බෞද්ධ හා අනෙකුත් සම්ප්‍රදායයන්හි නාගයන් සලකනු ලබන්නේ භූම්‍යස්‌ථ දේව කොට්‌ඨාසයක්‌ ලෙසිනි. ජලාශ්‍රිත පුදබිම්වල නාගයෝ (නාග දෙවිවරු) විශේෂයෙන් පුද ලබති. සුවණ්‌ණ, අසුර, යක්‍ෂ, ගාන්ධර්ව යන සත්ත්ව කොට්‌ඨාසයෝ දේවතා ගණයට ද වැටෙන සෙසු බලසම්පන්න භූම්‍යස්‌ථ ජීවීහු වෙති. 

නාගරාජවරු අතර ලක්‌දිව චිරප්‍රසිද්ධ වූවෝ මණිඅක්‌ක නා රජු ය. එතුමන්ගේ වාසභූමිය ද කැලණියයි. තථාගතයන් වහන්සේට කැලණියට වැඩමවීමට ආරාධනා කළ මෙතුමා බුදුරදුන්ගේ තෙවැනි ලංකාගමනයේ ප්‍රධාන අනුග්‍රාහක දායකයා ද විය. කැලණි විහාරයේ ස්‌ථාන දෙකක මෙතුමන්ගේ ප්‍රතිමා දක්‌නට ලැබේ. ඉන් එකක පැරණි විහාර කොටසේ ඉදිරිපස බිත්තියේ මූර්තිමත් කොට ඇති නුවර යුගයට අයත් විශාල ප්‍රමාණයේ (දහඅට රියනක්‌ පමණ වන) ප්‍රතිමාවයි. එහි දෙපස නාගකන්‍යා රූප දෙකක්‌ ද විද්‍යමාන ය. දෙවැන්න නව විහාරයේ පිටත බිත්තියේ මූර්තිමත් කොට ඇති නව ප්‍රතිමාවයි. මණිඅක්‌ක නා රජුන්ගේ ප්‍රතිමාවක්‌ හෝ චිත්‍රයක්‌ වුව ද දක්‌නට ලැබෙන වෙනත් පූජනීය ස්‌ථානයක්‌ පිළිබඳ තොරතුරු අප්‍රකට බැවින් මෙම නිර්මාණය ද කැලණි විහාරයටම සුවිශේෂී වූ නිර්මාණ බව සිතීම නිවරැදි ය. 

----------------------------------------------------------------------
පූජ්‍ය දර්ශනපති දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්‌ඛිත හිමි 
(කැලණිය රාජමහා විහාරවාසී, විහාරාධිකාරි, මෙත්තා විහාරය, තකසු, ජපානය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය, කැලණිය විශ්වවිද්‍යාලය) 
උපුටා ගැනීම දිවයින පත්‍රයෙනි.

Comments

Popular posts from this blog

කුණ්ඩලීණි චක‍්‍ර භාවනාව මග පෙන්වීම්

චක‍්ර භාවනාව ගැන පටන් ගන්න කලින් මුලින්ම දැන ගන්න ඔන කාරනා කිහිපයක් තියෙනවා. ප‍්‍රධානම දෙය තමයි සෘෂි භාෂිත පංච නීවරණය . මොකක්ද මේ ....... බොහොම සරල දෙයක් 1. ප‍්‍රණ ශක්තිය පාතනය කිරිමඅපගේ ජිවිතය රුදිලා තියෙන්නේ හුස්ම මත ..... අපි විස්වාස කරන්නේ එහෙමයි. හැබැයි එක ඇත්ත නොවෙයි. හුස්ම ගැනීමට වඩා නොගෙන ඉන්නවනම් වැඩි කාලයක් නිරෝගීව ජිවත් වෙන්න පුලූවන්.ප‍්‍රණ ශක්තිය පාතනය කරන්න කියලා කියන්නේ ප‍්‍රණ ශක්තිය වෙනත් ශක්තියකට පෙරලන්න කියන එකයි. කුණ්ඩලීණිය වඩන්නනම් මුලින්ම අපි හුරු වෙන්න ඔනේ හුස්ම ගැනීම වෙනුවට නොගෙන සිටිමත් එයින් ඇතිවෙන ශක්තිය කම්පන තරංගයකට පෙරලා ගැනීමටත් 2. ඉන්පසු වැදගත්ම දේ තමයි. අනුන්ගේ දේ නොගැනීම. අනුන්ගේ දේ කියන්නේ හුස්ම පාලනය කිරිම තුළින් අපි රූප ධ්‍යාන මට්ටමට ලගා වෙනවා. අනුන්ගේ දේ කියලා කියන්නේ අන් සතු රූප නොගැනීම . යොගියා භාවනාවෙන් රූප දකින්න පටන් ගත්ත ගමන් ඒ තුළින් ආස්වාදයක් වින්දනයක් ලබන්න පටන් ගන්නවා. අනිත් කෙනා කරන දෙය අල්ලපු ගෙදර වෙන දෙය ඉතිහාසය දෙවියන් ආදිය බලමින් එතනින් ඉදිරියට යෑම නතර කරනවා........ඒ කියන්නේ චක‍්‍ර භාවනාවේ පලමු ච‍්‍රක‍්‍රය එනම් මුලාදාරය අවදිවීම ත

ආහාර හා පෝෂණය පිළිබඳ මෑතකාලීන අධ්‍යයන සමහරක වැදගත් අනාවරණ

මහාචාර්ය ජයිරාම් වනමාලා (Jairam Vanamala) විනෝදාංශයක්‌ ලෙස කළේ සුරතල් සතුන් ඇති කිරීම ය. ඔහු ගේ නිවසේ හාවුන් රැසක්‌ හා මීයන් සුරතල් සතුන් සේ ඇති කරනු ලැබී ය. (අපේ රටේ නිතර ම දක්‌නට ලැබෙන මීයන් නො ව ලස්‌සන මීයන් ය). ඔහු ගේ හාවුන් හා මී රැළ අතරෙන් වැඩි කොටසක්‌ හදිසියේ ම මහාන්ත්‍ර පිළිකා රෝගවලට බඳුන් වී මිය ගිය අතර ඉතිරි වූයේ දෙතුන් දෙනකු පමණි. මේ ඉතිරි වූ දෙතුන් දෙනා ගැන ඔහු ඉන්පසු වැඩිපුර අවධානය යොමු කරන්නට විය. ඉන්පසු ඔහුට නිරීක්‌ෂණය කළ හැකි වූයේ අපූර්ව දෙයකි. මේ අය, ලබා දෙන සාමාන්‍ය ආහාරවලට අමතරව, වත්තෙහි (මොවුන් කුඩා විවෘත බිම් පෙදෙසක හැදී වැඩුණ සතුන් ය) වූ මිදි ගස්‌වලින් වැටෙන මිදි ආහාර ලෙස ගන්නා බවයි. මේ සිද්ධියෙන් පසු මිදි පිළිකා කෙරෙහි දක්‌වන ප්‍රතිචාර ගැන දීර්ඝ ලෙස අවධානය යොමු කරන්නට Jairam සිතිණි. Jairam යනු ඇමෙරිකාවේ පෙන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයයේ ආහාර විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකි. ඔහු පෙන් විශ්විද්‍යාලයයේ පිළිකා ආයතනයේ ද දේශකයෙකි. ඔහු මහාන්ත්‍ර පිළිකා සහිත මීයන් 52 දෙනකු ගෙන ඔවුන් කොටස්‌ තුනකට බෙදුවේ ය. එක්‌ කොටසකට සාමාන්‍ය ආහාරවලට අමතරව මිදි සහිත ආහාර වේලක්‌ ලබා දුන් අ

අපාය - විවිධ අපායන් හා ඒ ඒ අපායට යාමට හේතු

නරකය නරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකටයි. නරකාදි කියන සිංහල වචනය නරකය+ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලෝක කියන එකයි. මෙ නරකයත් කොටස් වලින් යුක්තයි. 01)  සඤ්ජිවය යමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නම් වෙ.  අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අන්අය හා කලකෝලහල කල අයද, දුබලයන් පෙළු රජවරු නිලධාරි හා අමාත්‍යයෝද, දිලින්දන් පෙළු පොසතුන්ද, මැරයෝද, සතුන් මරන්නෝද මෙ නරකයේ උපදියි. 02) කාලසුත්‍රය උපන් සත්ත්වයින් ගිනියම් වු යපොලවෙහි පෙරලා දැලි නුල් ගසා සසින්නාවු (කියතින් ඉරන්නාවු) නරකය මෙයයි. මාපියන්ට හා මිතුරන්ටද, ගුණවත් මහණ බමුණු ආදින්ටත් අපරාධ කල අය මේ නරකයේ පැසෙයි. 03) සන්ඝාතය මෙම නරකයේ සත්ත්වයෝ යොදුන් නවයක් ඝන ලෝහමය පොළවේ එරි නිස්චලව සිටිති. එහි භයානක හඩක් නංවමින් එහි එරි සිටින සත්ත්වයින් අඹරමින් පර්වතයෝ ඒ මෙ අත පෙරලි යති. ඒවාට යටවි සත්ත්වයෝ තැලි පොඩිවි ඇඹරි යති. ඇත් අස්, ගව ආදි සත්ත්වයිට වද දෙමින් වැඩ ගත් පුද්ගලයින් හා ස