Skip to main content

Posts

ජාතියේ පොහොර ගස හෙවත් මී ගස

රසායනික පොහොර, කෘමි නාශක අනවශ්‍ය ප්‍රමාණයට (අව)භාවිතා කිරීම නිසා අද වන විට අපේ ආහාර පිගානත් මහ පොලොවත් දෙකම වස වී තිබේ. අප දරුවන්ට ඉතා ආදරයෙන් වස කවමු. දිනෙන් දින අපට බත සපයන කෙතත් මහ පොලොවත් මරමින් සිටිමු. අතීතයේ අපට වැව හා බැඳුනු විශ්වාස කල නොහැකි තරම් සුන්දර හා විශ්වාසනීය සංස්කෘතියක් තිබුනා.ඒ මහා පාරිසරික පද්ධතිය තුල අපේ මහ වැව ගම් තුලානේ කෙත් වතු සරු සාර ලෙස අස්වද්දවා. අපේ දූ දරුවන් නිරෝගීව පෝෂණය කලා. වැවට ඉහල වනය අලි ඇතුන් සතා සීපාවට ඇති තරම් ආහාර පෝෂණය දුනි. ඒ මහා වනයේ දිය උල්පත් වලින් වැව පෝෂණය කලා. වැවෙන් පහල මිනිසුන් වෙනුවෙන් වෙන් වුනා. අතීතයේ ගොවියා ගැමියා විතරක් නෙවෙයි රටේ රජුත් දැනගෙන හිටියා මී ගහේ මහා වටිනාකම ගැන. ඒ හිංදා හෑම වැවකම වැව් බැම්මේත් කෙත් වතු වටාත් මහා දැවැන්ත මී ගස් තේජාන්විතව ආරක්ෂාකාරීව තම රාජ කාරිය ඉටු කලා. රටේ රජුත් මේ මහා වටිනා ගස රකින්නට නීති රීති සම්පාදනය කලා. එදා අපිට වඩා මේ මී ගහ ගැන ගැමියාට ගොවියාට මහා දැණුමක් තිබුනා. මී ගහේ මල අද අපි පාවිච්චි කරන මුද්දරස්පලම් වලට ආදේශකය විදියට පාවිච්චි කලා. මේ මී මල් හැලප වලට දැම්මා, එය පුංචි ඈයන්ගේ ඉතා රස
Recent posts

ආහාර හා පෝෂණය පිළිබඳ මෑතකාලීන අධ්‍යයන සමහරක වැදගත් අනාවරණ

මහාචාර්ය ජයිරාම් වනමාලා (Jairam Vanamala) විනෝදාංශයක්‌ ලෙස කළේ සුරතල් සතුන් ඇති කිරීම ය. ඔහු ගේ නිවසේ හාවුන් රැසක්‌ හා මීයන් සුරතල් සතුන් සේ ඇති කරනු ලැබී ය. (අපේ රටේ නිතර ම දක්‌නට ලැබෙන මීයන් නො ව ලස්‌සන මීයන් ය). ඔහු ගේ හාවුන් හා මී රැළ අතරෙන් වැඩි කොටසක්‌ හදිසියේ ම මහාන්ත්‍ර පිළිකා රෝගවලට බඳුන් වී මිය ගිය අතර ඉතිරි වූයේ දෙතුන් දෙනකු පමණි. මේ ඉතිරි වූ දෙතුන් දෙනා ගැන ඔහු ඉන්පසු වැඩිපුර අවධානය යොමු කරන්නට විය. ඉන්පසු ඔහුට නිරීක්‌ෂණය කළ හැකි වූයේ අපූර්ව දෙයකි. මේ අය, ලබා දෙන සාමාන්‍ය ආහාරවලට අමතරව, වත්තෙහි (මොවුන් කුඩා විවෘත බිම් පෙදෙසක හැදී වැඩුණ සතුන් ය) වූ මිදි ගස්‌වලින් වැටෙන මිදි ආහාර ලෙස ගන්නා බවයි. මේ සිද්ධියෙන් පසු මිදි පිළිකා කෙරෙහි දක්‌වන ප්‍රතිචාර ගැන දීර්ඝ ලෙස අවධානය යොමු කරන්නට Jairam සිතිණි. Jairam යනු ඇමෙරිකාවේ පෙන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයයේ ආහාර විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකි. ඔහු පෙන් විශ්විද්‍යාලයයේ පිළිකා ආයතනයේ ද දේශකයෙකි. ඔහු මහාන්ත්‍ර පිළිකා සහිත මීයන් 52 දෙනකු ගෙන ඔවුන් කොටස්‌ තුනකට බෙදුවේ ය. එක්‌ කොටසකට සාමාන්‍ය ආහාරවලට අමතරව මිදි සහිත ආහාර වේලක්‌ ලබා දුන් අ

සිදුහත් උපතටත් පෙර මෙරට දියුණු අවමංගල්‍ය චාරිත්‍ර පැවැති බවට සාක්‍ෂි

යාන්ඔය සුසාන භූමියක කැණීම්වලින් හෙළිකර ගනී අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු සිදුහත් කුමාර උත්පත්තිය සිදුවීමට වසර දෙසීයකට ඉහත සිට එනම් ක්‍රිස්‌තු පූර්ව හයවන සියවසේ මෙරට ජනතාව සතුව අවමංගල්‍ය චාරිත්‍ර ඉටු කළ දියුණු චාරිත්‍රයක්‌ පැවැති බවට සාධක කහටගස්‌දිගිලිය කොක්‌ඇබේ ප්‍රදේශයේ යාන්ඔය නිම්නය ආශ්‍රිතව පිහිටි සුසාන භූමියක ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුර විද්‍යා සහ උරුම කළමනාකරණ පීඨයේ අංශාධිපති ආචාර්ය තුසිත මෙන්ඩිස්‌ මහතා ඇතුළු කණ්‌ඩායමක්‌ සිදුකළ පුරා විද්‍යා කැණීම්වලදී හමු වී තිබේ. ආචාර්ය තුසිත මෙන්ඩිස්‌ මහතා ප්‍රමුඛ කථිකාචාර්යවරුන් වන මහාචාර්ය ආරිය ලගමුව, ටිකිරි බණ්‌ඩාර විඡේපාල, චන්දිම අඹන්වල සහ මදුමාලි නිමන්තිකා රණසිංහ යන මහත්ම මහත්මීන් සහ පුරා විද්‍යා සහ උරුම කළමනාකරණ පීඨයේ සිවු වන වසරේ ශිෂ්‍ය කණ්‌ඩායමක්‌ විසින් එම කැණීම් සිදු කොට ඇත. ඒ අනුව එම සුසාන භූමියේ තෝරාගත් ස්‌ථාන තුනක කැණීම් සිදු කොට ඇති අතර එහිදී මෙගලිතික යුගයට අයත් ප්‍රාග් ඓතිහාසික සාධක රැසක්‌ සොයාගෙන තිබේ. වර්ග 4 කට අයත් සාධක 215 ක්‌ පමණ එම කැණීම්වලදී හමුවූ බව ආචාර්ය තුසිත මෙන්ඩිස්‌ මහතා පැවැසීය. ඒ අතර මැටි

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානවලට අනුව මෙම කොමිසන් සභාව වසර දෙකක කාලයක් සඳහා පත් කර ඇති බව වාර්තා වෙයි. මාර්තු මස 03 වන දින සිට බලපැවැත්වෙන පරිදි පිහිටුවා ඇති ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ සාමාජිකයින් ගණන 23ක් වෙයි. එම කොමිසන් සභාවේ සභාපතිවරයා ලෙස K.L.L. විජේරත්න මහතා පත් කර ඇති අතර ලේකම්වරයා ලෙස අශෝක ජයසේකර මහතා පත් කර තිබේ. රාජ්‍ය සේවයේ යහපත් වු රාජ්‍ය පාලනයක් තුළ ජනතාවගේ අභිලාශයන් යථා පරිදි මුදුන්පත් කිරීම උදෙසා රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය, ඵලදායීතාවය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් මෙම කොමිෂන් සභාව ජනාධිපතිවරයා විසින් පත්කර ඇති බව වාර්තා වෙයි. රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද ශ්‍රමබල අවශ්‍යතාවයන් යෝග්‍ය පරිදි සපුරාලීම හා පහසුකරලීම සඳහා කාර්යය මණ්ඩල අධ්‍යයනයක් සිදුකර ඊට උචිත වන සේ ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීම සහ එය ක්‍රියාත්මක කිරීම සදහා රජයට උපදෙස් ලබාදීම මෙම කොමිෂන් සභාවට පැවරී ඇති වගකීමක් වෙයි. විශේෂයෙන් වර්තමානයේ පවතින බඳවා ගැනීම් වැටුප් හ

ක්ෂණික කෑම වල සැඟවුණ ඇත්ත ඇසින් දකින්න

වර්තමානයේ වෙළෙඳපොල තුළ ඇති බොහෝ ක්‍ෂණික ආහාර හේතුවෙන් පසුකාලීනව විවිධ රෝගාබාධා ඇතිවිය හැකි බව ලොවපුරා විද්‍යාඥයින් සහ පෝෂණවේදීන් ප‍්‍රකාශ කර තිබෙනවා. වර්තමාන තරුණ පරපුර ද බෝ නොවන රෝග රැසකින් පෙලීමට හේතුව වී ඇත්තේද ක්‍ෂණික ආහාරවල ඇති ශරීරයට අහිත කර විෂ රසායනික ද්‍රව්‍යයි. ඇතැම් රසකාරක, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය, සුවඳ වර්ග සහ ඇසුරුමේ පවතින දෝෂ හේතුවෙන් ක්‍ෂණික ආහාරවලින් ශරීරයට අහිතකර විෂ ඇතුළු විය හැකියි. එවැනි ආහාර සහ බීම වර්ගවල අඩංගු සංඝටක ඒවායින් ඉවතට ගෙන පාරිභෝගිකයින්ට ප‍්‍රදර්ශනය කළ හැකි නම් කෙතරම් අගනේද? මැලේසියාවේ කන්සියුමර් ඇසෝසියේෂන් ඔෆ් පීනෑන් (Consumers Association of Penang - CAP) නමැති රාජ්‍ය නොවන සංවිධානය එරට පාරිභෝගික අයිතීන් වෙනුවෙන් දැඩිව පෙනී සිටින ආයතනයක්. ඔවුන් ලොව පුරා ජනප‍්‍රියත්වයට පත්වු ක්‍ෂණික ආහාර පාන සහ බීම වර්ග මෙන්ම මැලේසියාවේ ජනප‍්‍රිය ක්‍ෂණික ආහාරවල ද අන්තර්ගත සංඝටක වෙනම ප‍්‍රදර්ශනය කරන අපූරු ප‍්‍රදර්ශන සංවිධානය කරනවා. ඇතැම් විට ඒවා ජනතාව නිතර ගැවසෙන ස්ථානවල පැවැත්වීමෙන් ඉතා ඉහළ ප‍්‍රතිචාර ද ලැබෙන අයුරු දක්නට පුළුවන්. ඇතැම් ජනප‍්‍රිය බීම වර්ගවල අඩංගු සීනි ප‍

උතුරු දකුණු උසස්‌ පෙළ ප්‍රතිඵල විෂමතාවට බලපෑවේ කුමක්‌ ද?

සිනේකා වීරක්‌කොඩි මෙවර (2015) උසස්‌ පෙළ ප්‍රතිඵලවලින්, දිස්‌ත්‍රික්‌ක අනුව සලකන කල, ඉදිරියෙන් ම සිටින්නේ උතුරු පළාතේ යාපනය දිස්‌ත්‍රික්‌කය ය. යාපනය දිස්‌ත්‍රික්‌කය 66.32%ක සාමර්ථ්‍ය ප්‍රතිශතයක්‌ ඇති ව දිවයිනේ මුල් තැනට පැමිණෙද්දී එම පළාතෙහි ම මන්නාරම දිස්‌ත්‍රික්‌කය දෙවැනි තැනට පත් ව තිබෙයි. කිලිනොච්චි හා වව්නියාව යන දිස්‌ත්‍රික්‌ක පිළිවෙළින් පස්‌aවැනි හා අටවැනි ස්‌ථාන හිමි කරගනිද්දී සමස්‌ත උතුරු පළාත 65.23%ක සාමර්ථ්‍ය ප්‍රතිශතයක්‌ සහිතව දිවයිනේ මුල්තැනට පත් ව තිබෙයි. පළාත් මට්‌ටමින් ගත් කල දෙවැනි තැන සබරගමුවටත්, තෙවැනි තැන බස්‌නාහිරටත් හිමි ව තිබෙන අතර බස්‌නාහිර පළාතේ සමස්‌ත ප්‍රතිශතයට වැඩි ම දායකත්වයක්‌ දක්‌වන කොළඹ දිස්‌ත්‍රික්‌කය තිබෙන්නේ දිස්‌ත්‍රික්‌ක අතරින් දසවැනි ස්‌ථානයේ ය. සමස්‌ත ප්‍රතිඵල විශ්ලේෂණයේ දී පෙනී යන කරුණක්‌ නම් බස්‌නාහිර පළාතේ දිස්‌ත්‍රික්‌කයන්ට සාපේක්‌ෂව උතුරු පළාතේ දිස්‌ත්‍රික්‌ක ඉදිරියෙන් ම ඇති බවයි. බස්‌නාහිර පළාතේ දිස්‌ත්‍රික්‌කයන්හි පාසල්වල ප්‍රතිඵල මේ අයුරින් පහළ බැසීමට මුල් වූ හේතු පිළිබඳව ප්‍රවීණ අධ්‍යාපනඥයකු වන ශ්‍රී ජයවර්ධනපුර විශ්aවවිද්‍යාලයයේ ව්‍යවහාරික

දන්තුරේ සටනට 421යි

ඔක්තෝබර්  6  වැනිදාට ඵෙතිහාසික දන්තුරේ  සටන සිදුවී වසර 421 ක් සපිරෙයි. පෘතුගීසින්  1505 දී ලංකාවේ කොලොම්තොටට ගොඩ බැස්සේ ලොරෙන්සෝද අල්මේදා, සෙම්පතියකු සහ සන්නද්ධ හමුදාවක්ද සමගය. එවකට කෝට්ටේ රාජ්‍ය පාලනය කළ සීතාවක රාජසිංහ රජු අති දක්ෂ උපාය ශීලි රණශුරයෙකු බව ප්‍රකටය. සිතාවක රාජසිංහ  උඩරට රාජධානියද තම පාලනයට ගැනීමට සැරසෙද්දී එහි පාලකයාව සිටි කරල්ලියද්දේ බණ්ඩාර සිතාවක රජුගේ තරම දැනගෙන සිටි නිසා සිය දියණිය වන කුසුමාවතී කුමරියද රැගෙන  පලා ගොස් පෘතුගීසින්ගේ  රැකවරණය ලැබිය. එහිදී  කතෝලික ආගම වැළද ගැනීමට ඔවුන්ට සිදු විය. කුසුමාවතී කුමරිය දෝන කතරිනා නමින් බෞතිස්ම ලැබුවාය. මේ වන වවිට හිස් වූ උඩරට රාජධානියේ බලය පේරාදෙණිය ඊරියගම වීරසුන්දර  බණ්ඩාර නම් සෙනෙවියකු යටතට පත් විය. දක්ෂ රණශුරයකු වූ ඔහුට එරෙහිව කටයුතු කිරීමේ අවදානම තේරුම් ගත් රාජසිංහ රජු උපායශීලි විය. උඩරට රාජධනිය නීත්‍යනුකුලව පවරා දීමට පැමිණෙන ලෙස දන්වා ඔහු බොරු වලක දමා මැරවීය. වීරසුන්දර බණ්ඩාරගේ පුතු කොන්නපු බණ්ඩාරයන් පියාගේ මරණයේ පළිය රාජසිංහයන්ගෙන් ගන්නා අටියෙන් පෘතුගීසින්ට  එක් විය.   ගෝවට ගොස් දොන් ජුවන් නමින්  කිතු දහම වැළඳගත්