Skip to main content

දන්තුරේ සටනට 421යි

ඔක්තෝබර්  6  වැනිදාට ඵෙතිහාසික දන්තුරේ  සටන සිදුවී වසර 421 ක් සපිරෙයි. පෘතුගීසින්  1505 දී ලංකාවේ කොලොම්තොටට ගොඩ බැස්සේ ලොරෙන්සෝද අල්මේදා, සෙම්පතියකු සහ සන්නද්ධ හමුදාවක්ද සමගය.
එවකට කෝට්ටේ රාජ්‍ය පාලනය කළ සීතාවක රාජසිංහ රජු අති දක්ෂ උපාය ශීලි රණශුරයෙකු බව ප්‍රකටය. සිතාවක රාජසිංහ  උඩරට රාජධානියද තම පාලනයට ගැනීමට සැරසෙද්දී එහි පාලකයාව සිටි කරල්ලියද්දේ බණ්ඩාර සිතාවක රජුගේ තරම දැනගෙන සිටි නිසා සිය දියණිය වන කුසුමාවතී කුමරියද රැගෙන  පලා ගොස් පෘතුගීසින්ගේ  රැකවරණය ලැබිය. එහිදී  කතෝලික ආගම වැළද ගැනීමට ඔවුන්ට සිදු විය. කුසුමාවතී කුමරිය දෝන කතරිනා නමින් බෞතිස්ම ලැබුවාය. මේ වන වවිට හිස් වූ උඩරට රාජධානියේ බලය පේරාදෙණිය ඊරියගම වීරසුන්දර  බණ්ඩාර නම් සෙනෙවියකු යටතට පත් විය.
දක්ෂ රණශුරයකු වූ ඔහුට එරෙහිව කටයුතු කිරීමේ අවදානම තේරුම් ගත් රාජසිංහ රජු උපායශීලි විය. උඩරට රාජධනිය නීත්‍යනුකුලව පවරා දීමට පැමිණෙන ලෙස දන්වා ඔහු බොරු වලක දමා මැරවීය. වීරසුන්දර බණ්ඩාරගේ පුතු කොන්නපු බණ්ඩාරයන් පියාගේ මරණයේ පළිය රාජසිංහයන්ගෙන් ගන්නා අටියෙන් පෘතුගීසින්ට  එක් විය.  
ගෝවට ගොස් දොන් ජුවන් නමින්  කිතු දහම වැළඳගත් ඔහු යුදහරඹ, මල්ලවපොර , වෙඩි තැබීම සහ අශ්වාහරෝහක සහ අංගම් සටන් වලින් නිපුණත්වයට පත්ව වසර කිපයකින් පසු ලංකාවට පැමිණියේ  සෙන්පති ධූරයකින් ද  පිදුම් ලබමින් ය.
මේ වන විට  අවුල් වියවුල් තත්වයට පත්ව තිබු උඩරට රාජධනිය තම යටතට ගැනීමට කල්පනා කළ පෘතුගීසින් දොන් ජුවන් පෙරටු කර ගත් ප්‍රබල පෘතුගීසි හමුදාවක් උඩරට රාජධනිය බලා පිටත් කර යැවීය. එසේ පැමිණි දොන් ජුවන් කිසිවකු බලාපොරොත්තු නොවූ පරිදි සිංහල හමුදාවේ ආධාරයෙන්  බුදහගම වැළඳගෙන පළවැනි විමලධර්මසුරිය නමින් රජු විය.
මේ වන විට උඩරට රාජධානියේ නියම උරුමක්කාරිය වූ කුසුමාවතී හෙවත් දෝන කතරිනා පෘතුගීසින් යටතේ පසු විය. තමන් යටතේ යුද ශිල්පය හදාරා තමන්ටම එරෙහි වූ දොන් ජුවන් හෙවත් කොන්නපු බණ්ඩාර කෙරෙහි අතිශයින් කෝපයට පත් වූ පෘතුගීසින් ඔහුට පාඩමක් උගන්වා උඩරට රාජධානිය යටත් කරගැනීමේ   බලපොරොත්තුවෙන්  දෝන කතරිනා කුමරිය පෙරටු කරගත් පේදුරු ලෝපස්ද සුසා නම් දක්ෂ සෙම්පතියකු යටතේ ප්‍රබල පෘතුග්‍රීසි හමුදාවක් එවිය.
මෙම සේනාව මග දුරු කතර ගෙවා 1594 ඔක්තෝබර් 06 දින දන්තුරේ වෙල් යායට පැමිණියේ නවාතැන් ගැනීම පිණිසය. මෙම ආක්‍රමණය පිළිබඳව කල්තියා දැනගත් විමල ධර්මසුරිය රජුගේ සිංහල සේනාවෝ හතර වටින්ම වටකරමින් පහරදෙන්නට වූහ. බලාපොරොත්තු නොවූ මෙම පහර දීමෙන් අන්ත අසරණ තත්වයට පත්වූ පෘතුගීසිහු පරාජයට පත්වූහ. විමලධර්මසුරිය රජුට  ස්වර්ණමය ජයග්‍රහණයක් ලබාදෙමින් අවසන් වූ මේ සටනින් මියගිය දහස් ගණන්  පෘතුගීසින්ගේ ලේ වලින් දන්තුරේ වෙල් යාය රතු පැහැ ගැන්විණි. සිංහල සේනාවේද විශාල පිරිසක් තම රට වෙනුවෙන් ජිවිත පරිත්‍යාග කළහ.
රට ජාතියට  පුනර්ජීවනයක් ගෙන දුන් වසර 421 සපිරෙන මෙම ඔක්තෝබර් මාසයේ 6 දින සිහිපත් කරන ඵෙතිහාසික දන්තුරේ සටනේදී ජිවිත පරිත්‍යාග කළ උඩුනුවර හා යටිනුවර ප්‍රධාන කන්ද උඩරට ජනතාවට ජාතියේ ප්‍රණාමය  හිමි වේ.
අද  දන්තුරේ රමණිය නගරයකි. මෙහි ඉතිහාස ගත වෙල් යාය මැදින් දන්තුරේ නගරය නිර්මාණය වී ඇත. විමලධර්මසුරිය රජුගේ  පරිහරණය සදහා වූ ලැගුම්ගෙදර වත්ත සහ බෙහත්ගේ වත්ත, තානායම් වත්ත තවමත් ඇත. කුසමාසන  දේවිය  ගිමන් හරිමින් සිටි දිබිගහ  ගල් තලාව සහ ඉරහඳ කෙටු සිමාව තවමත් ඇත. පළමුවැනි විමලධර්මසුරිය රජු (ක්‍රි.ව 1592-1604) එවකට පිරිහී යමින් තිබු බුදු දහම නැවත නගා සිටුවීමට  කටයුතු කරන ලදි.
Danthure_2015105--

Comments

Popular posts from this blog

ගමක අසිරිය

වෛද් ‍ ය   රුවන්   එම්   ජයතුංග   අම්ම හදා දුන්න කහට එක නොබීම මම වත්ත පහලට ගියේ දවල්ට කන්න හොඳ කොස් ගෙඩියක් ගේන අදහසින්. නැත්තම් දවල් වෙන කොට කොල්ලෝ කුරුට්ටෝ පැහිලා තියන ගෙඩි ටික කඩාගෙන යනවා. අපට අයිති අක්කර බාගේ වට කරලා වැටක් ගහලා නැති නිසා ඕනම කෙනෙක් වත්තට පනිනවා.     ඒත් අපරාදේ කියන්න බැහැ පොල් ගෙඩි වලට නම් කවුරුවත් අත තියන්නේ නැහැ. ඒක ලොකු දෙයක්. මාස තුනකට සැරයක් හරි අතට තුට්ටු දෙකක් ලැබුනේ පොල් ටික කඩේ මුදලාලිට දීලා. සමහරු මගෙන් අහනවා ඇයි රස්සාවක් කරන්නේ නැත්තේ කියලා ,  රස්සාවක් කරන්න රස්සාවක් ලැබෙන්න එපැයි. මම රස්සා හොයා හොයා එහෙ මෙහෙ දිව්වා. නමුත් හම්බුවෙච්ච රස්සාවක් නැහැ. උපාධිය කරලා සම්මුඛ පරීක්ෂණ වලට බඩගාපු කලේ මම හිටියේ හරිම පීඩනයක. ඔළුවට නිවනක් නැහැ. රස්සා හොයලා හොයලා හති වැටුනම මට තේරුණා රස්සාවක් ලැබෙන්න මන්තීතුමාගේ පස්සේ ගිහිල්ල තියෙන්න ඕන කියලා. මට ඒ දවස්වල ඕවට වෙලාව තිබ්බේ නැහැ . උපාධියට පාඩම් කර කර හිටියා.     මාත් එක්ක එකට සාමාන්‍ය පෙළ කරපු සොකරියා දැන් සමුර්ධි නියාමක. සොකරියාගේ නම බස්නායක ඒත් පරම්පරාවෙන් පරම්පරාවට ...

ගම්මඩුව ශාන්තිකර්මය

සෞභාග්‍ය, සශ්‍රීකත්වය, වැස්ස අරභයා මෙන්ම බෝවන රෝග පැතිරයාම වැළැක්වීමට සිංහල ගැමියෝ ගම්මඩුව ශාන්තිකර්මය පවත්වති.විවිධ පළාත්වල දෙවොල් මඩුව, පුණාමඩුව, පහන්මඩුව, ගී මඩුව කිරිමඩුව හා හෑල්ලූම්මඩුව වශයෙන් සුළු වෙනස්කම් සහිතව සතරවරම් දෙවියන් මුල්කරගනිමින් මහා සාම්ප‍්‍රදායික හා චූල සාම්ප‍්‍රදායික ගණයට අයත් දෙවියන් උදෙසා කරන ශාන්ති කර්මය ගම්මඩුවයි. අස්වැන්න සරුවුවහොත් දෙවියන් පිදීමටත් වැස්සෙන් හෝ නියඟයෙන් හානිවූ කළ දෙවියන්ට කන්නලව් කිරීමටත් ගම්මඩු නැටීම සිරිතකි. එසේම සිංහල වෛද්‍ය ක‍්‍රමයටත් ගම්මඩුව බෙහෙවින් සමීපවෙයි. ගිනිමැලේ පෑගීම, බාහිර වටපිටාවේ නියඟ විපර්යාස මෙන්ම මිනිස් සිරුරේ හටගන්නා ගිනියම් ලෙඩ රෝග, අධික තාපය දුරුකිරීමේ මෙහෙයක් හැටියටත් යොදා ගැනෙයි. කිරි ඉතිරැවිම, ගිනියම් පොළොව සිසිල්වී පලදාව වැඩි කැර සෞභාග්‍යය ළඟා කැර ගැනීම ගම්මඩුවෙන් සංකේතවත් කරයි. ගැමියා තම ගොවිතැනින් ලබන අස්වැන්න පරිභෝජනයට පෙර කොටසක් දෙවියන්ට පූජා කරයි. එය අඩුක්කුව/අක්යාල නම් වෙයි. ගම් ආශි‍්‍රතව දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන දේවාලවලදී වාර්ෂිකව දෙවොල් මඩු යාගය පවත්වයිි. අඩුක්කුවවෙන් දේව දානය දි දේවාශිර්වාද පැතීම...

ගම්මඩුව 2

වාහල් නැටුම දැඩිමුන්ඩ, වාහල බණ්ඩාර හෙවත් දේවතා බණ්ඩාර දෙවියන් වෙනුවෙන් වාහල නැටුම පුදයි. දුම්මල කීරි ගසමින් යක්ෂයන් පලවා හරියි. දෑස් වැසෙන සේ උල් හිස් වැසුමකින්ද පළු දෙකකින් යුත් අත්දිග වර්ණ සැට්ටයකින්ද ඉන හැඩය හා බඳ පටිය පලදියි. පුටුවක වාඩි කරවන නැට්ටුවාගේ යටිපතුල් දුම්මල කබලකින් රත්කර දුම් මුහුණට ලංකර හොදහැටි උරාගනී. අනතුරුව මුගුර, අගරු කබල පොල්මල කහ දියර කොතලය පන්දම් ආදී පූජාභාණ්ඩ ගෙන වාහල යහනෙහි සිට මල්යහන් වෙතට අවධානය යොමුකරමින් එක්තරා රටාවකට නටයි. අවසානයේ දුම්මල කීරි ගසමින් යකුන් පලවා හරියි. බොහෝ විට පැය දෙකක් තුනක් පමණ ප‍්‍රලයවී නටයි. නැටුම අවසානයේ කහදියර ඉසීමෙන් පසු යථා තත්වයට පත්වෙයි. අඹ විදමන දකුණු ඉන්දියාවේ පඪිරජුගේ අඹ උයනෙහි හටගත් අරුම පුදුම අඹයක් බිද හෙලීම හුවා දක්වමින් නාට්‍යමය ස්වරූපයෙන් අඹ විදමන දක්වයි. ශකයා මහල්ලෙකුගේ වේශයෙන් පැමිණෙන ආකාරය දැක්වෙයි. බෙරකරුවන් සහ මහල්ලා අතර දෙපැත්ත කැපෙන වචනවලින් මෙන්ම අසභ්‍ය වචනවලින්ද රසවත් සංවාදයක් ඇතිවෙයි. මහල්ලාගේ ස්තී‘ ලෝලත්වයත් කාමුකත්වයත් ගැවියාගේ මනසට කා වැද්දීම තුළින් ප‘ජනනය ආදී මනුෂ්‍ය කාර්යයන් පිළිබද උනන්දුවක් මෙන්ම දැ...