Skip to main content

ක්ෂණික කෑම වල සැඟවුණ ඇත්ත ඇසින් දකින්න

වර්තමානයේ වෙළෙඳපොල තුළ ඇති බොහෝ ක්‍ෂණික ආහාර හේතුවෙන් පසුකාලීනව විවිධ රෝගාබාධා ඇතිවිය හැකි බව ලොවපුරා විද්‍යාඥයින් සහ පෝෂණවේදීන් ප‍්‍රකාශ කර තිබෙනවා. වර්තමාන තරුණ පරපුර ද බෝ නොවන රෝග රැසකින් පෙලීමට හේතුව වී ඇත්තේද ක්‍ෂණික ආහාරවල ඇති ශරීරයට අහිත කර විෂ රසායනික ද්‍රව්‍යයි. ඇතැම් රසකාරක, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය, සුවඳ වර්ග සහ ඇසුරුමේ පවතින දෝෂ හේතුවෙන් ක්‍ෂණික ආහාරවලින් ශරීරයට අහිතකර විෂ ඇතුළු විය හැකියි. එවැනි ආහාර සහ බීම වර්ගවල අඩංගු සංඝටක ඒවායින් ඉවතට ගෙන පාරිභෝගිකයින්ට ප‍්‍රදර්ශනය කළ හැකි නම් කෙතරම් අගනේද?

මැලේසියාවේ කන්සියුමර් ඇසෝසියේෂන් ඔෆ් පීනෑන් (Consumers Association of Penang - CAP) නමැති රාජ්‍ය නොවන සංවිධානය එරට පාරිභෝගික අයිතීන් වෙනුවෙන් දැඩිව පෙනී සිටින ආයතනයක්. ඔවුන් ලොව පුරා ජනප‍්‍රියත්වයට පත්වු ක්‍ෂණික ආහාර පාන සහ බීම වර්ග මෙන්ම මැලේසියාවේ ජනප‍්‍රිය ක්‍ෂණික ආහාරවල ද අන්තර්ගත සංඝටක වෙනම ප‍්‍රදර්ශනය කරන අපූරු ප‍්‍රදර්ශන සංවිධානය කරනවා. ඇතැම් විට ඒවා ජනතාව නිතර ගැවසෙන ස්ථානවල පැවැත්වීමෙන් ඉතා ඉහළ ප‍්‍රතිචාර ද ලැබෙන අයුරු දක්නට පුළුවන්. ඇතැම් ජනප‍්‍රිය බීම වර්ගවල අඩංගු සීනි ප‍්‍රමාණය ඔවුන් වෙනම ප‍්‍රදර්ශනය කරනවා. එම බීම වර්ගයේ අඩංගු රසකාරක ද වෙනම ප‍්‍රදර්ශනය සඳහා ගනු ලබනවා.

ඒ අනුව ප‍්‍රදර්ශනය නරඹන කෙනෙකුට තමන් බීමට ගන්නා අදාල බීම වර්ගයේ අන්තර්ගත සීනි ප‍්‍රමාණය සහ රසකාරක ප‍්‍රමාණය දැක ගත හැකියි. මෙම ප‍්‍රදර්ශනය පැවැත්විමට යාමේදී (Consumers Association of Penang - CAP) ආයතනය ලොවපුරා බහුජාතික සමාගම්වල දැඩි දඩයමට ලක්වන අවස්ථා ද පවතිනවා. ප‍්‍රදර්ශනය පැවැත්වීම සඳහා පහසුකම් ලබා නොදීම ඒ අතුරින් විශේෂයි. තවත් අවස්ථාවක බහුජාතික සමාගම් මෙම ප‍්‍රදර්ශන භූමිවලට කඩාපැන ඍජුව සහ වක‍්‍රව ඒවා කඩා කප්පල් කරනවා. මෙම අත්දැකීම් (Consumers Association of Penang - CAP) සමග බෙදා ගැනීමට පසුගිය දා ශ‍්‍රී ලාංකිකයින් පිරිසකට අවස්ථාව හිමිවුණා. ඒ, සේවා ලංකා ආයතනයේ මග පෙන්වීම යටතේයි.

එම අත්දැකීම් හුවමාරු කර ගැනීමෙන් අනතුරුව ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් ද එවැනි ප‍්‍රදර්ශනයක් පසුගිය දා කොළඹ දී සංවිධානය කළා. sewa lanka foundation මගින් මැලේසියාවේ සංචාරය කොට(Consumers Association of Penang - CAP) සමග හුවමාරු කර ගත් දැනුමෙන් එය කොළඹ දී පැවැත්වීමට මූලිකත්වය ගෙන කටයුතු කළ අය අතර Eco - V සංවිධානය පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය (consumers right protection national organisation) පෙරමුණේ පසුවුණා.

M 01 M 02 M 03 M 04 M 06

ශ්‍රී ලංකාවේ පැවති ප්‍රදර්ශනය
SL 01 SL 02

- See more at: http://offair.nethfm.com/article/14614#sthash.kAowj1NJ.dpuf
http://offair.nethfm.com/article/14614

Comments

Popular posts from this blog

ගමක අසිරිය

වෛද් ‍ ය   රුවන්   එම්   ජයතුංග   අම්ම හදා දුන්න කහට එක නොබීම මම වත්ත පහලට ගියේ දවල්ට කන්න හොඳ කොස් ගෙඩියක් ගේන අදහසින්. නැත්තම් දවල් වෙන කොට කොල්ලෝ කුරුට්ටෝ පැහිලා තියන ගෙඩි ටික කඩාගෙන යනවා. අපට අයිති අක්කර බාගේ වට කරලා වැටක් ගහලා නැති නිසා ඕනම කෙනෙක් වත්තට පනිනවා.     ඒත් අපරාදේ කියන්න බැහැ පොල් ගෙඩි වලට නම් කවුරුවත් අත තියන්නේ නැහැ. ඒක ලොකු දෙයක්. මාස තුනකට සැරයක් හරි අතට තුට්ටු දෙකක් ලැබුනේ පොල් ටික කඩේ මුදලාලිට දීලා. සමහරු මගෙන් අහනවා ඇයි රස්සාවක් කරන්නේ නැත්තේ කියලා ,  රස්සාවක් කරන්න රස්සාවක් ලැබෙන්න එපැයි. මම රස්සා හොයා හොයා එහෙ මෙහෙ දිව්වා. නමුත් හම්බුවෙච්ච රස්සාවක් නැහැ. උපාධිය කරලා සම්මුඛ පරීක්ෂණ වලට බඩගාපු කලේ මම හිටියේ හරිම පීඩනයක. ඔළුවට නිවනක් නැහැ. රස්සා හොයලා හොයලා හති වැටුනම මට තේරුණා රස්සාවක් ලැබෙන්න මන්තීතුමාගේ පස්සේ ගිහිල්ල තියෙන්න ඕන කියලා. මට ඒ දවස්වල ඕවට වෙලාව තිබ්බේ නැහැ . උපාධියට පාඩම් කර කර හිටියා.     මාත් එක්ක එකට සාමාන්‍ය පෙළ කරපු සොකරියා දැන් සමුර්ධි නියාමක. සොකරියාගේ නම බස්නායක ඒත් පරම්පරාවෙන් පරම්පරාවට ...

ගම්මඩුව ශාන්තිකර්මය

සෞභාග්‍ය, සශ්‍රීකත්වය, වැස්ස අරභයා මෙන්ම බෝවන රෝග පැතිරයාම වැළැක්වීමට සිංහල ගැමියෝ ගම්මඩුව ශාන්තිකර්මය පවත්වති.විවිධ පළාත්වල දෙවොල් මඩුව, පුණාමඩුව, පහන්මඩුව, ගී මඩුව කිරිමඩුව හා හෑල්ලූම්මඩුව වශයෙන් සුළු වෙනස්කම් සහිතව සතරවරම් දෙවියන් මුල්කරගනිමින් මහා සාම්ප‍්‍රදායික හා චූල සාම්ප‍්‍රදායික ගණයට අයත් දෙවියන් උදෙසා කරන ශාන්ති කර්මය ගම්මඩුවයි. අස්වැන්න සරුවුවහොත් දෙවියන් පිදීමටත් වැස්සෙන් හෝ නියඟයෙන් හානිවූ කළ දෙවියන්ට කන්නලව් කිරීමටත් ගම්මඩු නැටීම සිරිතකි. එසේම සිංහල වෛද්‍ය ක‍්‍රමයටත් ගම්මඩුව බෙහෙවින් සමීපවෙයි. ගිනිමැලේ පෑගීම, බාහිර වටපිටාවේ නියඟ විපර්යාස මෙන්ම මිනිස් සිරුරේ හටගන්නා ගිනියම් ලෙඩ රෝග, අධික තාපය දුරුකිරීමේ මෙහෙයක් හැටියටත් යොදා ගැනෙයි. කිරි ඉතිරැවිම, ගිනියම් පොළොව සිසිල්වී පලදාව වැඩි කැර සෞභාග්‍යය ළඟා කැර ගැනීම ගම්මඩුවෙන් සංකේතවත් කරයි. ගැමියා තම ගොවිතැනින් ලබන අස්වැන්න පරිභෝජනයට පෙර කොටසක් දෙවියන්ට පූජා කරයි. එය අඩුක්කුව/අක්යාල නම් වෙයි. ගම් ආශි‍්‍රතව දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන දේවාලවලදී වාර්ෂිකව දෙවොල් මඩු යාගය පවත්වයිි. අඩුක්කුවවෙන් දේව දානය දි දේවාශිර්වාද පැතීම...

ගම්මඩුව 2

වාහල් නැටුම දැඩිමුන්ඩ, වාහල බණ්ඩාර හෙවත් දේවතා බණ්ඩාර දෙවියන් වෙනුවෙන් වාහල නැටුම පුදයි. දුම්මල කීරි ගසමින් යක්ෂයන් පලවා හරියි. දෑස් වැසෙන සේ උල් හිස් වැසුමකින්ද පළු දෙකකින් යුත් අත්දිග වර්ණ සැට්ටයකින්ද ඉන හැඩය හා බඳ පටිය පලදියි. පුටුවක වාඩි කරවන නැට්ටුවාගේ යටිපතුල් දුම්මල කබලකින් රත්කර දුම් මුහුණට ලංකර හොදහැටි උරාගනී. අනතුරුව මුගුර, අගරු කබල පොල්මල කහ දියර කොතලය පන්දම් ආදී පූජාභාණ්ඩ ගෙන වාහල යහනෙහි සිට මල්යහන් වෙතට අවධානය යොමුකරමින් එක්තරා රටාවකට නටයි. අවසානයේ දුම්මල කීරි ගසමින් යකුන් පලවා හරියි. බොහෝ විට පැය දෙකක් තුනක් පමණ ප‍්‍රලයවී නටයි. නැටුම අවසානයේ කහදියර ඉසීමෙන් පසු යථා තත්වයට පත්වෙයි. අඹ විදමන දකුණු ඉන්දියාවේ පඪිරජුගේ අඹ උයනෙහි හටගත් අරුම පුදුම අඹයක් බිද හෙලීම හුවා දක්වමින් නාට්‍යමය ස්වරූපයෙන් අඹ විදමන දක්වයි. ශකයා මහල්ලෙකුගේ වේශයෙන් පැමිණෙන ආකාරය දැක්වෙයි. බෙරකරුවන් සහ මහල්ලා අතර දෙපැත්ත කැපෙන වචනවලින් මෙන්ම අසභ්‍ය වචනවලින්ද රසවත් සංවාදයක් ඇතිවෙයි. මහල්ලාගේ ස්තී‘ ලෝලත්වයත් කාමුකත්වයත් ගැවියාගේ මනසට කා වැද්දීම තුළින් ප‘ජනනය ආදී මනුෂ්‍ය කාර්යයන් පිළිබද උනන්දුවක් මෙන්ම දැ...