Skip to main content

සිදුහත් උපතටත් පෙර මෙරට දියුණු අවමංගල්‍ය චාරිත්‍ර පැවැති බවට සාක්‍ෂි

යාන්ඔය සුසාන භූමියක කැණීම්වලින් හෙළිකර ගනී
අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු


සිදුහත් කුමාර උත්පත්තිය සිදුවීමට වසර දෙසීයකට ඉහත සිට එනම් ක්‍රිස්‌තු පූර්ව හයවන සියවසේ මෙරට ජනතාව සතුව අවමංගල්‍ය චාරිත්‍ර ඉටු කළ දියුණු චාරිත්‍රයක්‌ පැවැති බවට සාධක කහටගස්‌දිගිලිය කොක්‌ඇබේ ප්‍රදේශයේ යාන්ඔය නිම්නය ආශ්‍රිතව පිහිටි සුසාන භූමියක ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුර විද්‍යා සහ උරුම කළමනාකරණ පීඨයේ අංශාධිපති ආචාර්ය තුසිත මෙන්ඩිස්‌ මහතා ඇතුළු කණ්‌ඩායමක්‌ සිදුකළ පුරා විද්‍යා කැණීම්වලදී හමු වී තිබේ.

ආචාර්ය තුසිත මෙන්ඩිස්‌ මහතා ප්‍රමුඛ කථිකාචාර්යවරුන් වන මහාචාර්ය ආරිය ලගමුව, ටිකිරි බණ්‌ඩාර විඡේපාල, චන්දිම අඹන්වල සහ මදුමාලි නිමන්තිකා රණසිංහ යන මහත්ම මහත්මීන් සහ පුරා විද්‍යා සහ උරුම කළමනාකරණ පීඨයේ සිවු වන වසරේ ශිෂ්‍ය කණ්‌ඩායමක්‌ විසින් එම කැණීම් සිදු කොට ඇත.

ඒ අනුව එම සුසාන භූමියේ තෝරාගත් ස්‌ථාන තුනක කැණීම් සිදු කොට ඇති අතර එහිදී මෙගලිතික යුගයට අයත් ප්‍රාග් ඓතිහාසික සාධක රැසක්‌ සොයාගෙන තිබේ.

වර්ග 4 කට අයත් සාධක 215 ක්‌ පමණ එම කැණීම්වලදී හමුවූ බව ආචාර්ය තුසිත මෙන්ඩිස්‌ මහතා පැවැසීය. ඒ අතර මැටි මෙවලම්, වීදුරු, පබළු, කානේලියන් පබළු වැනි ද්‍රව්‍ය වන බවත් ඒ මහතා පැවැසීය.

මේ අතර නිල් සහ කොළ පැහැති වර්ණයෙන් යුත් පබළු අනූවකට වැඩි සංඛ්‍යාවක්‌ එම භරණය තුළ තිබී හමුවී ඇත.

ක්‍රි.පු. අටසියය පමණ කාලය වන විට මධ්‍ය යාන්ඔය නිම්නයේ ජීවත් වූ මිනිසුන් පබළු නිෂ්පාදනය කිරීමේ තාක්‌ෂණික ක්‍රියාවලිය පිළිබඳව මනා දැනුමකින් සිට ඇති බවට කැණීම්වලදී හමු වූ වීදුරු පබළුවලින් පැහැදිලි වන බවද පැවසූ ආචාර්ය තුසිත මෙන්ඩිස්‌ මහතා කැණීම් වලදී හමු වූ පුරා වස්‌තු සාම්පල කාල නිර්ණය කිරීම සඳහා යොමු කළ බවත් එම වාර්තාවට අනුව කොක්‌ඇබේ සුසාන සංකීර්ණය වසර දෙදහස්‌ අටසියයකට පමණ පෙර සකස්‌ කොට ඇති බවට සනාථ වී ඇති බවත් හෙතෙම පැවැසීය.

මේ අතර එම සුසාන සංකීර්ණය මෙරටින් හමුවූ ඉපැරණිතම මෙගලිsතික සුසානය බවත් පවසන ආචාර්ය තුසිත මෙන්ඩිස්‌ මහතා ඉතාමත් හොඳ සංස්‌කෘතික ලක්‌ෂණ වලින් පොහොසත් පිරිසක්‌ අතීතයේ අනුරාධපුර ප්‍රදේශයේ ජීවත් වූ බවට මෙම සුසානයේදී හමුවූ සාධකවලින් පැහැදිලි වන බවත් කීය.

මෙය විජය කතා පුවතට එහා යන ශ්‍රී ලාංකික ජනතාවගේ අනන්‍යතාවන් පිළිබිඹු කරන සංස්‌කෘතික ප්‍රවාහයක්‌ ලෙසට හැඳින්විය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

උපුටා ගැනීම - දිවයින පත්‍රයෙනි

Comments

Popular posts from this blog

ගමක අසිරිය

වෛද් ‍ ය   රුවන්   එම්   ජයතුංග   අම්ම හදා දුන්න කහට එක නොබීම මම වත්ත පහලට ගියේ දවල්ට කන්න හොඳ කොස් ගෙඩියක් ගේන අදහසින්. නැත්තම් දවල් වෙන කොට කොල්ලෝ කුරුට්ටෝ පැහිලා තියන ගෙඩි ටික කඩාගෙන යනවා. අපට අයිති අක්කර බාගේ වට කරලා වැටක් ගහලා නැති නිසා ඕනම කෙනෙක් වත්තට පනිනවා.     ඒත් අපරාදේ කියන්න බැහැ පොල් ගෙඩි වලට නම් කවුරුවත් අත තියන්නේ නැහැ. ඒක ලොකු දෙයක්. මාස තුනකට සැරයක් හරි අතට තුට්ටු දෙකක් ලැබුනේ පොල් ටික කඩේ මුදලාලිට දීලා. සමහරු මගෙන් අහනවා ඇයි රස්සාවක් කරන්නේ නැත්තේ කියලා ,  රස්සාවක් කරන්න රස්සාවක් ලැබෙන්න එපැයි. මම රස්සා හොයා හොයා එහෙ මෙහෙ දිව්වා. නමුත් හම්බුවෙච්ච රස්සාවක් නැහැ. උපාධිය කරලා සම්මුඛ පරීක්ෂණ වලට බඩගාපු කලේ මම හිටියේ හරිම පීඩනයක. ඔළුවට නිවනක් නැහැ. රස්සා හොයලා හොයලා හති වැටුනම මට තේරුණා රස්සාවක් ලැබෙන්න මන්තීතුමාගේ පස්සේ ගිහිල්ල තියෙන්න ඕන කියලා. මට ඒ දවස්වල ඕවට වෙලාව තිබ්බේ නැහැ . උපාධියට පාඩම් කර කර හිටියා.     මාත් එක්ක එකට සාමාන්‍ය පෙළ කරපු සොකරියා දැන් සමුර්ධි නියාමක. සොකරියාගේ නම බස්නායක ඒත් පරම්පරාවෙන් පරම්පරාවට ...

ගම්මඩුව ශාන්තිකර්මය

සෞභාග්‍ය, සශ්‍රීකත්වය, වැස්ස අරභයා මෙන්ම බෝවන රෝග පැතිරයාම වැළැක්වීමට සිංහල ගැමියෝ ගම්මඩුව ශාන්තිකර්මය පවත්වති.විවිධ පළාත්වල දෙවොල් මඩුව, පුණාමඩුව, පහන්මඩුව, ගී මඩුව කිරිමඩුව හා හෑල්ලූම්මඩුව වශයෙන් සුළු වෙනස්කම් සහිතව සතරවරම් දෙවියන් මුල්කරගනිමින් මහා සාම්ප‍්‍රදායික හා චූල සාම්ප‍්‍රදායික ගණයට අයත් දෙවියන් උදෙසා කරන ශාන්ති කර්මය ගම්මඩුවයි. අස්වැන්න සරුවුවහොත් දෙවියන් පිදීමටත් වැස්සෙන් හෝ නියඟයෙන් හානිවූ කළ දෙවියන්ට කන්නලව් කිරීමටත් ගම්මඩු නැටීම සිරිතකි. එසේම සිංහල වෛද්‍ය ක‍්‍රමයටත් ගම්මඩුව බෙහෙවින් සමීපවෙයි. ගිනිමැලේ පෑගීම, බාහිර වටපිටාවේ නියඟ විපර්යාස මෙන්ම මිනිස් සිරුරේ හටගන්නා ගිනියම් ලෙඩ රෝග, අධික තාපය දුරුකිරීමේ මෙහෙයක් හැටියටත් යොදා ගැනෙයි. කිරි ඉතිරැවිම, ගිනියම් පොළොව සිසිල්වී පලදාව වැඩි කැර සෞභාග්‍යය ළඟා කැර ගැනීම ගම්මඩුවෙන් සංකේතවත් කරයි. ගැමියා තම ගොවිතැනින් ලබන අස්වැන්න පරිභෝජනයට පෙර කොටසක් දෙවියන්ට පූජා කරයි. එය අඩුක්කුව/අක්යාල නම් වෙයි. ගම් ආශි‍්‍රතව දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන දේවාලවලදී වාර්ෂිකව දෙවොල් මඩු යාගය පවත්වයිි. අඩුක්කුවවෙන් දේව දානය දි දේවාශිර්වාද පැතීම...

ගම්මඩුව 2

වාහල් නැටුම දැඩිමුන්ඩ, වාහල බණ්ඩාර හෙවත් දේවතා බණ්ඩාර දෙවියන් වෙනුවෙන් වාහල නැටුම පුදයි. දුම්මල කීරි ගසමින් යක්ෂයන් පලවා හරියි. දෑස් වැසෙන සේ උල් හිස් වැසුමකින්ද පළු දෙකකින් යුත් අත්දිග වර්ණ සැට්ටයකින්ද ඉන හැඩය හා බඳ පටිය පලදියි. පුටුවක වාඩි කරවන නැට්ටුවාගේ යටිපතුල් දුම්මල කබලකින් රත්කර දුම් මුහුණට ලංකර හොදහැටි උරාගනී. අනතුරුව මුගුර, අගරු කබල පොල්මල කහ දියර කොතලය පන්දම් ආදී පූජාභාණ්ඩ ගෙන වාහල යහනෙහි සිට මල්යහන් වෙතට අවධානය යොමුකරමින් එක්තරා රටාවකට නටයි. අවසානයේ දුම්මල කීරි ගසමින් යකුන් පලවා හරියි. බොහෝ විට පැය දෙකක් තුනක් පමණ ප‍්‍රලයවී නටයි. නැටුම අවසානයේ කහදියර ඉසීමෙන් පසු යථා තත්වයට පත්වෙයි. අඹ විදමන දකුණු ඉන්දියාවේ පඪිරජුගේ අඹ උයනෙහි හටගත් අරුම පුදුම අඹයක් බිද හෙලීම හුවා දක්වමින් නාට්‍යමය ස්වරූපයෙන් අඹ විදමන දක්වයි. ශකයා මහල්ලෙකුගේ වේශයෙන් පැමිණෙන ආකාරය දැක්වෙයි. බෙරකරුවන් සහ මහල්ලා අතර දෙපැත්ත කැපෙන වචනවලින් මෙන්ම අසභ්‍ය වචනවලින්ද රසවත් සංවාදයක් ඇතිවෙයි. මහල්ලාගේ ස්තී‘ ලෝලත්වයත් කාමුකත්වයත් ගැවියාගේ මනසට කා වැද්දීම තුළින් ප‘ජනනය ආදී මනුෂ්‍ය කාර්යයන් පිළිබද උනන්දුවක් මෙන්ම දැ...