ඔක්තෝබර් 6 වැනිදාට ඵෙතිහාසික දන්තුරේ සටන සිදුවී වසර 421 ක් සපිරෙයි. පෘතුගීසින් 1505 දී ලංකාවේ කොලොම්තොටට ගොඩ බැස්සේ ලොරෙන්සෝද අල්මේදා, සෙම්පතියකු සහ සන්නද්ධ හමුදාවක්ද සමගය. එවකට කෝට්ටේ රාජ්‍ය පාලනය කළ සීතාවක රාජසිංහ රජු අති දක්ෂ උපාය ශීලි රණශුරයෙකු බව ප්‍රකටය. සිතාවක රාජසිංහ උඩරට රාජධානියද තම පාලනයට ගැනීමට සැරසෙද්දී එහි පාලකයාව සිටි කරල්ලියද්දේ බණ්ඩාර සිතාවක රජුගේ තරම දැනගෙන සිටි නිසා සිය දියණිය වන කුසුමාවතී කුමරියද රැගෙන පලා ගොස් පෘතුගීසින්ගේ රැකවරණය ලැබිය. එහිදී කතෝලික ආගම වැළද ගැනීමට ඔවුන්ට සිදු විය. කුසුමාවතී කුමරිය දෝන කතරිනා නමින් බෞතිස්ම ලැබුවාය. මේ වන වවිට හිස් වූ උඩරට රාජධානියේ බලය පේරාදෙණිය ඊරියගම වීරසුන්දර බණ්ඩාර නම් සෙනෙවියකු යටතට පත් විය. දක්ෂ රණශුරයකු වූ ඔහුට එරෙහිව කටයුතු කිරීමේ අවදානම තේරුම් ගත් රාජසිංහ රජු උපායශීලි විය. උඩරට රාජධනිය නීත්‍යනුකුලව පවරා දීමට පැමිණෙන ලෙස දන්වා ඔහු බොරු වලක දමා මැරවීය. වීරසුන්දර බණ්ඩාරගේ පුතු කොන්නපු බණ්ඩාරයන් පියාගේ මරණයේ පළිය රාජසිංහයන්ගෙන් ගන්නා අටියෙන් පෘතුගීසින්ට එක් විය. ගෝවට ගොස් දොන් ජුවන් නමින් කිතු දහම වැළඳගත්