Skip to main content

උතුරු දකුණු උසස්‌ පෙළ ප්‍රතිඵල විෂමතාවට බලපෑවේ කුමක්‌ ද?



සිනේකා වීරක්‌කොඩි

මෙවර (2015) උසස්‌ පෙළ ප්‍රතිඵලවලින්, දිස්‌ත්‍රික්‌ක අනුව සලකන කල, ඉදිරියෙන් ම සිටින්නේ උතුරු පළාතේ යාපනය දිස්‌ත්‍රික්‌කය ය. යාපනය දිස්‌ත්‍රික්‌කය 66.32%ක සාමර්ථ්‍ය ප්‍රතිශතයක්‌ ඇති ව දිවයිනේ මුල් තැනට පැමිණෙද්දී එම පළාතෙහි ම මන්නාරම දිස්‌ත්‍රික්‌කය දෙවැනි තැනට පත් ව තිබෙයි. කිලිනොච්චි හා වව්නියාව යන දිස්‌ත්‍රික්‌ක පිළිවෙළින් පස්‌aවැනි හා අටවැනි ස්‌ථාන හිමි කරගනිද්දී සමස්‌ත උතුරු පළාත 65.23%ක සාමර්ථ්‍ය ප්‍රතිශතයක්‌ සහිතව දිවයිනේ මුල්තැනට පත් ව තිබෙයි.

පළාත් මට්‌ටමින් ගත් කල දෙවැනි තැන සබරගමුවටත්, තෙවැනි තැන බස්‌නාහිරටත් හිමි ව තිබෙන අතර බස්‌නාහිර පළාතේ සමස්‌ත ප්‍රතිශතයට වැඩි ම දායකත්වයක්‌ දක්‌වන කොළඹ දිස්‌ත්‍රික්‌කය තිබෙන්නේ දිස්‌ත්‍රික්‌ක අතරින් දසවැනි ස්‌ථානයේ ය.

සමස්‌ත ප්‍රතිඵල විශ්ලේෂණයේ දී පෙනී යන කරුණක්‌ නම් බස්‌නාහිර පළාතේ දිස්‌ත්‍රික්‌කයන්ට සාපේක්‌ෂව උතුරු පළාතේ දිස්‌ත්‍රික්‌ක ඉදිරියෙන් ම ඇති බවයි. බස්‌නාහිර පළාතේ දිස්‌ත්‍රික්‌කයන්හි පාසල්වල ප්‍රතිඵල මේ අයුරින් පහළ බැසීමට මුල් වූ හේතු පිළිබඳව ප්‍රවීණ අධ්‍යාපනඥයකු වන ශ්‍රී ජයවර්ධනපුර විශ්aවවිද්‍යාලයයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පිඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ගෙන් අපි අදහස්‌ විමසීමක්‌ කළෙමු.

උතුරු හා බස්‌නාහිර පළාත් අතර පහසුකම් අතින් විෂමතාවක්‌ පවතී දැයි විමසූ විට මහාචාර්යවරයා සඳහන් කළේ භෞතිකමය පහසුකම් අතින් පළාත් දෙකෙහි ම විශාල විෂමතාවක්‌ දක්‌නට නොමැති මුත් උතුරු පළාතේ යාපන අර්ධද්වීපය කේන්ද්‍ර කරගනිමින් ශිෂ්‍ය අනුපාතයට සාපේක්‌ෂව වැඩි ශිෂ්‍ය පිරිසකට ජාතික පාසල් අධ්‍යාපනය ලබන්නට ඉඩකඩ සැලසී තිබෙන බවයි. විදේශීයයන් මෙරට ආණ්‌ඩු කළ සමයේ ඔවුන් පහසුකම් අතින් පිරිපුන් පාසල් යාපනය, කිලිනොච්චිය ආදී දිස්‌ත්‍රික්‌ක කේන්ද්‍ර කරගනිමින් ඉදි කළ බවත් ඒවා අද වන විට රජය යටතේ ජාතික පාසල් ලෙස පවතින බවත් ඒ මහතා සඳහන් කරයි. එහි සැම ජාතික පාසලක ම පාහේ උසස්‌ පෙළ විද්‍යා විෂයධාරාව පවතින හෙයින් අධ්‍යාපනික මට්‌ටම යම් තරමකට සෙසු පාසල්වලට සාපේක්‌ෂව එහි ඉහළ ය. මානව හා භෞතික සම්පත් අතින් ද එහි ජාතික පාසල් වඩාත් පොහොසත් ය. වැඩි සිසුන් පිරිසකට ජාතික පාසල්වල ඉගෙනගන්නට ලැබීම දිස්‌ත්‍රික්‌කයේ ප්‍රතිඵල ඉහළ යැම කෙරෙහි යම් බලපෑමක්‌ ඇති කරන්නට තුඩු දිය හැකි බව මහාචාර්ය සුදන්ත ලියනගේ පවසයි.

ඊට අමතරව උතුරේ ශිෂ්‍ය ප්‍රජාවට දකුණේ ශිෂ්‍ය ප්‍රජාවට තරම් තවමත් විකල්ප අධ්‍යාපන අවස්‌ථා (පෞද්ගලික විශ්වවිද්‍යාල වැනි) සුලබ නො වන නිසා ඔවුන් රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම පිණිස දකුණේ පිරිසට වඩා වැඩි පරිශ්‍රමයක්‌ දැරීම හා එයින් ධනාත්මක ප්‍රතිඵල නෙළාගැනීම අපේක්‌ෂා කළ හැකි තත්ත්වයක්‌ බව ද මහාචාර්යවරයා පෙන්වා දෙයි.

දකුණේ වෙසෙන දරුවන් අන්තර්ජාල, ජංගම දුරකථන ආදිය හරහා වඩාත් පහසු ක්‍රමවේදයකට ඉගෙනගැනීමට උත්සාහ දරන නමුත් සාම්ප්‍රදායික විභාග ක්‍රමවේදය තවමත් වෙනස්‌ ව නැති හෙයින් පතපොත පරිශීලනයෙන් ලබන දැනුම ඉහළ විභාග සාමර්ථ්‍යයක්‌ ලබන්නට අත්‍යවශ්‍ය බව මහාචාර්යවරයා වැඩිදුරටත් පවසයි. ප්‍රතිඵල විෂමතාවයන් කෙරෙහි යම් බලපෑමක්‌ මෙමගින් ද ඇති වන්නට පිළිවන.

මීට පෙර අවස්‌ථාවල දී මේ ආකාරයෙන් උතුරු දකුණු ප්‍රතිඵල අතර විෂමතාවන් පැනනැඟීම හේතුවෙන් ජාතීන් අතර සංහිඳියාවට බලපෑම් එල්ල වී ඇති හෙයින් ඒ පිළිබඳ වත් අපි මහාචාර්යවරයා ගෙන් විමසීමක්‌ කළෙමු. ඒ මහතා සඳහන් කළේ සැමට පිළිsගත හැකි ක්‍රමවේදයක්‌ පිළිතුරු පත්‍ර සමීක්‌ෂණයේ දී භාවිත කළ හැකි නම් පක්‌ෂග්‍රාහීව උත්තර පත්‍ර බැලීම වැනි ගැටලු සහගත තත්ත්වයකන් ඇති නො වනු ඇති බව ය. දමිළ මාධ්‍යයේ පිළිතුරු පත්‍රවලින් සියයට දහයක්‌ හා සිංහල මාධ්‍යයේ පිළිතුරු පත්‍රවලින් සියයට දහයක්‌ ප්‍රතිවිරුද්ධ භාෂා මාධ්‍යයන්හි මහාචාර්යවරුන්, සහකාර පරීක්‌ෂකවරුන් හෝ පාලක පරීක්‌ෂකවරුන් ලවා දෙවැනි වර සමීක්‌ෂණයට බඳුන් කිරීම වැනි ප්‍රායෝගික ක්‍රමවේදයක්‌ ඒ සඳහා යොදාගත හැකි බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

තව ද කෙටි ප්‍රශ්න නැත හොත් බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුරු ඇගයීම් කටයුතු වර්තමානයේ සිදු වන්නේ පිළිතුරු පත්‍ර ඇගැයීම් මධ්‍යස්‌ථානයන්හි පරීක්‌ෂණ මණ්‌ඩල හරහා ය. එම ක්‍රවේදයෙන් බැහැර ව විශේෂ ඒකකයක්‌ විභාග දෙපාර්තමේන්තුවේ පිහිටුවා විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ගේ අධීක්‌ෂණය යටතේ එක ම නිරීක්‌ෂණ මණ්‌ඩලයක්‌ ලවා පිළිතුරු පත් පරීක්‌ෂා කරවිය හැකි නම් පිළිතුරු පත්‍ර ඇගැයීමේ දී සිදු විය හැකි යෑයි කියන අක්‍රමිකතා තවදුරටත් අවම කරගත හැකි බව ද මහාචාර්යවරයා පවසයි.

දැනට මෙවන් ක්‍රමවේදයක්‌ ක්‍රියාත්මක නො වේ.


http://www.divaina.com/

Comments

Popular posts from this blog

ගමක අසිරිය

වෛද් ‍ ය   රුවන්   එම්   ජයතුංග   අම්ම හදා දුන්න කහට එක නොබීම මම වත්ත පහලට ගියේ දවල්ට කන්න හොඳ කොස් ගෙඩියක් ගේන අදහසින්. නැත්තම් දවල් වෙන කොට කොල්ලෝ කුරුට්ටෝ පැහිලා තියන ගෙඩි ටික කඩාගෙන යනවා. අපට අයිති අක්කර බාගේ වට කරලා වැටක් ගහලා නැති නිසා ඕනම කෙනෙක් වත්තට පනිනවා.     ඒත් අපරාදේ කියන්න බැහැ පොල් ගෙඩි වලට නම් කවුරුවත් අත තියන්නේ නැහැ. ඒක ලොකු දෙයක්. මාස තුනකට සැරයක් හරි අතට තුට්ටු දෙකක් ලැබුනේ පොල් ටික කඩේ මුදලාලිට දීලා. සමහරු මගෙන් අහනවා ඇයි රස්සාවක් කරන්නේ නැත්තේ කියලා ,  රස්සාවක් කරන්න රස්සාවක් ලැබෙන්න එපැයි. මම රස්සා හොයා හොයා එහෙ මෙහෙ දිව්වා. නමුත් හම්බුවෙච්ච රස්සාවක් නැහැ. උපාධිය කරලා සම්මුඛ පරීක්ෂණ වලට බඩගාපු කලේ මම හිටියේ හරිම පීඩනයක. ඔළුවට නිවනක් නැහැ. රස්සා හොයලා හොයලා හති වැටුනම මට තේරුණා රස්සාවක් ලැබෙන්න මන්තීතුමාගේ පස්සේ ගිහිල්ල තියෙන්න ඕන කියලා. මට ඒ දවස්වල ඕවට වෙලාව තිබ්බේ නැහැ . උපාධියට පාඩම් කර කර හිටියා.     මාත් එක්ක එකට සාමාන්‍ය පෙළ කරපු සොකරියා දැන් සමුර්ධි නියාමක. සොකරියාගේ නම බස්නායක ඒත් පරම්පරාවෙන් පරම්පරාවට ...

අපාය - විවිධ අපායන් හා ඒ ඒ අපායට යාමට හේතු

නරකය නරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකටයි. නරකාදි කියන සිංහල වචනය නරකය+ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලෝක කියන එකයි. මෙ නරකයත් කොටස් වලින් යුක්තයි. 01)  සඤ්ජිවය යමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නම් වෙ.  අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අන්අය හා කලකෝලහල කල අයද, දුබලයන් පෙළු රජවරු නිලධාරි හා අමාත්‍යයෝද, දිලින්දන් පෙළු පොසතුන්ද, මැරයෝද, සතුන් මරන්නෝද මෙ නරකයේ උපදියි. 02) කාලසුත්‍රය උපන් සත්ත්වයින් ගිනියම් වු යපොලවෙහි පෙරලා දැලි නුල් ගසා සසින්නාවු (කියතින් ඉරන්නාවු) නරකය මෙයයි. මාපියන්ට හා මිතුරන්ටද, ගුණවත් මහණ බමුණු ආදින්ටත් අපරාධ කල අය මේ නරකයේ පැසෙයි. 03) සන්ඝාතය මෙම නරකයේ සත්ත්වයෝ යොදුන් නවයක් ඝන ලෝහමය පොළවේ එරි නිස්චලව සිටිති. එහි භයානක හඩක් නංවමින් එහි එරි සිටින සත්ත්වයින් අඹරමින් පර්වතයෝ ඒ මෙ අත පෙරලි යති. ඒවාට යටවි සත්ත්වයෝ තැලි පොඩිවි ඇඹරි යති. ඇත් අස්, ගව ආදි සත්ත්වයිට වද දෙමින් වැඩ ගත් පුද්ගල...

ගම්මඩුව ශාන්තිකර්මය

සෞභාග්‍ය, සශ්‍රීකත්වය, වැස්ස අරභයා මෙන්ම බෝවන රෝග පැතිරයාම වැළැක්වීමට සිංහල ගැමියෝ ගම්මඩුව ශාන්තිකර්මය පවත්වති.විවිධ පළාත්වල දෙවොල් මඩුව, පුණාමඩුව, පහන්මඩුව, ගී මඩුව කිරිමඩුව හා හෑල්ලූම්මඩුව වශයෙන් සුළු වෙනස්කම් සහිතව සතරවරම් දෙවියන් මුල්කරගනිමින් මහා සාම්ප‍්‍රදායික හා චූල සාම්ප‍්‍රදායික ගණයට අයත් දෙවියන් උදෙසා කරන ශාන්ති කර්මය ගම්මඩුවයි. අස්වැන්න සරුවුවහොත් දෙවියන් පිදීමටත් වැස්සෙන් හෝ නියඟයෙන් හානිවූ කළ දෙවියන්ට කන්නලව් කිරීමටත් ගම්මඩු නැටීම සිරිතකි. එසේම සිංහල වෛද්‍ය ක‍්‍රමයටත් ගම්මඩුව බෙහෙවින් සමීපවෙයි. ගිනිමැලේ පෑගීම, බාහිර වටපිටාවේ නියඟ විපර්යාස මෙන්ම මිනිස් සිරුරේ හටගන්නා ගිනියම් ලෙඩ රෝග, අධික තාපය දුරුකිරීමේ මෙහෙයක් හැටියටත් යොදා ගැනෙයි. කිරි ඉතිරැවිම, ගිනියම් පොළොව සිසිල්වී පලදාව වැඩි කැර සෞභාග්‍යය ළඟා කැර ගැනීම ගම්මඩුවෙන් සංකේතවත් කරයි. ගැමියා තම ගොවිතැනින් ලබන අස්වැන්න පරිභෝජනයට පෙර කොටසක් දෙවියන්ට පූජා කරයි. එය අඩුක්කුව/අක්යාල නම් වෙයි. ගම් ආශි‍්‍රතව දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන දේවාලවලදී වාර්ෂිකව දෙවොල් මඩු යාගය පවත්වයිි. අඩුක්කුවවෙන් දේව දානය දි දේවාශිර්වාද පැතීම...