Skip to main content

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව



ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානවලට අනුව මෙම කොමිසන් සභාව වසර දෙකක කාලයක් සඳහා පත් කර ඇති බව වාර්තා වෙයි.

මාර්තු මස 03 වන දින සිට බලපැවැත්වෙන පරිදි පිහිටුවා ඇති ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ සාමාජිකයින් ගණන 23ක් වෙයි.
එම කොමිසන් සභාවේ සභාපතිවරයා ලෙස K.L.L. විජේරත්න මහතා පත් කර ඇති අතර ලේකම්වරයා ලෙස අශෝක ජයසේකර මහතා පත් කර තිබේ.

රාජ්‍ය සේවයේ යහපත් වු රාජ්‍ය පාලනයක් තුළ ජනතාවගේ අභිලාශයන් යථා පරිදි මුදුන්පත් කිරීම උදෙසා රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය, ඵලදායීතාවය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් මෙම කොමිෂන් සභාව ජනාධිපතිවරයා විසින් පත්කර ඇති බව වාර්තා වෙයි.

රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද ශ්‍රමබල අවශ්‍යතාවයන් යෝග්‍ය පරිදි සපුරාලීම හා පහසුකරලීම සඳහා කාර්යය මණ්ඩල අධ්‍යයනයක් සිදුකර ඊට උචිත වන සේ ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීම සහ එය ක්‍රියාත්මක කිරීම සදහා රජයට උපදෙස් ලබාදීම මෙම කොමිෂන් සභාවට පැවරී ඇති වගකීමක් වෙයි.

විශේෂයෙන් වර්තමානයේ පවතින බඳවා ගැනීම් වැටුප් හා වේතන තීරණය කිරීමේ ක්‍රමවේදය සහ කාර්යක්ෂම ඵලදායී සේවාවක් සැපයීම සඳහා ගැළපෙන පරිදි රාජ්‍ය ආයතනවල කාර්යය මණ්ඩල අවශ්‍යතාවය විධිමත් කිරීම මෙම කොමිෂන් සභාව විසින් සිදුකළ යුතුව ඇත.

රාජ්‍ය සේවයේ වරින් වර සිදුවන වැටුප් වැඩිවීම්වලට අනුගාමී ලෙස විශ්‍රාම වැටුප් ගෙවීමේ දී අනුගමනය කළ යුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සහ රාජ්‍ය සේවාව සඳහා දායක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම ද මෙම කොමිෂන් සභාවට පැවරී ඇති තවත් කාර්යය භාරයක් වෙයි.

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව පිහිටුවීමත් සමඟම 2013 වසරේ පිහිටුවන ලද ජාතික වැටපු කොමිෂන් සභාව අහෝසි කිරීමට ද පියවර ගෙන තිබේ.



උපුටා ගැනීම - http://sinhala.adaderana.lk/

Comments

Popular posts from this blog

ගමක අසිරිය

වෛද් ‍ ය   රුවන්   එම්   ජයතුංග   අම්ම හදා දුන්න කහට එක නොබීම මම වත්ත පහලට ගියේ දවල්ට කන්න හොඳ කොස් ගෙඩියක් ගේන අදහසින්. නැත්තම් දවල් වෙන කොට කොල්ලෝ කුරුට්ටෝ පැහිලා තියන ගෙඩි ටික කඩාගෙන යනවා. අපට අයිති අක්කර බාගේ වට කරලා වැටක් ගහලා නැති නිසා ඕනම කෙනෙක් වත්තට පනිනවා.     ඒත් අපරාදේ කියන්න බැහැ පොල් ගෙඩි වලට නම් කවුරුවත් අත තියන්නේ නැහැ. ඒක ලොකු දෙයක්. මාස තුනකට සැරයක් හරි අතට තුට්ටු දෙකක් ලැබුනේ පොල් ටික කඩේ මුදලාලිට දීලා. සමහරු මගෙන් අහනවා ඇයි රස්සාවක් කරන්නේ නැත්තේ කියලා ,  රස්සාවක් කරන්න රස්සාවක් ලැබෙන්න එපැයි. මම රස්සා හොයා හොයා එහෙ මෙහෙ දිව්වා. නමුත් හම්බුවෙච්ච රස්සාවක් නැහැ. උපාධිය කරලා සම්මුඛ පරීක්ෂණ වලට බඩගාපු කලේ මම හිටියේ හරිම පීඩනයක. ඔළුවට නිවනක් නැහැ. රස්සා හොයලා හොයලා හති වැටුනම මට තේරුණා රස්සාවක් ලැබෙන්න මන්තීතුමාගේ පස්සේ ගිහිල්ල තියෙන්න ඕන කියලා. මට ඒ දවස්වල ඕවට වෙලාව තිබ්බේ නැහැ . උපාධියට පාඩම් කර කර හිටියා.     මාත් එක්ක එකට සාමාන්‍ය පෙළ කරපු සොකරියා දැන් සමුර්ධි නියාමක. සොකරියාගේ නම බස්නායක ඒත් පරම්පරාවෙන් පරම්පරාවට ...

අපාය - විවිධ අපායන් හා ඒ ඒ අපායට යාමට හේතු

නරකය නරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකටයි. නරකාදි කියන සිංහල වචනය නරකය+ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලෝක කියන එකයි. මෙ නරකයත් කොටස් වලින් යුක්තයි. 01)  සඤ්ජිවය යමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නම් වෙ.  අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අන්අය හා කලකෝලහල කල අයද, දුබලයන් පෙළු රජවරු නිලධාරි හා අමාත්‍යයෝද, දිලින්දන් පෙළු පොසතුන්ද, මැරයෝද, සතුන් මරන්නෝද මෙ නරකයේ උපදියි. 02) කාලසුත්‍රය උපන් සත්ත්වයින් ගිනියම් වු යපොලවෙහි පෙරලා දැලි නුල් ගසා සසින්නාවු (කියතින් ඉරන්නාවු) නරකය මෙයයි. මාපියන්ට හා මිතුරන්ටද, ගුණවත් මහණ බමුණු ආදින්ටත් අපරාධ කල අය මේ නරකයේ පැසෙයි. 03) සන්ඝාතය මෙම නරකයේ සත්ත්වයෝ යොදුන් නවයක් ඝන ලෝහමය පොළවේ එරි නිස්චලව සිටිති. එහි භයානක හඩක් නංවමින් එහි එරි සිටින සත්ත්වයින් අඹරමින් පර්වතයෝ ඒ මෙ අත පෙරලි යති. ඒවාට යටවි සත්ත්වයෝ තැලි පොඩිවි ඇඹරි යති. ඇත් අස්, ගව ආදි සත්ත්වයිට වද දෙමින් වැඩ ගත් පුද්ගල...

ගම්මඩුව ශාන්තිකර්මය

සෞභාග්‍ය, සශ්‍රීකත්වය, වැස්ස අරභයා මෙන්ම බෝවන රෝග පැතිරයාම වැළැක්වීමට සිංහල ගැමියෝ ගම්මඩුව ශාන්තිකර්මය පවත්වති.විවිධ පළාත්වල දෙවොල් මඩුව, පුණාමඩුව, පහන්මඩුව, ගී මඩුව කිරිමඩුව හා හෑල්ලූම්මඩුව වශයෙන් සුළු වෙනස්කම් සහිතව සතරවරම් දෙවියන් මුල්කරගනිමින් මහා සාම්ප‍්‍රදායික හා චූල සාම්ප‍්‍රදායික ගණයට අයත් දෙවියන් උදෙසා කරන ශාන්ති කර්මය ගම්මඩුවයි. අස්වැන්න සරුවුවහොත් දෙවියන් පිදීමටත් වැස්සෙන් හෝ නියඟයෙන් හානිවූ කළ දෙවියන්ට කන්නලව් කිරීමටත් ගම්මඩු නැටීම සිරිතකි. එසේම සිංහල වෛද්‍ය ක‍්‍රමයටත් ගම්මඩුව බෙහෙවින් සමීපවෙයි. ගිනිමැලේ පෑගීම, බාහිර වටපිටාවේ නියඟ විපර්යාස මෙන්ම මිනිස් සිරුරේ හටගන්නා ගිනියම් ලෙඩ රෝග, අධික තාපය දුරුකිරීමේ මෙහෙයක් හැටියටත් යොදා ගැනෙයි. කිරි ඉතිරැවිම, ගිනියම් පොළොව සිසිල්වී පලදාව වැඩි කැර සෞභාග්‍යය ළඟා කැර ගැනීම ගම්මඩුවෙන් සංකේතවත් කරයි. ගැමියා තම ගොවිතැනින් ලබන අස්වැන්න පරිභෝජනයට පෙර කොටසක් දෙවියන්ට පූජා කරයි. එය අඩුක්කුව/අක්යාල නම් වෙයි. ගම් ආශි‍්‍රතව දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන දේවාලවලදී වාර්ෂිකව දෙවොල් මඩු යාගය පවත්වයිි. අඩුක්කුවවෙන් දේව දානය දි දේවාශිර්වාද පැතීම...