පෝෂණ විද්‍යාව තුළ ප්‍රොටීන් එතරම් අවධාරණය වී තිබුණද ප්‍රොටීන් බහුලවම ඇති ශාක ප්‍රභවය හෙවත් මාංශ බෝග නොසලකා හැරී ඇත. එයට හේතුව විය යුත්තේ බටහිර පෝෂණ විද්‍යාව ගොඩ නැගී ඇති බටහිර රටවල මෙම මාංශ බෝග වැදගත් ආහාර ප්‍රභවයක් සේ නොසැළකීමය. ඒ අනුවම බටහිර රටවල ඇති වූ මහා පරිමාණ ආහාර නිෂ්පාදන සමාගම් මේවා තම නිෂ්පාදන වලට යොදා නොගත්හ. එම නිසා ලෝක ප්‍රොටීන් ඌණතාවය පහසුවෙන්ම වළක්‌වා ගත හැකි ඉතා අඩු මිලට ජනතාවට ලබා ගත හැකි මාංශ බෝග වලට කුඩම්මාගේ සැළකිල්ලවත් ලැබී නැත. අප රටේ පමණක් නොව සමස්‌ත ලෝකයේම ප්‍රොටීන් ඌණතාවය ඉතාම සෞඛ්‍යාරක්‌ෂිත තත්ත්වයක් යටතේ වැළැක්‌වීමට තරම් ඉහළ විභවයක් සහිත ඇට පියලි වර්ග හෙවත් මාංශ බෝග ගැන අප හො`දින් ඉගෙන ගත යුතුය. මේවාට නිදසුන් වන්නේ මුං ඇට, කව්පි, කඩල, පරිප්පු වර්ග, සෝයා, කොල්ලු, උ`දු, මෑ ඇට, බෝංචි ඇට, සහ දඹල ඇට ආදියයි. මෑ, බෝංචි සහ දඹල වල ලපටි කරල් අප රටේ බහුලව භාවිතාකරන්නේ එළවළුවක් ලෙසිනි. එහෙත් ඒවායේ මෝරන ලද ඇට පියලි වර්ග ලෙස භාවිතා කළ හැකිය. ඉහත ස`දහන් පරිදි ප්‍රොටීන් අවශ්‍යතාවයද තහවුරු කරගනිමින් නිවැරදි පෝෂණයට ඇට වර්ග හෙවත් පියලි වර්ග වලින් අප රටේ සෑම දෙනාම සිතාග