ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානවලට අනුව මෙම කොමිසන් සභාව වසර දෙකක කාලයක් සඳහා පත් කර ඇති බව වාර්තා වෙයි. මාර්තු මස 03 වන දින සිට බලපැවැත්වෙන පරිදි පිහිටුවා ඇති ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ සාමාජිකයින් ගණන 23ක් වෙයි. එම කොමිසන් සභාවේ සභාපතිවරයා ලෙස K.L.L. විජේරත්න මහතා පත් කර ඇති අතර ලේකම්වරයා ලෙස අශෝක ජයසේකර මහතා පත් කර තිබේ. රාජ්‍ය සේවයේ යහපත් වු රාජ්‍ය පාලනයක් තුළ ජනතාවගේ අභිලාශයන් යථා පරිදි මුදුන්පත් කිරීම උදෙසා රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය, ඵලදායීතාවය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් මෙම කොමිෂන් සභාව ජනාධිපතිවරයා විසින් පත්කර ඇති බව වාර්තා වෙයි. රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද ශ්‍රමබල අවශ්‍යතාවයන් යෝග්‍ය පරිදි සපුරාලීම හා පහසුකරලීම සඳහා කාර්යය මණ්ඩල අධ්‍යයනයක් සිදුකර ඊට උචිත වන සේ ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීම සහ එය ක්‍රියාත්මක කිරීම සදහා රජයට උපදෙස් ලබාදීම මෙම කොමිෂන් සභාවට පැවරී ඇති වගකීමක් වෙයි. විශේෂයෙන් වර්තමානයේ පවතින බඳවා ගැනීම් වැටුප් හ...