Skip to main content

මධ්‍යම කඳුකර ලෝක උරුමය

පාරිසරික වශයෙන් අතිශයින්ම වැදගත් වූ මෙරට පරිසර පද්ධති තුනක් කේන්ද්‍රකරගනිමින් ශී‍්‍ර ලංකාවේ මධ්‍යම කඳුකරය ලෝක උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත්කැර ඇත. බ‍්‍රසීලයේ බ‍්‍රසීලියා නගරයේ පැවැත්වුණු ලෝක උරුම කමිටුවේ 34 වැනි සැසිවාරයේදී මෙම නම් කිරීම සිදුකැර ඇති අතර ඒ සමගම ඇමරිකාවේ හවායි දූපත් සමූහයේ දූපත් කිහිපයක් ද ලෝක උරුම ලෙස නම්කැර තිබේ.
ලෝකයේ ජෛව විවිධත්ව උණුසුම් ප‍්‍රදේශයක් ලෙස නම්කොට ඇති ශී‍්‍ර ලංකාවේ පිහිටා ඇති නකල්ස් දැඩි රක්ෂිතය, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ශී‍්‍ර පාද අඩවි වනාන්තරයේ ශාක හා සත්ත්ව ප‍්‍රජාව සම්බන්ධයෙන් සිදුකරන ලද පුළුල් අධ්‍යයනයන් පදනම් කැරගනිමින් මෙම යෝජනාව යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම කමිටුවට ඉදිරිපත් කැර තිබිණි.
1833 වර්ෂයේ දී ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන ලද ශී‍්‍රමත් රොබට් හෝරටන්හට ගරු කිරීමක් වශයෙන් හෝර්ටන් තැන්න ලෙස නම්කරන ලද පාරිසරික භූමි භාගය අතීතයේ මහඑළිය, මැණික් තැන්න යන නම්වලින් හඳුන්වන ලදී. 1969 වර්ෂයේ දෙසැම්බර් මස 05 වැනි දින ස්වභාවික රක්ෂිතයක් බවට පත්කළ එම ප‍්‍රදේශයේ පාරිසරික හා භූගෝලීය වැදගත්කමත් ජෛව විවිධත්වයත් සැළකිල්ලට ගනිමින් 1988 මාර්තු මස 10 වැනි දින හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයක් ලෙස ප‍්‍රකාශයට පත්කරන ලදී.
ශී‍්‍ර ලංකාවේ ගිණිකොන සිට වයඹ දිශාවට ලග්ගල සිට ඌරුගල දක්වා සැතපුම් 12 ක් පමණ දිගට විහිදෙන දුම්බර කඳුවැටිය හෙවත් නකල්ස් කඳුවැටිය පාරිසරික වශයෙන් අතිශය වැදගත් භූමිභාගයකි. නිරන්තරවම මිහිදුමින් වැසී පැවතීම හේතුවෙන්ම දුම්බරයැයි නම් ලද මෙම කඳුවැටියේ ගොම්බානිය, නකල්ස්, කෙහෙල්පොත්දොරුව ගල, කළුපහන, දෝතළුගල, වමාරපුගල, තෙළඹුගල හා ලකේගල නැමැති උස් කඳු කිහිපයක් පිහිටා ඇත. හෙක්ටයාර 28,000 ක පමණ වපසරියක් වසා විහිදී ඇති දුම්බර කඳුවැටියේ පාරිසරික වටිනාකම හේතුවෙන්ම එය දැඩි රක්ෂිතයක් ලෙස ද නම්කැර තිබේ.
මධ්‍යම හා සබරගමු පළාත් මායිම්වන ලෙසට පළාත් මායිම් අතරින් විහිදී යමින් මුහුදු මට්ටමේ සිට මීටර 2244 ක් උසින් පිහිටා ඇති සමනළ ගිරි ශිඛරය මෙරට පමණක් නොව සමස්ථ ලෝකයේම සියළුම ආගමිකයන්ගේ භක්ත්‍යාදරයට පාත‍්‍ර වූ භූමි භාගයකි. එහි සංස්කෘතිකමය වටිනාකම කෙසේ වෙතත් සමනළ කන්ද වටා අක්කර 56,000 ක් පුරා පැතිරීගිය වන භූමිය පාරිසරික වශයෙන් අතිශයින්ම වැදගත් භූමි භාගයකි. 1940 ඔක්තෝබර් මස 25 වැනි දින නිකුත් කළ ගැසට් පත‍්‍රයක් මගින් මෙම ප‍්‍රදේශය අභයභූමියක් ලෙස ප‍්‍රකාශයට පත්කැර තිබේ.
මෙම ස්වභාවික පරිසර පද්ධතීන් සම්බන්ධයෙන් සැකසූ ව්‍යාපෘති වර්තාවක් සැළකිල්ලට ගනිමින් යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම කමිටුව ශී‍්‍ර ලංකාවේ මධ්‍යම කඳුකර ස්වභාවික පරිසරය ලෝක උරුමයක් ලෙස නම් කළ බව ජාතික විද්‍යා පදනමේ මහාචාර්ය සිරිමලී ප‍්‍රනාන්දු මහත්මිය කියා සිටියාය.
මෙම නම්කිරීමට පෙර අනුරාධපුරය, පොළොන්නරුව, මහනුවර දළදා මාළිගය, සීගිරිය, දඹුල්ල ලෙන්විහාරය, ගාල්ල කොටුව හා සිංහරාජ වර්ෂා වනාන්තරය ලෝක උරුම ලෙස නම්කැර තිබිණි. බ‍්‍රසීලියා සමුළුවේදී ගත් මෙම තීරණය අනුව ශී‍්‍ර ලංකාවේ ලෝක උරුම සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ යන අතර අලුතෙන් එකතුවූ ලෝක උරුම තුනම ස්වභාවික ලෝක උරුම වීමද වැදගත් කරුණකි.


හෝර්ටන් තැන්න

හෝර්ටන් තැන්න

නකල්ස් කඳුකරය

නකල්ස් පිටවල පතන

සිරිපා අඩවිය

සිරිපා කඳු මුදුන සහ වනාන්තරය

උපුටා ගැනීම - ලංකාදීප පත්‍රයෙනි

Comments

Popular posts from this blog

ගමක අසිරිය

වෛද් ‍ ය   රුවන්   එම්   ජයතුංග   අම්ම හදා දුන්න කහට එක නොබීම මම වත්ත පහලට ගියේ දවල්ට කන්න හොඳ කොස් ගෙඩියක් ගේන අදහසින්. නැත්තම් දවල් වෙන කොට කොල්ලෝ කුරුට්ටෝ පැහිලා තියන ගෙඩි ටික කඩාගෙන යනවා. අපට අයිති අක්කර බාගේ වට කරලා වැටක් ගහලා නැති නිසා ඕනම කෙනෙක් වත්තට පනිනවා.     ඒත් අපරාදේ කියන්න බැහැ පොල් ගෙඩි වලට නම් කවුරුවත් අත තියන්නේ නැහැ. ඒක ලොකු දෙයක්. මාස තුනකට සැරයක් හරි අතට තුට්ටු දෙකක් ලැබුනේ පොල් ටික කඩේ මුදලාලිට දීලා. සමහරු මගෙන් අහනවා ඇයි රස්සාවක් කරන්නේ නැත්තේ කියලා ,  රස්සාවක් කරන්න රස්සාවක් ලැබෙන්න එපැයි. මම රස්සා හොයා හොයා එහෙ මෙහෙ දිව්වා. නමුත් හම්බුවෙච්ච රස්සාවක් නැහැ. උපාධිය කරලා සම්මුඛ පරීක්ෂණ වලට බඩගාපු කලේ මම හිටියේ හරිම පීඩනයක. ඔළුවට නිවනක් නැහැ. රස්සා හොයලා හොයලා හති වැටුනම මට තේරුණා රස්සාවක් ලැබෙන්න මන්තීතුමාගේ පස්සේ ගිහිල්ල තියෙන්න ඕන කියලා. මට ඒ දවස්වල ඕවට වෙලාව තිබ්බේ නැහැ . උපාධියට පාඩම් කර කර හිටියා.     මාත් එක්ක එකට සාමාන්‍ය පෙළ කරපු සොකරියා දැන් සමුර්ධි නියාමක. සොකරියාගේ නම බස්නායක ඒත් පරම්පරාවෙන් පරම්පරාවට ...

අපාය - විවිධ අපායන් හා ඒ ඒ අපායට යාමට හේතු

නරකය නරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකටයි. නරකාදි කියන සිංහල වචනය නරකය+ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලෝක කියන එකයි. මෙ නරකයත් කොටස් වලින් යුක්තයි. 01)  සඤ්ජිවය යමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නම් වෙ.  අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අන්අය හා කලකෝලහල කල අයද, දුබලයන් පෙළු රජවරු නිලධාරි හා අමාත්‍යයෝද, දිලින්දන් පෙළු පොසතුන්ද, මැරයෝද, සතුන් මරන්නෝද මෙ නරකයේ උපදියි. 02) කාලසුත්‍රය උපන් සත්ත්වයින් ගිනියම් වු යපොලවෙහි පෙරලා දැලි නුල් ගසා සසින්නාවු (කියතින් ඉරන්නාවු) නරකය මෙයයි. මාපියන්ට හා මිතුරන්ටද, ගුණවත් මහණ බමුණු ආදින්ටත් අපරාධ කල අය මේ නරකයේ පැසෙයි. 03) සන්ඝාතය මෙම නරකයේ සත්ත්වයෝ යොදුන් නවයක් ඝන ලෝහමය පොළවේ එරි නිස්චලව සිටිති. එහි භයානක හඩක් නංවමින් එහි එරි සිටින සත්ත්වයින් අඹරමින් පර්වතයෝ ඒ මෙ අත පෙරලි යති. ඒවාට යටවි සත්ත්වයෝ තැලි පොඩිවි ඇඹරි යති. ඇත් අස්, ගව ආදි සත්ත්වයිට වද දෙමින් වැඩ ගත් පුද්ගල...

ගම්මඩුව ශාන්තිකර්මය

සෞභාග්‍ය, සශ්‍රීකත්වය, වැස්ස අරභයා මෙන්ම බෝවන රෝග පැතිරයාම වැළැක්වීමට සිංහල ගැමියෝ ගම්මඩුව ශාන්තිකර්මය පවත්වති.විවිධ පළාත්වල දෙවොල් මඩුව, පුණාමඩුව, පහන්මඩුව, ගී මඩුව කිරිමඩුව හා හෑල්ලූම්මඩුව වශයෙන් සුළු වෙනස්කම් සහිතව සතරවරම් දෙවියන් මුල්කරගනිමින් මහා සාම්ප‍්‍රදායික හා චූල සාම්ප‍්‍රදායික ගණයට අයත් දෙවියන් උදෙසා කරන ශාන්ති කර්මය ගම්මඩුවයි. අස්වැන්න සරුවුවහොත් දෙවියන් පිදීමටත් වැස්සෙන් හෝ නියඟයෙන් හානිවූ කළ දෙවියන්ට කන්නලව් කිරීමටත් ගම්මඩු නැටීම සිරිතකි. එසේම සිංහල වෛද්‍ය ක‍්‍රමයටත් ගම්මඩුව බෙහෙවින් සමීපවෙයි. ගිනිමැලේ පෑගීම, බාහිර වටපිටාවේ නියඟ විපර්යාස මෙන්ම මිනිස් සිරුරේ හටගන්නා ගිනියම් ලෙඩ රෝග, අධික තාපය දුරුකිරීමේ මෙහෙයක් හැටියටත් යොදා ගැනෙයි. කිරි ඉතිරැවිම, ගිනියම් පොළොව සිසිල්වී පලදාව වැඩි කැර සෞභාග්‍යය ළඟා කැර ගැනීම ගම්මඩුවෙන් සංකේතවත් කරයි. ගැමියා තම ගොවිතැනින් ලබන අස්වැන්න පරිභෝජනයට පෙර කොටසක් දෙවියන්ට පූජා කරයි. එය අඩුක්කුව/අක්යාල නම් වෙයි. ගම් ආශි‍්‍රතව දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන දේවාලවලදී වාර්ෂිකව දෙවොල් මඩු යාගය පවත්වයිි. අඩුක්කුවවෙන් දේව දානය දි දේවාශිර්වාද පැතීම...