Skip to main content

ජාතියේ පොහොර ගස හෙවත් මී ගස

රසායනික පොහොර, කෘමි නාශක අනවශ්‍ය ප්‍රමාණයට (අව)භාවිතා කිරීම නිසා අද වන විට අපේ ආහාර පිගානත් මහ පොලොවත් දෙකම වස වී තිබේ. අප දරුවන්ට ඉතා ආදරයෙන් වස කවමු. දිනෙන් දින අපට බත සපයන කෙතත් මහ පොලොවත් මරමින් සිටිමු.

අතීතයේ අපට වැව හා බැඳුනු විශ්වාස කල නොහැකි තරම් සුන්දර හා විශ්වාසනීය සංස්කෘතියක් තිබුනා.ඒ මහා පාරිසරික පද්ධතිය තුල අපේ මහ වැව ගම් තුලානේ කෙත් වතු සරු සාර ලෙස අස්වද්දවා. අපේ දූ දරුවන් නිරෝගීව පෝෂණය කලා. වැවට ඉහල වනය අලි ඇතුන් සතා සීපාවට ඇති තරම් ආහාර පෝෂණය දුනි. ඒ මහා වනයේ දිය උල්පත් වලින් වැව පෝෂණය කලා. වැවෙන් පහල මිනිසුන් වෙනුවෙන් වෙන් වුනා.

අතීතයේ ගොවියා ගැමියා විතරක් නෙවෙයි රටේ රජුත් දැනගෙන හිටියා මී ගහේ මහා වටිනාකම ගැන. ඒ හිංදා හෑම වැවකම වැව් බැම්මේත් කෙත් වතු වටාත් මහා දැවැන්ත මී ගස් තේජාන්විතව ආරක්ෂාකාරීව තම රාජ කාරිය ඉටු කලා. රටේ රජුත් මේ මහා වටිනා ගස රකින්නට නීති රීති සම්පාදනය කලා. එදා අපිට වඩා මේ මී ගහ ගැන ගැමියාට ගොවියාට මහා දැණුමක් තිබුනා. මී ගහේ මල අද අපි පාවිච්චි කරන මුද්දරස්පලම් වලට ආදේශකය විදියට පාවිච්චි කලා. මේ මී මල් හැලප වලට දැම්මා, එය පුංචි ඈයන්ගේ ඉතා රසවත් ආහාරයක් වුනා.

මී ගහ පොහොර ගස වුනේ කොහොමද..? ඒක සිද්ද වෙන්නේ මා වවුලට පිං සිද්ද වෙන්නයි. වවුලාගේ ප්‍රියතම ආහාරයක් තමයි අමු මී ගෙඩි. වවුලා මී ගස් හොයාගෙන ඇවිත් මී ගෙඩි කනවා. ඒ අතරේ වවුලා වසුරු දානවා (වවුල් බෙටි) මේ වවුල් වසුරු එකතු වුනේ වැවට, කුඹුරට... මේ වවුල් වසුරු වතුරේ දිය වෙලා කුඹුරට, පසට එකතු වුනා. මේ වවුල් වසුරු ඉතා ඉහල ගුණාත්මයක් ඇති කාබනික පොහොරක්.. යූරියා කිලෝ දෙක තුනක තිබෙන නයිට්‍රජන් ප්‍රමාණය වවුල් වසුරු ගිනි පෙට්ටි පියනක තිබෙන බව සොයාගෙන තියෙනවා. විෂ රසායනික නැති, බැර ලෝහ නැති සුපිරිම කාබනික පොහොරක් බව අපිට කලින් අපේ මුතුන් මිත්තෝ හොයාගෙන තියෙනවා.

ඊට අමතරව මී ගහට එන වවුලන් නිසා ගොවිතැනට හානි කර කෘමීන් බොහෝ ප්‍රමාණයක් පාලනය වුනා. මී මල් වල සුවඳට ආකර්ශනය වන මී මැස්සන් නිසා ගොයම් මැස්සන් අැතුලු පලිබෝධ පාලනයක්ද සිද්ද වුනා.

ඒ අතරේ වියලි මී ඇට තලා තෙල් හිඳ සිංහල වෙදකමට අදටත් මී ඇට සහ මී මල් ලබා ගන්නවා.එමෙන්ම ගොයමට පොහොරක් ලෙස මී තෙල්හි අතුරු ඵලය වු රොඩ්ඩ භාවිතා කෙරුනා. පැරැන්නෝ මෙවැනි ප්‍රයෝජන රාශියක් අත්කරගත් මී ගසට වි‍ශේෂ ස්ථානයක් ලබා දී තිබුණා. නමුත් අද වනවිට මේ තත්ත්වය වෙනස් වෙලා. නූතන ගොවිතැන තුළ කෘමීන් මර්දනය සඳහා බහුලව රසායනික පොහොර සහ කෘමිනාශක යොදා ගන්නවා. නමුත් මෙහි අහිතකර ප්‍රතිඵලය වන්නේ මිනිසා රෝගියෙකු වීමයි. අද වන විට අධික වකුගඩු රෝගින් ප්‍රමාණයක්, පිළිකා රෝගීන් ප්‍රමාණයක් අපේ අයහපත් රසායනික භාවිතය නිසා රෝහල් වල ගොඩ ගැහිලා.

ඉතින් අපි මැරුණු මහ පොලොවට පණ දෙන්න ඕන නැද්ද..? මැරුණු වැවට පණ දෙන්න ඕන නැද්ද..? පිගානේ වස ටික නැති කරගන්න ඕන නැද්ද..? පුංචි උන්ට වස පොවන වස කවන අපරාධයෙන් නිදහස් වෙන්න ඕනේ නැද්ද..?

මේ මහා පොහොර ගහේ බලය දැනගත්තු සුද්දා එදා නියෝග කලා මේ සද්දන්ත මී ගස් සියල්ල කපලා වැව් අමුණු වල පාලං බෝක්කු වලට දාන්න.සුද්දා කීව දේ අදත් අපි හරියටම කලා. කඹුරු පුරන් වුනාම අපි සුද්දගේ වතු වල වැඩට ගියා.

අපි තවමත් පරක්කු නෑ..අපි අපේ හෙළ ගොවිතැනට නැවත පණ පොවමු. මේක දැනගන්න අපි අඩුම එක මී පැලයක්වත් කුඹුරු ආශ්‍රිතව පැල කරවමු. මිනිසුන් වෙනුවෙන් මනුසත් කම පැළ කරමු.

උපුටාගැනීමකි. කතෘ දැනට නොදනී.

Comments

  1. ධර්මයේ හමුවන භාහිර ලෝකය හා තුන් ලෝකය
    https://www.lankaweb.com/news/items/2022/11/03/ධර්මයේ-හමුවන-භාහිර-ලෝකය-හ/

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ගමක අසිරිය

වෛද් ‍ ය   රුවන්   එම්   ජයතුංග   අම්ම හදා දුන්න කහට එක නොබීම මම වත්ත පහලට ගියේ දවල්ට කන්න හොඳ කොස් ගෙඩියක් ගේන අදහසින්. නැත්තම් දවල් වෙන කොට කොල්ලෝ කුරුට්ටෝ පැහිලා තියන ගෙඩි ටික කඩාගෙන යනවා. අපට අයිති අක්කර බාගේ වට කරලා වැටක් ගහලා නැති නිසා ඕනම කෙනෙක් වත්තට පනිනවා.     ඒත් අපරාදේ කියන්න බැහැ පොල් ගෙඩි වලට නම් කවුරුවත් අත තියන්නේ නැහැ. ඒක ලොකු දෙයක්. මාස තුනකට සැරයක් හරි අතට තුට්ටු දෙකක් ලැබුනේ පොල් ටික කඩේ මුදලාලිට දීලා. සමහරු මගෙන් අහනවා ඇයි රස්සාවක් කරන්නේ නැත්තේ කියලා ,  රස්සාවක් කරන්න රස්සාවක් ලැබෙන්න එපැයි. මම රස්සා හොයා හොයා එහෙ මෙහෙ දිව්වා. නමුත් හම්බුවෙච්ච රස්සාවක් නැහැ. උපාධිය කරලා සම්මුඛ පරීක්ෂණ වලට බඩගාපු කලේ මම හිටියේ හරිම පීඩනයක. ඔළුවට නිවනක් නැහැ. රස්සා හොයලා හොයලා හති වැටුනම මට තේරුණා රස්සාවක් ලැබෙන්න මන්තීතුමාගේ පස්සේ ගිහිල්ල තියෙන්න ඕන කියලා. මට ඒ දවස්වල ඕවට වෙලාව තිබ්බේ නැහැ . උපාධියට පාඩම් කර කර හිටියා.     මාත් එක්ක එකට සාමාන්‍ය පෙළ කරපු සොකරියා දැන් සමුර්ධි නියාමක. සොකරියාගේ නම බස්නායක ඒත් පරම්පරාවෙන් පරම්පරාවට ...

අපාය - විවිධ අපායන් හා ඒ ඒ අපායට යාමට හේතු

නරකය නරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකටයි. නරකාදි කියන සිංහල වචනය නරකය+ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලෝක කියන එකයි. මෙ නරකයත් කොටස් වලින් යුක්තයි. 01)  සඤ්ජිවය යමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නම් වෙ.  අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අන්අය හා කලකෝලහල කල අයද, දුබලයන් පෙළු රජවරු නිලධාරි හා අමාත්‍යයෝද, දිලින්දන් පෙළු පොසතුන්ද, මැරයෝද, සතුන් මරන්නෝද මෙ නරකයේ උපදියි. 02) කාලසුත්‍රය උපන් සත්ත්වයින් ගිනියම් වු යපොලවෙහි පෙරලා දැලි නුල් ගසා සසින්නාවු (කියතින් ඉරන්නාවු) නරකය මෙයයි. මාපියන්ට හා මිතුරන්ටද, ගුණවත් මහණ බමුණු ආදින්ටත් අපරාධ කල අය මේ නරකයේ පැසෙයි. 03) සන්ඝාතය මෙම නරකයේ සත්ත්වයෝ යොදුන් නවයක් ඝන ලෝහමය පොළවේ එරි නිස්චලව සිටිති. එහි භයානක හඩක් නංවමින් එහි එරි සිටින සත්ත්වයින් අඹරමින් පර්වතයෝ ඒ මෙ අත පෙරලි යති. ඒවාට යටවි සත්ත්වයෝ තැලි පොඩිවි ඇඹරි යති. ඇත් අස්, ගව ආදි සත්ත්වයිට වද දෙමින් වැඩ ගත් පුද්ගල...

ගම්මඩුව ශාන්තිකර්මය

සෞභාග්‍ය, සශ්‍රීකත්වය, වැස්ස අරභයා මෙන්ම බෝවන රෝග පැතිරයාම වැළැක්වීමට සිංහල ගැමියෝ ගම්මඩුව ශාන්තිකර්මය පවත්වති.විවිධ පළාත්වල දෙවොල් මඩුව, පුණාමඩුව, පහන්මඩුව, ගී මඩුව කිරිමඩුව හා හෑල්ලූම්මඩුව වශයෙන් සුළු වෙනස්කම් සහිතව සතරවරම් දෙවියන් මුල්කරගනිමින් මහා සාම්ප‍්‍රදායික හා චූල සාම්ප‍්‍රදායික ගණයට අයත් දෙවියන් උදෙසා කරන ශාන්ති කර්මය ගම්මඩුවයි. අස්වැන්න සරුවුවහොත් දෙවියන් පිදීමටත් වැස්සෙන් හෝ නියඟයෙන් හානිවූ කළ දෙවියන්ට කන්නලව් කිරීමටත් ගම්මඩු නැටීම සිරිතකි. එසේම සිංහල වෛද්‍ය ක‍්‍රමයටත් ගම්මඩුව බෙහෙවින් සමීපවෙයි. ගිනිමැලේ පෑගීම, බාහිර වටපිටාවේ නියඟ විපර්යාස මෙන්ම මිනිස් සිරුරේ හටගන්නා ගිනියම් ලෙඩ රෝග, අධික තාපය දුරුකිරීමේ මෙහෙයක් හැටියටත් යොදා ගැනෙයි. කිරි ඉතිරැවිම, ගිනියම් පොළොව සිසිල්වී පලදාව වැඩි කැර සෞභාග්‍යය ළඟා කැර ගැනීම ගම්මඩුවෙන් සංකේතවත් කරයි. ගැමියා තම ගොවිතැනින් ලබන අස්වැන්න පරිභෝජනයට පෙර කොටසක් දෙවියන්ට පූජා කරයි. එය අඩුක්කුව/අක්යාල නම් වෙයි. ගම් ආශි‍්‍රතව දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන දේවාලවලදී වාර්ෂිකව දෙවොල් මඩු යාගය පවත්වයිි. අඩුක්කුවවෙන් දේව දානය දි දේවාශිර්වාද පැතීම...