Skip to main content

මුහුණ සුදු කිරීමට ආලේප කරන ඇතැම් ක්‍රීම් වර්ගවල ඊයම් හා රසදිය අඩංගුයි

"කාන්තාවන් මුහුණ සුදු වෙන්න ආලේප කරන ක්‍රීම්වල රසදිය වැඩියෙන් අඩංගු බැව් චීනයේ කරන ලද පර්යේෂණයකින් අනාවරණය වුණා. මේ ආකාරයේ ක්‍රීම් වර්ග ශ්‍රී ලංකාවේ ද භාවිත වන නිසා අපටත් අවශ්‍ය වුණා මේ ද්‍රව්‍ය වෙළෙඳ පොළෙන් මිල දී ගෙන පරීක්‍ෂාවට ලක්‌ කරන්න. අපි මෙවැනි ක්‍රීම් වර්ග 32ක්‌ පරීක්‍ෂාවකට ලක්‌ කළා. මෙහි දී අනාවරණය වුණු දෙයක්‌ තමයි ඊයම් තිබිය යුතු ප්‍රමාණයට වඩා උපරිම ප්‍රමාණයක්‌ මේ ආලේප ද්‍රව්‍යවල අඩංගු බව." යනුවෙන් පරිසර යුක්‌ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ හේමන්ත විතානගේ මහතා පැවසී ය. 

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ඒ මහතා කරුනු දැක්‌වූයේ මේ අයුරිනි.

"අප එදිනෙදා ජීවිතයේ දී භාවිත කරන විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන බොහොමයක්‌ තිබෙනවා. මේ නිෂ්පාදනවල ඝන ද්‍රව්‍ය, ද්‍රව තත්ත්වයේ පවතින ද්‍රව්‍ය හා වායුමය ආකාරයේ රසායනික ද්‍රව්‍ය වගේ ම මුහුණේ ආලේප කරන ද්‍රව්‍ය අඩංගු වෙනවා. මේවා එකිනෙකට වෙනස්‌ වූ රසායනික ගුණාංගවලින් සමන්විතයි. මේ නිෂ්පාදන තුළ කෘත්‍රිමව නිෂ්පාදනය කළ සංයෝග වගේ ම ස්‌වාභාවිකව නිස්‌සාරණය කරගත් රසායනික සංයෝග ඇතුළත් වෙනවා."

ඉන්දියාවේ Societe Generale de Surveillance හෙවත් SGS ආයතනයටයි අපි පරීක්‌ෂාව පිණිස නියෑදි යෑව්වේ. විදෙස්‌ ආයතනයක්‌ තෝරා ගත්තේ වඩාත් නිවැරැදි ප්‍රතිපල ලබා ගැනීම සඳහායි. මේ නියෑදි පරීක්‍ෂාවට ලක්‌ කළේ පරමාණුක අවශෝෂණ වර්ණාවලිය තුළිනුයි. එයින් ලැබෙන ප්‍රතිපල නිවැරැදියි. මෙහි දී අපි මේ ආලේප ක්‍රීම්වල රසදිය හා ඊයම් තිබේ ද යන්නයි පරීක්‍ෂා කළේ. රසදිය කවර හෝ ප්‍රමාණයක්‌ මෙවැනි ආලේපන ද්‍රව්‍යයක තියෙන්න බැහැ. එහෙත් බොහෝ ආලේපනවල රසදිය ද තිබුණු බව අනාවරණය වුණා. (මේ පිළිබඳ සවිස්‌තර ලිපියක්‌ ඉදිරි විදුසර කලාපයක පළ වේ). අපට මේ ද්‍රව්‍ය භාවිත නො කර විකල්ප ද්‍රව්‍ය භාවිත කිරීමෙන් යහපත් ප්‍රතිපල ලබාගන්න පුළුවන්. අපි නිවසේ වාතය පවිත්‍ර කරන්න විවිධ පවිත්‍රකාරක භාවිත කරනවා. මේවායින් නිකුත් කරන රසායනික ද්‍රව්‍ය නොදැනුවත්ව ම ශරීරගත වෙනවා. ඒ වෙනුවට සැවැන්දරා මුල්, මදගින්නේ තැම්බූ කුරුඳු හා කරාබු නැටි භාවිත කළ හැකියි. පවිත්‍රකාරක වෙනුවට බේකින් සෝඩා කෝප්ප 2/3ක්‌ ඇමෝනියා කෝප්ප 1/4ක්‌ සහ විනාකිරි කෝප්ප 1/4ක්‌ උණු වතුර ගැලුමකට මිශ්‍ර කර භාවිත කරන්න පුළුවන්. බිම ඇමදීමේ දී මේ ද්‍රාව්‍යයෙන් පිසදැමීම කළ හැකියි. පිත්තල ඔප දැමීම සඳහා විනාකිරි ලුණු සහ පාන්පිටි එකට දමා සාදාගත් පල්පය භාවිත කරන්න පුළුවන්. මෙහි දී කළ යුතු දෙයක්‌ තමයි මේ පල්පය ආධාරයෙන් පිත්තල භාණ්‌ඩ ඔප දැමූ පසු සෝදා හැරීම. අපි හැකි තරම් එදිනෙදා ජීවිතයේ දී විෂ රසායනික ද්‍රව්‍ය වෙනුවට ස්‌වාභාවික ද්‍රව්‍ය භාවිතය හුරු වීමෙන් දිගු කාලීනව මේවාට නිරාවණය වීම නිසා ඇති රෝග තත්ත්වයන් ගෙන් ආරක්‌ෂා වීමට හැකියාව ලැබෙනවා. පිළිකා වැනි රෝග තත්ත්ව, වකුගඩු අක්‌මා වැනි ඉන්ද්‍රියන් ආබාධ සමෙහි ඇති වන ආබාධ මෙවැනි රෝග අතර ප්‍රධාන වෙනවා. මේ හැරුණම නිවසක්‌ තුළ භාවිත කරන විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන රාශියක්‌ තිබෙනවා. තීන්ත දිය කිරීමට ගන්නා තිනර්, සේදුම්කාරක ද්‍රව්‍ය, මදුරු දඟර, විවිධ කෘමි නාශක, පරණ බැටරි, CFL විදුලි පහන් වගේ ම ටියුබ්ලයිට්‌ ද මීට අයත්." 


උපුටා ගැනීම
අමල් උඩවත්ත (විදුසර) (http://www.vidusara.com/2012/12/12/news1.html)

Comments

Post a Comment

Popular posts from this blog

ගමක අසිරිය

වෛද් ‍ ය   රුවන්   එම්   ජයතුංග   අම්ම හදා දුන්න කහට එක නොබීම මම වත්ත පහලට ගියේ දවල්ට කන්න හොඳ කොස් ගෙඩියක් ගේන අදහසින්. නැත්තම් දවල් වෙන කොට කොල්ලෝ කුරුට්ටෝ පැහිලා තියන ගෙඩි ටික කඩාගෙන යනවා. අපට අයිති අක්කර බාගේ වට කරලා වැටක් ගහලා නැති නිසා ඕනම කෙනෙක් වත්තට පනිනවා.     ඒත් අපරාදේ කියන්න බැහැ පොල් ගෙඩි වලට නම් කවුරුවත් අත තියන්නේ නැහැ. ඒක ලොකු දෙයක්. මාස තුනකට සැරයක් හරි අතට තුට්ටු දෙකක් ලැබුනේ පොල් ටික කඩේ මුදලාලිට දීලා. සමහරු මගෙන් අහනවා ඇයි රස්සාවක් කරන්නේ නැත්තේ කියලා ,  රස්සාවක් කරන්න රස්සාවක් ලැබෙන්න එපැයි. මම රස්සා හොයා හොයා එහෙ මෙහෙ දිව්වා. නමුත් හම්බුවෙච්ච රස්සාවක් නැහැ. උපාධිය කරලා සම්මුඛ පරීක්ෂණ වලට බඩගාපු කලේ මම හිටියේ හරිම පීඩනයක. ඔළුවට නිවනක් නැහැ. රස්සා හොයලා හොයලා හති වැටුනම මට තේරුණා රස්සාවක් ලැබෙන්න මන්තීතුමාගේ පස්සේ ගිහිල්ල තියෙන්න ඕන කියලා. මට ඒ දවස්වල ඕවට වෙලාව තිබ්බේ නැහැ . උපාධියට පාඩම් කර කර හිටියා.     මාත් එක්ක එකට සාමාන්‍ය පෙළ කරපු සොකරියා දැන් සමුර්ධි නියාමක. සොකරියාගේ නම බස්නායක ඒත් පරම්පරාවෙන් පරම්පරාවට ...

ගම්මඩුව ශාන්තිකර්මය

සෞභාග්‍ය, සශ්‍රීකත්වය, වැස්ස අරභයා මෙන්ම බෝවන රෝග පැතිරයාම වැළැක්වීමට සිංහල ගැමියෝ ගම්මඩුව ශාන්තිකර්මය පවත්වති.විවිධ පළාත්වල දෙවොල් මඩුව, පුණාමඩුව, පහන්මඩුව, ගී මඩුව කිරිමඩුව හා හෑල්ලූම්මඩුව වශයෙන් සුළු වෙනස්කම් සහිතව සතරවරම් දෙවියන් මුල්කරගනිමින් මහා සාම්ප‍්‍රදායික හා චූල සාම්ප‍්‍රදායික ගණයට අයත් දෙවියන් උදෙසා කරන ශාන්ති කර්මය ගම්මඩුවයි. අස්වැන්න සරුවුවහොත් දෙවියන් පිදීමටත් වැස්සෙන් හෝ නියඟයෙන් හානිවූ කළ දෙවියන්ට කන්නලව් කිරීමටත් ගම්මඩු නැටීම සිරිතකි. එසේම සිංහල වෛද්‍ය ක‍්‍රමයටත් ගම්මඩුව බෙහෙවින් සමීපවෙයි. ගිනිමැලේ පෑගීම, බාහිර වටපිටාවේ නියඟ විපර්යාස මෙන්ම මිනිස් සිරුරේ හටගන්නා ගිනියම් ලෙඩ රෝග, අධික තාපය දුරුකිරීමේ මෙහෙයක් හැටියටත් යොදා ගැනෙයි. කිරි ඉතිරැවිම, ගිනියම් පොළොව සිසිල්වී පලදාව වැඩි කැර සෞභාග්‍යය ළඟා කැර ගැනීම ගම්මඩුවෙන් සංකේතවත් කරයි. ගැමියා තම ගොවිතැනින් ලබන අස්වැන්න පරිභෝජනයට පෙර කොටසක් දෙවියන්ට පූජා කරයි. එය අඩුක්කුව/අක්යාල නම් වෙයි. ගම් ආශි‍්‍රතව දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන දේවාලවලදී වාර්ෂිකව දෙවොල් මඩු යාගය පවත්වයිි. අඩුක්කුවවෙන් දේව දානය දි දේවාශිර්වාද පැතීම...

ගම්මඩුව 2

වාහල් නැටුම දැඩිමුන්ඩ, වාහල බණ්ඩාර හෙවත් දේවතා බණ්ඩාර දෙවියන් වෙනුවෙන් වාහල නැටුම පුදයි. දුම්මල කීරි ගසමින් යක්ෂයන් පලවා හරියි. දෑස් වැසෙන සේ උල් හිස් වැසුමකින්ද පළු දෙකකින් යුත් අත්දිග වර්ණ සැට්ටයකින්ද ඉන හැඩය හා බඳ පටිය පලදියි. පුටුවක වාඩි කරවන නැට්ටුවාගේ යටිපතුල් දුම්මල කබලකින් රත්කර දුම් මුහුණට ලංකර හොදහැටි උරාගනී. අනතුරුව මුගුර, අගරු කබල පොල්මල කහ දියර කොතලය පන්දම් ආදී පූජාභාණ්ඩ ගෙන වාහල යහනෙහි සිට මල්යහන් වෙතට අවධානය යොමුකරමින් එක්තරා රටාවකට නටයි. අවසානයේ දුම්මල කීරි ගසමින් යකුන් පලවා හරියි. බොහෝ විට පැය දෙකක් තුනක් පමණ ප‍්‍රලයවී නටයි. නැටුම අවසානයේ කහදියර ඉසීමෙන් පසු යථා තත්වයට පත්වෙයි. අඹ විදමන දකුණු ඉන්දියාවේ පඪිරජුගේ අඹ උයනෙහි හටගත් අරුම පුදුම අඹයක් බිද හෙලීම හුවා දක්වමින් නාට්‍යමය ස්වරූපයෙන් අඹ විදමන දක්වයි. ශකයා මහල්ලෙකුගේ වේශයෙන් පැමිණෙන ආකාරය දැක්වෙයි. බෙරකරුවන් සහ මහල්ලා අතර දෙපැත්ත කැපෙන වචනවලින් මෙන්ම අසභ්‍ය වචනවලින්ද රසවත් සංවාදයක් ඇතිවෙයි. මහල්ලාගේ ස්තී‘ ලෝලත්වයත් කාමුකත්වයත් ගැවියාගේ මනසට කා වැද්දීම තුළින් ප‘ජනනය ආදී මනුෂ්‍ය කාර්යයන් පිළිබද උනන්දුවක් මෙන්ම දැ...