Skip to main content

ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්





මන්නාරමේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් තිදෙනකුට මරණීය තර්ජන එල්ල කරමින් ජිහාඩ් නමැති සංවිධානයක්‌ මගින් ලිපි එවා ඇතැයි එම මාධ්‍යවේදීන් පොලිසියට පැමිණිලි කොට තිබේ.

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වන ඒ. ටී. මාර්ක්‌, එෆ්. ආර්. ලැම්බට්‌ හා ජූඩ් පෙලිස්‌ටස්‌ යන තිදෙනාට මෙසේ මරණීය තර්ජන එල්ල වී ඇත්තේ මන්නාරම දිසාවිනිසුරු අන්තෝනි පිල්ලේ ජූඩ්සන් මහතාට රිෂාර්ඩ් බදියුදීන් ඇමැතිවරයා දුරකතනයෙන් තර්ජන එල්ල කළ අවස්‌ථාවේදී විනිසුරුවරයාට පක්‍ෂපාතීව ප්‍රවෘත්ති පළ කළ නිසා යෑයි එම ලිපිවල සඳහන් වී තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කර්යාලය යවන ලද කේබල් පණිවිඩයක් එළිදක්වමින් wikileaks.org වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුල ජිහාඩ් නම් මුස්ලිම් අන්තගාමි සංවිධානයේ ඉහල වර්ධනයක් පවතින බව තහවුරුකර සිටියි.

මෙම 03COLOMBO1810 නමැති කේබල් පණිවිඩය සඳහා කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ස්වාධිනව සිදුකල බුද්ධි තොරතුරු රැස්කිරීම් සහ මොහොමඩ් ඉලියාස් මොහොමඩ් හුණු ( 723501008V ) නමැති පුද්ගලයා සිදුකරන ලද හෙළිකිරීම් පදනම් කරගෙන තිබේ.මෙම පුද්ගලයා කලක් නැගෙනහිර පළාතට අයත් මුස්ලිම් මන්ත්‍රීවරයකුගේ ආරක්ෂකයකු ලෙස කටයුතුකර තිබේ.

එම කේබල් පණිවිඩයේ සිදුකරන හෙළිකිරීම් සාරාංශයක් ලෙස මෙසේ දැක්විය හැකිය.
...............................................................................
1. රජයේ හිටපු අමාත්‍ය වරයෙකුගේ පුතෙකුවන ඉල්යර්ස් හජ්ය් ඵලීල් හජ්යිනමැත්තා ව්‍යාජ ගමන් බලපත්‍ර සහ ජාතික හැඳුනුම්පත් සැකසීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවත් මුස්ලිම් නම් වෙනුවට සිංහල නම් යොදා සකස් කරන මෙම හැදුනුම්පත් යොදාගනිමින් මුස්ලිම් අන්තවාදීන් දැනටමත් ඇමරිකාව වෙත ගොස් සිටින බවද සඳහන් කරයි.

තවද මෙම පුද්ගලයා පාකිස්ථානය,ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාදීන් සමග සම්බන්ධතා පවත්වන බවත් හෙළිකර සිටියි.

2.ඔහු හෙළිකරන පරිදි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුල ජිහාඩ් සංවිධානයට සම්බන්ධ අන්තගාමී මුස්ලිම් පිරිසක් සිටින බවත් මොවුන් නැගෙනහිර පළාතෙහි ඇති ජිහාඩ් පුහුණු කිරීම් වලටද සම්බන්ද බව පවසයි.තවදුරටත් තොරතුරු හෙළි කරමින් එම සංවිධානයට අයත් මොහොමඩ් අන්සාර් මින්සර් නමැති සරසවි සිසුවෙකු පිලිබඳ සඳහන් කර සිටියි.

(කෙසේ වෙතත් ගොසිප් 9 සිදුකළ සොයා බැලීමකදී එවැනි සිසුවෙකු සරසවිය තුල හදුනාගැනීමට නොහැකිවූ අතර ඇතැම්විට ඔහු මේ වනවිට උපාධිය අවසන් කොට සරසවියෙන් නික්ම ගොස් සිටිනවා වියහැකිය.)

3.මඩකලපුව ආශ්‍රිතව ජිහාඩ් සංවිධානයේ පුහුණු කඳවුරක් පවතින බවත් එය සඳහා ආධාර විදේශගත මුස්ලිම් ජනතාවගෙන් ලැබෙන බව සඳහන් කරන ඔහු, මේම කඳවුර තුල ඉරාක ජාතිකයන්ද සිටින බව දක්වයි. තවදුරතත් තොරතුරු හෙළිකරමින් ඔහු කියාසිටියේ මුස්ලිම් පොලිස් නිලධාරීන්,"මජීඩ්" නමැති පොලිස් ප්‍රධානියකු මෙන්ම අමාත්‍යය රාඋෆ් හකීම් ද මෙම කඳවුරට සහය දෙනබවයි.

(මිට පෙර LTTE සංවිධානය යුද්ධය පැවති සමයේ සාම්පුර් ප්‍රදේශයේ පිහිටි ජිහාඩ් කඳවුරක් සහ එහි සාමාජිකයන් සම්පුර්ණයෙන්ම විනාශ කලබව වාර්තාවේ)

මෙයට අදාලව විකිලික්ස් වෙබ් අඩවියේ ඇති සම්පුර්ණ කේබල් පණිවිඩය බැලීම් සඳහා පිවිසෙන්න මෙතනින්.

සැ.යු. - මෙම කේබල් පණිවුඩයේ ඇති ඇතැම් කරුණු කාලින නොවේ.

...................................................................................
මිට පෙර අවස්ථා ගණනාවකදී ද කොළඹ, අලුත්ගමට නුදුරින් පිහිටි දර්ගා නගරය සහ මඩකලපුව කාත්තන්කුඩි නගරය ආශ්‍රිතව සිදුවන සැක කටයුතු සිදුවීම් ගණනාවක් අප වෙත වාර්තාවිය. ප්‍රදේශිය දේශපාලනඥයාන්ගේ බලපෑම් , මානව හිමිකම් සහ ආගමික නිදහසට මුවාවී සිදුකරන මෙම ක්‍රියාකාරකම් සහ ස්ථාන වැටලීමට නොහැකිව ආරක්ෂක අංශද අසරණව සිටියි.

කෙසේ වෙතත් පවතින රජය මෙම ගැටලුව මර්ධනය කිරීම සඳහා සාධනීය පියවර බොහොමයක් ගනිමින් සිටින බව වාර්තාවේ. එහි එක පියවරක් වශයෙන් නුදුරේදීම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන බවත් , පළාත් ප්‍රමාණය 4-5 දක්වා අඩුකර එක් පළාතකට අයත් ජන පදනම පුළුල් කිරීමට අපේක්ෂා කරන බවත් වාර්තාවේ.මේ සඳහා වන සාකච්ඡා මේ දිනවල රජය තුල රහසිගතව සිදුවෙමින් පවතී.

තව දුරටත් අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් යන ත‍්‍රස්ත සංවිධානවල සාමාජිකයන් සමඟ ශ‍්‍රී ලංකාවවෙ සබඳකම් පවත්වන්නන්ට දෙවසරක සිර දඬුවමක් හා රුපියල් ලක්‍ෂයක දඩයක් පනවන නව නීති පෙබරවාරි මාසයේ සිට පැනවීමට රජය තීරණය කර ඇත.

මෙම සංවිධාන සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරගත් යෝජනාවට එකඟත්වය පලකිරීමට රජය තීරණය කර තිබේ. මේ යටතේ අදාල සංවිධාන සමඟ සබඳකම් පවත්වන්නන් විසින් පවත්වාගෙන යන මුදල් අරමුදල්ද තහනම් කෙරෙනු ඇත. ශ‍්‍රී ලංකාවේ මෙවන් නීති පනවන්නේ මුල්වරටය.

රටට ඇති අවධානම

LTTE ත්‍රස්තවධය යනු භුමිය වෙනුවෙන් සටන් වදින ලද කණ්ඩායමකි. ඔවුන්ට භුමිය ලබාදී ඉන් නිදහස්විය හැකිය.එහෙත් ජිහාඩ් වැනි අන්තගමින් ගෙන් බේරීමට නම් අන් ආගමිකයන්ට දිවි පිදිමටම සිදුවේ. තවද මොවුන් හුදෙකලාව වර්ධනය වන්නක් නොවන අතර අන්තර්ජාතික වශයෙන් ඇති කණ්ඩායම මොවුන් පෝෂණය කිරීම් මත මර්ධනය කිරීම් LTTE ය මර්ධනයට වඩා අපහසුවනු ඇත.

ජනතාව සතු යුතුකම

යුද්ධය යනු එක පාර්ශවයකට අයිතිවාසිකම් දිනාගැනීම සඳහා වන අරගලයක් වුවද බොහෝ පාර්ශව සඳහා එය ඍජු සහ චක්‍ර ව්‍යාපාරික හෝ දේශපාලන අවස්ථාවකි. එම පාර්ශව මෙම ගැටුම සඳහා පහසුකම් සපයමින් එය පෝෂණය කිරීමට උත්සහදරයි. එ හේතුවෙන් එවැනි පාර්ශව හදුනාගෙන ඔවුන්ට බලපෑම් කිරීම සහ මෙම අන්තවාදීන්ට මුදල් සම්පාදන මාර්ග අවහිර කිරීම සහ වර්ජනය කිරීම සිදුකල යුතුය.

මෙම කාර්යයෙදී මුස්ලිම් ප්‍රජාව මත විශේෂ වගකීමක් පවතියි. රටේ අභාග්‍යකට මෙය තවදුරටත් වර්ධනය වේනම් එය අහිංසක මුස්ලිම් සහෝදර ජනයා හටම මහත් පිඩාවක් වනු ඇත. එහිදී ඔවුන් වර්තමානයේ භුක්ති විදින නිදහසට සිමා පැනවෙනු ඇත. ඒ හේතුව මත මෙම ගැටලුව මර්ධනය කිරීමට ශ්‍රී ලාංකීය මුස්ලිම් ප්‍රජාව පෙරමුණ ගතයුතුය. එහිදී ආරක්ෂක අංශ වෙත මෙවැනි ක්‍රියාකාරකම් ගැන තොරතුරු සැපයීම අන්තවාදී අදහස් ප්‍රවර්ධනය සඳහා ක්‍රියාකරන දේශපාලන පක්ෂ වර්ජනය කිරීම ප්‍රමුකවේ.

ජනතාව හැසිරිය යුතු ආකාරය

මුස්ලිම් ජනතාව සහ මුස්ලිම් අන්තවාදීන් යනු කණ්ඩායම් දෙකක් බව පැහැදිලිව අවබෝධ කරගතයුතු කරුණකි.ඒ හේතුවෙන් සාධාරණ පදනමක් නොමැතිව සමස්ත මුස්ලිම් ප්‍රජාව වෙත ද්වේශය පතුරවමින් අදහස් ප්‍රකාශකිරීමෙන් වැලකි සිටිය යුතුය.කිසිවිටක ඔබ පලකරන ද්වේෂ සහගත අදහස් අසා කිසිම අන්තගාමියකු නිවැරදිවීමක් සිදුනොවේ. සිදුවනුයේ අහිංසක මුස්ලිම් ජනතාවද එතුලින් පිඩාවටපත්ව අන්තගමින් වෙත නැඹුරුවීම පමණක් සිදුවේ.

LTTE ත්‍රස්තවාදීන් බිහිකර පෝෂණයකර ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමට ක්‍රියාකළ ඉන්දීය රෝ ඔත්තු සේවාව ,දැනටමත් මෙම ගැටලුව ජාතිවාදී ගැටලුවක් බවට පරිවර්ථනයකර රට ආරාජික කිරීමට ක්‍රියාකරමින් සිටින බව අප මතක තබාගතයුතුය.

මේ අනුව ගැටලුව සම්බන්දයෙන් කරුණු මත පදනම්ව අදහස් දැක්වීම සහ ජනතාව දැනුවත් කිරීම කිසිසේත්ම වරදක් නොවේ.එහෙත් සැම දෙයටම සර්ව අගමිකත්වය සහ සහජීවනය ගැන කතා කරමින් ගැටලුව ගැන කතා නොකොට ඒ තුලින් සුචරිතවාදීන්වී සමාජය ඉදිරියේ ලකුණු දමාගැනීමට උත්සහ දරණ පිරිස්ද සිටින බවද සඳහන් කලයුතුය.

අලුත්ගමට නුදුරින් පිහිටි දර්ගා නගරය



මඩකලපුව කාත්තන්කුඩි නගරය



ජිහාඩ් අන්තවාදීන්








අමාත්‍යය හකීම්


උපුටා ගැනීම - ගොසිප් 9("http://www.gossip9.com") විමර්ශන මගිනි.

Comments

Popular posts from this blog

ගමක අසිරිය

වෛද් ‍ ය   රුවන්   එම්   ජයතුංග   අම්ම හදා දුන්න කහට එක නොබීම මම වත්ත පහලට ගියේ දවල්ට කන්න හොඳ කොස් ගෙඩියක් ගේන අදහසින්. නැත්තම් දවල් වෙන කොට කොල්ලෝ කුරුට්ටෝ පැහිලා තියන ගෙඩි ටික කඩාගෙන යනවා. අපට අයිති අක්කර බාගේ වට කරලා වැටක් ගහලා නැති නිසා ඕනම කෙනෙක් වත්තට පනිනවා.     ඒත් අපරාදේ කියන්න බැහැ පොල් ගෙඩි වලට නම් කවුරුවත් අත තියන්නේ නැහැ. ඒක ලොකු දෙයක්. මාස තුනකට සැරයක් හරි අතට තුට්ටු දෙකක් ලැබුනේ පොල් ටික කඩේ මුදලාලිට දීලා. සමහරු මගෙන් අහනවා ඇයි රස්සාවක් කරන්නේ නැත්තේ කියලා ,  රස්සාවක් කරන්න රස්සාවක් ලැබෙන්න එපැයි. මම රස්සා හොයා හොයා එහෙ මෙහෙ දිව්වා. නමුත් හම්බුවෙච්ච රස්සාවක් නැහැ. උපාධිය කරලා සම්මුඛ පරීක්ෂණ වලට බඩගාපු කලේ මම හිටියේ හරිම පීඩනයක. ඔළුවට නිවනක් නැහැ. රස්සා හොයලා හොයලා හති වැටුනම මට තේරුණා රස්සාවක් ලැබෙන්න මන්තීතුමාගේ පස්සේ ගිහිල්ල තියෙන්න ඕන කියලා. මට ඒ දවස්වල ඕවට වෙලාව තිබ්බේ නැහැ . උපාධියට පාඩම් කර කර හිටියා.     මාත් එක්ක එකට සාමාන්‍ය පෙළ කරපු සොකරියා දැන් සමුර්ධි නියාමක. සොකරියාගේ නම බස්නායක ඒත් පරම්පරාවෙන් පරම්පරාවට ...

අපාය - විවිධ අපායන් හා ඒ ඒ අපායට යාමට හේතු

නරකය නරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකටයි. නරකාදි කියන සිංහල වචනය නරකය+ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලෝක කියන එකයි. මෙ නරකයත් කොටස් වලින් යුක්තයි. 01)  සඤ්ජිවය යමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නම් වෙ.  අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අන්අය හා කලකෝලහල කල අයද, දුබලයන් පෙළු රජවරු නිලධාරි හා අමාත්‍යයෝද, දිලින්දන් පෙළු පොසතුන්ද, මැරයෝද, සතුන් මරන්නෝද මෙ නරකයේ උපදියි. 02) කාලසුත්‍රය උපන් සත්ත්වයින් ගිනියම් වු යපොලවෙහි පෙරලා දැලි නුල් ගසා සසින්නාවු (කියතින් ඉරන්නාවු) නරකය මෙයයි. මාපියන්ට හා මිතුරන්ටද, ගුණවත් මහණ බමුණු ආදින්ටත් අපරාධ කල අය මේ නරකයේ පැසෙයි. 03) සන්ඝාතය මෙම නරකයේ සත්ත්වයෝ යොදුන් නවයක් ඝන ලෝහමය පොළවේ එරි නිස්චලව සිටිති. එහි භයානක හඩක් නංවමින් එහි එරි සිටින සත්ත්වයින් අඹරමින් පර්වතයෝ ඒ මෙ අත පෙරලි යති. ඒවාට යටවි සත්ත්වයෝ තැලි පොඩිවි ඇඹරි යති. ඇත් අස්, ගව ආදි සත්ත්වයිට වද දෙමින් වැඩ ගත් පුද්ගල...

ගම්මඩුව ශාන්තිකර්මය

සෞභාග්‍ය, සශ්‍රීකත්වය, වැස්ස අරභයා මෙන්ම බෝවන රෝග පැතිරයාම වැළැක්වීමට සිංහල ගැමියෝ ගම්මඩුව ශාන්තිකර්මය පවත්වති.විවිධ පළාත්වල දෙවොල් මඩුව, පුණාමඩුව, පහන්මඩුව, ගී මඩුව කිරිමඩුව හා හෑල්ලූම්මඩුව වශයෙන් සුළු වෙනස්කම් සහිතව සතරවරම් දෙවියන් මුල්කරගනිමින් මහා සාම්ප‍්‍රදායික හා චූල සාම්ප‍්‍රදායික ගණයට අයත් දෙවියන් උදෙසා කරන ශාන්ති කර්මය ගම්මඩුවයි. අස්වැන්න සරුවුවහොත් දෙවියන් පිදීමටත් වැස්සෙන් හෝ නියඟයෙන් හානිවූ කළ දෙවියන්ට කන්නලව් කිරීමටත් ගම්මඩු නැටීම සිරිතකි. එසේම සිංහල වෛද්‍ය ක‍්‍රමයටත් ගම්මඩුව බෙහෙවින් සමීපවෙයි. ගිනිමැලේ පෑගීම, බාහිර වටපිටාවේ නියඟ විපර්යාස මෙන්ම මිනිස් සිරුරේ හටගන්නා ගිනියම් ලෙඩ රෝග, අධික තාපය දුරුකිරීමේ මෙහෙයක් හැටියටත් යොදා ගැනෙයි. කිරි ඉතිරැවිම, ගිනියම් පොළොව සිසිල්වී පලදාව වැඩි කැර සෞභාග්‍යය ළඟා කැර ගැනීම ගම්මඩුවෙන් සංකේතවත් කරයි. ගැමියා තම ගොවිතැනින් ලබන අස්වැන්න පරිභෝජනයට පෙර කොටසක් දෙවියන්ට පූජා කරයි. එය අඩුක්කුව/අක්යාල නම් වෙයි. ගම් ආශි‍්‍රතව දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන දේවාලවලදී වාර්ෂිකව දෙවොල් මඩු යාගය පවත්වයිි. අඩුක්කුවවෙන් දේව දානය දි දේවාශිර්වාද පැතීම...