Skip to main content

මිනිස් සිරුර කෑල්ලෙන් කෑල්ල ගණන් හැදුවොත් මෙන්න වටිනාකම - See more at: http://offair.nethfm.com/article/14444#sthash.ZTRf6zdr.dpuf

තමන්ගේ ශරීරය කොපමණ වටිනවාද කියා යම් දවසක ඔබට සිතිලා තිබෙනවා ද? අපිව මිල කරන්න විශේෂ මිනුම් දණ්ඩක් නොමැති වුණාට මිනිස් ශරීරය සහ එහි විවිධ කොටස් වෙළඳ භාණ්ඩයක් ලෙස සලකා දළ වශයෙන් ඔබට යම් අදහසක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. මේ සඳහා අපේ ශරීරය හුවමාරු කරන්න පුළුවන් , නැත්තන් අලෙවි කිරීමට හැකි භාණ්ඩයක් ලෙස උපකල්පනය කල යුතුයි.


එදිනෙදා ජීවිතයේ කරන රැකියාව සහ වෙනත් කටයුතු මත මිලක් හිමි වෙනවා. සාමාන්‍යයෙන් විදේශිකයෙකුගේ වසරක අදායම £25,000 (රුපියල් 51,17200) උපයන බවට සැලකුවොත් ඔහු විසින් වසර 30කදී ඔහු උපයන මුදල් ප්‍රමාණයේ වටිනාකම £750,000 (රුපියල් 15,35,15100) ලෙස සැලකිය හැකියි.


කෙසේ නමුත් මිනිස් සිරුර රන්, රිදී, මුතු, මැණික්, එහෙමත් නැත්තම් කෝපි ,පිටි, සහල් වැනි වෙළඳ භාණ්ඩ හා සැසඳීමේදී වෙනස්ම කෝණයකින් මිනිස් සිරුර සඳහා වටිනාකමක් ලබා දෙන්න පුළුවන්.අපේ ශරීරය වෙළඳ භාණ්ඩයක් ලෙස සලකා එහි වටිනාකම පිලිබඳ දළ අදහසක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

අපේ ශරීරයේ ප්‍රධාන අංගයක් වන ඇසේ කනීනිකා දෙක (cornea) £15,000 (රුපියල් 30,74000) පමණ වටිනවා. අපේ ශරීරයේ අස්ථි සැකිල්ලේ වටිනාකම £5,000 (රුපියල් 10,24600 ) කි. පෙනහළු දෙක £206,000 (රුපියල් 4,22,25500) පමණ වටිනවා.


ශරීරයේ වැදගත්ම අංගය වලින් ප්‍රධානම අංගයක් වන හෘදයවස්තුවට තිබෙන්නේ ඉතාම ඉහල වටිනාකමකි. එහි වටිනාකම £425,000 (රුපියල් 8,71,15800) ක් ! දැන් ඔබට තේරෙනවා ඇති නේද වෙනත් කෙනෙකුගේ හදවතක් ලබාගන්න එක ගොඩක් අමාරු වෙන්නේ ඇයි කියල?


වකුගඩු අලෙවි කරන එක ගැන අහල තියනවනේ. වකුගඩුවක මිල £105,000 (රුපියල් 2,15,22700) ක්.අපේ අක්මාව ගැන ඊළඟට බලමු. අක්මාවේ වටිනාකම £104,000 (රුපියල් 2,13,17000) ක්.


අපේ ඇඟේ අස්ථි සහ විලම්බක (bones and ligaments) වල වටිනාකම £3,600 (රුපියල් 7,37900). වැඩුණු පුද්ගලයෙක්ගේ අස්ථි 206ක් තිබෙනවා.


රුධිරය සහ සම ගැන කතාකරද්දී වර්ග අඟල් 3168ක් පමණ සම තියනවා. ඒ වගේම ලේ පයින්ට් 10කුත් තියනවා. පයින්ට් එකක වටිනාකම £225 හින්දා මුළු වටිනාකම £2,250 (රුපියල් 4,61200)ක් වගේ වෙනවා. වර්ග අඟලකට වටිනාකම £6 ගානේ මුළු සමටම £19,008 (රුපියල් 38,96100).

මේ අනුව ශරීරයේ සමස්ථ වටිනාකම ඩොලර් බිලියන 1.2ක් පමණ වන බවට අනුමානය කර තිබෙනවා.

Capture

- See more at: http://offair.nethfm.com/article/14444#sthash.ZTRf6zdr.dpuf

Comments

Popular posts from this blog

ගමක අසිරිය

වෛද් ‍ ය   රුවන්   එම්   ජයතුංග   අම්ම හදා දුන්න කහට එක නොබීම මම වත්ත පහලට ගියේ දවල්ට කන්න හොඳ කොස් ගෙඩියක් ගේන අදහසින්. නැත්තම් දවල් වෙන කොට කොල්ලෝ කුරුට්ටෝ පැහිලා තියන ගෙඩි ටික කඩාගෙන යනවා. අපට අයිති අක්කර බාගේ වට කරලා වැටක් ගහලා නැති නිසා ඕනම කෙනෙක් වත්තට පනිනවා.     ඒත් අපරාදේ කියන්න බැහැ පොල් ගෙඩි වලට නම් කවුරුවත් අත තියන්නේ නැහැ. ඒක ලොකු දෙයක්. මාස තුනකට සැරයක් හරි අතට තුට්ටු දෙකක් ලැබුනේ පොල් ටික කඩේ මුදලාලිට දීලා. සමහරු මගෙන් අහනවා ඇයි රස්සාවක් කරන්නේ නැත්තේ කියලා ,  රස්සාවක් කරන්න රස්සාවක් ලැබෙන්න එපැයි. මම රස්සා හොයා හොයා එහෙ මෙහෙ දිව්වා. නමුත් හම්බුවෙච්ච රස්සාවක් නැහැ. උපාධිය කරලා සම්මුඛ පරීක්ෂණ වලට බඩගාපු කලේ මම හිටියේ හරිම පීඩනයක. ඔළුවට නිවනක් නැහැ. රස්සා හොයලා හොයලා හති වැටුනම මට තේරුණා රස්සාවක් ලැබෙන්න මන්තීතුමාගේ පස්සේ ගිහිල්ල තියෙන්න ඕන කියලා. මට ඒ දවස්වල ඕවට වෙලාව තිබ්බේ නැහැ . උපාධියට පාඩම් කර කර හිටියා.     මාත් එක්ක එකට සාමාන්‍ය පෙළ කරපු සොකරියා දැන් සමුර්ධි නියාමක. සොකරියාගේ නම බස්නායක ඒත් පරම්පරාවෙන් පරම්පරාවට ...

අපාය - විවිධ අපායන් හා ඒ ඒ අපායට යාමට හේතු

නරකය නරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකටයි. නරකාදි කියන සිංහල වචනය නරකය+ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලෝක කියන එකයි. මෙ නරකයත් කොටස් වලින් යුක්තයි. 01)  සඤ්ජිවය යමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නම් වෙ.  අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අන්අය හා කලකෝලහල කල අයද, දුබලයන් පෙළු රජවරු නිලධාරි හා අමාත්‍යයෝද, දිලින්දන් පෙළු පොසතුන්ද, මැරයෝද, සතුන් මරන්නෝද මෙ නරකයේ උපදියි. 02) කාලසුත්‍රය උපන් සත්ත්වයින් ගිනියම් වු යපොලවෙහි පෙරලා දැලි නුල් ගසා සසින්නාවු (කියතින් ඉරන්නාවු) නරකය මෙයයි. මාපියන්ට හා මිතුරන්ටද, ගුණවත් මහණ බමුණු ආදින්ටත් අපරාධ කල අය මේ නරකයේ පැසෙයි. 03) සන්ඝාතය මෙම නරකයේ සත්ත්වයෝ යොදුන් නවයක් ඝන ලෝහමය පොළවේ එරි නිස්චලව සිටිති. එහි භයානක හඩක් නංවමින් එහි එරි සිටින සත්ත්වයින් අඹරමින් පර්වතයෝ ඒ මෙ අත පෙරලි යති. ඒවාට යටවි සත්ත්වයෝ තැලි පොඩිවි ඇඹරි යති. ඇත් අස්, ගව ආදි සත්ත්වයිට වද දෙමින් වැඩ ගත් පුද්ගල...

ගම්මඩුව ශාන්තිකර්මය

සෞභාග්‍ය, සශ්‍රීකත්වය, වැස්ස අරභයා මෙන්ම බෝවන රෝග පැතිරයාම වැළැක්වීමට සිංහල ගැමියෝ ගම්මඩුව ශාන්තිකර්මය පවත්වති.විවිධ පළාත්වල දෙවොල් මඩුව, පුණාමඩුව, පහන්මඩුව, ගී මඩුව කිරිමඩුව හා හෑල්ලූම්මඩුව වශයෙන් සුළු වෙනස්කම් සහිතව සතරවරම් දෙවියන් මුල්කරගනිමින් මහා සාම්ප‍්‍රදායික හා චූල සාම්ප‍්‍රදායික ගණයට අයත් දෙවියන් උදෙසා කරන ශාන්ති කර්මය ගම්මඩුවයි. අස්වැන්න සරුවුවහොත් දෙවියන් පිදීමටත් වැස්සෙන් හෝ නියඟයෙන් හානිවූ කළ දෙවියන්ට කන්නලව් කිරීමටත් ගම්මඩු නැටීම සිරිතකි. එසේම සිංහල වෛද්‍ය ක‍්‍රමයටත් ගම්මඩුව බෙහෙවින් සමීපවෙයි. ගිනිමැලේ පෑගීම, බාහිර වටපිටාවේ නියඟ විපර්යාස මෙන්ම මිනිස් සිරුරේ හටගන්නා ගිනියම් ලෙඩ රෝග, අධික තාපය දුරුකිරීමේ මෙහෙයක් හැටියටත් යොදා ගැනෙයි. කිරි ඉතිරැවිම, ගිනියම් පොළොව සිසිල්වී පලදාව වැඩි කැර සෞභාග්‍යය ළඟා කැර ගැනීම ගම්මඩුවෙන් සංකේතවත් කරයි. ගැමියා තම ගොවිතැනින් ලබන අස්වැන්න පරිභෝජනයට පෙර කොටසක් දෙවියන්ට පූජා කරයි. එය අඩුක්කුව/අක්යාල නම් වෙයි. ගම් ආශි‍්‍රතව දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන දේවාලවලදී වාර්ෂිකව දෙවොල් මඩු යාගය පවත්වයිි. අඩුක්කුවවෙන් දේව දානය දි දේවාශිර්වාද පැතීම...