Skip to main content

පිරිගනක භාවිතාකරුන් අතර සුලභ CVS) රෝගය

නිතරම පරිඝනක සමග කල් යවන ඔබ සැම කියවිය යුතු ලිපියක් අපි අද ගෙන එනවා.හොදින් කියවා බලා ඔබත් එහි ගොදුරක්ද කියා හදුනාගන්න

පරිඝණක අක්ෂි සහලක්ෂණය හෙවත් Computer vision Vision Syndrome ( CVS) ‍- මෙය දිනකට පැය දෙකකට වඩා පරිඝනකය ඉදිරියේ හිදගන සිටින අයට ඇතිවිය හැකිය

►( CVS) ඇතිවීමට හේතුව►
පරිඝනක තිරය මත අකුරු කියවීම මුද්‍රිත අකුරු කියවීමට වඩා හාත්පස වෙනස් වේ.පරිඝණක තිරය මත ඇත්තේ තියුනු හා නිෂ්චිත ලියවිල්ලක් නොවේ.එය විචල්‍ය ආලෝක පරාස වලින් සැදුම් ලද්දකි.ඔබ මේ කියවන බුල්ටෝ කඩේ ලිපියද එවැන්නකි.නමුත් මුද්‍රිත ලිපි ඉහත අවශ්‍යතා සියල්ල සම්පූර්ණ කරයි.Pixel වලින් සැදුනු පරිඝණක තිරය කියවන්නට ඇසේ මාංශ පේශි වලට වැඩි ආයාසයක් දැරිය යුතු වේ.මෙම ආයාසය දැරීමේදී පහත සදහන් අපහසුතාවන් අපට ඇතිවිය හැකිය‍.

මෙහි සදහන් කවර හෝ ගැටළුවකට ඔබ මුහුණ පාමින් සිටින්නේ නම් ඔබ දැනටමත් ( CVS) හි ගොදුරක් වෙමින් පවතින බව දැනගන්න

•ඇස්වල විඩා බව
•ඇස් කෙවීම
•විටින් විට ඇතිවන පෙනීම බොඳ වීම(සමීප වස්තු)
•කලාතුරකින් ඇතිවන ඈත වස්තු බොඳවී පෙනීම
•පරිඝණකයක වැඩක නිරත විමේදී හෝ ඉන්පසුව ඇතිවන හිසේ රුදාව
•කඳුළු ග්‍රන්ථි වල ක්‍රියාකාරීත්වය අඩුවීම නිසා ඇතිවන අපහසුතා
•වස්තුවක් දෙස බැලීමේදී ඇස නාභිගත වීමේ ( focus ) වැඩිකාලයක් ගැනීම
•ඇස් දැවිල්ල
•වර්ණ හදුනාගැනීමේ දුර්වලතා
•වස්තුවක් නැරඹීමේදී එහි වැඩි ආලෝක තත්ව දැකීමට අපහසු වීම
•වැඩිපුර කඳුළු පැමිණීම
•ගෙල,උරහිස සහ කොන්දේ අමාරුව

මුද්‍රිත යමක් කියවනවාට වඩා පරිඝනක හෝ රූපවාහිනී තිරයක ලියවිල්ලක් කියවීම ඇසට අමතර ආයාසයක් දරන්නට සිදුවීමකි.පුද්ගලයකුට ඇති සුළු ඇස් රෝගයක් උවද පරිඝණක භාවිතයෙන් විශාල රෝගයක් වීමට සිදුවිය හැකිය.

( CVS) රෝගයෙන් යම් ප්‍රමාණයකින් හරි මිදෙන්නට නම් පරිඝණක තිරය ඇස මත නිවැරදිව නාභිගත විය යුතුය.ඔබටත් ( CVS) තිමේ නම් වහාම අක්ෂි වෛද්‍යවරයෙකු මුණ ගැසෙන්න.

►පරිඝණක දෘෂ්‍ය සහලක්ෂළණයට කෙටි ප්‍රතිකාර

•සෑම මිනිත්තු 20 ට වරක්ම අඩුතරමේ තත්පර 20 පමණ වත් අඩි 20 ට දුර ඇති වස්තුවක් දෙස නෙත් යොමන්න

•ඇස් මට්ටමේ සිට පරිඝණක තිරයේ මධ්‍ය ලක්ෂයට අංශක 10-20 ක් පහතින් පරිඝණක තිරය සකසා ගන්න.එමෙන්ම ඇසේ සිට මධ්‍යයට දුර අඟල්20-30ක් වීම අවශ්‍යය‍.

•LCD වර්ගයේ පැතලි තිරයක් නම් වඩා සුදුසුයි.පැරණි CRT තිර වල නිතරම සිදුවන ගැස්සීම ඇසට ඉතාමත් අපහසු වේ‍.(මෙම ගැස්සීම ඇස‍ට දැනෙන්නේ නැත).වීශාල තිරයක් මිළදී ගැනීමට හැකි නම් ඉතාම යෝග්‍යය (අඟල් 19 සිට ඉහළට)

•ඇසට සුවපහසු ලෙස තිරයේ දීප්තිය සැකසීම අවශ්‍යය

•අදුරේ ‍පරිඝනක භාවිතයේදී යතුරු පුවරුව මතට වෙනත් මේස ලාම්පුවක ආලෝකයක් වත් එල්ල කරගන්න

‍•ජනේලයන් ආශ්‍රිතව පරිඝනක සැකසීමේදී තිරය දිලිසීමට ලක්වීම වලක්වා ගන්න

•පරිඝනක මේසයේ පුටුව සුවපහසු එකක් විය යුතුය.පුටුවේ දෙඅත් රඳවනයන් තිබීම යතුරුලියනය කිරීමේ අපහසුතාවය මැඩලයි

•විටින් විට පුටුවෙන් නැගිට එහෙ මෙහෙ ඇවිදින්න‍.ජනේලය ළගට ගොස් ඈත බලන්න.අතපය ආදියට යම් චලන ලබා දෙන්න

•හැකිනම් වෛද්‍යවරයෙකු ලවා Computer Glasses දෙකක් ලබාගන පරඝණකයේ වැඩ කරන විට පළදින්න

ඔබත් ( CVS) හි ගොදුරක් නොවී ඔබේ දෑස පරිඝණකයෙන් බේරාගෙන පරිඝනකයේ ක්‍රියාවලියේ නිරතවන්න.බුල්ටෝ කඩේ අපිත් දැන් මේ උපදෙස් පිළිපදිනවා..ඔයාත් පිළිපදින්න.ඔබේ වටිනා දෑස රැකගන්න..දවසම මූනු පොතේ එල්ලිලා හිටියා වගේ නෙවේ ඇස් දෙක නැති උනොත්..ඔබේ වටිනා අදහස් බුල්ටෝ කඩේ කදමල්ලට ලබා දෙන්න..ඔබට ජය !!

උපුටා ගැනීම fb බුල්ටෝ කඩේ - කදමල්ලෙනි

Comments

Post a Comment

Popular posts from this blog

ගමක අසිරිය

වෛද් ‍ ය   රුවන්   එම්   ජයතුංග   අම්ම හදා දුන්න කහට එක නොබීම මම වත්ත පහලට ගියේ දවල්ට කන්න හොඳ කොස් ගෙඩියක් ගේන අදහසින්. නැත්තම් දවල් වෙන කොට කොල්ලෝ කුරුට්ටෝ පැහිලා තියන ගෙඩි ටික කඩාගෙන යනවා. අපට අයිති අක්කර බාගේ වට කරලා වැටක් ගහලා නැති නිසා ඕනම කෙනෙක් වත්තට පනිනවා.     ඒත් අපරාදේ කියන්න බැහැ පොල් ගෙඩි වලට නම් කවුරුවත් අත තියන්නේ නැහැ. ඒක ලොකු දෙයක්. මාස තුනකට සැරයක් හරි අතට තුට්ටු දෙකක් ලැබුනේ පොල් ටික කඩේ මුදලාලිට දීලා. සමහරු මගෙන් අහනවා ඇයි රස්සාවක් කරන්නේ නැත්තේ කියලා ,  රස්සාවක් කරන්න රස්සාවක් ලැබෙන්න එපැයි. මම රස්සා හොයා හොයා එහෙ මෙහෙ දිව්වා. නමුත් හම්බුවෙච්ච රස්සාවක් නැහැ. උපාධිය කරලා සම්මුඛ පරීක්ෂණ වලට බඩගාපු කලේ මම හිටියේ හරිම පීඩනයක. ඔළුවට නිවනක් නැහැ. රස්සා හොයලා හොයලා හති වැටුනම මට තේරුණා රස්සාවක් ලැබෙන්න මන්තීතුමාගේ පස්සේ ගිහිල්ල තියෙන්න ඕන කියලා. මට ඒ දවස්වල ඕවට වෙලාව තිබ්බේ නැහැ . උපාධියට පාඩම් කර කර හිටියා.     මාත් එක්ක එකට සාමාන්‍ය පෙළ කරපු සොකරියා දැන් සමුර්ධි නියාමක. සොකරියාගේ නම බස්නායක ඒත් පරම්පරාවෙන් පරම්පරාවට ...

ගම්මඩුව ශාන්තිකර්මය

සෞභාග්‍ය, සශ්‍රීකත්වය, වැස්ස අරභයා මෙන්ම බෝවන රෝග පැතිරයාම වැළැක්වීමට සිංහල ගැමියෝ ගම්මඩුව ශාන්තිකර්මය පවත්වති.විවිධ පළාත්වල දෙවොල් මඩුව, පුණාමඩුව, පහන්මඩුව, ගී මඩුව කිරිමඩුව හා හෑල්ලූම්මඩුව වශයෙන් සුළු වෙනස්කම් සහිතව සතරවරම් දෙවියන් මුල්කරගනිමින් මහා සාම්ප‍්‍රදායික හා චූල සාම්ප‍්‍රදායික ගණයට අයත් දෙවියන් උදෙසා කරන ශාන්ති කර්මය ගම්මඩුවයි. අස්වැන්න සරුවුවහොත් දෙවියන් පිදීමටත් වැස්සෙන් හෝ නියඟයෙන් හානිවූ කළ දෙවියන්ට කන්නලව් කිරීමටත් ගම්මඩු නැටීම සිරිතකි. එසේම සිංහල වෛද්‍ය ක‍්‍රමයටත් ගම්මඩුව බෙහෙවින් සමීපවෙයි. ගිනිමැලේ පෑගීම, බාහිර වටපිටාවේ නියඟ විපර්යාස මෙන්ම මිනිස් සිරුරේ හටගන්නා ගිනියම් ලෙඩ රෝග, අධික තාපය දුරුකිරීමේ මෙහෙයක් හැටියටත් යොදා ගැනෙයි. කිරි ඉතිරැවිම, ගිනියම් පොළොව සිසිල්වී පලදාව වැඩි කැර සෞභාග්‍යය ළඟා කැර ගැනීම ගම්මඩුවෙන් සංකේතවත් කරයි. ගැමියා තම ගොවිතැනින් ලබන අස්වැන්න පරිභෝජනයට පෙර කොටසක් දෙවියන්ට පූජා කරයි. එය අඩුක්කුව/අක්යාල නම් වෙයි. ගම් ආශි‍්‍රතව දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන දේවාලවලදී වාර්ෂිකව දෙවොල් මඩු යාගය පවත්වයිි. අඩුක්කුවවෙන් දේව දානය දි දේවාශිර්වාද පැතීම...

ගම්මඩුව 2

වාහල් නැටුම දැඩිමුන්ඩ, වාහල බණ්ඩාර හෙවත් දේවතා බණ්ඩාර දෙවියන් වෙනුවෙන් වාහල නැටුම පුදයි. දුම්මල කීරි ගසමින් යක්ෂයන් පලවා හරියි. දෑස් වැසෙන සේ උල් හිස් වැසුමකින්ද පළු දෙකකින් යුත් අත්දිග වර්ණ සැට්ටයකින්ද ඉන හැඩය හා බඳ පටිය පලදියි. පුටුවක වාඩි කරවන නැට්ටුවාගේ යටිපතුල් දුම්මල කබලකින් රත්කර දුම් මුහුණට ලංකර හොදහැටි උරාගනී. අනතුරුව මුගුර, අගරු කබල පොල්මල කහ දියර කොතලය පන්දම් ආදී පූජාභාණ්ඩ ගෙන වාහල යහනෙහි සිට මල්යහන් වෙතට අවධානය යොමුකරමින් එක්තරා රටාවකට නටයි. අවසානයේ දුම්මල කීරි ගසමින් යකුන් පලවා හරියි. බොහෝ විට පැය දෙකක් තුනක් පමණ ප‍්‍රලයවී නටයි. නැටුම අවසානයේ කහදියර ඉසීමෙන් පසු යථා තත්වයට පත්වෙයි. අඹ විදමන දකුණු ඉන්දියාවේ පඪිරජුගේ අඹ උයනෙහි හටගත් අරුම පුදුම අඹයක් බිද හෙලීම හුවා දක්වමින් නාට්‍යමය ස්වරූපයෙන් අඹ විදමන දක්වයි. ශකයා මහල්ලෙකුගේ වේශයෙන් පැමිණෙන ආකාරය දැක්වෙයි. බෙරකරුවන් සහ මහල්ලා අතර දෙපැත්ත කැපෙන වචනවලින් මෙන්ම අසභ්‍ය වචනවලින්ද රසවත් සංවාදයක් ඇතිවෙයි. මහල්ලාගේ ස්තී‘ ලෝලත්වයත් කාමුකත්වයත් ගැවියාගේ මනසට කා වැද්දීම තුළින් ප‘ජනනය ආදී මනුෂ්‍ය කාර්යයන් පිළිබද උනන්දුවක් මෙන්ම දැ...