Skip to main content

උඩරට තේ නිපදවන හැටි
2011 ඔක්තෝබර් මස 30 13:58:02 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
ශ්‍රී ලංකාවේ වසර ගණනක් තිස්සේ තේ ප‍්‍රධානතම අපනය ආදායම් මාර්ගය ලෙස තිබූ බව අවිවාධිතය.
මහනුවර දිස්ති‍්‍රක්කයේ ”ලූල් කඳුර” වතුයායේ දී 1867 දී ජේම්ස් ටේලර් තම බි‍්‍රතාන්‍ය ජාතිකයා අප රටට තේ වගාව හඳුන්වා දී තිබේ. එදා සිට වසර 144ක ඉතිහාසයක් හිමි මෙම තේ වගාව උඩරට හා පහතරට ලෙස වගාව දෙකකට බෙදා ගනිමින් අප රටේ වගා කටයුතු සිදුවෙයි. ආරම්භයේ සිට මෑතක් වන තුරු ශ්‍රී ලංකාවේ තේ මිලදී ගත් රටවල් තේ පානය සඳහා සුළු වශයෙන් භාවිත කර විවිධ වර්ණ සැකසීමේ මූලද්‍රව්‍යයක් ලෙස තේ කුඩු භාවිත කළේය. මෑතක සිට ශ්‍රී ලංකාවේ තේ ප‍්‍රධාන වශයෙන් ආහාරයක් ලෙස නම් කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර ප‍්‍රමිති සහතික මත අපගේ තේ නිෂ්පාදනය කිරීමට සිදුව ඇත.
ශ්‍රී ලංකාවේ සාර්ථක තේ වගාව කි‍්‍රයාත්මක කිරීමට පස සංරක්‍ෂණය කළයුතු බවට තලවාකැලේ තේ පර්යේෂණායතනය මගින් උපදෙස් දී තිබුණද, උඩරට තේ වගාවේ දී එය නිසි ලෙස පිළි නොපැදීම හේතුවෙන් උඩරට තේ වගාවේ ඵලදායීතාව හෙක්ටෙයාර් එකකට අමු තේ දළු කිලෝ 1300ක් දක්වා අගයක පවතින අතර එහි උපදෙස් නිසියාකාරව පිළිපදිමින් වගා කටයුතුවල නිරතවන පහතරට තේ ගොවීහු හෙක්ටෙයාර් එකකට අමු තේ දළු කිලෝ 2300ක ප‍්‍රමාණයක් ලබාගැනීම් ඔස්සේ සාර්ථක තේ වගාවක නිරතව සිටිති.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ”හරිත තේ” (Green Tea) පිළිකා හා හෘද රෝග සඳහා දිව ඔසුවක් බවට දැනට කරන ලද පරීක්‍ෂණවලින් සනාථ වීමත් සමග ශ්‍රී ලංකාවේ තේ සඳහා ලෝක වෙළෙඳපළේ හොඳ ඉල්ලූමක් ඇති වී තිබේ. තවද දේශීය ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය අනුව එකතු කළ අගය මත (Value Added)  ශ්‍රී ලංකාවේ පහතරට තේ, කුරුඳු, ඉඟුරු, කරපිංචා ක්‍ෂණික තේ (Sliming Tea)දියවැයඩියා තේ (Diabetic Tea) ටි‍්‍රපල තේ වශයෙන් විවිධ වර්ගයන්ගෙන් නිෂ්පාදනය කරන අතර ඒවාට දේශීය වෙළඳපළේ විශාල ඉල්ලූමක් ද පවතී. උඩරට තේ වගාවෙන් දැනට තේ වර්ග 10කට ආසන්න ප‍්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර, පහතරට තේ වගාවෙන් එය වර්ග 20ක් දක්වා ව්‍යාප්ත කර ඇත. උඩරට හා පහතරට තේ වගාව මගින් ඍජුව හා වක‍්‍රාකාරයෙන් ලක්‍ෂ 30කට ආසන්න ජනතාවක් යැපෙන අතර උඩරට තේ වතු සමාගම් 23ක් යටතේ කළමනාකරණය සිදු කෙරේ.
ශ්‍රී ලංකාවේ තේ අපනයනයට ඉන්දියාව හා කෙන්යාව වැනි රට වලින් අභියෝග පැවතියද, විදේශිකයන් ඉතා හොඳම ගුණවත් තේ ශ්‍රී ලංකාවෙන් යනුවෙන් (Best Tea in Sri Lanka) හැඳින්වෙන නිසා එකී අභියෝග ජය ගැනීමේ අසිරුවක් නොවන බව තේ වගාව පිළිබඳ විශාරදයෝ පෙන්වා දෙති. ඉකුත් කාලයේ මැද පෙරදිග කලාපයේ පැවති යුදමය තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ සඳහා ඉතා පහළ මිලක් ලැබූණද එය මේ වනවිට ස්ථාවර මිල මට්ටමකට පැමිණෙමින් පවතින බව තේ වතු සමාගම් හිමියෝ පවසති.
තේ බීජ වලින් හා තේ රිකිළිවලින් තේ පැළ තවාන් කර එම පැළ සිටුවා අවුරුදු දෙක හමාරක (මාස 30ක) කාලයකින් අනතුරුව අස්වැන්න නෙළීම සිදු කෙරේ. වැඩුණු තේ දල්ලේ කොළ දෙකක හා මොටෙයියා තේ කුඩු නිෂ්පාදනය සඳහා තේ ගසෙන් ලබා ගැනීම තේ වතුවල තේ දළු නෙළන කාන්තාවන් විසින් නෙළන තේ දළු රැුස් කරන ස්ථානවලදී කිලෝ 10 ඇසුරුම්වලට බහා නොතැළෙන සේ තේ කර්මාන්තශාලාව වෙත ප‍්‍රවාහනය කරයි. අනතුරුව ”තව් මැරීම” (Wedaring) සඳහා ලණු ගෝනි වලින් සැකසූ තට්ටුවල සඳහා අසුරනු ලබයි. එම අමු තේ දළු හතරැස් අඩි 01කට කිලෝ දෙක හමාරක් පමණ තවටු වලට බහාලයි. එහිදී පැය 1214ක කාලයක් ස්වභාවික හා කෘති‍්‍රම ආකාරයේ තෙතමනය ඉවත් කෙරේ. එහිදී අමු තේ දළුවල තෙතමනය 55%ක් ඉතිරි කර 45%ක් ඉවත් කිරීමේ කි‍්‍රයාවලිය සිදුවෙයි.
අනතුරුව තේ දළු ඇඹරීම සඳහා ඇඹරුම් කාමරය (Rolling Room) වෙත යොමු වෙයි. විනාඩි 40කට වරක් අමු තේ දළු කිලෝ 775ක් ඇඹරුම් කාමරය තුළට ගන්නා අතර එය ඇඹරුම් යන්ත‍්‍ර (Rolar) තුනකින් අඹරා විනාඩි 20ක කාලයක් තව් මැරීම කරයි. එහිදී උෂ්ණත්වය ෆැරන්හහයිට් අංශක 12-75ක අගයක පවත්වා ගනී.
මෙහිදී අඹරණ ලද තේ කොළවල රසායනික කි‍්‍රයාකාරීත්වය ආරම්භ කෙරේ. රොට වෑන් තුළට දැමීමෙන් තේ කොළ කුඩා කැබලිවලට කඩා ගැනීම සිදුවෙයි. මෙහිදී උෂ්ණත්වය ෆැරන් හයිට් අංශක 94-95ක අගයක තිබිය යුතුය.
අනතුරුව කුඩා කැබලි කර ගත් තේ පෙනෙර මාර්ගයෙන් හලා ගනී. ඉන්පසු වර්ගීකරණය සිදු කරයි. මේ සඳහා පැය 03ක පමණ කාලයක් ගත වේ. මෙම කි‍්‍රයාවලියේ දී තේ කුඩුවල වර්ණය වෙනස්වීම හා ස්වභාවික සුවඳ එක්වීම වෙයි. අනතුරුව බොයිලේරුවේ උෂ්ණත්වයෙන් විනාඩි 22ක පමණ කාලයක් වේලීම කර යන්ත‍්‍රානුසාරයෙන් තේ කොළයේ මැද දණ්ඩ ඉවත් කර පිරිසුදු කිරීම කරයි. දණ්ඩ කොටස ඉවත කරන තේ කුඩු කසළ තේ වන අතර පිරිසුදු කර ගන්නා තේ ”කළු තේ” (Black Tea) ලෙස හැඳින්වේ. අමු තේ දළු කිලෝ 100කින් නිමි තේ කුඩු කිලෝ 25ක් ලබා ගත හැකිය.
තේ කුඩු වර්ගීකරණ කි‍්‍රයාවලිය අවසන් වශයෙන් සිදු කෙරෙන අතර එහිදී නැවතත් දුවිලි ඉවත් කර පිරිසුදු කරයි. අනතුරුව නිෂ්පාදන කි‍්‍රයාවලිය කිලෝ 50, 57 හා 60 වශයෙන් ඇසුරුම් කරන අතර මෙහිදී බී. ඕ.පී. (B.O.P. - Broken Orange Packo) ඩස්ට් (Dust) වෙන් වෙන් වශයෙන් ඇසුරුම් කෙරේ.
එසේ ඇසුරුම් කරන තේ කුඩු කොළඹ වෙළඳපළට යැවීමට ප‍්‍රථම වතු අධිකාරිවරු විසින් තේ කුඩුවල රස බැලීම කර්මාන්තශාලා තුළ දී සිදු කරනු ලබයි. කොළඹ තේ වෙළඳපළේ වෙන්දේසියේ දී නියම කෙරෙන මිල ගණන් අනුව අදාළ තේ ගැනුම්කරුවන් විසින් මිලදී ගැනීම කරනු ලැබේ.
තේ කුඩු නිෂ්පාදනය සඳහා ශ‍්‍රම දායකත්වය ලබා දෙන කාර්මාන්ත ශාලාවල සේවය කරන එක් වතු කම්කරුවකට මාසයකට හොඳ තේ කුඩු කිලෝ එක හමාරක් හා තේ වතුවල සේවය කරන කම්කරුවන්ට මාසයකට කිලෝ ග‍්‍රෑම් 500ක් වතු පාලනාධිකාරිය මගින් නොමිලේ ලබාදෙනු ලැබේ. ඊට අමතරව වතු කම්කරු වන්ගේ සෞඛ්‍ය ඇතුළු සියලූ සුබසාධන කටයුතු සඳහා වතු පාලනාධිකාරිය මගින් වසරකට විශාල මුදලක් වැය කෙරේ.
කොටස් වෙළඳපළේ තේ මිලේ උච්චාවචනය අනුව වතු කම්කරුවන් සඳහා වාර්ෂිකව ලාභාංශ බෙදීමද සිදුවෙයි. එම ලාභ ප‍්‍රතිශතය මත රාජ්‍ය අනුග‍්‍රහයද ඇතිව තේ නැවත වගාව කෙරේ.
(මෙම ලිපිය සැකසීමේ දී නෝර්වුඞ් තේ වත්තේ ජ්‍යෙෂ්ඨ වතු කළමනාකාර ෆෙරොස් මජීඞ් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ලබාදුන් සහායට විශේෂ ස්තුතිය හිමිවේ.)
ඡායාරූප හා සටහන මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක නෝර්වුඞ් රංජිත් රාජපක්‍ෂ
ජාත්‍යන්තර ප‍්‍රමිති සහතික (තේ අලෙවිය සඳහා)
තේ කර්මාන්ත ශාලාවක ඇතුළත දර්ශන
තේ කර්මාන්ත ශාලාවක ඇතුළත දර්ශන
වේළීම සඳහා දමා ඇති අඹරාගත් තේ කුඩු
නිමි තේ රස බලන ”ටී ටෙස්ටර්” වරයෙක්
තේ කර්මාන්ත ශාලාවට තේ කොළ රැගන එන අයුරු

Comments

Popular posts from this blog

ගමක අසිරිය

වෛද් ‍ ය   රුවන්   එම්   ජයතුංග   අම්ම හදා දුන්න කහට එක නොබීම මම වත්ත පහලට ගියේ දවල්ට කන්න හොඳ කොස් ගෙඩියක් ගේන අදහසින්. නැත්තම් දවල් වෙන කොට කොල්ලෝ කුරුට්ටෝ පැහිලා තියන ගෙඩි ටික කඩාගෙන යනවා. අපට අයිති අක්කර බාගේ වට කරලා වැටක් ගහලා නැති නිසා ඕනම කෙනෙක් වත්තට පනිනවා.     ඒත් අපරාදේ කියන්න බැහැ පොල් ගෙඩි වලට නම් කවුරුවත් අත තියන්නේ නැහැ. ඒක ලොකු දෙයක්. මාස තුනකට සැරයක් හරි අතට තුට්ටු දෙකක් ලැබුනේ පොල් ටික කඩේ මුදලාලිට දීලා. සමහරු මගෙන් අහනවා ඇයි රස්සාවක් කරන්නේ නැත්තේ කියලා ,  රස්සාවක් කරන්න රස්සාවක් ලැබෙන්න එපැයි. මම රස්සා හොයා හොයා එහෙ මෙහෙ දිව්වා. නමුත් හම්බුවෙච්ච රස්සාවක් නැහැ. උපාධිය කරලා සම්මුඛ පරීක්ෂණ වලට බඩගාපු කලේ මම හිටියේ හරිම පීඩනයක. ඔළුවට නිවනක් නැහැ. රස්සා හොයලා හොයලා හති වැටුනම මට තේරුණා රස්සාවක් ලැබෙන්න මන්තීතුමාගේ පස්සේ ගිහිල්ල තියෙන්න ඕන කියලා. මට ඒ දවස්වල ඕවට වෙලාව තිබ්බේ නැහැ . උපාධියට පාඩම් කර කර හිටියා.     මාත් එක්ක එකට සාමාන්‍ය පෙළ කරපු සොකරියා දැන් සමුර්ධි නියාමක. සොකරියාගේ නම බස්නායක ඒත් පරම්පරාවෙන් පරම්පරාවට ...

ගම්මඩුව ශාන්තිකර්මය

සෞභාග්‍ය, සශ්‍රීකත්වය, වැස්ස අරභයා මෙන්ම බෝවන රෝග පැතිරයාම වැළැක්වීමට සිංහල ගැමියෝ ගම්මඩුව ශාන්තිකර්මය පවත්වති.විවිධ පළාත්වල දෙවොල් මඩුව, පුණාමඩුව, පහන්මඩුව, ගී මඩුව කිරිමඩුව හා හෑල්ලූම්මඩුව වශයෙන් සුළු වෙනස්කම් සහිතව සතරවරම් දෙවියන් මුල්කරගනිමින් මහා සාම්ප‍්‍රදායික හා චූල සාම්ප‍්‍රදායික ගණයට අයත් දෙවියන් උදෙසා කරන ශාන්ති කර්මය ගම්මඩුවයි. අස්වැන්න සරුවුවහොත් දෙවියන් පිදීමටත් වැස්සෙන් හෝ නියඟයෙන් හානිවූ කළ දෙවියන්ට කන්නලව් කිරීමටත් ගම්මඩු නැටීම සිරිතකි. එසේම සිංහල වෛද්‍ය ක‍්‍රමයටත් ගම්මඩුව බෙහෙවින් සමීපවෙයි. ගිනිමැලේ පෑගීම, බාහිර වටපිටාවේ නියඟ විපර්යාස මෙන්ම මිනිස් සිරුරේ හටගන්නා ගිනියම් ලෙඩ රෝග, අධික තාපය දුරුකිරීමේ මෙහෙයක් හැටියටත් යොදා ගැනෙයි. කිරි ඉතිරැවිම, ගිනියම් පොළොව සිසිල්වී පලදාව වැඩි කැර සෞභාග්‍යය ළඟා කැර ගැනීම ගම්මඩුවෙන් සංකේතවත් කරයි. ගැමියා තම ගොවිතැනින් ලබන අස්වැන්න පරිභෝජනයට පෙර කොටසක් දෙවියන්ට පූජා කරයි. එය අඩුක්කුව/අක්යාල නම් වෙයි. ගම් ආශි‍්‍රතව දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන දේවාලවලදී වාර්ෂිකව දෙවොල් මඩු යාගය පවත්වයිි. අඩුක්කුවවෙන් දේව දානය දි දේවාශිර්වාද පැතීම...

ගම්මඩුව 2

වාහල් නැටුම දැඩිමුන්ඩ, වාහල බණ්ඩාර හෙවත් දේවතා බණ්ඩාර දෙවියන් වෙනුවෙන් වාහල නැටුම පුදයි. දුම්මල කීරි ගසමින් යක්ෂයන් පලවා හරියි. දෑස් වැසෙන සේ උල් හිස් වැසුමකින්ද පළු දෙකකින් යුත් අත්දිග වර්ණ සැට්ටයකින්ද ඉන හැඩය හා බඳ පටිය පලදියි. පුටුවක වාඩි කරවන නැට්ටුවාගේ යටිපතුල් දුම්මල කබලකින් රත්කර දුම් මුහුණට ලංකර හොදහැටි උරාගනී. අනතුරුව මුගුර, අගරු කබල පොල්මල කහ දියර කොතලය පන්දම් ආදී පූජාභාණ්ඩ ගෙන වාහල යහනෙහි සිට මල්යහන් වෙතට අවධානය යොමුකරමින් එක්තරා රටාවකට නටයි. අවසානයේ දුම්මල කීරි ගසමින් යකුන් පලවා හරියි. බොහෝ විට පැය දෙකක් තුනක් පමණ ප‍්‍රලයවී නටයි. නැටුම අවසානයේ කහදියර ඉසීමෙන් පසු යථා තත්වයට පත්වෙයි. අඹ විදමන දකුණු ඉන්දියාවේ පඪිරජුගේ අඹ උයනෙහි හටගත් අරුම පුදුම අඹයක් බිද හෙලීම හුවා දක්වමින් නාට්‍යමය ස්වරූපයෙන් අඹ විදමන දක්වයි. ශකයා මහල්ලෙකුගේ වේශයෙන් පැමිණෙන ආකාරය දැක්වෙයි. බෙරකරුවන් සහ මහල්ලා අතර දෙපැත්ත කැපෙන වචනවලින් මෙන්ම අසභ්‍ය වචනවලින්ද රසවත් සංවාදයක් ඇතිවෙයි. මහල්ලාගේ ස්තී‘ ලෝලත්වයත් කාමුකත්වයත් ගැවියාගේ මනසට කා වැද්දීම තුළින් ප‘ජනනය ආදී මනුෂ්‍ය කාර්යයන් පිළිබද උනන්දුවක් මෙන්ම දැ...