Skip to main content

සප්තකන්‍යාවේ ගුවන්යානා අනතුරේ මතකය
2011 ඔක්තෝබර් මස 16 10:49:16 | අජිත්ලාල් ශාන්තඋදය
දිනය 1974 දෙසැම්බර් 04දායි. වේලාව රාත‍්‍රී දහය පසුවිය. සමනල කදුවැටිය පාමුල මස්කෙළිය, නල්ලතන්නිය, නොර්වුඞ් ආදී ප‍්‍රදේශවල ජනතාවගෙන් වැඩි දෙනෙක් නින්දේ පසුවූහ.
එදා අද මෙන් විදුලි ආලෝකය නිවෙස්වලට නොතිබුණු නිසා ප‍්‍රදේශය පුරා පැතිර තිබුණේ ඝන අන්ධකාරයකි. බොහෝ නිවාසවල අදුර මැකුවේ කුප්පි ලාම්පු එළියෙනි. අද මෙන් රූපවාහිනී සේවාවන් නොතිබූ නිසා සෑම නිවසකම පාහේ රාත‍්‍රී නවයෙන් පසු ජනයා නින්දට යාම පුරුද්දක් කරගෙන තිබුණි.
නින්දේ පසුවූ බොහෝ දෙනෙකු එකවරම ජීවිතයේ නොඇසූ මහා ශබ්දයකින් තිගැස්සී අවදිවූහ.  ඒ  හඬ ඇසී මොහොතකින් පසු මහා පිපිරුම් ශබ්දයකුත් ඔවුන්ට ඇසෙන්නට ගතවූයේ නිමේෂයකි.
ලංකාවේ විදුලි උත්පාදනය කරන ප‍්‍රධාන බලාගාරවලට ජලය සැපයූ මාඋස්සාකැලේ සහ කාසල්රි ජලාශ පිහිටා ඇත්තේ ද මේ අවට ප‍්‍රදේශයේය. ලක්ෂපාන හා පොල්පිටිය විදුලිබලාගාර දෙක පිහිටා ඇත්තේද ඒවාට ජලය ගෙනයන උමං මාර්ගයද පිහිටා ඇත්තේද මේ ප‍්‍රදේශයේය.
සිදුවූ සිදුවීමෙන් ප‍්‍රදේශයේ වෙසෙන වතුවල ජීවත් වූ දෙමළ ජනතාව මෙන්ම සිංහල ජනතාවත් තුෂ්නිම්භූතවය. තොරතුරක් දැන අසාගන්නට අද මෙන් සන්නිවේදන පහසුකමක් නැත. මේ අතර මස්කෙලියේ සිට පොල්පිටිය විදුලි බලාගාරය හරහා අවිස්සාවේල්ල ගිනිගත්හේන මාර්ගයට යාමට ඇති පාරේ වම් පැත්තේ පිහිටි අංචිමලේ කන්දේ කොටසක් ගිනිගන්නා අයුරු සමහරුන්ට දිස්විය. මොහොතකට පෙර ඇසුනු හඬත් ගින්නත් අතර යම් සම්බන්‍ධයක් ඇතැයි සිතූ වැඩි දෙනෙක් ගින්න ඇවිලෙන දෙසට දුව එන්නට වූහ.
එහෙත් කඳුහෙල්, ගිරිශිඛර පසුකර ඒම පහසු නැත. ‘‘එක පාරටම හෝ ගාලා ශබ්දයක් ආවා.  එළියට බැහැලා බලනකොට පුංචි එළි ටිකක් හරහට එනවා වගේ දැක්ක. ඒක අංචිමලේ කන්දේ හැපිලා ගිනිගත්තා’’ සිද්ධිය ඇසින් දුටුවෝ කියන්නට වූහ.
මේ ශ‍්‍රීලංකා ඉතිහාසයේ වාර්තා වූ පළමු ගුවන්යානා අනතුර  සම්බන්‍ධව පළමු තොරතුරු වාර්තාවූ අන්දමයි. ඉන්දුනීසියානු රජයට අයත් ගරුඩා ගුවන් සේවයේ ඞී.සී. 8 වර්ගයට අයත් ගුවන් යානාවක් මෙලෙස මස්කෙළියේ අංචිමලේ කන්දේ හැපී අනතුරට ලක්වීමෙන් 191 දෙනෙක් ජීවිතක්‍ෂයට පත්වූහ.
මේ ගුවන් අනතුර සම්බන්‍ධ මුල්ම තොරතුර එදා කොළඹට දී තිබුණේ එවකට හැටන් තැපැල් කාර්යාලයේ දුරකතන ක‍්‍රියාකරු ලෙස සේවය කළ මල්දෙණිය නම් මහත්මයකු විසින් බව අනතුර සම්බන්‍ධයෙන් 1975 ජූනි 16 දින නිකුත් කෙරුණු වාර්තා වේ දැක්වේ.
අංචිමලේ යනුවෙන් අදහස් කරන්නේ කඳුපහ යන අදහස බව බොහෝ දෙනෙක් කියති. සැබැවින්ම එහි එකම ස්වරූපයේ කඳුපහක් තිබේ. ශ‍්‍රීපාද මලූවේ සිට උතුරු දෙස බලද්දී උතුරට මෙම කඳු කිහිපය පැතිර ගොස් තිබේ. කන්දේ නැගෙනහිර බෑවුම නුවරඑළිය දිස්ත‍්‍රික්කයේය. බටහිර බෑවුම කෑගල්ල දිස්ත‍්‍රික්කයේය. කෑගල්ල දිස්ත‍්‍රික්කයේත් පොල්ගස්වත්ත, නුරිය, මාලිබොඩ ආදී ගම් වලට මේ අංචිමලේ කඳුවැටියේ බටහිර බෑවුම ළ`ගය.
‘‘අංචිමලේ’’ කඳුවලට කියන තවත් නමකි ‘‘සප්තකන්‍යා’’. කන්‍යාවන් හත්දෙනෙකුගේ ස්වරූපයක් දිස්වීම නිසා ඊට ‘‘සප්තකන්‍යා’’ යැයිද ව්‍යවහාර කරති.
සන්නිවේදන පහසුකම් නොතිබූ නිසා ගුවන්යානයේ කඩාවැටීම ගැන සිද්ධිය වූ දිනයේ රාත‍්‍රියේ දැනගත්තේ අනතුර පෙනෙන නොපෙනෙන දුරක සිටි පිරිස් පමණකි. කන්දෙන් බටහිර පැත්තේ සිටි අයට ශබ්දය ඇසුනද ඒ ශබ්දය කුමක්ද යන්න ගැන නිසි තොරතුරක් නොවීය.
උඩමාලිබොඩ පදිංචි එම්.ජී. නන්‍දසේන මහතා සිද්ධිය වූ වකවානුවේ අවුරුදු විසි අටක හොඳ ජව සම්පන්න ඉලංදාරියෙකි. ගමේ නිෂ්පාදනය කරන කිතුල් හකුරු දැරණියගල නගරය හරහා දෙහි ඕවිටට ගෙනවිත් එතැනින් කොටියාකුඹුරට ගෙනගොස් විකිණීම ඔහුගේ රැුකියාව විය.
මෙලෙස එකතුකරගත් හකුරු තොගයක් කර තබාගෙන මාලිබොඩ දක්වා පැමිණ දැරණියගලට යන්නට වාහනයක් එනතුරු කඩමණ්ඩියේ නැවතී සිටිද්දී 1976 දෙසැම්බර් 05දා උදේ කඬේක ක‍්‍රියාත්මක කර තිබූ ගුවන්විදුලි යන්ත‍්‍රයක ප‍්‍රවෘත්ති විකාශයෙන් කියැවුණේ අංජිමලේ කන්දේ ගුවන් යානයක් හැපී ඇති පුවතයි.
ඒ පුවත ඇසීමෙන් පසු කඩමණ්ඩියේ සිටි බොහෝ දෙනෙක් ඊට අලූතින් තොරතුරු එකතු කරන්නට වූහ. ‘‘මට ඇහුණා අමුතු ශබ්දයක්. එළියට බැහැලා බැලූවා හොයාගන්න බැරිවුණා. එකත් එකටම ඒ ඇහිලා තිබුණේ මේ ප්ලේන් එක හැපෙන ශබ්දේ වෙන්න  ඕනෑ’’ කඩමණ්ඩියේ කෙනෙක් කීවේය.
එදා අද මෙන් ගුවන් විදුලි නාලිකා ගණනාවක් තිබුණේ නැත. තිබුණේ ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළද සේවය සහ ස්වදේශීය සේවය පමණකි. මේ  සේවාවන් දෙකත් ප‍්‍රවෘත්ති විකාශයේදී ඒකාබද්ධ කෙරෙන නිසා ඉන් ලැබෙන තොරතුරුවලින් ගම්වැසියන්ට සෑහීමකට පත්වන්නට සිදුවිණි.
මේ අතර නන්‍දසේන මහතාගේ හිත ගුවන් අනතුර බලන්නට යන්නටය. නමුත් බඩවියත රකින රස්සාව අතරමග නවතා දැමියද නොහැකිය. ඔහු කොටියාකුඹුරට ගොස් හැන්දෑවේ ආපසු ගමට ආවේ අනතුර බලන්නට යන සිතිනි.
එවකට විසි දෙවන වියේ පසුවූ ගුරුවරයෙකුවූ ඥානරත්න, තමන්ගේ සම වයසේ පසුවූ ආරියරත්න දැනට ජීවතුන් අතර නැති රණසිංහ යන තිදෙනා සමග නන්‍දසේන මහතා උදේ පාන්දරම අංචිමලේ පැත්තට යන්නට පිටත්වූහ. මුලින්ම විසිහතර ගමට ගිය පිරිස මුරුක්කුවත්තේ බිල්ඩිං සයිඞ් පැත්තෙන් අනතුර වූ ප‍්‍රදේශයට ළ`ගා වූහ.
‘‘ඒ හරියට යනකොට හැම තැනම මිනිස්සු. හමුදාව, පොලිසිය හැම තැනකම. සමහර මිනිස්සු අතට අහුවෙන දේවල් අරගෙන පොලිසියට, හමුදාවට මුවාවෙවී යනවා දැක්කා. හමුදාවෙන් පොලීසියෙන් ඒ හරියට යන්න නොදී මිනිස්සු පන්නනවා. ඒ හින්දා අපි හතරදෙනා අංචිමලේ කන්ද පාමුලින් ඉස්සරහට ගියා. ඒ යද්දි අපි දැක්කා කන්දෙන් කොටසක් පිච්චිලා.’’
‘‘ඉස්සරහට යනකොට හැම තැනකම වාගේ කුකුල් පිහිටු විසිරිලා. ටික ටික ඉස්සරහට යද්දී ‘‘ටං....ටං...’’ගාන ශබ්ද හැම පැත්තෙන්ම ඇහෙන්න පටන් ගත්තා. හරියට කම්මලක් ළග ඉන්නවා වගේ. අපි තව ටිකක් ළං වුණා. ගස්වල සූට්කේස්වල කෑලි, රෙදිකෑලි වගේ දේවල් රැු`දිලා. තවත් ඉස්සරහට ගියා. එහෙම යනකොට අපිට පෙනුනා මිනිස්සුන්ගේ අත්පා තැන් තැන්වල ගස් මුදුන්වල, අතු පතර රැදිලා තියනවා. ඒ පැත්තම අමුතු තෙල් ගදක් තිබුණේ. බෙලි කැඩුණු මළ සිරුරුත් ගස්වල රැු`දිලා තිබුණා. සෙන්ට් කුප්පි ආදිය, සුට්කේස්, ළමයින්ගේ සෙල්ලබඩු ආදිය හැම තැනම විසිරිලා.’’
‘‘ඒ හරියට යන මිනිස්සු පන්නන නිසා අපි පොලිසියට, හමුදාවට, සහන සේවකයන්ට මුවාවෙවී තවත් හැතැක්ම භාගයක් විතර ඉස්සරහට ගියා. අපේ අදහස වුණේ කන්ද දිගේ උඩට නගින එක. ඒක ටිකක් අමාරු වැඩක්. ඒ වුණාට අපි කොල්ලො නිසා කන්ද දිගේ උඩහට නගින්න පටන් ගත්තා. ගස්වල මුල් අල්ලගෙන, වැල්වල එල්ලිලා එහෙම නගින කොට පහළ බැලූවම මිනිස්සු පිරිලා. තැන්තැන් වල මළමිනී උස්සගෙන යන අය දැක්කා.’’
‘‘අපි පැය දෙක තුනක් විතර එහෙම උඩට නැග්ගා. එක එක්කෙනා ටිකක් දුරින් ගියේ. උඩින්ම හිටිය කෙනාගේ කකුළ වැදිලා වෙන්න ඇති රාත්තල් දෙකක දෙක හමාරක ගලක් ගැලවුනා. ඒ ගල ගල්මුල්වල වැදි වැදි පහළට ආවා. අපිත් එක්ක ගිය අය අර පහළට එන ගල මගාරින්න උත්සාහ කළා. ඥානරත්න හිටියේ අපිට ටිකක් පහළින්. එයා එක අතකින් එල්ලිලා හිටියේ. අනික් අතට ගල ඇවිත් හැපුණා. හැබැයි ගල ගල්මුල්වල රැදි රැදි පහළට ආපු නිසා වේගය බාලවෙලා ආවේ. නමුත් ඒ ගල වැදිලා ඥානරත්නට ටිකක් අමාරු වුණා. ක්ලාන්තය වගේ හැදුණා.’’
‘‘අපි සියලූ දෙනාම පහළට ඇවිත් ඥානරත්නව අල්ලාගත්තා. මුල්වල එල්ලි එල්ලි පහළට ගත්තා. තව ඉහළට යන ගමන නවත්වලා ආපසු එන්න පිටත්වුණා. අපිට සමහර තැන්වලදි ගස් අතරින් පහළ හොදට පෙනුනා. හෙලිකොප්ටරක් ආවා දැක්කා. සුදු මහත්තුරුත් පහළ ඉන්නවා දැක්කා. සීමාවක් කියන්න බෑ ‘‘ටල්..... ටල්....’’ ශබ්දය තමයි හැම තැනින්ම ඇහුණේ. පහළට එන කොට අපි දැක්කා ගල පාමුල ප්ලේන් එකක ලොකු කොටස් වැටිලා තියනවා. අර ජනෙල් වගේ කොටස් එහෙම දැක්කා. කැලෑපාරවල් වලින් ආපු මිනිස්සු මේ වැටිලා තිබුන ගුවන් යානයේ වයර් කැල්ලක්වත් මතක් වෙන්න කියලා ගෙනිච්චා. අපේ ගමෙත් බොහෝ ගෙවල්වල ඒවාගේ කෑලි ඇති. නමුත් තවමත් බයට කියන්නේ නෑ.’’ නන්දසේන මහතා කීවේය.
මේ ගුවන් යානය පිටත්ව තිබුණේ සවුදි අරාබියේ ජෙඩා නුවරින්. මක්කම වන්දනාවේ ගිය පිරිසක් එහි සිටි බව කියති. ගුවන් යානයේ නියමුවා වූයේ නෙදර්ලන්ත ජාතික හෙන්ඩි‍්‍රක් ලාර්මේ (Hendrik Lamme)ය. පනස් නව වැනි වියේ පසුවූ ඔහු ගුවන් පැය 26770ක් ගුවනේ ගතකළ අත්දැකීම් බහුල අයෙක් විය. 1952 වර්ෂයේ ඔහු ගුවන් නියමුවෙක් ලෙස සේවයට බැඳී තිබුණි. අනතුරට පත් ඞී.සී. 8 වර්ගයේ ගුවන්යානා පැය 4000ට වැඩි කාලයක් පදවා සිටි අත්දැකීම් බහුල නියමුවෙකි.
සහාය ගුවන් නියමුවාද නෙදර්ලන්ත ජාතිකයෙකි. රොබට් බ්ලොම්ස්මා (Robert Blomsma) නම්වූ තිස් තුන්වන වියේ පසුවූ ඔහු ගුවන් පැය 2480ක පියාසර කාලයක අත්දැකීම් ඇත්තෙකි.
මගීන් 182 සහ කාර්ය මණ්ඩලයේ නව දෙනෙකු සමග එද්දී මේ අනතුර සිදුව තිබුණේ කටුනායක ගුවන් තොටුපලට නාවික සැතපුම් හතළිහක් තිබියදීය.
ගුවන් යානය කඩා වැටීම සම්බන්‍ධයෙන් අවට ජනතාවගේ විවිධ අදහස් තිබේ. සමහරු පවසන්නේ සිරිපා මලූවට ඉහළින් පියාසර කිරීම නිසා මේ අනතුර සිදුවන්නට ඇති බවයි. කෙසේ නමුත් ගුවන් තොටුපළින් ලද උපදෙස් නිවැරදිව ශ‍්‍රවනය නොවීමේ ප‍්‍රතිඵලයක් හැටියට ගුවන්යානය පහළට ගැනීම නිසා අංජිමලේ කන්දේ මුලින් යානයේ තටුවක් වැදී ඇතිල්ලී ඉදිරියට ගොස් ඊළ`ග කන්දේ යානයේ මුහුණත වැදී මෙම අනතුර සිදුවූ බව ඒ සම්බන්‍ධව සොයා බැලීමට පත්කළ කමිටු වාර්තාවෙන් කියැවිණි. යානයේ කළු පෙට්ටියද පසුව සොයා ගැණුනි.
විනාශවූ යානයේ කළුපෙට්ටිය
යානයේ තටුව වැදීම නිසා වූ ගලේ සීරීම
ගුවන් යානා අනතුර සම්බන්‍ධව එකල පුවත්පත්වල පළවූ ඡායාරූප (ඡායාරූප අන්තර්ජාලයෙනි)
එම්.ජී. නන්‍දසේන
 අදහස්(0)  බැලූවෝ (8009)

Comments

Popular posts from this blog

ගමක අසිරිය

වෛද් ‍ ය   රුවන්   එම්   ජයතුංග   අම්ම හදා දුන්න කහට එක නොබීම මම වත්ත පහලට ගියේ දවල්ට කන්න හොඳ කොස් ගෙඩියක් ගේන අදහසින්. නැත්තම් දවල් වෙන කොට කොල්ලෝ කුරුට්ටෝ පැහිලා තියන ගෙඩි ටික කඩාගෙන යනවා. අපට අයිති අක්කර බාගේ වට කරලා වැටක් ගහලා නැති නිසා ඕනම කෙනෙක් වත්තට පනිනවා.     ඒත් අපරාදේ කියන්න බැහැ පොල් ගෙඩි වලට නම් කවුරුවත් අත තියන්නේ නැහැ. ඒක ලොකු දෙයක්. මාස තුනකට සැරයක් හරි අතට තුට්ටු දෙකක් ලැබුනේ පොල් ටික කඩේ මුදලාලිට දීලා. සමහරු මගෙන් අහනවා ඇයි රස්සාවක් කරන්නේ නැත්තේ කියලා ,  රස්සාවක් කරන්න රස්සාවක් ලැබෙන්න එපැයි. මම රස්සා හොයා හොයා එහෙ මෙහෙ දිව්වා. නමුත් හම්බුවෙච්ච රස්සාවක් නැහැ. උපාධිය කරලා සම්මුඛ පරීක්ෂණ වලට බඩගාපු කලේ මම හිටියේ හරිම පීඩනයක. ඔළුවට නිවනක් නැහැ. රස්සා හොයලා හොයලා හති වැටුනම මට තේරුණා රස්සාවක් ලැබෙන්න මන්තීතුමාගේ පස්සේ ගිහිල්ල තියෙන්න ඕන කියලා. මට ඒ දවස්වල ඕවට වෙලාව තිබ්බේ නැහැ . උපාධියට පාඩම් කර කර හිටියා.     මාත් එක්ක එකට සාමාන්‍ය පෙළ කරපු සොකරියා දැන් සමුර්ධි නියාමක. සොකරියාගේ නම බස්නායක ඒත් පරම්පරාවෙන් පරම්පරාවට ...

ගම්මඩුව ශාන්තිකර්මය

සෞභාග්‍ය, සශ්‍රීකත්වය, වැස්ස අරභයා මෙන්ම බෝවන රෝග පැතිරයාම වැළැක්වීමට සිංහල ගැමියෝ ගම්මඩුව ශාන්තිකර්මය පවත්වති.විවිධ පළාත්වල දෙවොල් මඩුව, පුණාමඩුව, පහන්මඩුව, ගී මඩුව කිරිමඩුව හා හෑල්ලූම්මඩුව වශයෙන් සුළු වෙනස්කම් සහිතව සතරවරම් දෙවියන් මුල්කරගනිමින් මහා සාම්ප‍්‍රදායික හා චූල සාම්ප‍්‍රදායික ගණයට අයත් දෙවියන් උදෙසා කරන ශාන්ති කර්මය ගම්මඩුවයි. අස්වැන්න සරුවුවහොත් දෙවියන් පිදීමටත් වැස්සෙන් හෝ නියඟයෙන් හානිවූ කළ දෙවියන්ට කන්නලව් කිරීමටත් ගම්මඩු නැටීම සිරිතකි. එසේම සිංහල වෛද්‍ය ක‍්‍රමයටත් ගම්මඩුව බෙහෙවින් සමීපවෙයි. ගිනිමැලේ පෑගීම, බාහිර වටපිටාවේ නියඟ විපර්යාස මෙන්ම මිනිස් සිරුරේ හටගන්නා ගිනියම් ලෙඩ රෝග, අධික තාපය දුරුකිරීමේ මෙහෙයක් හැටියටත් යොදා ගැනෙයි. කිරි ඉතිරැවිම, ගිනියම් පොළොව සිසිල්වී පලදාව වැඩි කැර සෞභාග්‍යය ළඟා කැර ගැනීම ගම්මඩුවෙන් සංකේතවත් කරයි. ගැමියා තම ගොවිතැනින් ලබන අස්වැන්න පරිභෝජනයට පෙර කොටසක් දෙවියන්ට පූජා කරයි. එය අඩුක්කුව/අක්යාල නම් වෙයි. ගම් ආශි‍්‍රතව දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන දේවාලවලදී වාර්ෂිකව දෙවොල් මඩු යාගය පවත්වයිි. අඩුක්කුවවෙන් දේව දානය දි දේවාශිර්වාද පැතීම...

ගම්මඩුව 2

වාහල් නැටුම දැඩිමුන්ඩ, වාහල බණ්ඩාර හෙවත් දේවතා බණ්ඩාර දෙවියන් වෙනුවෙන් වාහල නැටුම පුදයි. දුම්මල කීරි ගසමින් යක්ෂයන් පලවා හරියි. දෑස් වැසෙන සේ උල් හිස් වැසුමකින්ද පළු දෙකකින් යුත් අත්දිග වර්ණ සැට්ටයකින්ද ඉන හැඩය හා බඳ පටිය පලදියි. පුටුවක වාඩි කරවන නැට්ටුවාගේ යටිපතුල් දුම්මල කබලකින් රත්කර දුම් මුහුණට ලංකර හොදහැටි උරාගනී. අනතුරුව මුගුර, අගරු කබල පොල්මල කහ දියර කොතලය පන්දම් ආදී පූජාභාණ්ඩ ගෙන වාහල යහනෙහි සිට මල්යහන් වෙතට අවධානය යොමුකරමින් එක්තරා රටාවකට නටයි. අවසානයේ දුම්මල කීරි ගසමින් යකුන් පලවා හරියි. බොහෝ විට පැය දෙකක් තුනක් පමණ ප‍්‍රලයවී නටයි. නැටුම අවසානයේ කහදියර ඉසීමෙන් පසු යථා තත්වයට පත්වෙයි. අඹ විදමන දකුණු ඉන්දියාවේ පඪිරජුගේ අඹ උයනෙහි හටගත් අරුම පුදුම අඹයක් බිද හෙලීම හුවා දක්වමින් නාට්‍යමය ස්වරූපයෙන් අඹ විදමන දක්වයි. ශකයා මහල්ලෙකුගේ වේශයෙන් පැමිණෙන ආකාරය දැක්වෙයි. බෙරකරුවන් සහ මහල්ලා අතර දෙපැත්ත කැපෙන වචනවලින් මෙන්ම අසභ්‍ය වචනවලින්ද රසවත් සංවාදයක් ඇතිවෙයි. මහල්ලාගේ ස්තී‘ ලෝලත්වයත් කාමුකත්වයත් ගැවියාගේ මනසට කා වැද්දීම තුළින් ප‘ජනනය ආදී මනුෂ්‍ය කාර්යයන් පිළිබද උනන්දුවක් මෙන්ම දැ...