Skip to main content

බෙදු විරෝධී බලවෙග හා බෞද්ධයාගේ අනාගතය



2012 ජන සංගණනයේදී ශ්‍රී ලංකාවේ බෞද්ධ ජන සංඛ්‍යාව 61% ක්‌ බව සඳහන් කර ඇත. 20 වැනි සියවසේ මැද භාගය වනවිටත් මේ සිංහල දේශයේ බෞද්ධ ජන සංඛ්‍යාව 80% ක්‌ වී තිබිණි.

මිහිඳු මහ රහතන් වහන්සේ වෙතින් බුදු දහම වැළඳගත් දේවානම්පියතිස්‌ස රජතුමා ශ්‍රී ලංකා ධරණීතලය බුදු දහමට පූජා කළ දින සිට සිරිලක රාජ්‍යාගම වූයේ බුදු දහමයි.

1505 දී පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පැමිණ බෞද්ධයන් පවුල්පිටින් ඝාතනය කර වෙහෙර විහාර විනාශ කර සංඝයා වහන්සේලා ද මරා දමා සඟසතු දේපළ කොල්ලකා ගත් අන්දම මෙහිදී සිහිපත් වේ. බෞද්ධ පතපොත විනාශ කරමින් පිරිවෙන් මූලිකව තිබුණු අධ්‍යාපන ක්‍රමය ද විනාශ කර දැමීය. පෘතුගීසීන්ගෙන් පසු ලන්දේසීන්ද, ඊට පසු බ්‍රිතාන්‍යයන් ද මේ රට පාලනය කරමින් බුද්ධාගම විනාශ කර දැමීය.

කිතුනු දහම ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කරන්නට විය. ඒ අඳුරු යුගය ශ්‍රී ලංකාව බුදු දහමින් ඈත් කරන්නට විය. තාන්න මාන්න වරප්‍රසාද හමුවේ බුද්ධාගම්කාරයෝ පරගැති දහම් වැළඳ ගත්හ.

1972 ජනරජ ආණ්‌ඩු ව්‍යවස්‌ථාවේ දෙවැනි පරිච්ඡේදයේ 6 වැනි වගන්තියේද 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්‌ථාවේ දෙවැනි පරිච්ඡේදයේ 9 වැනි වගන්තියේද ශ්‍රී ලංකාවේ බුද්ධාගමට ප්‍රමුඛ ස්‌ථානයක්‌ ලැබී තිබේ. ව්‍යවස්‌ථාවන්හි එසේ වුවද බුද්ධශාසනය සුරක්‍ෂිත කිරීම ගැන රජයේ වගකීම දියාරුවී ඇති අන්දම දැකිය හැකියි. සර්ව ආගමික සංකල්පයක්‌ කෙරෙහි නෙත් සිත් යොමු වී තිබේ.

දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයිනි, සිංහල බෞද්ධයනි. සියලුම රටවැසියනි, ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය ගැන සිත් යොමු කරන්නට කාලය පැමිණ තිබේ.

පන්සිල් රැක්‌ක ජන සමාජයක්‌ පස්‌පව්වලට යොමුවී ඇති අන්දම දිනෙන් දින වැඩි දියුණු වේ. මිනීමැරුම්, ස්‌ත්‍රී දූෂණ සොරකම් අතින් මේ දහම් දිවයින ලෝකයේ මුල්තැනකය. සැමියා බිරිඳ හා දරු දෙදෙනා මරා දැමීම, තාත්තා දියණිය දූෂණය කිරීම වැනි සාපරාධී ආරංචි නිතරම ඇසේ. හිරගෙවල් පිරී ඇත. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළය. මේ අන්දමට සමාජ සංස්‌ථාවම කණපිට හැර වූයේ බුදුදහමේ නිර්මල ප්‍රතිපත්තිවලින් ඈත් වූ බැවින්ය.

මෙම විනාශකාරී පසුබිම ගැන කතා කරන්නට කෙනෙක්‌ නැත. බෞද්ධ දේශපාලන නායකයන් ද මහා සංඝයා වහන්සේලා ද ඉතා දැඩිව සිත් යොමු කළ යුතුව ඇත. 1980 දශකයේ ආරම්භ වූ දෙමළ ඊලම් භීෂණ සමයේ මුවාවෙන් අපේ රටට ඇතුළු වූ කිතුනු මූලධර්මවාදීන් විසින් නඩත්තු කරන ස්‌වෙච්ඡා සංවිධාන සමාජ සේවාවේ මුවාවෙන් ඈත ගම්වල තම බලය ව්‍යාප්ත කර ගෙන ඇත. විවෘත ආර්ථිකයේ ආශිර්වාදයෙන්ද බුද්ධාගමට විනයක්‌ සිදුවිය.

සුනාමි ව්‍යසනයෙන් පසුවද ඵල නෙළා ගත්තේ මූලධර්මවාදීන්ය. අහිංසකත්වයේ මුවාවෙන් අනුකම්පාව පෙරදැරිව අපේ දේශයේ ආර්ථික බෙලහීනත්වයට උදව් කර ආගම වැනසීය. ඔවුන් ක්‍රියාත්මක කරන්නේ පුළුල් සැලසුමකි. මෙවැනි බෞද්ධ විරෝධී වැඩ ගැන සොයා බලා කටයුතු කරන්නට තවදුරටත් ප්‍රමාද නොවිය යුතුයි. සමස්‌ත ලංකා බෞද්ධ සම්මේලනය, තරුණ බෞද්ධ සමිති පමණක්‌ නොවේ. ගම් මට්‌ටමින් ඇති විහාරස්‌ථ දායක සභා, කුලඟන සමිති ද බුද්ධාගම රැක ගැනීම සඳහා ගරුතර මහා සංඝයා වහන්සේලා සමග පෙරමුණ ගෙන කටයුතු කළ යුතුව ඇත.

මේ අතර මුස්‌ලිම් ජන අනුපාතය ද දිනෙන් දින වැඩි වේ. දැන් කොළඹ 50% ක්‌ මුස්‌ලිම් ජනතාවය. ප්‍රධාන නගරවලද මෙම ව්‍යාප්තිය වැඩිය. සිංහල අය කුඩා පවුල රත්‍රං යෑයි කියනවිට මුස්‌ලිම් හා දෙමළ අය වර්ගයා බෝ කර ගනිsති. මුස්‌ලිම් මූලධර්මවාදී කොටස්‌ ද ඉස්‌ලාම් භක්‌තිකයන්ගේ සංඛ්‍යාව වැඩි කර ගෙන ඇත.

සිංහල බෞද්ධ දේශය විනාශ කරන්නට විදේශීය බලපෑම් ද දේශීය වශයෙන් විවිධ අය ද පෙරමුණ ගෙන සිටිති. දේශීය වශයෙන් කෙරෙන කෙනෙහෙළිකම් අප්‍රමාණය. අනන්තය. අපට සිටින්නේ සිංහල බෞද්ධ රාජ්‍ය නායකයෙකි. එය යම් තරමක හෝ සැනසීමකට හේතුවකි. රාජ්‍ය නායකයාණෝ සෑම ආගමකටම එක සමාන අන්දමට සලකති. ඒ අල්ල පනල්ලේ රාජ්‍යාගමට වින කරන්නට මාන බලන අවස්‌ථාවාදීන්ගෙන් මේ මව්භූමිය බේරා ගත යුතුව ඇත.

නිර්මල බුදුදහම අදහන රටවල් අතර ශ්‍රී ලංකාවට ලෝකයේ ඇත්තේ මුල් තැනකි. බටහිර රටවලට ද බුදු දහම ව්‍යාප්තව ඇත. මේ ධර්මද්වීපයෙන් විදේශීය රටවල්වලට ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා වැඩම කර ඇති බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාගේ සංඛ්‍යාවද ඉතා විශාලය. ජාත්‍යන්තරව පිළිගත් ආගමකි, බුද්ධාගම. ශ්‍රී ලංකාවේ බෞද්ධ ජන සංඛ්‍යාවේ ප්‍රතිශතය දිනෙන් දින අඩු වීම ගැන නම් සතුටු විය නොහැකිය. තත්ත්වය මේ අන්දමට පැවතියහොත්, අද 61% ක්‌ වන බෞද්ධ ජන සංඛ්‍යාව ඊළඟ සංශෝධනයේදී 51% ක්‌ විය හැකිය. 2032 වර්ෂයේදී පවත්වන ජන සංගණනයේදී බෞද්ධ ජන අනුපාතය 40% ක්‌ විය නොහැකිද? තවත් ශත වර්ෂයක්‌ ගත වන විට බුදු දහම අදහන කෙනෙක්‌ ගැන කතා කරන්නට නම් කල්තියා අද පවතින තත්ත්වයට පිළියම් යෙදිය යුතුයි.

යටත්විජිත පාලන සමයේදී රාජ්‍ය බලය හා මිෂනාරී අධ්‍යාපනය උපයෝගී කර ගනිමින් ගෙන ගිය උපායශීලී සැලසුම් මගින් බෞද්ධ බලවේග අකර්මන්‍ය කළහ. එහෙත් අද කෙරෙන්නේ ඊට හාත්පසින්ම වෙනස්‌ අන්දමට බෞද්ධ ජනතාව බිලීබා ගැනීමකි. ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික විශ්වවිද්‍යාල, නොයෙකුත් මූලධර්මවාදීන්ගේ ආගමික සංවිධාන පමණක්‌ නොවේ. ශ්‍රී ලාංකිකයන් බුරුතුපිටින් විදේශ රටවලට අධ්‍යාපනය සඳහා පිටත්ව යැම යනාදී කරුණු ද බුදුදහමේ නිර්මල දහම් කොටස්‌ කඩ කිරීමට හේතුවී තිබේ.

බුදුන් වහන්සේගේ ප්‍රතිමාවේ සිරස කුඩු කර දමා චෛත්‍යයේ කොත ගලවාගෙන භික්‍ෂුන් වහන්සේද ඝාතනය කර යැමට තරම් දරුණු අපරාධකරුවන් අප රටේ සිටී. මේ අය මේ තරම් දරුණු වෙන්නේ නිර්මල බුදුදහම අදහන අයගේ සංඛ්‍යාව අඩුවී ඇති බැවිනි. දහම් පාසල් අධ්‍යාපනය ගැන ද නිතර කතා කරති. දහම් පාසල්වල ඇත්තේ කුඩා දරුවන් පමණි. ලොකු ළමයින් ටියුෂන් පංතිවලය. තරගකාරී අධ්‍යාපන ක්‍රමය නිසා ආගම දහමට තැනක්‌ නොමැත. පාසල් විෂය මාලාවේ වුවද ආගම විෂයට ඇත්තේ සුළු ඉඩකඩකි. බෞද්ධ අධ්‍යාපනය මිෂනාරී අධ්‍යාපනයක්‌ව යටත්විජිත කාලයේදී විනාශ වූවාටත් වැඩියෙන් වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ ද විනාශ වී ඇති අයුරු දැකිය හැකියි.

යටත්විජිත පාලන සමය තුළ ක්‍රියාත්මක වූ බෞද්ධ විරෝධී බලවේගයන්ට ඔවුන්ගේ උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්නොවූයේ එදා අතිපූජ්‍ය වැලිවිට සංඝරාජ හිමියන් වැනි සංඝපීතෘවරුන් බෞද්ධ ජනතාව සමග එක්‌වී කටයුතු කළ නිසාය. අද මහනාහිමිවරුන් බොහෝ වෙති. බුදුදහමට විරෝධී බලවේග පාලනය කරන්නට පෙරමුණ ගන්නා කෙනෙක්‌ නොමැත. ශ්‍රී ලංකාවේ බෞද්ධයන් සදාචාර විරෝධී කූට උපක්‍රම මගින් අන්‍යාගම්වලට හරවා ගැනීම පිළිබඳ පරීක්‍ෂා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තවදුරටත් ප්‍රමාද නොවිය යුතුව ඇත.

මෙය ජාත්‍යාලයෙන් කරන වැඩක්‌ මිස ආගම්වාදී හැඟීමක්‌ නොවේ. සමාජයේ යහපැවැත්ම උදෙසා කරන්නකි. සමාජය මේ අන්දමට විනාශ වී ගියහොත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට පෙර අන් රටවල් කෙසේ වෙතත් ශ්‍රී ලංකාව නම් විනාශ වී යනු නොඅනුමානය.

අක්‌මීමන - කේ. මතිලාල්
දිවයින පුවත්පත http://www.divaina.com/

Comments

  1. //සමාජය මේ අන්දමට විනාශ වී ගියහොත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට පෙර අන් රටවල් කෙසේ වෙතත් ශ්‍රී ලංකාව නම් විනාශ වී යනු නොඅනුමානය.//
    ඔයා පරණ පත්තර කෑල්ලක්ද දැම්මේ. දැං අදාල කෙනා පහල වෙලා ඉන්නේ, ළගදී බුදු වෙයි, හිතට කරදර ගන්න එපා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ගමක අසිරිය

වෛද් ‍ ය   රුවන්   එම්   ජයතුංග   අම්ම හදා දුන්න කහට එක නොබීම මම වත්ත පහලට ගියේ දවල්ට කන්න හොඳ කොස් ගෙඩියක් ගේන අදහසින්. නැත්තම් දවල් වෙන කොට කොල්ලෝ කුරුට්ටෝ පැහිලා තියන ගෙඩි ටික කඩාගෙන යනවා. අපට අයිති අක්කර බාගේ වට කරලා වැටක් ගහලා නැති නිසා ඕනම කෙනෙක් වත්තට පනිනවා.     ඒත් අපරාදේ කියන්න බැහැ පොල් ගෙඩි වලට නම් කවුරුවත් අත තියන්නේ නැහැ. ඒක ලොකු දෙයක්. මාස තුනකට සැරයක් හරි අතට තුට්ටු දෙකක් ලැබුනේ පොල් ටික කඩේ මුදලාලිට දීලා. සමහරු මගෙන් අහනවා ඇයි රස්සාවක් කරන්නේ නැත්තේ කියලා ,  රස්සාවක් කරන්න රස්සාවක් ලැබෙන්න එපැයි. මම රස්සා හොයා හොයා එහෙ මෙහෙ දිව්වා. නමුත් හම්බුවෙච්ච රස්සාවක් නැහැ. උපාධිය කරලා සම්මුඛ පරීක්ෂණ වලට බඩගාපු කලේ මම හිටියේ හරිම පීඩනයක. ඔළුවට නිවනක් නැහැ. රස්සා හොයලා හොයලා හති වැටුනම මට තේරුණා රස්සාවක් ලැබෙන්න මන්තීතුමාගේ පස්සේ ගිහිල්ල තියෙන්න ඕන කියලා. මට ඒ දවස්වල ඕවට වෙලාව තිබ්බේ නැහැ . උපාධියට පාඩම් කර කර හිටියා.     මාත් එක්ක එකට සාමාන්‍ය පෙළ කරපු සොකරියා දැන් සමුර්ධි නියාමක. සොකරියාගේ නම බස්නායක ඒත් පරම්පරාවෙන් පරම්පරාවට ...

අපාය - විවිධ අපායන් හා ඒ ඒ අපායට යාමට හේතු

නරකය නරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකටයි. නරකාදි කියන සිංහල වචනය නරකය+ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලෝක කියන එකයි. මෙ නරකයත් කොටස් වලින් යුක්තයි. 01)  සඤ්ජිවය යමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නම් වෙ.  අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අන්අය හා කලකෝලහල කල අයද, දුබලයන් පෙළු රජවරු නිලධාරි හා අමාත්‍යයෝද, දිලින්දන් පෙළු පොසතුන්ද, මැරයෝද, සතුන් මරන්නෝද මෙ නරකයේ උපදියි. 02) කාලසුත්‍රය උපන් සත්ත්වයින් ගිනියම් වු යපොලවෙහි පෙරලා දැලි නුල් ගසා සසින්නාවු (කියතින් ඉරන්නාවු) නරකය මෙයයි. මාපියන්ට හා මිතුරන්ටද, ගුණවත් මහණ බමුණු ආදින්ටත් අපරාධ කල අය මේ නරකයේ පැසෙයි. 03) සන්ඝාතය මෙම නරකයේ සත්ත්වයෝ යොදුන් නවයක් ඝන ලෝහමය පොළවේ එරි නිස්චලව සිටිති. එහි භයානක හඩක් නංවමින් එහි එරි සිටින සත්ත්වයින් අඹරමින් පර්වතයෝ ඒ මෙ අත පෙරලි යති. ඒවාට යටවි සත්ත්වයෝ තැලි පොඩිවි ඇඹරි යති. ඇත් අස්, ගව ආදි සත්ත්වයිට වද දෙමින් වැඩ ගත් පුද්ගල...

ගම්මඩුව ශාන්තිකර්මය

සෞභාග්‍ය, සශ්‍රීකත්වය, වැස්ස අරභයා මෙන්ම බෝවන රෝග පැතිරයාම වැළැක්වීමට සිංහල ගැමියෝ ගම්මඩුව ශාන්තිකර්මය පවත්වති.විවිධ පළාත්වල දෙවොල් මඩුව, පුණාමඩුව, පහන්මඩුව, ගී මඩුව කිරිමඩුව හා හෑල්ලූම්මඩුව වශයෙන් සුළු වෙනස්කම් සහිතව සතරවරම් දෙවියන් මුල්කරගනිමින් මහා සාම්ප‍්‍රදායික හා චූල සාම්ප‍්‍රදායික ගණයට අයත් දෙවියන් උදෙසා කරන ශාන්ති කර්මය ගම්මඩුවයි. අස්වැන්න සරුවුවහොත් දෙවියන් පිදීමටත් වැස්සෙන් හෝ නියඟයෙන් හානිවූ කළ දෙවියන්ට කන්නලව් කිරීමටත් ගම්මඩු නැටීම සිරිතකි. එසේම සිංහල වෛද්‍ය ක‍්‍රමයටත් ගම්මඩුව බෙහෙවින් සමීපවෙයි. ගිනිමැලේ පෑගීම, බාහිර වටපිටාවේ නියඟ විපර්යාස මෙන්ම මිනිස් සිරුරේ හටගන්නා ගිනියම් ලෙඩ රෝග, අධික තාපය දුරුකිරීමේ මෙහෙයක් හැටියටත් යොදා ගැනෙයි. කිරි ඉතිරැවිම, ගිනියම් පොළොව සිසිල්වී පලදාව වැඩි කැර සෞභාග්‍යය ළඟා කැර ගැනීම ගම්මඩුවෙන් සංකේතවත් කරයි. ගැමියා තම ගොවිතැනින් ලබන අස්වැන්න පරිභෝජනයට පෙර කොටසක් දෙවියන්ට පූජා කරයි. එය අඩුක්කුව/අක්යාල නම් වෙයි. ගම් ආශි‍්‍රතව දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන දේවාලවලදී වාර්ෂිකව දෙවොල් මඩු යාගය පවත්වයිි. අඩුක්කුවවෙන් දේව දානය දි දේවාශිර්වාද පැතීම...