විහාරස්‌ථාන ආශ්‍රිත ව ප්‍රකට හා අප්‍රකට මෙන් ම ප්‍රධාන හා අප්‍රධාන දෙවිවරුන් දක්‌නට ලැබීම බෞද්ධ ලෝකයේ බොහෝ රටවල දක්‌නට ලැබෙන ලක්‍ෂණයකි. ඓතිහාසික කල්‍යාණි රාජමහා විහාරය හා සබැඳි ශ්‍රී ලාංකික බෞද්ධ දෙවි දේවතාවුන් වහන්සේලා පිළිබඳ කරුණු ස්‌වල්පයක් සමාලෝචනය කිරීම මෙම ලිපියෙහි අරමුණයි. කැලණි විහාරය ප්‍රධාන, කැලණිය භූමිය විභීෂණ දෙවියන්ගේ වාසභූමිය බව ප්‍රකට කරුණකි. කැලණි වෙහෙර බිම පිහිටි ඓතිහාසික විභීෂණ දේවාලය එහි කේන්ද්‍රස්‌ථානයයි. කැලණිය කේන්ද්‍රකොටගෙන සිරිලක සම්බුදු සසුන සුරකින විභීෂණ දෙවියෝ ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ අතිමහත් ගෞරවයට, අභිවාදනයට හා අභිමානයට පත්වූවෝය. එය සංකේතවත් කරමින් කැලණි විහාරයේ වාර්ෂික දුරුතු මහා පූජෝත්සව පෙරහැරේ දී විභීෂණ දෙවියන් වෙනුවෙන් ම පෙරහැරක් පවත්වා පූජෝපහාර දක්‌වනු ලැබේ. සුප්‍රකට රාම-රාවණ සිද්ධියේ දී විභීෂණ කුමරු සිය සොහොයුරාගේ පාර්ශ්වය නොව අගතියට පත් රාම කුමරුගේ පාර්ශ්වය ගෙන ඔහුට උපකාර කිරීමෙන් තමන් තුළ වූ අපක්‍ෂපාතී, සාධාරණ හා සදාචාරවත් දෘෂ්ඨිය ලොවට විදහා පෑවේය. එහි සාංදෘෂ්ටික ප්‍රතිඵලයක් ලෙස යුද්ධයෙන් ජයගත් රාම කුමරුගේ ආශිර්වාදයෙන් විභීෂණ කුමර